අංග ලක්ෂණ වලින් චරිත ලක්ෂණ පිළිබඳ කියන විද්‍යාව ඉතා දිගු ඉතිහාසයක් හිමි එකක්. බැලූ බැල්මට මෙයට පාදක වෙලා තියෙන්නේ කාලයක් තිස්සේ කරන ලද නිරීක්ෂණයන්. අංග ලක්ෂණ විද්‍යාව හදාරා නැති කෙනෙක්ට වුණත්, කාලයක් සමාජයත් එක්ක ජීවත් වෙද්දි, අත්දැකීම් ලබාගනිද්දි, කෙනෙක් දැක්ක ගමන් එයා ගැන නිගමන විශාල ප්‍රමාණයකට එළඹෙන්න පුලුවන් වෙනවා.
ඔබ දැකලා ඇති සමහර රැකියා ස්ථාන වල වැඩ කරනවිට එහෙම,ඒවායේ ඉන්න තරමක් තලතුනා හෝ අත්දැකීම් බහුල ප්‍රධානීන් එහෙම ඕනෑම කෙනෙක් දැක්ක ගමන් ඔවුන්ව වහා වටහා ගන්නවා. ඔවුන්ටකාලායක් තිස්සේමිනිස්සු විශාල ප්‍රමාණයක් සම්ඟ වැඩ කරලා තියෙන පලපුරුද්ද ඒකට හේතු වෙනවා වෙන්න්න පුලුවන්. මේ සියල්ල කියන්න හේතු වුණේ අංග ලක්ෂණ විද්‍යාව කියන්නේ හුදෙක් මිත්‍යාවක් මත කරන දෙයක් නෙවෙයි, කාලයක් තිස්සේ ලබාගත් නිරීක්ෂණ අනුව ගොඩනැගූවක් බව කියන්නයි. ඒ වගේම මේවා ඉතාම නිවැරදි හෝ සෑම විටම නිවැරදි බවට දෙන්න කිසිම සහතියකුත් අපි ළඟ න.
රැජිණිය මේ ලිපිය කියවන ගමන් ඔබට පුලුවන් ඔබගේත් ඔබ දන්නා හඳුනන අයගේත් පෙනුම සහ ගති ලක්ෂණ සන්සන්දනය කරලා බලන්න. කොයි තරම් දුරට අපි නිවැරදිද කියලා අපට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහනක් කරන්න අමතක කරන්න එපා.
1 සාමාන්‍ය ඇහිබැම

සාමාන්‍ය දිග සහිත සාමාන්‍ය පරතරය සහිත සාමාන්‍ය පළලක් සහිත ඉතා සාමාන්‍ය පෙනුම තිබෙන ඇහිබැම තිබෙන අය සාමොරදායික මත වලට සහ සංස්කෘතියට ගරු කරන සහ ඒවාට බැඳී සිටින පුද්ගලයන් බව කියනවා. එ වගේම ඔවුන් ප්‍රතිපත්තිගරුක සහ සදාචාරවත් ජීවිත ගත කරන අය.ඒ වගේම ඔබ හැසිරෙන කොට අනවශ්‍ය නාට්‍ය කරන්නේ නෑ, සාමාන්‍ය විදියට ඉන්නවා.
2 ගොඩාක් දිග ඇහිබැම

ඉතා දිගු ඇහිබැමි ඇති අයට ඕනෑම ආතතියක් දරා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ඒ අය ගොඩාක් සමාජශීලී පුද්ගලයන්ද වෙනවා. ඇත්ත වශයෙන්ම ඔවුන් තුළ හැකියාවන් විශාල ප්‍රමාණයක් පවතිනවා, එසේම ඔවුන් ඉතාම විචිත්‍රවත් පුද්ගලයන්. මේ ආකාරයට දිග ඇහිබැමි ඇති අයට තමන්ගේ ප්‍රශ්න තමන්ටම විසඳා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඔවුන් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න අනිත් අය සමග බෙදාගැනීමට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.
3 කෙටි ඇහිබැම

මෙවැනි අය දේවල් ගැන හරිම අවධානයෙන් ඉන්න පිරිසක්. ඒ වගේම එයාලට තමන් සිටින ස්ථාවරය ගැන ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. එවැනි අය අනිත් අයගේ ප්‍රශ්න වලට ඇහුම්කම් දීමට කැමැත්තක් දක්වන්නේ නැහැ, මොකද එයාලා ගොඩාක් වෙලාවට එයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයමින් ඉන්න පිරිසක්. ඒවගේම එවැනි අයට කිසිම අභියෝගයක් ජයගන්න බැරි ඒවා ලෙස දැනෙන්නේ නැහැ.
4 ඝන ඇහිබැම

ඝන ඇහිබැමි ඇති අය තමන්ගේ අභ්‍යන්තර ශක්තිමත්බාවය පිලිබඳවත්, භාහිර පෙනුම පිලිබඳවත් ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. එවැනි අයට ඉතා පහසුවෙන් අසීරු අවස්ථාවන්ට මුහුණ දීමට හැකියාවක් පවතිනවා. එවැනි අය කිසියම් ඉලක්කයක් හදා ගත්තට පස්සේ අනිත් දේවල් ගැන වද වෙන්නේ නැහැ. ඒ වගේම එවැනි අයව කාටවත් නවත්තන්නත් බැහැ. මේ වැනි අය අනිත් අය තමන් ගැන මොකද හිතන්නේ කියන එක ගැන කොයිවෙලාවකවත් වදවෙන්නේ නැහැ. සාමන්‍ය ව්‍යවහාරයේදී මේ අයව හඳුන්වන්නේ නිදහස් මිනිස්සු කියලා.
5 තුනී ඇහිබැම

මෙවැනි අය තන්ගේම වූ රසඥතාවයක් හිමි අයයි. ඔවුන් අර්බුධ ගැන වද වෙන්නේම නැති තරම්. ඕනෑම ප්‍රශ්නයක් මගහැරීමට හැකි පුදුමාකාර හැකියාවක් ඔවුන්ට තිබෙනවා. ඒ වගේම අන් අයට සවන් දෙන හොද හදවතක් ඇති රසවත් පුද්ගලයන්,
6 උස් වූ ආරුක්කු හැඩැති ඇහිබැම

මෙවැනි පුද්ගලයන් සෑම විටම අනෙක් අය සමග සන්නිවේදනයේදී දැඩි ලෙස සැලකිලිමත්වෙනවා. මෙවැනි කෙනෙක් මුල්වරට දුටුවිට ඉක්මනින් හිතෙන්නේ ඔවුන් ආත්මාර්ථකාමී පුද්ගලයන් බවයි. නමුත් ඔවුන් ඇත්තටම ආත්මාර්ථකාමී අය නෙමෙයි, ඔවුන් හැමෝටම මුළුමනින් විවෘත වෙන්නේ නැහැ. අනෙක් පුද්ගලයා කොයි තරම් දුරට විශ්වාසවන්තද කියන එක ඔවුන් නිරීක්ෂණය කරනවා. පරිපූර්ණබාවය හා ස්වයං විවේචනය ඔවුන්ගේ චරිතයේ ඉතා මූලික ලක්ෂණයක්.
7 පහත් වූ ආරුක්කු හැඩැති ඇහිබැම

පහත් වූ ආරුක්කු හැඩැති ඇහිබැම ඇති අයව ඔබට ඕනෑම වෙලාවක, ඕනෑම දේකට විශ්වාස කළ හැකි පුද්ගලයන් පිරිසක්. මෙවැනි පුද්ගලයන් හට තිබෙන්නේ විවෘත පුද්ගලබාවයකි. ඔවුන් සමග සම්බන්ධතා ඇතිකරගෙන පවත්වාගෙන යාම ඉතා පහසුයි.
8 ත්‍රිකෝණාකාර ඇහිබැම

ඔබට තිබෙන්නේ ත්‍රිකෝණාකාර ඇහිබැම යුවලක් නම්, ඔබ ඉතා ක්‍රියාශීලී ජීවිතයක් ගත් අකරන කෙනෙක්. ඔබ තීරණ ගැනීමේදී ඉතා ඉක්මන් ඍජු තීරණ ගන්නවා. මෙය සමහර වෙලාවට යම් යම් ගැටළු ද ඇතිකරනවා. මේ හැකියාවෙන් ඔබට වැඩියෙන් ලැබෙන්නේ යහපත් ප්‍රථිපලයි. එසේම ඔබ අවට සිටින අයව ද උද්‍යෝගීමත් කිරීමේ විශේෂ හැකියාවකින් යුක්ත වෙනවා. ඒ වගේම නායකත්වය ගැනීමට හා වගකීම් දැරීමට කිසිවිටෙකවත් පැකිලෙන්නේ නැහැ.
9 රවුම් වූ ඇහිබැම

මෙවැනි ආකාරයේ ඇහිබැම කරුණාවන්තබාවයේ සලකුණකි. ඔබ සෑම විටම අනිත් අයගේ ප්‍රශ්න දිහා උපේක්ෂා සහගතව බලනවා. ඒ වගේම කෙනෙකුට අවශ්‍යය උදව්වක් ලබා දීමට ද කිසි විටක පැකිලෙන්නේ නැහැ.
10 ඍජුවම වාගේ පිහිටි ඇහිබැම

මෙවැනි ඇහිබැම පිහිටන අය සෑම විටම ලෝකය දෙස විචාරාත්මක්ඇසකින් බැලීමට පෙලඹෙන අයයි. “දෙපාරක් මැනලා එක පාරින් කපනවා” යැයි කියමන මගින් ඔවුන්ව ඉතා හොඳින් විස්තර කරනවා. මෙවැනි පුද්ගලයන් සාමාන්‍යයෙන් අනෙකුත් අය කතා කිරීමට මැලිවෙන දේවල් කතා කිරීමට නොබියව ඉදිරිපත් වෙනවා.
11 ඇලට පිහිටන ඇහිබැම

මේ ඇහිබැමිවල ආනතිය වැඩිවෙන තරමට එම පුද්ගලයන්ගේ ඇති හැඟීම් සහ අනුරාගයන් වැඩිවෙනවා. ඕනෑම පුද්ගලයෙක් මෙවැනි අය හමුවන පළමු අවස්ථාවේම ඔවුන්ට ඇල්මක් දැක්වීමේ ඉඩකඩ ඉතා වැඩියි. මෙවැනි ඇහිබැම තිබෙන අය තමන්ට ජීවිතයේ අවශ්‍යය්මොනවාද කියලා හරියටම දන්නවා. එමෙන්ම ඔවුන් එම ඉලක්කයන් වෙත ලඟා වීමට පහසුම හා කෙටිම මාවත් තෝරාගන්නවා.
12 පැහැදිලිව නොපෙනන ඇහිබැම

ලා වර්ණයෙන් යුක්ත, හැඩය පැහැදිලිව හදුනාගත නොහැකි මෙන්ම පැහැදිලිව නොපෙනෙන ඇහිබැමි ඇති අය අඩු ස්වයං තක්සේරුවක් ඇති අයයි. මෙවැනි අය නිතරා අනාරක්ෂිතබාවයකින් පෙළෙනවා වගේම ආත්ම විශ්වාසයෙන් තොර වූ කෙනෙක්. ඔබ මෙවැනි අයෙක් නම් අපට ඔබට දීමට ඇති උපදෙස වන්නේ, නිර්භය ලෙස අත් තටු විහිදා ලෝකය වෙත පියාසරන ලෙසයි.