උමා නංගි ගේ මැසේජ්‌ එක දැකීමෙන්‌ මට පුදුමාකාර සතුටක්‌ ඇති විය . ජීවිතේ ලොකු දිනුමක්‌ ලබා ගත්‌ විට
දැනෙන හැගීම මට ඒ මොහොතේ දැනිණි . මට මතක ඇති කාලයකට ඒ තරම්‌ සතුටක්‌ දැනුනේ මා කැම්පස්‌
යන්න සුදුසුකම්‌ ලැබූ විටදී පමනි.

ඒ මැසේජ්‌ එක සිය පාරක්‌ නිදි නැතිව කියෙව්වෙමි. එයට පිළිතුරු ලෙස මගේ ආදරයද ප්‍රකාශ කරමින්‌ කිහිප
සැරයක්‌ ටයිප්‌ කලද, කුමක්‌ දෝ හේතුවකට එය යැවීමට සිත්‌ නොදුනි.

“මම එයාව හම්බවෙලාම කියන්න ඕනේ , එතකොට තමයි හොඳ….. මැසේජ්‌ එකෙන්‌ හැම දේම කියන්න
බෑනේ” මට සිකිනි.

දැන්මම ඇය සිටින කාමරයේ දොරට තට්ටු කර ඇයට කතා කිරීමට ද සිත්‌ විය.එහෙත්‌ මව හා පියා ගේ නිදන
කාමරය ද ඒ අසල නිසා ඒ අදහසද වෙනස්‌ කර ගැනීමට සිදූ විය .

“කමක්‌ නෑ හෙට උදේට කතා කරනවා, කොහොමත්‌ එයා මගේ කාමරයට එනවනේ උදේට තේ දෙන්න ”

එසේ සිතා නිදා ගැනීමට සිතුවෙමි. එහෙත්‌ නින්ද නම්‌ අහලකටවත්‌ පැමිණියේ නැත. එය ඉතාමත්‌ දිගු රාත්‍රියක්‌
චිය. වෙලාව ද ඉතා සෙමින්‌ ගත වෙනු දැනිණි. වෙන කවචදාටවත්‌ වඩා පහුවදා උදේට මම ආස කලෙමි. මට
අවසානයේ නින්ද ගියේ පාන්දර හතරත්‌ පසු වී ය.

“මොකද දරුචෝ අද යන්නේ නැද්ද කැම්පස්‌, ….. අර ළමයටත්‌ පරක්කු වෙනවා. දැන්‌ කීයද වෙලාව…”
මගේ මවගේ කට ගඩින්‌ මට ඇහැරිනි.

“බුදු අම්මො හතත්‌ පහුවෙලා….. ඇයි කවුරුත්‌ මාව නැගිට්ටුවේ නැත්තේ”

මම මවට වඩා එය කිව්වේ උමා නංගිට ඇසෙන්නටය.

“අර ළමයා කී පාරක්‌ කතා කලාද, බැරිම තැන තේ එක මේසය උඩ තියලා ගියා, දැන්‌ තේ එකත්‌ ඇල්‌ වෙලා..
ඇති…” මව කිවේ නොරිස්සුම්‌ හඬිනි.

“මදැයි කොලා…..” ඒ වටිනා අවස්ථාව මග හැරී ඇති බව දැනී පුදුම්‌ දුකක්‌ ඇති විය.

මම කඩිමුඩියේ ලෑස්ති වුයෙමි. ඇය උදේ අහාර ගන්නා අවස්ථාවේ දැක ගත හැකි විය. ඇය මගේ මුණවත්‌
බැලුවේ නැත. පුරුදු විදිහට අපි බස්‌ රථයට ගොඩ වුනෙමු. පුදුමයකට මෙන්‌ ඇය කිසිම වෙනසක්‌ නොපෙන්වා
මාත්‌ සමග පුරුදු විදිහට කතා කළාය.

“දෙය්යනේ…. මෙයා වෙන කෙනෙකුට යචපු මැසේජ්‌ එකක්‌ මට ආවද දන්නේ නෑ…. කෙල්ල ෆුල්‌
නොර්මල්නේ…..” මට සිනිනි.

“ අහනවද…..නැද්ද……” මම සිතිවිලි දෙකක්‌ අතර දොලනය විය. පසුව පුළුවන්‌ තරම්‌ හිතට ශක්තිය අරගෙන
ඇය ගෙන්‌ පෙර දා රෑ ඇය විසින්‌ මට එවපු මැසේජ්‌ එක ගැන ඇසීමට තීරණය කලෙමි.

“උදේශ්‌ අය්යා දන්නේ නෑනේ ඊයේ හංසිගේ ප්‍රසන්ට්ටෙශන්‌ එක අවුල්‌ ගියා….මම එයාටත්‌ එක්ක
ප්‍රසන්ට්ටෙශන්‌ එක හැදුවා …ඊයේ රෑ කීයද මම නිදා ගන්නකොට……”

පුරුදු විදිගභට යාලුවෝන්‌ ගේ කතා කීමට පටන්‌ ගත්‌ අතර යන්තමින්‌ ඊයේ රෑ මාතෘකාවට පැමිණියෙන්‌ කතා
කිරීමට සුදුසුම අවස්ථාව පැමිණ ඇති බව මට වැටගිණි.

“උමා නංගි, ඊයේ රෑ එවපු මැසේජ්‌ එකේ තේරුම මොකක්ද”

ඇසුවේ එපමණකි. කෙල්ලගේ කතා සේරම නතර විය.මුහුණ ද ලැජ්ජාවට මෙන්‌ රතු වී ගියාය. ඇය නිහඬව
ජනෙලය දෙසින්‌ පාරේ ගමන්‌ කරන අනෙකුත්‌ වාහන දෙස බලා සිටියා පමණි.

“අපරාදේ මන්‌ කට වරද්ද ගත්‌්තේ”’…… මට සිතිනි.
ටික වෙලාවක ට පසුව ඇය සිගින්‌ හඩින්‌ ඒ පිලිබඳව කතා කලාය.
“මැසේජ්‌ එක කියෙව්වා නම්‌ ඒකේ තේරුමත්‌ තේරෙන්න ඇතිනේ……” හරිම ආඩම්බර ලීලාවෙන්‌ පැවසීය.

“අම්මො මෙයාගේ තියෙන ගණන්‌….හරියට මෙයා ලව්‌ කරන්නේ මට ඕනවට වගේනේ…. මෙයාට දැන්ම
මුකුත්‌ කියන්න හොඳ නෑ..පොඩඞ්ඩක්‌ ගණන්‌ උස්සන්න ඕනේ ” එසේ සිතා මගේ ආදරය ප්‍රකාශ කිරීම දින
නියමයක්‌ නොමැතිව කල්‌ දැම්මේමි.

“මේකයි නංගි……ෆයිනල්‌ එක්සෑම්‌ ඉවර වෙනකම්‌ ඔවා ගැන ගිතන්න බෑ මට,….. ඇත්තටම ඔයාට මගේ
අකමැත්තක්‌ නෑ….එත්‌ මට ඔවා ගැන දැන්මම හැගීමක්‌ නෑ…ප්ලීස්‌ මුකුත්‌ වැරදියට හිතන්න එපා ” මම
‘බොහොම අයාසයෙන්‌ චචන ගලපා වැදගත්‌ අයුරින්‌ පිළිතුරු දුන්නෙමි. ඒ වෙලාවේ, මගේ ගිත කියන්නේ, ඊට
වඩා හාත්පසින්ම වෙනස්‌ දෙයක්‌ වුවත්‌ මේ වෙලාවේ එලෙස කීම ගැලපෙන බව මට සිතිනි.

“මෙහෙමයි…. උදේශ්‌ අය්යේ…..මම ආදරය කරනවා කියන එකේ තේරුම ඔයා මට ආදරය කරනවා කියන
එක නෙමෙයිනේ…. ඒක ඔයාගේ නීරණයක්‌….ඒකට ඔයාට සම්පුර්ණයෙන්ම නිදහස නියෙනවා.. හැබැයි මතක

තියා ගන්න ඔයාට අවංකව ආදරය කරන කෙල්ලෙක්‌ මේ ලෝකේ කොහේ හරි ඉන්නවා කියලා…..’ ඇය
බොහොම සැහැල්ලුවෙන්‌ කීවාය.

මම කොටින්ම නිරුත්තර විය. අතට ලැබුණු අවස්ථාව මග හැරී ඇති බව සිතී දුක සිතිනි.

“කමක්‌ නෑ ළගදීම දවසක මම එයාට කියනවා එයා මට ආදරේ කරනවට ත්‌ වඩා මම එයාට ආදරය කරනවා
කියලා ” මම එසේ සිතා ගත්තෙමි.

ඉන්‌ පසුව අපි දෙදෙනා පෙරටත්‌ වඩා ලගින්‌ ඇසුරු කළෙමු. නමුත්‌ නිවසේදී මගේ දෙමව්පියන්ට කිසිදු
වෙනසක්‌ නොපෙන්වා සිටීමට වග බලා ගත්තෙමු.

මම ඇය ට ආදරය ප්‍රකාශ කලේ නැතත්‌, ඇය මට ආදරය ප්‍රකාශ කල නිසා පුදුම සැහැල්ලුවක්‌ සිතට දැනිණි.
නමුත්‌ ඉඩ ලද සෑම විටකම මම ඇයට ආදරය කරන බව දැනෙන්නට ඉඩ හැරියෙමි.

අපි බොහෝ දේවල්‌ කතා කලෙමු. ජීවිතය ගැන…..අනාගත අරමුණු ගැන…

“උදේශ්‌ අය්යේ, මට නම්‌ ඕනේ මෙහෙ කැම්පස්‌ යන්න නෙමෙයි. මම ප්‍රතිපල එනකම්‌ ඉන්නේ, ලොකු මාම ක්‌
උදව්‌ කරන්නම්‌ කිව්වා, අපේ අම්මා කිව්වා ඕන වුනොත්‌ අපේ ඉඩම හරි උකස්‌ කරලා සල්ලි හොයලා
දෙන්නම්‌ කියලා. මම ස්කොලර්ෂිප්‌ එකකට ඇප්ලයි කරලා හරි රට යනවා”

ඳිනක්‌ ඇය එසේ පැවසුවාය. මගේ පියාත්‌ (ඇය ගේ ලොකු මාමා) ඇයට මුදල්‌ දෙන බව කීම මට පුදුමයට
කරුණක්‌ නොවුයේ, ඔහුත්‌ ඇය ට තම දියණියක මෙන්‌ ආදරය කරන බව මා හොදටම දන්නා නිසාය. නමුත්‌
මා දන්නා තරමින්‌ ඇය තම අරමුණු ඔස්සේ හඹා යන කෙනෙකි.මට දෙලෝ රත්‌ විය.

“මොනවා…. ඔයා මාව තනි කරලා යනවා එහෙනම්‌….අනේ මන්‌ කොහොමද ඉන්නේ ඔයා නැතුව….”
මට ඉබේම කියවිණි.

ඇය මා දෙස බලා සිනා සුනාය.

“අපි බලමු එහෙනම්‌ ඔයාටත්‌ රට යන්න පුලුවන්ද කියලා”………..

ඇය එසේ කියමින්‌ ජීවිතේ පලවෙනි වතාවට මගේ අත ඇල්ලුවාය.

“ආ….. මේ තියෙන්නේ රට යන රේකාව….. ඔයාටත්‌ රට යන්න පුළුවන්‌”
“ශා….. ඔයාට සාස්තර කියන්නත්‌ පුළුවන්නේ” මම ඇය දෙස බලා පැවසුවේ, සාස්තර කී පසුවත්‌ මගේ අත
අතාරින බවක්‌ පෙනෙන්නට නොතිබූ බැවිනි. නමුත්‌ එය මට ලොකු සතුටක්‌ විය.

“මට තව ගොඩක්‌ දේවල්‌ කියන්න පුළුවන්‌…..සමහරුන්ගේ හිතේ තියා ගෙන ඉන්න… හංගන දේවල්‌……
එහෙම”

ඊලඟ කොටසින් හමුවෙමු