අප්පච්චි තව ගොඩක් දුරයිද?…….”

කාර් එකේ පිටුපස අසුනේ සිටි මං අප්පච්චිගෙන් එලෙස ඇසුවෙමි.

“නෑ දුව.තව විනාඩි දහයක් විතර යයි……..”

“කට වහගෙන යනවා ඕයි.තමුසෙ ඕක දැන් කී පාරක් ඇහුවද අප්පච්චිගෙන්…….”

අයියාගෙ කතාවට මං එකට එක නොගියේ අම්මාගෙන් බැනුම් අසන්නට සිදු වන නිසාවෙනි.විනාඩි දහයක් පමණ ගත වූ තැන අපි සියලු දෙනා රැගත් කාරෙක ඒ බංගලාවට වෙත පැමිනියේය.

බංගලාවෙ මුරකරු පැමිණ ගේට්ටුව ඇරියේය.

“දැන් ඉතිං හැමෝම බහින්න…….”

අප්පච්චී එලෙස කියූ විට මාත් අම්මාත් අයියාත් වාහනයෙන් බැස්සෙමු.අපි මේ පැමිණියේ අප්පච්චීට අයිති නුවරඑළියේ පිහිටි පැරණි බංගලාවකටය.මෙම බංගලාව වසර පනහක් පමණ පැරණි බව අප්පච්චී මෙහි පැමිණෙන අතර අපට කියූවේය.මෙය අප්පච්චී මිලට ගත්තේ ගිය වසරේ මැදදීය.බංගලාව පැරණි වුවත් ඉතාමත් අලංකාර බවකින් යුක්තය.කාරෙකෙන් බැස්ස මං බංගලාව ඉදිරිපිට සුවිශාල මිදුලේ සිට බංගලාව දෙසත් අවට වටපිටාව දෙසත් බලා උන්නෙමි.එදෙස බලා සිටින විට කිසියම් ගුප්ත බවකින් මසිත වැසී යන්නට විය. එය කුමක්දැයි කියා තේරුම් ගැනීමට මට අපහසු විය.මේ බංගලාවත් අවට පරිසරය තුලත් මහා අදුරු ගුප්ත නිහැඩියාවක් සැගවී ඇති බව මසිතට දැනෙන්නට විය.ප්‍රථම වතාවට අද මා මෙහි පැමිණියත් මේ පරිසරය මා හට මහත් හුරු පුරුදු බවක් දැනෙන්නට විය. මේ ගහ කොළ මේ සුවිශාල බංගලාව මට මහා අමුත්තක් දැනෙන්නට වුනා.මසිත සෙලවුනා කියලා කිව්වොත් හරි.

“පුංචි බේබි තාම මොකෝ මේ එලියට වෙලා.අන්න ලොකු මහත්තයා කතා කරනවා……..”

බංගලාවෙ මුරකරු වන අප්පු පැමිණ මට එලෙස කීවේය.මා එක්වරම ඔහු දෙස බැලුවෙමි.කලින් ගේට්ටුව විවෘත කරන විට මා මොහුගේ මුහුණ හරියට දුටුවේ නැත.එහෙත් දැන් මා ඉදිරිපිට සිටින ඔහුගේ මුහුණ හොදින් දුටුවෙමි.කලින් මා මොහුව කොහේදී හෝ දැක ඇති හුරු පුරුදු බවක් දැනෙන්නට විය.

“පුංචි බේබි යමු තේ බොන්න………”

මා නිහඬවම උන් නිසා යලිත් ඔහු මට කතා කරේය.

“හ….හා යමු…….”

මං සෙමින් සෙමින් බංගලාව තුලට පිය මැන්නෙමි.සාලයේ කොනක ඇති දිග මේසය තුළ අම්මාත් අප්පච්චීත් අයියාත් තේ බිබී උන්නේය.

“දූ එන්න.මෙතනින් වාඩි වෙන්න.මේ අප්පු ලැවරිය හදලා…….”

සාලයේ වටපිටාව දෙසට නෙත් කරකවමින් මා මේසයේ කොනක වූ පුටුවෙන් වාඩි වී නිහඬව තේ පානය කරෙමි.

“මොකෝ නංගි තමුසෙ කතා පෙට්ටිය ගෙදර දාලද ආවෙ?…….”

වෙනදා නම් ඉවරයක් නොමැතිව කියවන නිසා අයියා මගෙන් එලෙස අසන්නට ඇති.

“නෑ අයියෙ.මේ බංගලාව හරිම ශෝක් අනේ.මං හරිම ආසයි……..”

කලින් මට දැනුනු මහා අමුතු ගුප්ත බව මං නොකීවෙ මොවුන් මට සිනාසෙනුයි කියා සිතාය.

“එහෙනම් තමුං මෙහෙ නවතිනවා…….”

අයියා විහිලුවට මෙන් කීවත් මෙහෙ නවතින්නට ඇති නම් යයි මට සිතුණි. ඒත් අම්මාත් අප්පච්චීත් එයට කැමති වේවිද?😫😫

“අනේ අම්මා මට මෙහෙ නවතින්න ඕනි. අපි මෙහෙ ඉම්මුකෝ.අනේ…….”

“අප්පච්චිට මෙහෙ නැවතිලා ඉන්න අමාරුයිනෙ දූ බිස්නස් වැඩත් එක්ක.ඔයා කැමතියි නම් නවතින්න.ඇග්නසුත් ඉන්නවනේ.නේද ඩේවිඩ්?…….”

අම්මා එලෙස ඇසුවේ අප්පච්චීගෙන් ය.

“ඔව් දූ.ඔයා කැමතියි නම් මෙහෙ නවතින්න.ඇග්නස් ඔයාව හොදට බලාගනියි.දූට තනියම ඉන්න පුලුවන්ද?……..”

“අනේ පුලුවන් අම්මා.තැන්ක්‍යූ අම්මි. තැන්ක්‍යූ අප්පච්චී……..”

“ඇති යාන්තං හෙට ඉදලා කනක් ඇහිලා ඉන්න පුලුවන්……..”

එහෙම කිව්වේ මගෙ අයියා.

“ඉන්නවා ඉතිං මං එපා කිව්වයැ…….”

එහෙම කියලා මං තේ බීලා ඉවර වෙලා බංගලාවෙ උඩතට්ටුවේ එක කාමරේකට ගියා.මං එහි ගියා නෙවෙයි ඉබේටම යැව්නා කිව්වොත් හරි.බංගලාව අවුරුදු ගානක් පැරණි වුවත් එහි කාමර ඉතාමත් ලස්සනට තිබුනි.කාමරේ ඇති ඇද සහ පුටු දෙක නම් පැරණි බව මට පෙනුනි.

“දූ මේ කාමරේද ඔයා තෝරගත්තෙ?……”

“ඔව් අම්මෙ මං මේ කාමරේට ගොඩාක් කැමතියි…….”

“අපි හෙට යනවා දූ.ඔයා පරිස්සමින් ඉන්න.ඇග්නස් ඔයාව හොදට බලා ගනියි…….”

“මෙහෙ ඉන්නෙ ඇගනසුයි අප්පුයි විතරද අම්මෙ?…….”

“නෑ දූ.ඇග්නස්ගෙ දුවත් ඉන්නවා.තව ඩ්‍රයිවරුත් ඉන්නවා…….”


පසුදා උදෑසනින්ම අම්මාත් අප්පච්චීත් අයියාත් නිවස බලා පිටත් විය.මා කාමරේට පැමිණියෙමි.මගේ කාමරේ ඇති ජනේලයෙන් එපිට පරිසරය හුගාක් ඈතට දිස් වේ.

“පුංචි බේබි එන්න තේ බොන්න…….”

නිවසේ මෙහෙකාරිය වූ ඇග්නස් පැමිණ මට තේ බොන්නට කතා කලේය.

“ඇග්නස් නැන්දා මෙහාට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?…….”

“අවුරුදු දහයක් විතර වෙනවා බේබි…….”

“එතකොට අප්පු මාමා?…….”

“අප්පු අයියා නම් දැන් අවුරුදු තිහක විතර ඉදන් මේ බංගලාවෙ ඉන්නවා…….”

සවස තේ පානයෙන් පසුව මං අප්පු මාමාව සොයාගෙන බංගලාව පිටුපසට ගියෙමි.ඔහු එහි වලක් හාරමින් උන්නේය.

“ආ පුංචි බේබි මං මේ කෙහෙල් පැලේ හිටවන්න වලක් හෑරුවා.පුංචි බේබි මේ බංගලාවට ගොඩාක් ආසයිද?……..”

“මේ බංගලාව ගොඩාක් ලස්සනයි අප්පු මාමෙ.හරිම අමුතුයි.මෙහෙ ඉස්සර හිටියෙ කව්ද?…….”

“මං මෙහාට එද්දී මට අවුරුදු විසිපහයි නෝනා.දැන් මට පනස් පහයි.මං එද්දී මේ බංගලාව අයිති වෙලා තිබ්බෙ විජේනායක කියලා මහත්මයෙකුට.ඒ මහත්තයයි නෝනයි පුතායි දුවයි මෙහෙ හිටියෙ.අනේ හරිම ලස්සනට ජීවත් වෙච්චි පව්ලක්.දුප්පත් මිනිස්සුන්ට හරියට උදව් කරා.ඒත් මහා අවසානාවකට ඒ පව්ලට කාගෙ හරි ඇස් වහක් වැදුනා නෝනා.ඒ කාලෙ මේ වලව්ව තිබ්බෙ යුද්ධ පිට්ටනියක් වගේ…….”

“අනේ මට ඒ කතාව කියන්නකෝ අප්පු මාමෙ…….”

“දැන් බෑ නෝනෙ මං හෙට උදේට කියන්නම්……..”

මං අප්පු මාමා ගාවින් බංගලාවට ආවා.
කාමරේට ඇවිත් අප්පු මාමා කියාගෙන ආපු දේ ගැන කල්පනා කරා.

මගේ නම සමුද්‍රා සමරදිවාකර.මට අවුරුදු විස්සයි.මගෙ තාත්තා ඩේවිඩ් සමරදිවාකර.මගෙ අම්මා ශෙරින් සමරදිවාකර.මගේ එකම සහෝදරයා යාදව් සමරදිවාකර.එයාට අවුරුදු විසිපහයි.මගෙ තාත්තා ව්‍යාපාරිකයෙක්. පොල්වතු,තේ වතු,රබර් වතු හා විවිධ වූ ව්‍යාපාර කිහිපයක්ම හිමි පුද්ගලයෙක්. තාත්තාට නුවරඑළියේ මේ බංගලාවයි හෝටල් කිහිපයකුයි තියනවා.

ඊලග කොටසින් හෙට හමුවෙමූ