පැහැරගත් ආදරේ

😘”තේජාන් මෙන්න ඔයාගෙ යාලුවො ටිකක් ඇවිල්ලා…….”

තේජාන්ව බලන්න එයාගෙ අලුත් ඔෆිස් එකේ වැඩ කරන කිහිප දෙනෙක්ම ඇවිත් හිටියා.ඒ අතර අර දුල්හාරත් හිටියා.මට දුල්හාරව දැක්කම එකපාරටම හිනා යන්නත් ආවා.

“සර් දැන් කකුල වෙනදට වැඩිය ගුණයක් තියනවද?…….”

එහෙම ඇහුවේ ඇසිස්ටන් මැනේජර් කාවිංග.

“දැන් නම් තුවාලෙ වේදනාව ගොඩක් දුරට අඩුයි කාවිංග.ඒත් තාම අඩිය තියලා ඇවිදගන්න අමාරුයි…….”

“ඇත්තමයි අපිට එදා නිකමටවත් හිතුණෙ නෑ මේ සර්ගෙ නෝනා කියලා. තාම ඉස්කෝලෙ යන ගර්ල් කෙනෙක් වගේනෙ.නේද දුල්හාර?……..”😁😉😂

ඔෆිස් එකේ එක ගෑනු ළමේක් දුල්හාරගේ අතට අනින ගමන් එහෙම කිව්වා. දුල්හාරට නම් පොලව පලාගෙන යන තරමට ලැජ්ජාව ඇති.දුල්හාර නම් ඒකට හිනා වුනා විතරයි.

පැය දෙකක් පමණ හිටපු ඔෆිස් එකේ කට්ටියම දවල් කෑමෙන් පස්සෙ ගියා.මං ලලිතා නැන්දව හොයාගෙන කුස්සියට ගියා.

“නැන්දෙ මං මේ කල්පනා කරේ තේජාන්ගෙ කකුලෙ තුවාලෙ සනීප වුනාට පස්සෙ සිංහල බෙහෙත් කරන්න බලන්න.කකුල කැඩුණු හින්දා තුවාලෙ සනීප වුනත් ඇවිදින්න සෑහෙන කාලයක් යයි කියලා ඩොක්ටර් කිව්වා…….”

“ඒක නම් හොදයි නෝනා.ඒත් මහත්තයා ඒකට කැමති වෙයිද?දැන් වුනත් ඔය කාමරේටම වෙලා කොහෙවත් යන්නෙ නැතුවම ඉන්නෙ නෝනා හින්දනේ.සිංහල බෙහෙත් වලට සනීප කාලයක් යනවනේ…….”

“ඒකට කරන්න දෙයක් නෑ ලලිතා නැන්දෙ.කකුල සනීප වෙන්න නම් එයාට ඉවසන්නම වෙනවා.මං බලාගන්නම්කො ඒක……..”

මං කාමරේට යද්දී තේජාන්ට වීල් චෙයාර් උඩම නින්ද ගිහින්.මට පව් කියලා හිතුණා.ලගට ගිහින් මං ටිකක් වෙලා තේජාන්ගෙ මුහුණ දිහා බලන් හිටියා. වෙනදාට කොටටම කපන රැව්ල අද ටිකක් විතර වැවිලා.කොන්ඩෙත් ටිකක් වැවිලා.ජනේලෙන් එන හුළං පාරට කොන්ඩෙ මූණ පුරාම යනවා.දැන් නම් දගකාර මුරණ්ඩු කොල්ලෙක් වගේ. විනාඩි කිහිපයක් ගත වෙන්න ඇති. විනාඩි ගානක් නෙවෙයි පැය ගානක් වුනත් ඒ මූණ දිහා බලාගෙන ඉන්න පුලුවන් කියලා මට හිතුණා.😘මට හිතයි ටිකක් පාත් වෙලා තේජාන්ට කිස් එකක් දෙන්න.බෑනෙ.බැරි වෙලාවත් මේකට ඇහැරුනොත් ලැජ්ජාවෙ බෑ.පව් ඇහැරවන්නත් දුකයි ඒත් ඉතිං මට මේකව උස්සන්න බෑනෙ.නැත්නම් ඇදෙන් තියනවා.එහෙම හිතපු මං කොට්ටෙ අරන් තේජාන් ඔලුව පොඩ්ඩක් උස්සලා තිබ්බා.

තොටිල්ලට එබිලා බලද්දී දෝණිටත් හොදටම නින්ද ගිහින්.තාත්තියි දෝණියි දෙන්නම නිදි.හරිම පාලුවක් මට දැනුනා. මාත් දෝණිගෙ තොට්ටිල ගාවින් ඇල වුනා.දන්නෙම නැතුව මටත් නින්ද ගියා.

“සංසලා….සංසලා……..”

තේජාන් කතාකරනකොටයි මට ඇහැරුනේ.මං ටක්ගාලා නැගිට්ටා.

“මොකද මේ බිම නිදාගෙන……..”

“නෑ තේජාන් කම්මැලි හිතුණා.නිකන් මෙතන වාඩි වුනේ.දන්නෙම නැතුව නින්ද ගියා…….”


“අනේ මට නම් බෑ සංසලා ඔය සිංහල බෙහෙත් කරන්න.මං කැමති නෑ ඒකට. ඔය චූර්ණ,වෙනිවැල්ගැටයි අරවයි මේවයි බොන්න මට නම් බෑ තෙල් ගාගෙන……..”

හිතපු විදියටම තේජාන් අකමැති වුනා සිංහල බෙහෙත් කරන්න.

“අනේ මේ තේජාන් ඔයාට කිසිම උවමනාවක් නැද්ද කකුල ඉක්මනට සනීප කරගන්න.හැමදාම ඔය වීල් චෙයාර් එකට වෙලා ඉන්න බෑනෙ…….”

“අනේ සංසලා මට බෑ……ඔය සිංහල බෙහෙත් කරන්න……..”

“බැරිමද?…….”

“බෑ…….”

“එහෙනම් මීට පස්සේ මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්න එපා…….”😡

එහෙම කියලා අනික් පැත්ත හැරිලා මාත් නිදා ගත්තා.කොච්චර කිව්වත් අහන්නෑ පුදුම මුරණ්ඩු කමක් තමයි තියෙන්නෙ මෙයාගෙ.මට්ටු වෙන්නම අරින්න ඕනි.

මං කතා නොකරම හිටියා.තේජාන් මාත් එක්ක කතා කරන්න හැදුවත් මං කතා කරේ නෑ.උදේ තේ එකයි කෑම එකයි කාමරේට ගිහින් දෙන්න කියලා ලලිතා නැන්දට කිව්වා.

දෝණිත් ඇහැරිලයි හිටියෙ.දණගාගෙන ගිහින් තේජාන්ගෙ වීල් චෙයාර් එක අල්ලගෙන නැගිට්ටා.

“කෝ එන්න මං මැණිකට හබුං කවන්න. ඉක්මනට හබුං කාලා ලොකු වෙන්න ඕනි…….”

තේජාන් කෙල්ලට බත් කවන්න ගත්තා. හැබැයි සැරින් සැරේ හොරෙන් හොරෙන් මං දිහා බලනවා.මං දැක්කත් නොදැක්කා වගේ හිටියා.

“ගොඩාක් කේන්ති ගිය අය ඉක්මනට නාකි වෙනවලු නේද දෝණී…….”😂

මං දිහා බල බල තේජාන් දුවට එහෙම කිව්වා.මං කතා කරේ නෑ.කව්ද දන්නෑ නාකි වෙන්නෙ ඉක්මනට.මට තාම විසි එකයි.මේකට තිහක් වෙනවා.

කාල ඉවර වුනාම මං තේජාන්ගෙ පිගානත් අරගෙන කුස්සියට ගියා.

“මහත්තයා මොකද කිව්වෙ නෝනෙ?…….”

“කොච්චර කිව්වත් අහන්නෑ නැන්දෙ.බෑ කියලමයි කියන්නෙ සිංහල බෙහෙත් කරන්න…….”

“මං කිව්වෙ නෝනෙට.ඒත් උත්සහය අතාරින්න එපා.කොහොම හරි මහත්තයව කැමති කරගන්න බලන්න……..”

“ඔව් ලලිතා නැන්දෙ.මං කොහොම හරි තේජාන්ව කැමති කරගන්නවා…….”

මං ආපහු කාමරේට යද්දී තේජාන් හිටියෙ ජනේලෙ ගාව.මං එන සද්දෙ ඇහිලා තේජාන් ටක්ගාලා හැරිලා බැලුවා.මං ඉක්මනට අහක බලා ගත්තා.මං දැක්කා තේජාන් වීල් චෙයාර් එක තල්ලු කරගෙන මං ලගට එනවා.

“තාම මාත් එක්ක තරහද සංසලා……..”

“හ්ම්ම්……..”

“මං කැමතියි සිංහල බෙහෙත් කරන්න……..”

ඔය හරි ගියේ වැඩේ.😁😁😉මං බැලුවා තේජාන්ගෙ මුහුණ දිහා.

“දැන් වත් තරහ නෑ කියනවද?…….”

මං තේජාන්ගෙ වීල් චෙයාර් එක ළග දණ නවලා වාඩි වුනා.

“එහෙනම් මට පොරොන්දු වෙන්න.සිංහල බෙහෙත් කරන්න කැමතියි කියලා…….”

මං එහෙම කියලා අත දික් කරා.තේජාන් මගෙ අත උඩින් අත තිබ්බා.

“දැන් හරිනෙ.ඔන්න මං පොරොන්දු වුනා……..”

“හ්ම්ම්.දැන් හරි.මං මේ හැම උත්සහයක්ම ගන්නෙ ඔයාගෙ කකුළ සනීප කරගන්න තේජාන්……..”

එහෙම කියලා මං තේජාන්ගෙ අනික් කකුල මතින් හිස තියා ගත්තා.ඒත් එක පාරටම කවුරු හරි මගෙ කොන්ඩෙත් අදින්න ගත්තා.බලනකොට කෙල්ල මගෙ කොන්ඩෙන් ඇදලා මාව තල්ලු කරන්න හදනවා.කෙල්ල කැමති නෑ මං තේජාන්ගෙ කකුල උඩින් ඔලුව තියන් ඉන්නවට.කෙල්ලගෙන් බේරෙන්න බැරිම තැන මං ඔලුව අහකට ගත්තා.තේජාන් දෝණිව එයාගෙ ඔඩොක්කුව උඩට ගත්තා.

“දැක්කද මේකිගෙ තියන ඉරිසියාව. මැණිකට කලිනුයි තාත්තිව මට හම්බුනේ…….”


තේජාන්ගෙ කකුලෙ තුවාලෙ සනීප වුනාට පස්සෙ සිංහල බෙහෙත් කරන්න පටන් ගත්තා.මං කියලා කියලම තේජාන් අකමැත්තෙන් හරි කසාය බොන්න ගත්තා.දැන් තේජාන් වීල් චෙයාර් පාවිච්චි කරන්නෙ නෑ.ඒ වෙනුවට කිහිලි කරු දෙක පාවිච්චි කරනවා.ඒත් ගොඩාක් දුර ඇවිදගන්න අමාරුයි.දවස ගානෙ කකුලට බෙහෙත් තෙල් ගාන්න තියනවා.

“අනේ මේ මගුල කවදා ඉවර වෙයිද දන්නෑ…….”

“මොන මගුලද තේජාන්?……..”

“මේ තෙල් ගෑවිල්ලයි.කසාය බොන එකයි.ගන්දස්සාරෙ බෑ මේ තෙල්…….”

“මේ තේජාන් එහෙම කියන්න එපා බෙහෙත් වලට.ඉක්මනට සනීප වෙන්න ඕනි නම් හරියට බෙහෙත් ටික කරන්න ඕනි…….”😠😠

“මැඩම් මේ සර්ගෙ කකුළට ගාන බෙහෙත් තෙල් එක.මං ටිකක් වැඩිපුරම ඉල්ලන් ආවා…….”

රවී තේජාන්ගෙ කකුලට ගාන බෙහෙත් තෙල් ගෙනත් දුන්නා.තේජාන් අහක බලා ගත්තා.රවී මට ඇස් වලින් පෙන්නුවා අහක බලා ගත්තු හැටි.😁

“මැඩම් මේ තෙල් මාර සුවදයි.බොස් මේ බලන්නකො පුදුම සුවදයිනෙ……..”😁🤣

“මං තොට කියන්නෑ පල මෙතනින් යන්න……..”😁🤣

තේජාන් එහෙම කියද්දී රවී ටක්ගාලා කාමරෙන් එලියට පැනලා දිව්වා.

😘😘

තේජාන්ට ඇදෙන් වාඩි වෙන්න කියලා කකුලට තෙල් ගාන්න පටන් ගත්තා. තෙල් ගාලා විනාඩි දහයක් විතර අත ගාන්න ඕනි.

“ඌයි රිදෙනවා ගෑනියෙ හිමින් ගාපන් ඕක.තෝ මගෙ කකුල ආයෙමත් කඩන්නද හදන්නෙ?……..”😭😭

“කෑ ගහන්න එපා තේජාන්.මරන්න හදනවා නෙමෙයිනෙ බෙහෙතක් ගාන්නෙ.හරියට වේදනාවක් දැනෙන්නෙ මෙයාට විතරයි වගේ කෑ ගහන්නෙ……..”😠😠

වෙද මහත්තයා කියපු විදියටම තෙල් ටික කකුලෙ ගාලා අත ගෑවා.විනාඩියක් වත් අතගාන්න හම්බුනේ නෑ තේජාන් මර ලතෝනි දීලා කෑ ගහන්න පටන් ගත්තා.

“අනේ රිදෙනවා මැණික මගෙ කකුල.ඕක හිමින් ගාපං.බුදු අම්මෝ මගෙ කකුල යකෝ.ආව්…….”😭😭

කොහොම හරි අන්තිමට කෑ ගැහිල්ල මැද්දෙම තෙල් ටික හරියට ගා ගත්තා.

“මෙයා මෙතන බබා වෙන්න හදනවා. රිදෙන්නෙ මෙයාට විතරයිනෙ……..”

“ඔව් තුවාලෙ තියන මිනිහා තමයි වේදනාව දන්නෙ…….”

“ඇත්තද?ගුටි කාපු කෙනා තමයි වේදනාව දන්නෙ……..”

“මොකක්ද ඒ කතාව?කව්ද කාගෙන්ද ගුටි කෑවෙ?……..”

“ආ….ඒ ඩිංගට ඒකත් අමතක වුනාද?ඇයි මාව මෙහෙ බලෙන් හිර කරගෙන හිටපු දවස් වල මං කොච්චර ගුටි කන්න ඇත්ද ඔයාගෙන්.කම්මුල් පාරවල් කීයක් කන්න ඇත්ද?දන්නවද මට කොච්චර රිදුනද කියලා.ආ…….”

“මට සමාවෙන්න මැණික.මගෙ තුවාලෙ වගේ සිය දහස් ගුණයක් උඹ වේදනා විදින්න ඇති.මාත් උඹ වගේ ඉවසගෙන ඉන්නම් මීට පස්සෙ තෙල් ගානකොට…….”

“හ්ම්ම්…….”

“ඒක කියලා හැමදාම තෙල් ගාන්න හදන්නෙ නේද?කපටි කෙල්ල…….”😁😁

තේජාන්ට තේරුණා මගෙ වැඩේ.මං ඉතිං හිනා වෙලා හිටියා.

ඊලග කොටසින් නැවත හමුවෙමු

Advertisment