ජනපතිගේ රට හදන සෞභාග්‍යයයේ ප්‍රතිපත්තිමාලාවට නුව දිවයින පුරා සිටින දරු දැරියන් සදහා නිල ඇදුමට අමතරව සපත්තු සදහා පළමු පාසල් වාරයේ පළමු දින 02 ඇතුළත පාසල් සිසුන් සපත්තු මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, සඳහා වවුචර්පත් සකස් කිරීමේ කටයුතු කෙටිකලක් තුළ අවසන් කරගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කෑගල්ලේදී මාධ්‍ය වෙත කියා සිටියේ.