දින සති මාස ගෙවී ගියේ නොදනුවත්මය. මා තවමත් රෝහල් කාමරේය. වෛද්‍ය වරුන්ට පින් සිදූ චන්නට රොද පුටුවෙන් කිහිලි කරු වලට මාරු වීමට මට හැකි විය.
තව දින කිහිපයකින් මට ගෙදර යා හැකි බව හෙදියක් මවට පවසනු මට ඇසිනි. රෝහලේ ජනේලයෙන් ඈත අහස බලනු විනා කුමක් කරන්නදැයි මටසිතුනු වාර අපමන විය .
මිනිසුන්ගේ ජීවිනේ එක විනාඩියෙන් තත්පරයකින් සියලු දේ කණපිට පෙරලීම හරිම පුදුම සහගත යි.
ගත වුනු හැම තත්පරයකදී ම මට තිබුනේ එකම එක ගැටළුවකි. “ඇයි උමා නංගි මාව බලන්නවත් ආවේ නැත්තේ” ඒ සෑම දිනකම මම අතීත සිදුවීම්වල ජීවත් වුනෙමි.
ඒ අතීතය කියන්න තරම් සොදුරු නොවුනොත් එයට මෙතරම් ආදරය කරන්නේ මන් දැයි මන් මගෙන්ම ඇසු වාර අනන්තය.
උමා නංගි යනු මගේ පියාගේ දුරින් නෑ වෙන නැගණියකගෙ දුවය. අපි කොළඹ පදිංචි වුවද නැන්දා සහ උමා නංගි පදිචිව සිටියේ දේදුනුපිටිය නම් වූ තරමක් දුෂ්කර ගම්මානයකය.
උමා නංගි කුඩා කල සිටම ඔවුන්ට තිබු ආර්ථික ප්‍රශ්න වලට විසදුමක් ලෙස මගේ දෙමව්පියෝ බොහෝ උදව් උපකාර කරන ලදි.
මගේ මව ඇයට සැලකුවේ ඇයගේම දියණියක ලෙසය. මගේ පාසල් කාලයේ බොහොමයක් නිවාඩු කාල ඇගේ ගම් පියසේ ගත කලද උසස් පෙළ සහ විශ්ව විද්‍යාල අද්‍යාපන සමයේ මට ඒ පළාතටවත් යාමට නොහැකි වුයේ තිබු කාර්යබහුල බව නිසාය.
ඇත්ත වශයෙන්ම මට එම කාලය තුල උමා නංගි පිලිබඳ කිසිම මතකයක් ද තිබුනේ නැත.
ඒ මගේ විශ්ව විද්‍යාල දිවියේ අවසන් වසරය. දිනක් මා විශ්ව විද්‍යාලයට ගොස් නිවසට පැමිණෙන විට දැක පුරුදු ලස්සන ගැහැණු ළමයෙක් නිවසේ ඉදිරිපස වත්තේ සිට මා දෙස බලා සිටිනූ දැක ගත හැකි විය.
මා නිවස අසන්නයට පැමිණි විට ඇය මා දෙස බලා සිනාසුනාය. “හරිම ලස්සනයි” මම මටම කියා ගත්තෙමි.
මා ද ඇය දෙස බලා සිනාසී නිවස තුලට ගියේ ඇය කව්ද යන සිතිවිල්ලෙනි.
“පුතාට මතකද මෙයාව” “මේ අපේ කමනිගේ දුව උමා නේ, ඒ දවස් වල හයේ හතේ පන්නියේනේ ගිටියේ, දැන් උසස් පෙළත් ලියලලු,
බලන්නකෝ කාලේ යන ඉක්මන” මගේ මව එසේ කියූ විට මට ඇස් අදහා ගත නොහැකි විය.
“මොනවා ඒ උමා නංගිද හරිම වෙනස් වෙලා නේ” “ඉතින් කොහොමද නංගි…….. හුග කාලෙකින් එහෙ එන්නත් බැරි වුණා,
නැන්දලා සනීපෙන්ද” “චරදක් නෑ අය්යෙ හොඳින් ඉන්නවා” ඇය සිහින් කටහඬ කින් මට පිළිතුරු දුන්නාය.
ඇය තුලින් පුදුමාකාර විදිහට චාම් බවක් සහ නිවුණු බවක් දිස් විය.
“ඇයි අම්මා උමා නංගි හදිසියේම මෙහෙ”කුස්සියේ වැඩ කරමින් සිටි මගේ මවගෙන් එසේ ඇසුවේ ඇය කොතරම් දවසක් අප නිවසේ සිටිනවා දැයි සැක හැර දැන ගැනීමටය.
”ඔව් පුතේ ප්‍රතිපල එනකම් කොළඹ කොම්පියුටර් පන්තියකට යන්න ඇවිල්ලා තියෙන්නේ, බෝඩිම් වල ඉන්න කොහෙද ඒ මිනිස්සුන්ට සල්ලි, මන් කිව්වා අපේ ගෙදර ඉන්න කියලා නොදන්න ළමයෙක් නෙමෙයිනේ”
ඇය ලගට පැමිණ රහසින් පැවසුවේ උමා නංගිට නොඇසෙන සේය. මා මවගේ තීරණය ගැන පුදුම නොවුනෙමි.කුඩා කල සිටම ඇය උමා නංගිට ආදරය කලේ ඇය ගේ දියණියක් චිලසය.
හවස මගේ මිතුරා නුවන් නිවසට පැමිණියේය.
“ කව්ද මචන් අර ඉටි රුපයක් වගේ ඉන්න කෙල්ල, හරිම ලස්සනයිනේ”
“මචන් ඒ අපේ දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක්. මෙහෙ ටික දවසක් ඉන්න ඇවිල්ලා තියෙන්නේ.ඔන්න මන් දැන්මම කිච්වා හොඳට හැසිරියන්. නැත්නම් මගේ කාර්ඞ් කුඩු”
මා එසේ ඔහුට තත්වය පහදා දීමට කටයුතු කලේ ඔහුගේ හැසිරීම සහ කතා බහ ගැහැණු ළමයෙක් සිටින නිවසකට නොගැලපෙන නිසාය.
දින සති මාස ගත විය. උමා නංගි අපේ පවුලේ කෙනෙක් බවට පත් විය. මගේ මවට ඇය නැතුව බැරි චරිතයක් විය.
නිවසේ බොහෝ රාජකාරි ඇය අතින් සිදු විය. ඇය සැමදා උදේට අවදිවී කෑම සදා ගෙදර සියලු දෙනාට තේ සදා දී මගේ තේ කෝප්පය කාමරයෙන් තබනවා පමණක් නොව මගේ ඇඳ ගාවට පැමිණ බෙරිහන් දී මාව නැගිටවීමටත් පුරුද්දක් කර ගත්තාය.
“උදේශ් අය්යෙ නැගිටින්නකෝ දැන් කීයද වෙලාව,කැම්පස් යන්නේ නැද්ද අද ”
“ම්ම් කීයද වෙලාව” “ හයා මාරයි” “ එහෙමද” කියන්න එපෑ මොඩියේ කලින්”
එසේ කියමින් මා බොහෝ අවස්ථා වල ඇය ට බැන වැදී නැගිට්ටද, මා උදේ කලින්ම නැගිට ඇය තේ කෝප්පය දීමට කාමරයට පැමිණ මට කතා කරන කෙක් බොරුවට නිදි සේ රග දක්වමින් බලා සිටි වාර අනන්තය.
“ඇය ගේ කටහඩට මම ඒ තරම් ප්‍රිය කලෙමි. ඇය ද ඒ බව දන්නවා ක් මෙන් මට සැම විටම සිනහවෙන් පිළිතුරු දුන්නාය.
“අය්යේ පොඩ්ඩක් ඉන්න අද මාත් ඔයත් එක්ක යන්න එනවා. කොම්පුටර් පන්තියේ ප්‍රැක්ටිකල් ලෙසන් අද ඉදන් කලින් පටන් ගන්නවා” ඇය එසේ කියමින් මා සමග බසයේ යාමට පැමිණියාය.
සැම විටම බසයේ පිටුපස අසුන අප සදහා ම වෙන් විය. එසේ යාමට අපට කිසිවෙකුගෙන් ප්‍රශ්නයක් නොවුනේ අහල පහළ සියලු දෙනා ඇය අපේ නිවසේ සාමාජිකාවක් ලෙස පිළිගත් නිසාවෙනි.
මගේ මිතුරන් පචා ඇයව හදුනා සිටි නිසාවෙනි. ඇත්තටම ඔවුන් ඇයව හැඳින්වුයේ VM කියාය (චෙන්න මනමාලි )
මුලදී එම විහිලු නොරිස්සුම් වුවත් පසුව මා ඒවා ට ප්‍රියකලේ ඇත්තටම හදවතින් ඇය මාගේ මනමාලිය ලෙස පිළිගත් නිසාවෙනි.
අපි බසයේ යන විට බොහෝ දේ කතා කළෙමු. ඒවා බොහෝ විට අප කුඩා කල සිදුවූ සොදුරු මතකයන් යාලුවන්ගේ සිදුවීම් වැනි දේ විය. ඇය මට වඩා වසර හතරක් බාල වුවද සමාජය පිලිබඳ බොහෝ දැන උගත්කමක් නියෙන බවක් ඇයගේ කතා බහ වලින් මට වැටගිණි.
පාසල් කාලයේ ඇය ඉගෙනීමට ඉතා දක්ෂ බවත් මාගේ මව කියනු මට ඇසී ඇත.
සාමානාං පෙළ A අටක් ලබා ගත්තද කොළඹ පාසලකට යැවීමට ඇය ගේ දෙමව්පියෝ අකමැති වී ඇත්තේ පවුලේ අගහිගකම් නිසාත් ඇය ට පවුලේන් චෙන්වී කොළඹ යාමට සිදූ වන නිසා බව ඇ ය මට පැවසු අතර උසස් පෙළ ප්‍රතිපල පිලිබඳ බොහො බලාපොරොත්තු තියා ගෙන ඇති බවද ඇය කීවාය.
ඇය ට අවශ්‍ය වූයේ ඉහලින් සමත් වී මා සිටින විශ්ව විද්‍යාලය චන ජයවර්ධන පුර සරසවියට ඇතුලත් වීමටය.
ඇය සමග බසයේ ගත කරපු එම කාලය පැය බාගයක් වුව ද මුළු දවසම එම කතා තුල ජීවත් වෙමින් එම මතකයන් තුල ජීවත් වීමට මම පුරුදු වුනෙමි.
“මචන් උඹ ඔහොම මනෝ පාර ගහල ගිටියට ඒකිට වෙන කොල්ලෙක් ඉන්නවද කව්ද දන්නේ, මුලින් හොයල බලපන් ඒක”
ඊලඟ කොටසින් හමුවෙමු