පුතේ….පුතේ…….”

පූර්ණගේ අම්මා කලබලෙන් වගේ කාමරේට ආවා.

“ඇයි අම්මෙ මොකද මේ කලබලෙන් වගේ?…….”

“පුතේ අර සාරංග කියන මිනිහා ඇවිත්…….”

“ඒ මොන මගුලකටද ඌ මෙහෙ එන්නෙ?…….”

එහෙම අහගෙන තේජාන් දුවව මගෙ අතට දුන්නෙ සාරංගත් එක්ක වලියකට යන්න වගේ.සාරංග අයියා මොකටද මෙහෙ ආවෙ?මට බයත් හිතුණා ආපහු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා.

“අනේ පූර්ණ ප්‍රශ්න ඇති කරගන්න නම් එපා.අපි බලමු සාරංග අයියා මොකටද ආවෙ කියලා……..”

“ප්‍රශ්න ඇති කරේ මමද ඌද?මොන රෙද්දකට ආපහු ඌ මෙහෙ එනවද මන්දා…….”

පූර්ණගේ පිටි පස්සෙන් මායි දූයි පූර්ණගේ අම්මයිත් ගියා.අනේ දෙයියනේ ප්‍රශ්නයක් නම් ඇති වෙන්න එපා.අපි සාලෙට යද්දී සාරංග අයියා සාලෙ මැද්දෙ හිටගෙන හිටියා.

“මොකටද ආවෙ?……”😡

පූර්ණ සාරංගගෙන් එහෙම ඇහුවත් සාරංග අයියා තරහ ගත්තෙ නෑ.හිනා වුනා විතරයි.

“අයැම් සොරි පූර්ණ.මං ආවෙ ඔයාලත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න නෙවෙයි. සේනානි,නංගි ලබන මාසෙ විසි අට මගෙයි දිනූෂාගෙයි වෙඩින් එක.මං ඔයාලා දෙන්නට මගෙ වෙඩින් එකට ඉන්වයිට් කරන්න ආවෙ.වෙච්ච දේවල් වලට මට සමාවෙන්න.ආයෙ මගෙ අතින් ඒ වගේ වැරදි සිද්ද වෙන්නෙ නෑ…….”

සාරංග අයියා එයාගෙ අතින් සිද්ද වෙච්චි වැරදි පිලිඅරගෙන තිබ්බා.ඇති යාන්තං දැන්වත් දැන්වත් සාරංග අයියගෙ මොලේ පෑදුනු එක.

“මට සමාවෙන්න සේනානි.කවදාවත් ආයෙ මගෙන් ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ඔයා කිව්වා වගේම හැමදාම ඔයා මගෙ චූටි නංගි……..”

“මං ඔයාගෙ අලුත් ජීවිතේට සුභ පතනවා සාරංග අයියෙ.ඔය දෙන්නා හැමදාම සතුටින් ජීවත් වෙන්න ඕනි…….”

“මං යන්නම් නංගි…….”

පුදුමයි සාරංග වෙනස් වෙච්චි එක නම්. මං හිතුවෙ ආයෙමත් අපට මිනිහගෙන් ප්‍රශ්න ඇති වෙයි කියලා.

“මිනිස්සු හැමදාම එක වගේ ඉන්නෑනෙ පූර්ණ.සාරංග අයියා ඇත්ත තේරුම් ගන්න ඇති……..”

වසරකට පසු👇👇👇

දැන් දුවට අවුරුදු දෙකයි.කෙල්ල නම් හරිම හුරතල් දග මල්ලක්.ගේ වටේම දුවනවා.

“දුවේ…….”

“ඇයි අම්මෙ?……”

පූර්ණගේ අම්මා ඇවිත් මං ගාවිම් වාඩි වුනා.දුව මිදුලෙ වැලි ගොඩේ සෙල්ලම් කරනවා.

“මේ කෙල්ලටත් දැන් අවුරුදු දෙකක් වුන එකේ තව දරුවෙක් ගැන හිතුවොත් හොදයි නේද?කෙල්ලගෙ තනියට මල්ලියෙක් හරි නංගියෙක් හරි ගෙනල්ලා දුන්නොත් එයා හරිම ආස වෙයි…….”

පූර්ණගේ අම්මා මට එහෙම කිව්වත් පූර්ණ කවදාවත් තව දරුවෙක් හදමු කියලා නෑ.මගේ කුසින් දරුවෙක් බිහි කරොත් මං මේ දුවට වෙනස්කම් කරයි කියලා පූර්ණ හිතනවද දන්නෑ.කසාද බැන්දට පස්සෙ හැම ගෑනියෙක්ගෙම ආසාව අම්මා කෙනෙක් වෙන එක. මගේම කුසින් දරුවෙක් බිහි කරලා ඒ දරුවට අම්මා කෙනෙක් වෙන්න මටත් හීනයක් තියනවා.ඒත් ඒ හීනෙ හැබෑ කරගන්න පූර්ණ මට ඉඩක් දෙන එකක් නෑ කියලා මට හිතුණා.මගෙ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ගියා.

“මොකද සේනානි මේ ඇස් වල කදුලු?ඇයි ඔයා අඩන්නෙ?…….”

“මො….මොකුත් නෑ පූර්ණ…….”

“මොකුත් නෑ වෙන්න බෑ.කෝ බලන්න මේ පැත්ත.මේ ඇසුත් රතු වෙලා.කියන්න ඇයි අඩන්නෙ?…….”

මගෙ ඇස් වල කදුලු පූර්ණ එයගෙ ඇගිලි තුඩු වලින් පිස දැම්මා.

“අපි නිදා ගම්මු පූර්ණ.මට නිදි මතයි…….”

මං නිදා ගන්න හැදුවත් පූර්ණ මට නිදා ගන්න දුන්නෙ නෑ.

“ඉස්සෙල්ලා කියන්න ඔය ඇයි අඩන්නෙ? දවල අම්මා ඔයාගෙන් අහපු දේට දුක හිතිලද?……..”

දෙයියනේ පූර්ණ කොහොමද ඒක දන්නෙ?

“අම්මා ඔයාගෙන් අහපු දේ මට ඇහුනා සේනානි.මෙහෙ බලන්න මැණික.මං ඔයාට කවදාවත් කියලා තියනවද මට තව දරුවෙක් අපිට එපා කියලා.දුව ටිකක් ලොකු වෙනකල් ඉන්නවා කියල මං හිතුවෙ ඔයා ගැන හිතලාමයි.කසාද බැදලා මිනිහගෙ තුරුලෙ සන්තෝශෙන් ඉන්න ඕනි කාලෙ ඔයාට දරුවෙක්ගෙ වැඩත් එක්ක හිර වෙන්න සිද්ද වුනා. තාමත් කෙල්ල හරිම දගයි.මේ කාලෙදි තව දරුවෙක් හැදුවොත් ඔයාගෙ නිදහස සීමා වෙයි කියලා මට හිතුණා……..”

“දරුවො කියන්නෙ අපිට ඉන්න ලොකුම සම්පත පූර්ණ.කොච්චර දරුවො හිටියත් මට නම් වැඩි නෑ.එයාලත් එක්ක ඉන්නකොට කාලය යනවා දැනෙන්නෙ නෑ……..”

අවුරුදු දෙකකට පසු👇👇👇

මං දැන් දරුවො තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක්.මගෙයි පූර්ණගෙයි නිවුන් පුතාලා දෙන්නට දැන් මාස තුනයි.

“අම්මී මල්ලි බබාලා චෝයි.මං මොන්තිතෝලියෙ යාලුවන්ටත් කිව්වා මත මල්ලි බබාලා දෙන්නෙක් ඉන්නවා කියලා…….”

දුව ඇවිල්ලා මං ගාවින් වාඩි වෙන ගමන් එහෙම කිව්වා.

“මගෙ දූ ගිහින් ආච්චි අම්මට කියලා මූණ හොදගෙන බත් කන්නකෝ හොද ළමයා වගේ……..”

“මොකද කෙල්ල කියන්නෙ?…….”

පූර්ණ මං ගාවින් වාඩි වෙන ගමන් එහෙම ඇහුවා.

“කෙල්ලට හරිම සන්තෝශයි පූර්ණ.එයා එයාගෙ මොන්ටිසෝරියේ යාලුවන්ටත් කිව්වලු එයාට මල්ලිලා දෙන්නෙක්ම ඉන්නවා කියලා…….”

“අපි ලබන මාසෙ කැළණි යමු දරුවො තුන් දෙනාවත් එක්කරගෙන”

“ඔව් පූර්ණ අපි යමු.මේ සාරංග අයියා කෝල් කරා……..”

“ආ මොනවද මෑන් කියන්නෙ?……..”

“ලබන මාසෙ ලංකාවට එනවලු.එයාගෙ වයිෆ් කැමති නෑලු එංගලන්තයේ ඉන්න. එයා කැමති ලංකාවටලු…….”

“අම්මී…..මේ ගව්ම බබාට චෝයිද?…….”

දෝණි ලස්සන ගව්මක් ඇදගෙන අපි ගාවට දුවගෙන ආවා.

“මගෙ දූ ගොඩාක් ලස්සනයි…….”😘

දුව මගෙ ඔඩොක්කුව උඩින් වාඩි වුනා. පූර්ණ පුතාලා දෙන්නව අතට ගත්තා. තාම දෙන්නම ගොඩාක් චූටි හින්දා එකට වඩා ගන්න ලේසියි.

“සේනානි,ඔය හතරදෙනා මගෙ ජීවිතේ……..”

එහෙම කියලා පූර්ණ මගෙ නලලට හාදුවක් දුන්නා.ජීවිතේ දැන් සම්පූර්ණයි කියලා මට හිතුණා.ජීවිතේ මං බලාපොරොත්තු වුනු ජීවිතේ මට ලැබුනා. හොද සැමියෙක් දරුවො තුන් දෙනෙක් ඉතිං වෙන මොකුත් මට ඕන්නෑ.අපි හැමෝම ගොඩාක් සතුටින් ජීවත් වුනා.

❤️❤️❤️❤️❤️අවසානයි❤️❤️❤️❤️

Advertisment