මනාලියක හෝ සාමාන්‍ය යුවතියක් වේවා ඇයගේ මුහුණ වගේම සිරුරේ පැහැයත් එක පැහැයකින් සමබරව පවත්වා ගැනීම ඉතාමත් වැදගත්.
නිවෙසේදීම පිළියෙල කරගත හැකි මෙම ක්‍රමවේද කිහිපය නිවැරදිව අනුගමනය කිරීම තුළින් රූපලාවණ්‍යාගාරය තුළදී කෙරෙන සත්කාර හා සමානව 85%ක පමණ ඉහළ ප්‍රතිඵලයක් නිවෙසේදීම ඔබගේ මුහුණට හා සිරුරට ලබා දිය හැකියි.
ඒ සඳහා අප පහතින් හඳුන්වා දෙනු ලබන පිළිවෙළ ක්‍රමානුකූලව අනුගමනය කළ යුතුයි. මෙම ප්‍රතිකාරය මසකට 2වරක් කළ යුතුයි.
වෙළෙඳපොළේ තිබෙන ජෙලටින් ප්‍රතිකාරය මඟින් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි බව බොහොදෙනා නොදන්නා කරුණක්.
අවශ්‍ය ද්‍රව්‍ය
ජෙලටින් මේස හැන්දකට මඳ උණුසුම් ජලය මේස හැඳි 3ක් එක් කොට හොඳින් දියකරගන්න. ඉන්පසුව එය නිවෙන්නට ප්‍රථම මඳ උණුසුම සහිතව ඇස් වටා ප්‍රදේශයේ හැර ඔබගේ මුහුණේ තෙල්, කුණු, දූවිලි රැඳෙන ස්ථානයන් වන නාසය දෙපස, නිකට, කට දෙපස ආදී ප්‍රදේශයන්හි තලපයක් ආකාරයට යහමින් ගල්වා ගන්න. විනාඩි 10ක් පමණ තබන්න. හොඳින් සමට උරාගත් පසු සෙමින් ක්‍රමවත්ව ගලවා ඉවත් කරන්න. එමඟින් සම මත තිබෙන අනවශ්‍ය කුණු, දුවිලි, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ගැල වී මුහුණ හොඳින් පිරිසුදු වනවා.
දෙවැනුව මී පැණි සහ ලෙමන් යුෂ සමඟ සීනි මිශ්‍ර කොට ඔබේ මුහුණ පුරා කවාකාරව අතුල්ලන්න. මිනිත්තු කිහිපයකට පසු ඔබේ මුහුණ ඇල්මැරුණු වතුරෙන් සෝදන්න. නමුත්, මෙම ස්ක්‍රබ් නිතර නිතර භාවිත නොකරන්න. සතියකට දෙවරක් කිරීම ප්‍රමාණවත්.
මෙමඟින් මුහුණේ කුණු, දූවිලි ඉවත් වී මුහුණේ බ්ලැක් හේඩ්ස් / වයිට් හේඩ්ස් ඉවත් වීමක් සිදු වෙනවා.
මුහුණ වගේම බෙල්ල හා උරහිස් ප්‍රදේශයටද මෙය ආලේප කොට හොඳින් ස්ක්‍රබ් කළ යුතුයි.
ඉන්පසු මුහුණේ පෝෂණය සඳහා යෝගට් තේ හැඳි දෙකක් සහ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කොට ගනකම් තලපයක් සාදාගන්න. මෙම පේස්ට් එක ඔබේ මුහුණ මත ආලේප කොට විනාඩි 15ක් තබන්න. ඉන්පසුව මුහුණ සීතල ජලයෙන් සෝදන්න. ඔබ මෙම ක්‍රියා පටිපාටිය නොකඩවා කළහොත්, ඔබේ සමේ පැහැයේ වෙනස ඔබට බලාගත හැකියි.
පාරම්පරික ඔෟෂධයක් වන කහ මුහුණ වගේම සිරුර පැහැපත් කරන ඉතාමත් හොඳ පිළියමක්.
කහ කුඩු තේ හැන්දකට දෙහි යුෂ තේ හැඳි තුනක් එක්කොට ඔබගේ සිරුරෙහි ආලේප කරන්න. මෙම ආලේපනය මුහුණ මත විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න. මෙම ආලේපනය ආලේප කරන අතරතුර, ඔබේ ඇ¾දුම් පැල්ලම් කළ හැකි බැවින් ප්‍රවේසම් වන්න. මෙම ප්‍රතිකාරයෙන් පසුව ඔබේ සමට කහ පැහැයක් හිමිවේ.
ප්‍රතිකාරය අවසානයේ ටෝනර් එකක් භාවිත කිරීමද අත්‍යවශ්‍යයි.
ඒ සදහා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගත හැකියි. රෝස මල් පෙති මඳ උණුසුම් ජලයේ මඳ වේලාවක් ගිල්වා තබන්න. එම ජලයෙන් සම ටෝනර් කිරීම කළ හැකියි.
එමෙන්ම දිනපතා ස්නානය කිරීමට ප්‍රථම කෝමාරිකා මදය සිරුරේ ආලේප කිරීමත් ඉතාමත් හොඳයි.
මනාලියක් වීමට අදහස් කරන ඔබ සිරුරේ හැඩය පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. ඒ සඳහා කෑම පාලනය කිරීම මෙන්ම දිනකට පැය භාගයක් පමණ ව්‍යායාම කිරීමද ඉතාම සුදුසුයි. සිරුරේ සම පැහැපත් කොට සමේ අඳුරු බව දුරු කර ගැනීම සඳහා නිවෙසේදීම පහත තෙල් සත්කාරය මඟින් සිරුර සම්බාහනය කළ හැකියි.
උණුසුම් තෙල් මඟින් සිරුර සම්බාහනය කිරීමෙන් සිරුරේ මස්පිඬු ලිහිල් වීම, ලේ ගමනාගමනය ක්‍රමවත් වීම, සිරුර නිරෝගී වීම පමණක් නොව, සම පැහැපත් වීමද සිදු වෙනවා. ඒ සඳහා ආමන්ඩ් ඔයිල්, පොල්තෙල් හෝ ඔලිව් තෙල් වැනි තෙල් භාවිත කළ හැකියි. ඔබේ සම සම්බාහනය කිරීමට පෙර තෙල් හොඳින් රත් කර ගන්න. එයට පොඩිකර ගත් තුල්සි කොළ කිහිපයක්ද එකතු කළ හැකිය. තුල්සි කොළ මිශ්‍රිත මඳ උණුසුම් තෙල් මඟින් සිරුරේ සම හොඳින් සම්බාහනය කොට මිනිත්තු 30ක් තබා සෝදා ඉවත් කරන්න. උණුසුම් තෙල් සම්බාහනය මඟින් සමෙහි අඳුරු පැහැය ඉවත් කොට ස්වාභාවිකවම දීප්තිමත් සමක් ලබා ගත හැකියි.
දිනූෂා මනෝරි නිශ්ශංක
උපුටා ගැනීම මව්බිම පුවත්පත