කෝ මගෙ චූටි මැණික එන්නකො තාත්ති ගාවට.වෙනදා වගේ දෝණිව අරගෙන තාත්තිට ඇවිදින්න බෑනෙ. තාත්ති ඉක්මනට සනීප වෙලා දෝණිව බූං එක්කන් යන්නං…….”

තේජාන් කෙල්ලව ලගට අරගෙන හුරතල් කරෝනවා.ඇවිදින්න පුලුවන් කමක් තිබ්බා නම් මෙලහකටත් තේජාන් කෙල්ලව අරගෙන හැම තැනකම ඇවිදියි.

“සංසලා……”

“ඇයි තේජාන්…….”

“අපරාදෙ අපි අනුරාධපුරයේ යන්නනෙ හිටියෙ නේද?…….”

අපි අනුරාධපුරයේ යන්න කතාකරගෙනනෙ හිටියෙ.ඒත් යන්න දවස් තුනකට කලින්නෙ තේජාන්ට මේ අනතුර සිද්ද වුනේ.

“අනුරාධපුරේ නම් කවදා යන්න බැරිද තේජාන්.ඉස්සෙල්ලා ඔයා සනීප වෙලා ඉන්නකෝ…….”

“පොඩි උදව්වක් කරනවද සංසලා……..”

“මොකක්ද තේජාන්.කියන්න……..”

“අපේ ඔෆිස් එකේ අලුත් බ්‍රාන්ච් එක ඕපන් කරාට පස්සෙ මට ගිහින් බලන්න පුලුවන් වුනේ දවස් දෙක තුනයිනෙ.මං රවීට කතා කරන්නම්.ඔයා පොඩ්ඩක් ඒ පැත්තෙ ගිහිල්ලා බලලා එන්නකෝ. ලොකු දෙයක් ඕන්නෑ.ඇසිස්ටන් මැනේජර් කාවිංග ෆයිල් එකක් දෙයි.ඒක පොඩ්ඩක් බලලා අරන් එන්නකෝ…….”

“හා තේජාන්.මං ගිහින් බලලා එන්නම්. කවදටද යන්න ඕනි?…….”

“දැන් වුනත් කමක් නෑ.තාම උදේ දහයටවත් නෑනෙ.මං රවීට කතා කරන්නද?…….”

“හා ඔයා රවීට කෝල් එකක් දීලා කියන්න.මං ලලිතා නැන්දට කියන්නම් ඔයාගෙ බෙහෙත් ටික දෙන්න කියලා…….”

උදේ නවයහමාරට විතර කොළඹ තියන තේජාන්ගෙ ඒ අලුත් ඔෆිස් එකට මං ආවා.අම්මෝ මේක මාර ලස්සනයිනෙ.මං නොදන්නවා වුනාට මගේ මහත්තයා හොද බිස්නස්මන් කෙනෙක්නෙ.තට්ටු දෙකක් පුරාවට විහිදුනු ඒ ඔෆිස් එකේ සේවක සේවිකාවෝ පනහක් විතර වැඩ කරා.ආයතනයට ඇතුල් වෙනකොටම වැඩ කරමින් හිටපු හැමෝගෙම දෑස් යොමු වුනේ මං දෙසට.සමහර විට මෙයාලා දන්නැතුව ඇති මං තේජාන්ගෙ වයිෆ් කියලා.රවී කෙලින්ම මාව එක්කන් ගියේ උඩ තට්ටුවෙ තියන ඔෆිස් එකට.

“මැඩම් ඔයා මෙතනින් වාඩි වෙලා ඉන්න. මං කාවිංග සර්ට කතා කරන්නම්…….”

එහෙම කියලා රවී ඇතුලට ගියා.මං එතන වාඩි වෙලා ඉන්න ගමන් වටපිට බැලුවා.ගොඩාක් අයගෙ ඇස් යොමු වෙලා තිබ්බෙ මං දෙසට.එක සේවකයෙක් මං ගාවට ආවා.

“එක්ස්කියුස් මී ඔයා ඉන්ටව් එකටද ආවෙ?දහ අටට අඩු අයව මෙහෙ ඉන්ටව් ගන්නෑ.ඉස්කෝලේ කීය වසරෙද ඉන්නෙ?……..”

යකෝ මූ හිතාගෙන ඉන්නෙ මං පොඩි එකෙක් කියලද?🤣😂ඇත්තනෙ මට අවුරුදු විසි එකක් වුනාට තියෙන්නෙ පහලොවක විතර පෙනුමනෙ.

“සොරි ඔයාට වැරදීමක් වෙලා.මට අවුරුදු විසි එකයි…….”

“මිස් ද?මිසිස් ද?…….”

“මැඩම් මේ ෆයිල් එක බලන්න…….”

ඇසිස්ටන් මැනේජර් කාවිංග ෆයිල් එක මට ගෙනත් දුන්නා.මාත් එක්ක කතා කර කර හිටපු මනුස්සයා එතනින් ගියා.

“මෙතන වැඩ ටික නම් හොදට කෙරීගෙන යනවා මැඩම්.අද මෙයාලගෙ පඩි ගෙවන දවස.මැඩම් ආපු එක ලොකු දෙයක්.පල්ලෙහා ඉන්නෙ අලුත්ම කට්ටිය.මැඩම් පොඩ්ඩක් ඒ හරියෙ වැඩ කෙරෙන හැටි බලන්න.එකොළහට විතර අපි පේ ශීට් දෙමු……..”

කාවිංග දීපු ෆයිල් එක අරගෙන මං පල්ලෙහාට ආවා.ඒ පේලියෙ හිටියෙ වැඩිපුරම කොල්ලො.කෙල්ලො දෙතුන් දෙනයි හිටියෙ.සමහර කොල්ලො මං දිහා බල බල මොන මොනවදෝ කියන්න පටන් ගත්තා.මට තනියම හිනා.😃😃

“නංගී අලුතෙන්ද වැඩට ආවෙ?……..”

“කොයි ඉස්කෝලෙටද යන්නෙ සුදූ?……..”

එක එක විකාර මගෙන් අහන්න ගත්තා. මෙයාලා දන්නවා නම් මං තේජාන්ගෙ වයිෆ් කියලා පුදුම වෙයි.ඔෆිස් වල වැඩ මට නොතේරුනත් කාවිංග කියලා දීපු විදියට වැඩ ටික කරගෙන හැමෝටම පඩිත් දුන්නා.

“මැඩම් රවීව ට්‍රැෆික් එකට අහු වෙලා. එන්න ටිකක් පරක්කු වෙයි. එතකල් මැඩම් ඔෆිස් රූම් එකෙන් ඉන්න. මැඩම්ට බොන්න මොනවහරි ගේන්නද?…….”

“එපා මිස්ටර් කාවිංග…….”

වාහනේ එනකල් මං වාඩි වෙලා හිටියා. එතකොට ඉස්සෙල්ලා මට විහිලු කරපු කොල්ලෙක් මං ගාවට ආවා.

“ඔයා මොන සෙක්ෂන් එකටද නංගි?…….”

“එකවුන්ට් සෙක්ෂන් එකට……..”

“මං දුල්හාර.ඕනම උදව්වක් මට කියන්න. මං කරලා දෙන්නම්…….”

“හරි බොහොම ස්තූතියි……..”

“මේ මගේ නම්බර් එක.ගෙදරට ගිහිල්ලා කෝල් එකක් දෙන්න……..”

ඒ කොල්ලා මට නම්බර් එක ලියපු කොල කෑල්ලක් දුන්නා.මූට හොද වැඩක් කරන්න ඕනි කියලා හිතපු මම කොල කෑල්ල ගත්තා.


“ඔෆිස් එකේ වැඩ කොහොමද සංසලා……..”

ගෙදර ආපු ගමන්ම තේජාන් මගෙන් ඇහුවා.මං ෆයිල් එක තේජාන්ගෙ අතට දීලා විස්තරේ කිව්වා.තේජාන් සතුටු වුනා ඔෆිස් එකේ තත්වෙ ගැන.

“තේජාන් අර එකවුන්ට් සෙක්ෂන් එකේ ඉන්න දුල්හාර කව්ද?……..”

“අර සුදු මහත කොල්ලද?……..”

“ඔව්……..”

“ආ….දුල්හාර අලුතින් ගත්ත එක්කෙනෙක්.වැඩට මාර හොදයි.ඇයි?…….”

“ඒ කොල්ලා මට නම්බර් එක දීලා ගෙදර ගියාට පස්සෙ කෝල් එකක් ගන්න කිව්වනේ……..”😂🤣

“යකෝ මූ තියන්න වටින්නෑනෙ.කෝ දෙනවකො නම්බර් එක…….”

මං තේජාන්ට ඒ නම්බර් එක දුන්නා. තේජාන් ඒ නම්බර් එකට කෝල් එකක් අරගෙන ස්පීකර් ඔන් කරා.

“හෙලෝ දුල්හාර…….”📲

“ඔව් දුල්හාර තමයි.මේ කව්ද?…….”📲

“මං තේජාන් සර් කතා කරන්නෙ…….”📲

“ආනේ කියන්න සර්.සර් කොහොමද මගෙ නම්බර් එක දන්නෙ?…….”📲

“දුල්හාර අද ඔෆිස් එකට ආපු අලුත් ගර්ල් කෙනෙක්ට මොනවද කිව්වා කියන්නෙ ඇත්තද?…….”📲

“අනේ සර් මං එහෙම මොකුත් කිව්වෙ නෑ.ඒ ගර්ල් හරිම ලස්සනයි.මං ඉතිං නම්බර් එක දුන්නා කතා කරන්න කියලා. එච්චරයි ඉතිං…….”📲

“ඉතිං කතා කරාද?…….”📲

“නෑ සර්.මං කොයි වෙලේද කෝල් එකක් එකක් එන්නෙ කියලා බලන් ඉන්නෙ ඒකිගෙන්…….”📲

“ඒකි?…….”😡📲

“නෑ සොරි සර්.ඒ ගෑනු ළමයාගෙන්…….”📲

“දුල්හාර දන්නවද ඒ ගර්ල් කව්ද කියලා?…….”📲

“නම ඇහුවෙ නෑ සර්……..”📲

“එයා මැරීඩ් කෙනෙක්.නම සංසලා මධුරභාෂිණී සේනානායක.තේජාන් ෂාමේන්ද්‍ර සේනානායකගේ වයිෆ්…….”📲

“අනේ සර් මට සමාවෙන්න…….”📲

එහෙම කියලා ඒ කොල්ලා දඩස් ගාලා ෆෝන් එක තිබ්බා.

❤️❤️

“තේජාන් හෙට නේද බෙහෙත් දාන්න යන්න තියෙන්නෙ?……..”

“ඔව් අප්පා.එපා වෙනවා.මැරුනා නම් මීට වඩා හොදයි…….”

“මේ තේජාන් මගෙ යකා අවුස්සන්න එපා ඔය මැරෙන කතා කියලා.මීට වැඩිය ලොකු අනතුරු වෙලා අත් කකුල් අහිමි වෙච්චි මිනිස්සු හොදට ජීවත් වෙනවා. ඔයා මේ මැරෙන කතා කියෝනවා…….”😠

“හරි හරි මැණික ආයෙ කියන්නෑ…….”

“ආයෙ ඔහොම කතා කියලා තිබ්බොත් තුන් වේලටම කරවිලයි බතුයි දෙන්නෙ……..”

“අනේ මැණික කරවිලයි බතුයි නම් කන්න බැහැ……..”


ලලිතා නැන්දට දුවව බලාගන්න කියලා මායි රවී යි තේජාන්ව එක්කගෙන ගිහින් තුවාලෙට බෙහෙත් දාගෙන ආවා.පව්. වෙනදා කොහොම දුවලා පැනලා හිටපු කෙනෙක්ද මේ අද රෝද පුටුවකට වෙලා ඉන්නෙ.ඩොක්ටර් කියපු විදියට තේජාන්ට තනියම ඇවිදගන්න තව සෑහෙන කාලයක් යයි.

“මොනවද අප්පේ මේ කල්පනා කරන්නෙ?……..”

රෝද පුටුවත් තල්ලු කරගෙන තේජාන් මං ගාවට ආවා.මං හිටියෙ ජනේලෙන් එපිට බලාගෙන.

“නෑ තේජාන් මං මේ කල්පනා කරේ ලබන සතියෙ දිහාට පන්සල් යන්න.කාලෙකින් පන්සල් යන්න බැරි වුනානෙ.ලබන සතියෙ අපි යමු.රවීට කියමු වාහනේ ගෙනියන්න…….”

“අනේ ඒක නම් හොදයි සංසලා.මේක ඇතුලෙ හිර වෙලා ඉදලා එපා වෙලා තියෙන්නෙ මට නම්…….”

“ඒ වගේ වෙනසක් තියනවනම් හොදයි තේජාන්.ඒත් සනීප වෙනකල් ඔයාට කොහොම හරි මේ කට්ට කාගෙන ඉන්න සිද්ද වෙනවා……..”

“කෝ කෙල්ල?……..”

“ලලිතා නැන්දා ගාව.ඉන්න මං එක්කන් එන්නම්…….”

ලලිතා නැන්දා ගාවට දුවලා ගිහින් මං කෙල්ලව එක්කරගෙන ආවා.දැන් කෙල්ලට වයස මාස එකොලහයි.

“කෝ එන්න දෝණි තාත්ති ගාවට.ආව් මගෙ මැණික චෝයි ගව්මක් ඇදලනෙ…….”

කෙල්ලත් හරිම ආසයි එයාගෙ තාත්ති ගාව ඉන්න.තාත්තිගෙයි දූගෙයි මාර මාර කෝලම් තමා තියෙන්නෙ.

“තේජාන් කෝ කෙල්ලව පැත්තකින් තියලා මේ බෙහෙත් ටික බොන්න……..”

“මේ තිත්ත බෙහෙත් බොන්න ගියාම තමා එපා වෙන්නෙ……..”

“එහෙම කියලා බෑනෙ මහත්තයෝ ඉක්මනට සනීප වෙන්න නම් බෙහෙත් ටික හරියට බොන්න ඕනි……..”

“කපටි කෙල්ල මගේ.මෙන්න මේ හිනාවට තමයි මං ගොඩාක්ම ආදරේ……..”

මගේ දෙතොල් ඇගිලි තුඩු වලින් සියුම්ව මිරිකන ගමන් තේජාන් එහෙම කිව්වා.

“මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ නපුරා මට මෙච්චර ආදරේ කරයි කියලා…….”

“ඒ ඇයි?…….”

“මාව මරන්නමනෙ හැදුවෙ.මට හිතුනෙ නෑ ඔයා මට ජීවත් වෙන්න ඉඩ දෙයි කියලා…….”

තේජාන්ගෙ උකුල උඩින් මගෙ හිස තියාගෙන මං එහෙම කිව්වා.

“උඹව මරන්න මගෙ හිත මට ඉඩ දුන්නෙ නෑ රත්තරං…….”

මගේ ඔලුව අත ගාමින් තේජාන් එහෙම කිව්වා.

“ඔයාට මං ගැන ආදරයක් ඇති උනේ කොහොමද තේජාන්…….”

“එදා උණ හැදිලා අමාරු වෙලා කාමරේ මැද්දෙ වැටිලා ඉන්නැද්දී මට හරියට දුක හිතුණා.එදා ඔයාව හොස්පිටල් අරන් යනකොට ඔයාට හරියට සිහියක් තිබ්බෙ නෑ.කෙදිරි ගගා ඉද්දී එකපාරටම ඔයාට සිහිය නැතිවුනා.මට හොදටම බය හිතුණා ඔයාට මොනවහරි වුනා කියලා. එදා මගෙ බර්ත්ඩේ පාර්ටි එක දවසෙදි ඔයා පැනලා යන්න හදපු වෙලාවෙදි මට පුදුම තරහක් ආවෙ.මටත් හොරා මගෙ හිත මේ පිස්සු කෙල්ලට ආදරේ කරන්න පටන් අරගෙන කියලා මං තේරුම් ගත්තා……..”

“තේජාන් ඔයා දන්නවද වැඩක්?…….”

“ඒ මොකක්ද?……..”

එකපාරටම මට මතක් වුනේ අම්මයි අප්පච්චියි මායි නුවරඑළියට ආපු මුල් දවස් අර සාත්තර කියන දෙමළ ගෑනු කෙනා මගෙ ජීවිතේ ගැන කියපු දේවල්. මං ඒ දේවල් සේරම තේජාන්ට කිව්වා.

“ආපහු කවදාවත් මං මගෙ මැණිකට එහෙම දුකක් දෙන්නෙ නෑ……..”

මගේ මුහුණ සියුම්ව ඔසවා සිප වැලද ගත් තේජාන්ගෙ දෙතොලෙහි සිසිලස මගේ මුහුණත් ගෙල පුරාවටත් හොදින් දැනෙන්නට වුනා.

“අනේ මැණික චුට්ටක් ඉඩ දෙන්නකො කකුල අහකට ගන්න.එකම විදියට ඉන්න ගියාම කකුල රිදෙනවා……..”

“අනේ සොරි තේජාන්.කකුල ගොඩාක් රිදෙනවද?……..”

“නෑ මැණික.එහෙම රිදෙන්නෙ නෑ……..”

“වැස්ස වැඩි කරලා වගේ තේජාන්.මං කෙල්ලට සීට් එක පොරවලා එන්නම්…….”

කෙල්ලට සීට් එක පොරවලා තේජාන්ටත් සීට් එක පෙරෙව්වා.

නැවත හමුවෙමු