මාගේ මිතුරන් එසේ පැවසුවද ඇය ගැන අහිතක් සිතීම ට මාගේ සිත ඉඩ නොදුනි.
එහෙත් ඒ කියපු දේවල් සියයට සියක් බැහැර කිරීම නොවටින නිසා බසයේ යන අතර වාරයේ ඇයගේ යාලුවන් සහ ඇය ගේ ආදර සම්බන්දතා පිලිබඳ ඇයගෙන් විමසුවෙමි.
එවිට මට ලැබුනේ කිසිම දිනක අපේක්ෂා කල නොහැකි පිළිතුරකි.
“උදේශ් අය්යේ මගේ ජීවිතේ ප්‍රතිපත්ති දෙකක් තියෙනවා, පලවෙනි එක තමයි අවුරුදු 21වෙනකම් ආදර සම්බන්දයක් පටන් ගන්නේ නෑ.
මොකද අපි ජීවිතේ වැඩිම කාලයක් ගෙවන්නේ ඔය තොර ගත්ත කෙනත් එක්කනේ, නිකන් මොකටද හදිසි වෙන්නේ…. හැබැයි ඉතින් ක්‍රෂස් නම් නියෙන්න පුළුවන්”
“බුදු අම්මෝ එහෙමත් එකක්ද” මට ඉබේම කියවිණි.මා දන්න තරමින් ඇයගේ වයස දැන් විස්සක් වත් විය යුතුය. කමක් නෑ තව අවුරුද්දයිනේ මට සිතුනි
“ අනිත් එක තමයි මම එහෙම කෙනෙක් කසාද බඳින්න කලින් එයාගේ ආදරේ අනිවාර්යෙන් පරික්ෂා කරන්න ඔනේ…අද කාලේ වැඩි හරියක්ම ඉන්නේ චංචා කාරයෝ, පෙන්නන්නේ එක මුණක් ඇත්තට තව මුණක්”
මට ගීන් දාඩිය දැමිණි. ඇය තවත් කියවයි “ආදරේ කියන්නෙ ගොඩක් බැරෑරුම්
තීරණයක් ඒකට හදිස්සි වෙන්න හොඳ නෑ, මන් දන්න තරමින් ඕනම කෙනෙකුට ජීවිනේ හරියටම ආදරේ කරන්න පුළුවන් එකම එක පාරයි, ඒක හරි ගියොත් හොදයි, නැත්නම් ඉතින් මුළු ජීවිතේම දුක තමයි ”
“ ඔයා ගොඩක් ආදරය ගැන දන්නවනේ, මට ගිතා ගන්න බෑ. මේ පොඩි වයසට මේ වගේ අදහස්…….”
මට ඇත්තටම ඇය ගැන පුදුම සිතිනි”
“ මට යාලුවෝ නිසා අත්දැකීම් තියෙනවා අය්යේ”
“මන් දැකල නියෙනවා එයාල ඉගෙනීම පාඩු කරගෙන ආදරේ නිසා විඳවන වින්දවිල්ල, මුලින් පණ දෙන්න ආදරය කරනවා, පස්සේ පුළුවන් තරම් මග අරිනවා, ඊට පස්සේ උන් එක්සෑම් නානවා, නැත්නම් වහ බොනවා, අත්දැකීම් කියන දේවල් තමන්ටම ලැබෙන්න ඕනේ නෑනේ ඉගෙනගන්න”
“චාච් නියමයි”…..
“ අය්යා මොනවාද හිතන්නේ ආදරය ගැන”
කියන්න බොහෝ දේ තිබුනත් දැන්ම එය කලින් වැඩි යැයි සිතිනි.
“මට නම් ඕව ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නෑ නංගි, කැම්පස් යන්න විතරයි ට්‍රයි කලේ”
මට මගේ අතීතය ගැන ඇත්තම කියවිණි. එහෙත් එය චර්තමානය නම් නොවේ. නමුත් ඇයගේ අපූරු දේශනයෙන් පසුව මගේ ඔලුව කැරකේන්නාක් මෙන් දැනිණි.
මන් වැනි වැනි කැම්පස් ගියෙමි. මගේ ආදර කතාව පටන් ගැනීමට තව කල්පයක් විතර බලා සිටීමට සිදූ වන
බවනම් සහතික විය . නමුත් එදා දවසෙන් පසුව උමා නංගිගේ හැසිරීමෙ පැහැදිලි වෙනසක් මට දැක ගත හැකි විය.
ඇය වෙනදටත් වඩා මන් ගැන සැලකිලිමත් චන බවක් දැනුණි. මගේ බත් පිගාන බෙදල දීම. පාඩම් කරනවිට කොපි කෝප්පයක් සාදා දීම. මගේ නිදන කාමරය අතු පතු ගා අස් කරදීම, මගේ ඇදුම් සෝදා දීම, ඇයගේ එදිනෙදා රාජකාරි වලට අමතරව ඇය විසින් අලුතෙන් එකතු කරගත් රාජකාරි විය.
හැම දේකටම වඩා දිරවිය නොහැකි රාජකාරිය වූයේ මගේ දුරකථනයට එන ඇමතුම් පිලිබඳ විපරමින් පසු වීමයි.
මට මිතුරෙක්ගෙන් ඇමතුමක් ආවත් “ කවුද උදේශ් අය්යෙ කතා කලේ” එවිට කතා කරපු කෙනාගේ සම්පුර්ණ පැටිකිරිය ඇයට කීමට සිදුවේ.
එපමණක් නොව ඉඩ ලද සෑම විටකම මගේ දුරකථනයේ මැසේජස් කියවීම ඇයගේ විනෝදාංශය විය.
ඒ හැම අවස්ථාවකම මම සිතින් ඇසුවේ එකම පැනයකි.
“ මෙයා මගේ කවුද මගෙන් ඔහොම ප්‍රශ්න කරන්න” ඇත්තටම ඇය මගේ පෙම්වතියගේ රංගනය මටත් නොදැනීම සාර්ථකව රඟ දක්චමින් සිටියාය.
දවසක් මා හවස නිවසට යාමට බස් නැවතුම්පොලට පැමිණි විට ඇය එහි සිටිනූ දැක පුදුම වුනෙමි.
එයට හේතුව සාමානායයෙන් ඇය මට කලින් පැය තුනකට විතර පෙර නිවසට යන බව මා දන්න නිසාය.
“උමානංගි ඔයා මොකද මෙහෙ”
“අපේ එක්සෑම් ළඟ නිසා ක්ලාස් එකේ වෙලාව වෙනස් වුණා, දැන් හවස ඇරෙන්නේ…., ඔයා මේ වෙලාවට එනවා කියලා දන්න නිසා මම බස් හෝල්ට් එකේ ගිටියා”
මට පුදුමාකාර සතුටක් දැනිණි. “නංගි ඔයා දචල්ට කාලද”
“ නෑ අය්යේ….. හදිසියේම තමා සර් කිව්වේ අද ඉදන් හවස් වෙනකම් ක්ලාස් එක තියෙනවා කියලා”
“එහෙමද… එහෙනම් අපි යමු මොනවා හරි කන්න”
අපි අසල පිහිටි කුඩා කෑම කඩයකට ගොඩ වුනෙමු. කෑම කා අවසන් වී බිල ගෙවීමට යාමේදී, ඇය එය ගෙවීමට සැරසුණි
“ එපා අය්යේ ඔයාගේ වියදමට සල්ලිත් නෑනේ, මේක ගන්න අපේ අම්මා මට සල්ලි වියදමට එවනවා”
ඇය ගැන මට අනුකම්පා සිතිනි. ඇත්තෙන්ම මම මගේ වියදම පිරිමසා ගත්තේ මහපොලින් ලැබෙන මුදලිනි.
මගේ දෙමව්පියන්ට කොපමණ සල්ලි තිබුනත් උසස් පෙලින් පසුව ඔවුන්ගේන් මුදල් ඉල්ලීම මට මදි කමක් සහ ඉතාමත්ම අකමැති දෙයක් විය.
සමහර දවස් වල මගේ මිතුරෙකුගේ පියාගේ කඩයක ගිණුම් වැඩ කර දී සුළු අදායමක් උපයා ගත්තෙමි.
ඇය ඒ හැම දෙයක්ම දැන සිටියාය. ඉන් පසු සැම දවසකම උදේට මෙන් හවසටත් ඇය බසයෙන් මා සමග ගමන් කලාය.
දිනක් බසයේ ගමන් කරන විට මගේ කැම්පස් මිතුරියක ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.
ඇය ඒ පිලිබඳ විමසන්නට විය. “මගේ යාලුවෙක් ඔයා දන්නේ නෑ එයාව” මම පිළිතුරු
දුන්නේ ඒ මිතුරියගේ පැටිකිරිය කීම කාලය කා දැමීමක් යැයි සිතු නිසාය.
“මම ඔයාගේ යාලුවෝ හැමොම දන්නවනේ”
දිගින් දිගටම ඇය ඒ පිලිබඳ විමසීමෙන් මගේ ඉවසීම සීමාව පැන්නේය.
“ මේ උමා නංගි….. ඔයා කච්ද මගෙන් ඔහොම ප්‍රශ්න කරන්න, මොකක්ද අපේ රිලේෂන් එක…. මම බැඳිලා නෑ ඔයාට හැම දේමකියන්න . මේක හරි වැඩක් වුනානේ, මට කාවවත් ආශ්‍රය කරන්න කාගෙන්වත් අහන්න ඕනේ නෑ”
මම එසේ කියමින් ඇය ට බැන වැදුනෙමි. ඇය ඉන්පසු එකදු වචනයක් මා සමග කතා කලේ නැත. බිම බලා ගෙන කදුළු සැලුවා පමණි. නිවසට පැමිණි පසුවත් ඇයට කතා කර සමාච ඉල්ලීමට මට සිත් විය.
එහෙත් මගේ ඉගෝ එක එයට හරස් විය. මැදයම් රැයට අසන්න වන විට මගේ දුරකථනයට ඇයගෙන් මැසේජ් එකක් ලැබිණි. එය ඉංග්‍රීසි මාද්‍යයෙන් තිබුණි.
ආර්ථය නම් “අපි දෙන්න අතර යාලුකමට එහා ගිය සම්බන්දයක් තියෙනවා කියලා හිතනවා. අනික මම වැඩියෙන්ම ආදරේ කරන කෙනා ගැන හොයන්න මට කාගෙන්වත් අවසර ගන්න ඔනේ නෑ” යනුවෙණි.
ඊළඟ කොටසින් හමුවෙමු