“ඔයාට ගොඩාක් පිං පූර්ණ මාව විශ්වාස කරාට……..”

පූර්ණගේ බෙල්ල බදාගෙනම මං එහෙම කිව්වා.පූර්ණ මගේ ඔලුව අතගෑවා.

“තාමත් ඔලුව රිදෙනවද?…….”

“ඔව්.ඇස් රිදෙනවා……..”

“ඉන්න මං ඕඩිකොලෝන් ටිකක් දාන්නම්…….”

ඇදෙන් නැගිටලා ගිහින් පූර්ණ ඕඩිකොලොන් පොගවපු රෙදි කෑල්ලක් මගෙ නලලෙ තිබ්බා.

“දැන් නිදාගන්න.උදේ වෙනකොට අඩු වෙලා යයි.පාන්දර නැගිටින්න එපා…….”

💖💖

“උදේ හතත් පහු වෙලා තිබ්බා මං නැගිටිද්දී.දැන් නම් උණ ගතිය අඩුයි.ඒත් කට තිත්තයි.මං කුස්සියට යද්දී පූර්ණගේ අම්මා උයලත් ඉවරයි…….”

“ආ දුව නැගිට්ටද?දැන් කොහොමද දුවේ උණ අඩුද?……”

“දැන් ගොඩාක් සනීපයි අම්මෙ.කට තාම තිත්තයි.කෝ අම්මෙ පූර්ණ?…….”

“ආන් දුවව එක්කරගෙන පල්ලෙහාට ගියා.අද පුතාට නිවාඩුනෙ…….”

පූර්ණගේ අම්මා හදලා දීපු තේ එකත් බීලා මං පූර්ණ ගාවට ගියා.මාව දැකලා අත්දෙක දික් කර කර අම්මී කියලා කෑ ගැහුවා.

“අම්මිට දෝණිව වඩා ගන්න බෑනෙ රත්තරං.ඔයාටත් ඌව වෙයි……..”

“දැන් අඩුයිද සේනානි.අඩු නැත්නම් යමු ලේ එකක් චෙක් කරන්න…….”

“බුදු අම්මෝ මට නම් බෑ පූර්ණ.ම…මට දැන් උණ නෑ…….”

පුංචි කාලෙ ඉදන්ම මං බෙහෙත් කටු වලට හරිම බයයි.මං ඒක කියපු විදියට පූර්ණට හොදටම හිනා.😃😃

“ඉන්ජෙක්ෂන් කටු වලට බයයිද තාම පොඩි එකා වගේ……..”😁

“ඔව් පූර්ණ මං ඉන්ජෙක්ෂන් ගහනවට හරිම බයයි.පොඩි කාලෙ බෙහෙත් විදින්න ගියාම මං ක්ලිනික් එකේ බිම පෙරලි පෙරෙලි කෑ ගහනවා…….”

“ඒ වුනාට උණ අඩු නොවුනොත් ලේ චෙක් කරන්න වෙයි…….”

“උණ නම් නෑ.ඒ වුනාට කට තාම තිත්තයි…….”

“ඇග ඇතුලෙ උණ ඇති.ඒකයි කට තිත්ත…….”

උදේ කෑමට තිබ්බෙ බතුයි පරිප්පුයි හාල්මැස්සො බැදුමයි බිත්තරයි.මට ඒක කාගන්න බැරි වුනා කට තිත්ත නිසා.ඊට පස්සෙ පූර්ණ පාන් ගෙනත් දුන්නා.අම්මා හදලා දීපු සැර ලුණු මිරිස් එක්ක පාන් කෑල්ලක් කෑවා.

“අම්මිට ඌවා වෙලානෙ මැණික.එයා ගාවට ගියොත් ඔයාටත් ඌව වෙයි.අනේ මේකි කියන දේ අහන්නෙම නෑනෙ……..”

දෝණි මං ගාවට එන්න අඩනවා.පූර්ණ ඒකිට සැර කරනවා.ඒත් පූර්ණට බෑ දෝණිව නලවගන්න.දෝණිට සෙල්ලම් බෝනික්කෙක් දීලා පූර්ණගේ අම්මා දෝණිව වඩාගෙන එලියට ගියා.

“කියන දේ පොඩ්ඩක්වත් අහන්නෑ මේකි. හරිම මුරණ්ඩුයි……..”

“ඔය වයසට ඔහොම තමයි පූර්ණ.තව ඉස්සරහට ඇවිදින වයසෙදි අපි කාටහරි එයාගෙ පස්සෙන්ම ඉන්න වෙයි…….”

“තාම උණ අඩු නැද්ද?ඔලුව රස්නෙයි නේද?…….”

පූර්ණ මගෙ නළලටයි ඔලුවටයි අත තියලා ඇහුවා.

“ඔලුව ටිකක් විතර රිදෙනවා පූර්ණ.තාම බේත් වේල් තුනනෙ බිව්වෙ.දවසක් දෙකක් යනකොට අඩු වෙයි……..”

“හවස් වෙනකොට අඩු වුනේ නැත්නම් යමු ලේ එකක් චෙක් කරන්න…….”


හවස් වෙනකොටත් උණ අඩු නොවුන නිසා පූර්ණ මාව එක්කරගෙන ගියා ලේ චෙක් කරන්න.එක්කරගෙන ගියා නෙවෙයි ඇදගෙන ගියා කිව්වොත් හරි.😁😂ඒ තරමටම ඉන්ජෙක්ෂන් ගහනවට මං බයයි.ලේ ගන්න නර්ස් ඉන්ජෙක්ෂන් කටුව අතට ගද්දී මං අසරණව පූර්ණගේ මූණ දිහා බැලුවා.පූර්ණ කට තද කරගෙන ඉන්නවා.😁😁මූට නම් මොකද ඉතිං මට හිනා වෙන්නනෙ බල බලා ඉන්නෙ.

“ඔහොම ඉන්න මිස් අත හොල්ලන්න එපා…….”

ඒ නර්ස් එහෙම කිව්වේ බයටම මගෙ අත වෙව්ලපු හින්දා.මං පූර්ණගේ අත තද කරලා අල්ල ගත්තා.කටුව අත ලගටම ලං වෙද්දී මං තද කරලා ඇස් පියා ගත්තා.

“ආව් අම්මෝ…….”😁😂

“ආ දැන් හරි මිස්.ඉන්ජෙක්ෂන් ගහනවට මිස් හරිම බයයි වගේ නේද සර්?…….”

ඒ නර්ස් පූර්ණගෙන් එහෙම ඇහුවා.

රිපෝට් එකේ එහෙම මොකුත් අවුලක් තිබ්බෙ නැති හින්දා අපි ආපහු ගෙදර ආවා.

“මේ බලනවා තමුසෙ මගෙ අතට කරලා තියන දේ?…….”

ඉන්ජෙක්ෂන් ගහනවට බයේ මං තේජාන්ගෙ අත මිරිකගෙන හිටියනේ. මගෙ නියපොතු පාරවල් වැදිලා තේජාන්ගෙ අත සීරිලා තිබ්බා.

“අනේ සොරි තේජාන්…….”

❤️❤️

දවස් කීපයක් යද්දී මට උණ හොදටම හොද වුනා.හවස දෝණිත් එක්ක මං සාලෙට වෙලා හිටියා.කෙල්ල දණගාන වයස නිසා තනියම තියන්න බයයි. සෙල්ලම් බඩු ගොඩ බදාගෙන කෙල්ල සෙල්ලම් කරනවා.පූර්ණ ඔෆිස් ඇරිලා ගෙදර ආවෙ ගොඩාක් කලබලෙන් වගේ.

“සේනානි,දුවව අම්මට දීලා ඉක්මනට ලෑස්ති වෙන්න ගමනක් යන්න…….”

“කොහෙ යන්නද පූර්ණ?…….”

දෝණි ගාවින් නැගිටින ගමන් මං පූර්ණගෙන් එහෙම ඇහුවා.

“මගෙන් ප්‍රශ්න අහන්නැතුව ඉක්මනට ලෑස්ති වෙනවා……..”

පූර්ණගේ සද්දෙට අම්මත් සාලෙට ආවා.

“මොකද පුතා මේ කෑ ගහන්නෙ?මොකද වෙලා තියෙන්නෙ?…….”

“අර සාරංගයා අපිට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නෑ.අද මේකෙ දෙකෙන් එකක් විසදගන්න ඕනි. සේනානියි මායි පොලීසියට යනවා…….”

දෙයියනේ මේ සාරංග අයියට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද?අච්චර දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා මහ පාරෙදි මගෙන් කම්මුල් පාරක් කාලා ලැජ්ජ වෙලා තාමත් මං ගැන තියන අදහස අතෑරලා නැද්ද?

“ඔව් පුතා ඔයාලා පොලීසියට ගිහින් පැමිණිල්ලක් කරන්න.මං තාත්තට එන්න කියන්නද?……..”

“එපා අම්මෙ ප්‍රශ්නයක් වුනොත් මං කතා කරන්නම්……..”

පූර්ණයි මායි ඉක්මනට පොලීසියට ආවා. සාරංග ගැන හැම දෙයක්ම අපි පොලීසියට කිව්වා.පොලීසියෙන් සාරංගවත් ගෙන්නුවා.

“එතකොට තමුං මේ යන්නෙ කසාද බැදපු ගෑනියෙක් පස්සෙද?…….”

එක පොලිස් නිළදාරියෙක් සාරංගගෙන් එහෙම ඇහුවා.සාරංග පුන පුනාම කිව්වෙ එයා මගෙ පස්සෙන් ආවෙ නෑ. එයා මට සළකන්නේ සහෝදරියකට වගේ කියලා.පූර්ණ මාව රවට්ටලා බොරු කරලා කසාද බැන්ද බව සාරංග පොලීසියට කිව්වා.

“නෑ සර්.මෙයා කියන්නෙ බොරු.කසාදෙට කලින් පූර්ණ මට එයා ගැන හැම දෙයක්ම කිව්වා.ඒ හැම ඇත්තක්ම දැනගෙනයි මං පූර්ණව කසාද බැන්දෙ. මේ මිනිහට මං සැළකුවෙ මගේම සහෝදරයෙකුට වගේ.මූ මට එදා කාරෙකේදී කරදර කරන්න හැදුවා…….”

සාරංග කරන්න හදපු නොහොබිනා වැඩේ ගැනයි හැම දෙයක්ම මං පොලීසියට කිව්වා.මං කියපු දේවල් වලට සාරංගට කට උත්තර නැති වුනා. පොලීසියෙන් සාරංගට අවවාද කරා. ආයෙමත් මට කරදර කරන්න හැදුවොත් රිමාන්ඩ් කරනවා කියලා කියලා යන්න දුන්නා.

“ඇති යාන්තං පූර්ණ ආයෙමත් උගෙන් නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ……”

ආපහු ගෙදර එන අතරෙ මං පූර්ණට එහෙම කිව්වා.


“මං හිතුවෙ ඔයා පොලීසියට කියයි කියලා මං ඔයාව රවට්ටලා කසාද බැන්දා කියලා…….”

මගේ උරහිසට හේත්තු වෙලා පූර්ණ එහෙම කියද්දී මං පූර්ණ දිහා රවලා බැලුවා.

“ඔයා මං ගැන එහෙමද හිතන්නෙ පූර්ණ. ඔයා මට ආදරේ නෑ…….”

එහෙම කියලා මං අහක බලා ගත්තා.

“අනේ තරහ වෙන්න එපා ඉතිං සොරි මැණික.කෝ මෙහෙ බලන්න…….”

පූර්ණ කොහොම කිව්වත් මං තරහ මූණක් පෙන්නගෙන හිටියා.මං දන්නවා පූර්ණට බැහැ මාව තරහ කරගෙන ඉන්න.

“අනේ මැණික කෝ ඉතිං මං සොරි කිව්වනේ.මං ඔයාට ගොඩාක් ආදරෙයිනෙ…….”

මට හිනා යන්න ඔන්න මෙන්න පූර්ණගේ මේ කතා වලට.ඒත් මං බැලුවෙ නෑ පූර්ණ දිහා.මං නැගිටලා යන්න හැදුවත් පූර්ණ මගේ අතින් ඇද්දා.ඒ ඇදපු පාරට මාව පූර්ණගේ ඇග උඩටම වැටුනා.පූර්ණ මට යන්න දුන්නෙ නෑ.මාව එයාගෙ පපුවටම තියලා තද කරගත්තා.ඊට පස්සෙ සෙමින් පාත් වෙලා මගෙ කම්මුල සිප ගත්තා. හැබැයි එතකොට නම් මගෙ තරහව කොහෙන් ගියාද දන්නෑ.😁😁

“තාම තරහද ආ…….”

මං නැහැයි කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.

“මං දන්නවා තරහ වුනාම යාලු කරගන්න විදිය…….”

“ඒ කොහොමද?…….”😁😊

ඒපාර පූර්ණ මගෙ කනට ලං වුනා.

“ඊයා පූර්ණ ඔයා මහ වල් කත කියනවා……”😁😁

“ඉතිං බං මං කිව්වෙ මගෙ ගෑනිටනෙ……”

නැවත හමුවෙමු