“තේජාන් ඔයා බීලා ද වාහනේ ඩ්‍රයිව් කරේ?…….”
තේජාන්ව බලන්න හොස්පිටල් එකට ගිය වෙලේ මං එහෙම ඇහුවා.
“නැහැ සංසලා එකපාරටම එහා පැත්තෙ ඉදන් හරකෙක් පාරට පැන්නා.ඒ වෙලාවෙ මට වාහනේ කන්ට්‍රෝල් කරගන්න බැරුව ගියා……..”
“ඔයා බය වෙන්න එපා තේජාන්.ඔයාට ඉක්මනට සනීප වෙයි.මං ඉන්නවනේ ඔයාව බලා ගන්න…….”
එහෙම කියලා මං තේජාන්ගෙ අත උඩින් මගේ අත තිබ්බා.මගේ අත තේජාන් සිප ගත්තා.
“ආව්ශ්…..මූට මෙහෙ ඉදලත් මාර සැපනෙ…….”
එහෙම කියාගෙන හොස්පිටල් රූම් එකට ආවෙ තේජාන්ගෙ අතිජාත මිත්‍රයෝ දෙන්නෙක්.මං ටක් ගාලා අත පල්ලෙහාට ගත්තත් තේජාන් මගෙ අත අතෑරියේ නෑ. අල්ලගෙනම හිටියා.
“කකුල කැඩිලා ඔලුව පලාගෙන හිටියත් මීටරේ තාම වැඩ නේද?…….”😂
එහෙම කියපු තේජාන්ගෙ යාලුවො දෙන්නා පුටු දෙකකින් වාඩි වුනා.
“යකෝ මං මැරුනෙ නෑනෙ.මීටරේ තාම හොදට වැඩ…….”😁
“හරි මචෝ අපි ඒක දන්නවනේ.නේද අකිලයා…….”
“ඔව් බන් ඔව්.ඒක නෙවෙයි තේජාන් උබට කකුල හොලවන්නතවත් බැරිද බන්?ගොඩ කාලයක් යයිද ඇවිදින්න?…….”
“කකුල නම් ඉන්න බෑ බං රිදෙනවා. තනියම ඇවිදින්න අවුරුද්දක්වත් යයි කියලා ඩොක්ටර් කිව්වෙ.මොන කරුමයක්ද මන්දා බං මට උනේ…….”
“බය වෙන්න එපා මචං අපි ඉන්නවා ඕනම දේකට.කවදද උඹට ගෙදර යන්න පුලුවන්?…….”
“හෙට යන්න පුලුවන් කිව්වා මචං.ඇදෙන් බහින්නවත් එපා කිව්වා.කාලයක් යනකල් වීල් චෙයාර් එක පාවිච්චි කරන්න වෙයි…….”
“පරිස්සම් වෙයං මචං නැත්නම් කකුල පෑරෙයි.ඔෆිස් එකේ අර ෆ්‍රොජෙක්ට් එකේ වැඩ ගැන අපි බලන්නම්.උඹ බය වෙන්න එපා……”
“ඒකෙ වැඩ කෙරෙන්නෙ ලබන සතියෙනෙ බං.මං රවියට කියලා කොහොම හරි ඔෆිස් එකට එන්නම්…….”
තේජාන් හදන්නේ කකුල සනීප වෙන්න කලින් ඔෆිස් එකට යන්නද?අනේ අම්මපා මේකාට කියන දේ තේරෙන්නෙ නැද්ද?
“අකිල අයියෙ ඔයා ටික කාලයක් යනකල් ඔෆිස් එකේ වැඩ ගැන බලාගන්න. තේජාන්ට සනීප වෙනකල් ඔෆිස් එකට එන්න වෙන්නෙ නෑ…….”
“ඒත් සංසලා…….”
“නෑ තේජාන් ඔයාට කකුල සනීප වෙනකල් කොහෙවත් යන්න බෑ එච්චරයි…….”😠😠
එහෙම කියලා මං තේජාන්ගෙ හෝදන්න තියන ඇදුම් ටික බෑග් එකකට දා ගත්තා.
“අනේ මචං උඹ කකුල සනීප වෙනකල් ඔෆිස් එන්න එපා.නැත්නම් උඹේ අනික් කකුල මෙයා කඩයි…….”😁😂
තේජාන්ගෙ යාලුවා තේජාන්ට එහෙම කිව්වා.ටිකක් සැරට ඉන්න ඕනි.නැතනම් කකුල සනීප වෙන්න කලින් තේජාන් ඇවිදින්න යන්න හදයි.
තේජාන්ව හොස්පිටල් එකේ ඉදන් ගෙදර එක්කන් ආවා.රවීයි,ලලිතා නැන්දයි ඉන්න නිසා තේජාන්ගෙ වැඩ කටයුතු කරගන්න ගොඩාක් පහසු වුනා.මං දුවට කෑම කවලා තේජානටත් කෑම ගෙනාවා කවන්න.
“මට තනියම කන්න පුලුවන් සංසලා.කෝ දෙන්න……..”
“ඇයි මං කවනකොට කන්න බැරිද?……..”
“අනේ එහෙම නෑ රත්තරං.කෝ එහෙනම් කවන්නකො……..”
මං තේජාන්ට කවලා ඉවර වෙලා බෙහෙත් ටික දීලා කාමරේට ආවා.
“එපා වෙනවා සංසලා මෙහෙම කාමරේට වෙලා හිරවෙලා වගේ ඉන්න ගියාම.පිස්සු හැදෙයි මට…….”
“ආ දැන්ද මහත්තයට ඒක තේරුනේ?මීට අවුරුද්දකට විතර කලින් මටත් ඕක මතක් වුනේ නැද්ද?කරන්න දෙයක් නෑ තේජාන් කකුල සනීප කරගන්න ඕන්නම් මේ විදියට ඉන්නම වෙනවා…….”
“මට තාම දවස් දෙකක් මෙහෙම ඉදලා එපා වෙනවා නම් ඔයා කොහොමද මාස ගානක් මේ කාමරේට වෙලා හිර වෙලා හිටියෙ.මට නම් හිතා ගන්නවත් බෑ…….”
“ඒකනෙ මටත් ඔහොම තමයි.පිස්සු නොහැදී හිටිය එක පුදුමයි…….”
“මට මෙහෙම වුනේ ඔයාට කරපු දේවල් වලට වෙන්න ඇති සංසලා.මූට හොදම වැඩේ කියලා ඔයාට හිතෙනවා ඇති නේද?…….”
අනේ දෙයියනේ තේජාන් මොනවද මේ කියන්නේ.මං කවදාවත් එහෙම හිතුවෙ නෑ.
“අනේ තේජාන් මං තුන් හිතකින්වත් ඔයාට මේ වෙච්චි දේට සතුටු වුනේ නෑ. හිත රිදුනා නම් මට සමාවෙන්න…….”
මං තේජාන්ගෙ පපුවට තුරුල් වෙන ගමන් එහෙම කිව්වා.
“නෑ සංසලා මං ඒක කිව්වෙ නිකමට වගේ.ඔයාව මට ලැබුනෙ මගෙ වාසනාවට.මං කවදාවත් හිතුවෙ මෙච්චර හොද බිරිඳක් මට ලැබෙයි කියලා.ඔයා හින්දා මට ලස්සන ජීවිතයක් ලැබුනා.මට ශෝක් කෙලි පැටික්කියෙක්ව දුන්නා.ඒ හැම දේකටම ගොඩාක් පිං මගෙ නෝනට……..”
තේජාන් මටයි දූටයි ගොඩාක් ආදරෙයි. මං හීනෙකින්වත් හිතුවේ නෑ මාව පැහැරගත්තු මේ මනුස්සයා මට මෙහෙම ලස්සන ජීවිතයක් උදා වෙයි කියලා.
“යකෝ මෙච්චර ලස්සනට තමන්ගෙ ගෑනිව වරණනා කලාම නිකන්ම ඉන්නෙ කිස් එකක්වත් දීපන්කො.මට පාත් වෙන්න බෑ ඔලුව රිදෙනවා.නැත්නම් දනී මං කරන දේ…….”😁😁
ඔව්නෙ මේකා කියන කතාවත් ඇත්තනෙ. මාව මෙච්චර ලස්සනට වර්නනා කරා. ඉතිං මං නිකන්ම ඉදලා හරියන්නෙ නෑනෙ.මං ඉස්සිලා තේජාන්ගෙ කම්මුල සිපගත්තා.😘😘
“ඇයි කෙල්ලව තොටිල්ලෙන් තිබ්බෙ?…….”
“ඔයාට කරදරයිනෙ තේජාන් දුවව ඇදෙන් තිබ්බම.රෑට ඇහැරිලා එයා දගලනකොට කකුලෙවත් වැදෙයි…….”
“පව්.කවදා කෙල්ලව වඩාගෙන ඇවිදින්න පුලුවන් වෙයිද දන්නෑ……”
“අනේ තේජාන් ඔයා හරියට කතා කරන්නෙ ඔයා සදාකාලිකව අබ්බගාත වුනා වගේනෙ.ඔයාව ඉක්මනට සනීප වෙනවා තේජාන්…….”
“ලලිතා නැන්දෙ ඔයා දුවව බලා ගන්නකො මං තේජාන්ව නාවනකල්…….”
“හා නෝනෙ.මං දරුවව අරන් සාලෙට යන්නම්.සාලෙ තියන ටැංකියෙ මාලුන්ව බලන්න දරුවා හරිම ආසයි…….”
තේජාන්ව පුටුව උඩින් ඉන්දවලා කකුල තෙමෙන්නෙ නැති වෙන්න උණු වතුරින් ඇග හේදෙව්වා.
“ආව්….හිමින් අතුල්ලපන් ගෑනියෙ.මගෙ කොන්දත් කඩන්නද හදන්නෙ?…….”😁😁
“මේ බබා වගේ කෑ ගහන්න එපා තේජාන්.දවස් ගානකින් නාලා නෑ.කුණු පිටින්මද ඉන්න හදන්නෙ?……..”😂😁
තේජාන්ව නාවලා ඉවර වෙලා පිහදාලා ටී ෂර්ට් එකයි සරමකුයි ඇන්දෙව්වා. වෙලාවකට මට දරුවො දෙන්නෙක් ඉන්නවා කියලා.මොකද මං තේජාන්ව රැක බලාගන්නෙත් පොඩි එකෙක්ව රැක බලාගන්නවා වගේනෙ.
“හරි දැන්.ඉන්න මං වීල් චෙයාර් එක අරගෙන එන්නම්…….”
“පොඩ්ඩක් ලගට එන්නකො…….”
පොඩි දරුවෙක් එයාගෙ අම්මව බදා ගන්නවා වගේ තේජාන් මගෙ බද වටේට අත යවලා මාව බදාගෙන මගෙ කුසට හේත්තු වුනා.
“ඔයාට ගොඩාක් පිං මැණික මාව මෙහෙම බලා ගන්නවට…….”
“පිං මොකටද වස්තුවේ.ඔයා මගෙ මහත්තයනේ……”
ඊලග කොටසින් නැවත හමුවෙමු