තේජාන් දවසින් වැඩිහරියක් ගත කරේ දුවත් එක්ක.තාම කෙල්ලට වයස මාසයක් වුනාට තාත්ති එක්ක ඉන්නැද්දී පොඩ්ඩක්වත් අඩන්නේ නෑ.තාත්තිගේ ආදරේ කෙල්ලට හොදට දැනෙනවා.

“සංසලා…….”

“ඇයි තේජාන්?…….”

“පොඩ්ඩක් මෙහාට එන්නකෝ…….”

මං ගිහින් තේජාන්ගෙ ලගින්ම වාඩි වුනා.

“මැණික,මට ලබන සතියෙ ඉන්දියා යන්න වෙලා තියනවා බිස්නස් වැඩකට.මං ගිහිල්ලා එනකල් ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න ඕනි තේරුනාද?…….”

“ද….දවස් කීයකටද තේජාන්?…….”

“දවස් දහයක් විතර ඉන්න වෙනවා මැණික.ඔයා බය වෙන්න එපා රත්තරං. ලලිතා ඉන්නවා හැම දේකටම……..”

අනේ දෙයියනේ දවස් දහයක්??😱😱මං කොහොමද දවස් දහයක් තේජාන් නැතුව ඉන්නෙ?ඒත් ඉතිං මොනවා කරන්නද. බිස්නස් වැඩකටනෙ යන්නෙ.කොහොම හරි ඉන්නවා.

“මාත් එක්ක තරහද මැණික මං ඉන්දියා යනවා කිව්වම?……..”

“අ….අනේ නෑ තේජාන් ඔයා පරිස්සමින් ගිහින් එන්න.ඔයා එනකල් මං බලාගෙන ඉන්නවා…….”


“නෝනා…..නෝනට නෝනගෙ අම්මගෙන් කෝල් එකක්…….”

කාමරේට ඇවිත් ලලිතා එහෙම කිව්වා. මං තේජාන් දිහා බැලුවා.එයා එයාගෙ පාඩුවෙ ලැප් එක දිහා බලාගෙන හිටියෙ. මං පල්ලෙහාට ගියා.

“හෙලෝ අම්මෙ?…….”📞

“දූ කොහොමද ඔයාට?හොදින් නේද?දුවෙක්ද පුතෙක්ද ඉන්නෙ ඔයාට?…….”📞

“දුවෙක් ඉන්නෙ අම්මෙ.දැන් බබාට මාසයයි…….”📞

“තේජාන් පුතා කැමති නෑනෙ අපි එනවට. මායි අප්පච්චියි හරිම ආසාවෙන් ඉන්නෙ. මිණිපිරීව බලන්න.ඒත් කමක් නෑ දුවේ. ඔයා සන්තෝශෙන් ඉන්නවනේ.අපිට ඒ හොදටම ඇති.මං මේ ඔයාට ගත්තේ වැදගත් ආරංචියක් කියන්න…….”📞

“ඒ මොකක්ද අම්මෙ?…….”📞

“අප්පච්චියි මායි ලබන මාසෙ කැනඩාවට යනවා.එහෙ හෙඩ් ඔෆිස් එකේ අප්පච්චිට ජොබ් එක හම්බුනා.අපි එහෙ පදිංචියට යනවා……..”📞

“අනේ ඒක කොච්චර හොදද අම්මෙ.මට හරිම සන්තෝශයි.මං අප්පච්චිට සුභ පැතුවා කියන්න.ඔයාලා හැමදාම සතුටින් ජීවත් වෙන්න ඕනි.අනේ මාත් එක්ක තරහ වෙන්න එපා අම්මෙ.අප්පච්චිටත් කියන්න මාත් එක්ක තරහ වෙන්න එපා කියලා……..”📞

“නෑ දූ.අපි ඔයත් එක්ක කවදාවත් තරහ නෑ.මං එහෙනම් තියන්නම්.බුදු සරණයි……..”🙏📞

“බුදු සරණයි අම්මෙ……..”🙏📞

දුරකථන සංවාදය අවසන් කරලා මං කාමරේට ආවා.

“ඇයි අම්මා කතා කරේ?…….”

අම්මා කියපු හැම දෙයක්ම මං තේජාන්ට කිව්වා.මං හිතුවා අම්මටවත් දුවව පෙන්නන්න තේජාන් කැමති වෙයි කියලා. ඒත් තේජාන් ඒකට කැමති වුනේ නෑ. කමක් නෑ අම්මා අප්පච්චී එක්ක සතුටින් ඉන්නවනේ මට ඒ හොදටම ඇති.

“එයාලා රට යන්න කලින් ඕන්නං ගිහින් බලලා එනවා.හැබැයි දුවව එක්කන් යන්න එපා…….”

දුවව එක්කන් යන්න එපා කිව්වත් තේජාන් මට ගිහින් එන්න කියපු එකට මං සතුටු වුනා.


අද පාන්දර හතරට තියන ෆ්ලයිට් එකෙන් තේජාන් ඉන්දියාව බලා පිටත් වෙනවා.පාන්දර දොළහමාරට විතර නැගිටලා තේජාන් ලෑස්ති වුනා.කලු කෝට් එකට තේජාන්ට හරිම කඩවසම් පෙනුමක් තිබ්බා.

“මං දිහා බලාගෙන භාවනා කරනවද?……..”

තේජාන් ඒක අහපු විදියට මට ලැජ්ජත් හිතුණා.ඇදෙන් නැගිටලා මං තේජාන් ගාවට ගියා.

“ඉන්දියාවෙ ලස්සන ලස්සන කෙල්ලො එහෙම ඉන්නවා.එයාලා දිහා බලන්න එපා…….”😁😊

තේජාන්ගෙ කනට ලං වෙලා මං එහෙම කිව්වා.

“මෙච්චර ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නැද්දි මොකටද බං වෙන කෙල්ලො දිහා බලන්නෙ…….”😗😊

“බොස්…….”

එවලෙම රවී ඇවිත් කාමරේ දොරට තට්ටු කරා තේජාන්ට එයාර්පෝර්ට් එකට යන්න වෙලාව හරි කියලා කිව්වා.රවීට කාරෙක ලෑස්ති කරන්න කියපු තේජාන් දෝණිව වඩාගෙන මාත් එක්කම පඩිපෙළ බැහැලා පල්ලෙහාට ආවා.

“තාත්ති ගිහින් එනකල් අම්මිත් එක්ක පරිස්සමින් ඉන්න ඕනි දෝණි.තාත්ති එද්දි ඔයාට බෝනික්කෙක් ගේන්නම්.ආ දැන් අම්මි ගාවට යන්න……..”😘

දුවව මගේ අතට දීපු තේජාන් මගෙ නළලට හාදුවක් දීලා😘කාර් එකේ නැගලා එයාර්පෝර්ට් එකට පිටත් වුනා.

❤️❤️

තේජාන් නැතුව මේ දවස් ටිකේ හිටියෙ හරිම පාලුවෙන්.හැබැයි දුව හින්දා ඒ පාලුව නැති වුනා කියලා කිව්වොත් හරි.

“නෝනා….මහත්තයා නැතුව පාලුයි වගේද?……..”

“අනේ ඔව් ලලිතා නැන්දෙ.තේජාන් ලග නැතුව හරිම පාලුයි…….”

“දුක් වෙන්න එපා නෝනෙ තව දවස් තුනකින් මහත්තයා එනවනේ…….”

දවල් වරුවේ දුවට කිරි දීලා නාවලා ඉවර වෙලා එයාව නිදි කෙරෙව්වා.කම්මැලි කමක් දැනුනු හින්දා බැල්කනියට වෙලා පල්ලෙහා බලාගෙන හිටියා.මගේ ජීවිතේ සිද්ද වෙච්චි දේවල් එකින් එක මගේ හිතේ පෙලගැස්සෙන්නට වුනා.තේජාන් මගෙ ජීවිතේට ආපු හැටි මගේ මනසේ චිත්‍රයක් වගේ ඇදෙන්නට වුනා.මාව තේජාන් මෙහාට අරන් ආවෙ වද දීලා මරන්න.හැබැයි අන්තිමට ඒ හැම දෙයක්ම හිතපුවත් නැති විදියට වෙනස් වුනා.අද මං තේජාන්ගෙ බිරිඳ වෙලා ලස්සනම ලස්සන පව්ල් ජීවිතයක් ගත කරනවා අපේ චූටි දෝණිත් එක්ක.පෙරදා අපමණ වෛරයක් හිතේ පුරවන් මාව මරණයේ දොරටුව වෙත රැගෙන යන්නට වෙර දැරූ තේජාන් අද මට පුදුම විදියට ආදරේ කරනවා…….📲📲එක්වරම මගේ මොබයිල් ජංගම දුරකථනය නාද වනවා ඇසුනු නිසා මං කාමරේට ගියා.කෝල් එක ආවෙ තේජාන්ගෙන්.

“හෙලෝ තේජාන්……..”📲

“ඔන්න මැණික මං හෙට පාන්දරම ආපහු එනවා……..”📲

“ආනේ….ශෝක්නෙ තේජාන්.ඒත් ඔයා කිව්වෙ දවස් දහයක් විතර ඉන්න වෙනවා කියලනේ……..”📲

“ඔව් සංසලා.ඒත් හිතුවට වඩා කලින් වැඩේ ඉවර වුනා.ඒ කට්ටිය ඉතුරු දවස් තුනේ මේ පැත්තෙ ඇවිදින්න යනවා කිව්වා.ඒත් මට ඇවිද ඇවිද ඉන්න බැහැ……..”📲

“ඔයා එනකල් මං බලන් ඉන්නවා තේජාන්.කෙල්ලට ඔයා නැතුව පාලුයි වගේ.ඇස් කරකව කරකව ඔයාව හොයනවා.කියාගන්න තේරෙන්නෙ නෑනෙ ඉතිං තාම……..”📲

“හරි මං ඉක්මනට එනවා මැණික…….”📲


පහුවදා පාන්දර පහට විතර තේජාන් ආපහු ආවා.ආපු ගමන්ම තේජාන් දුවව වඩාගෙන හුරතල් කරන්න ගත්තා.

❤️❤️

“තේජාන් මං හෙට ගිහින් අම්මලාව බලලා එන්නද?එයාලා අනිද්දා රට යනවනේ…….”

“හ්ම්ම්.ලලිතා එක්ක වෑන් එකේ ගිහිල්ලා ඉක්මනට එනවා……..”

“ඔයාට පුලුවන්ද දුවව තනියම බලා ගන්න……..”

“ඇයි බැරි මං කෙල්ලගෙ තාත්තනේ. අම්මට විතරද පුලුවන් ළමයිව බලා ගන්න?නේද දෝණි……..”

“හරි හරි ඉතිං.මං හෙට උදෙන්ම ගිහින් අම්මව බලලා එන්නම්……..”

පහුවදා උදේ හයට විතර මං ලලිතා නැන්දා එක්ක අම්මලාව බලන්න ගෙදර ගියා.යද්දී අම්මයි අප්පච්චියි බඩු ලෑස්ති කරලත් ඉවරයි.

“අනේ දුවේ රට යන්න කලින් ඔයාගෙ මූණ දකින්න ලැබුච්චි එක කොච්චර දෙයක්ද?……..”

අම්මයි අප්පච්චියි දෙන්නම මාව තුරුල් කරගෙන කදුලු සැලුවා.මං එයාලට මගෙ ෆෝන් එකේ තිබුනු දූගෙ ෆොටෝ එකක් පෙන්නුවා.

“ඔයා වගේමයි දූ කෙල්ල.හරිම හුරතල් පාටයි……..”

ඊට පස්සේ මං අම්මටයි අප්පච්චිටයි දූගෙ වීඩියෝ එකක් පෙන්නුවා.එයාලා ඒක දැකලා ගොඩාක් සතුටු වුනා.

“නෝනෙ දැන් අපි යමු නේද?දරුවත් බඩගින්නෙ ඇත්තෙ……..”

“ඉන්න නැන්දෙ අම්මටයි අප්පච්චිටයි කියලා එන්නම්……..”

අම්මටයි අප්පච්චිටයි සමු දීලා අපි ආපහු ගෙදර ආවා.කාමරේට ආපු ගමන්ම මං බාතෲම් එකට ගිහින් ඇග හෝදගෙන ඇවිත් දුවට කිරි දුන්නා.

“සංසලා තමුසෙ මොකටද මං එපා කියපු දේවල් කරේ?…….”😠😠

තේජාන් මොනවද මේ කියන්නෙ?මං තේජාන් එපා කියපු දෙයක් කරේ නෑනෙ. තේජාන්ගෙ කැමැත්තෙන්නෙ මං අම්මලාව බලන්න ගියේ.

“මං…එහෙම මොකුත් කරේ නෑනෙ තේජාන්.ඔයා මොනවද මේ කියන්නෙ?…….”

“ඇයි දුවගෙ පින්තූරයි වීඩියොයි අම්මලාට පෙන්නුවෙ?…….”😠😠

දෙයියනේ තේජාන් කොහොමද ඒක දැන ගත්තෙ?ලලිතා නැන්දා දැක්කෙත් නෑ මං ඒක අම්මලාට පෙන්නනවා.

“ඔ…..ඔයා කොහොමද ඒක දන්නෙ?…….”

එතකොට තේජාන් මගෙ බෑග් එක ඇතුලෙ තිබ්බ මොකක්ද මන්දා කෑල්ලක් එලියට අරගෙන ඒක ලැප් එකට සම්බන්ද කරා.මං කතා කරපු හැම දෙයක්ම ඒකෙ රෙකෝඩ් වෙලා.අපොයි දෙයියනේ😱😱

“සොරි තේජාන්…….”

“පලවෙනි පාර හින්දා සමාව දෙනවා.ආයෙ මං එපා කියන දේවල් කරොත් හම ගහනවා බලා ගන්නවා……..”😠😠

“හම ගහයි කියලා තමයි බය……..”😁😂

“මොනවද තමුසෙ කුටු කුටු ගාන්නෙ?…….”😁😠

“මොකුත් නෑ…….”😁😁

“කියන දෙයක් ඇහෙන්න කියනවා. නැත්නම් දෙන්නෙ දත් ටික බඩට යන්න……..”😠😁😂

❤️❤️

කාලය ටික ටික ගෙවිලා ගියා.දැන් කෙල්ලට මාස හයයි.

දෝණිගෙ හුරතල් හිනා හඩින් මුලු ගේම පිරිලා ගිහින්.තේජාන් මටයි දූටයි ගොඩාක් ආදරෙයි.

“තේජාන් දැන් කෙල්ලට මාස හයක් හින්දා අපි කොහේ හරි යමුකො.කාලෙකින් කොහේවත් යන්න බැරි වුනානෙ……..”

“ම්ම්ම්…..එහෙනම් අනුරාධපුරයේ යමු ලබන සතියෙ.දවස් දෙක තුනක් ඉදලා එමු……..”

“අනේ හරිම ශෝක්නෙ.මං අනුරාධපුරේ ගිහිල්ලම නෑ.අනේ අපි යමු…….”

මං ගොඩාක් ආසාවෙන් හිටියේ තේජානුයි දෝණියි එක්ක අනුරාධපුරයේ යන්න.අපි තුන්දෙනාගෙම ඇදුම් බෑග් එහෙමත් මං ලෑස්ති කර ගත්තා.

“නෝනා….නෝනා…….”

ලලිතා නැන්දා කලබලෙන් වගේ කාමරේට දුවගෙන ආවා.

“ඇයි ලලිතා නැන්දෙ මොකද වුනේ?ඇයි මේ කලබලෙන් වගේ?……..”

“නෝනා තේජාන් මහත්තයා ගිය කාරෙක අධිවේගී මාර්ගෙදි හැප්පිලා.රවී මහත්තයා කෝල් කරලා කිව්වෙ.තේජාන් මහත්තයා දැන් ඉස්පිරිතාලෙලු…….”

අනේ දෙයියනේ මගෙ තේජාන්ට මොකද මේ සිද්ද වුනේ?😢😢

“අනේ නැන්දෙ තේජාන්ට මොකද වුනේ? අනේ මට එයාව බලන්න ඕනි.මාව දැන්මම හොස්පිටල් එකට එක්කන් යන්න……..”😭😭

“නෝනෙ අඩන්න එපා.රවී මහත්තයා දැන් එයි.අපි එතකොට හොස්පිටල් එකට යමු.ලොකු අමාරුවක් නැතුව ඇති.නෝනා කලබල වෙන්න එපා……..”

මං දෝණිව තුරුල් කරගෙන හොදටම ඇඩුවා.අනේ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ තේජාන්ට නපුරක් නම් වෙන්න එපා😭🙏

විනාඩි විස්සක් විතර යනකොට රවී ආවා.

“අනේ රවී අයියෙ තේජාන්ට මොකද වුනේ?එයාට ලොකු අමාරුවක් නෑ නේද? අනේ අපි දැන්මම හොස්පිටල් එකට යමු. මට තේජාන්ව බලන්න ඕනි……..”😭😭

“මැඩම් කලබල වෙන්න එපා.තේජාන් සර්ට ලොකු අමාරුවක් නෑ.කකුල ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නෙ.මැඩම්ට බබා එක්ක හොස්පිටල් එකට යන්න බෑනෙ……..”

“ඒකට කමක් නෑ රවී අයියෙ.ලලිතා නැන්දා දුවව බලාගනියි.අපි දෙන්නා යමු හොස්පිටල් එකට……..”

ලලිතා නැන්දට දුවව බලාගන්න කියලා මායි රවී අයියයි හොස්පිටල් එකට ආවා. මං දුවපු වේගෙට කිහිප වතාවක්ම වැටෙන්නත් ගියා.තේජාන් හිටපු කාමරේට මං ගිය නෙවෙයි දිව්වා.

“අනේ තේජාන් ඔයාට මොකද මේ වුනේ?……..”😭😭

තේජාන්ගෙ එක කකුලක් දණිස්ස ගාව ඉදන් විලුඹ ගාවටම ප්ලාස්ටර් ගහලා තිබ්බා.නලලත් තුවාල වෙලා තිබ්බා.

“මට ලොකු අමාරුවක් නෑ සංසලා.ඔයා මේ නිකන්නෙ බය වෙලා තියෙන්නේ.කෝ කෙල්ල ලලිතා ගාවද?……..”

“ඔව් තේජාන්.මං ඉක්මනට රවී අයියා එක්ක ආවෙ.කකුල ගොඩාක් රිදෙනවද තේජාන්?……..”

“කකුල නම් හුගක් රිදෙනවා.අවුරුද්දක් විතර යනකල් ඇවිදගන්න බැරි වෙයි.බය වෙන්න දෙයක් නෑ මං මැරුනෙ නෑනෙ…….”

“ඔහොම කතා කියන්න එපා තේජාන්.රවී කියපු විදියට මං ගොඩාක් බය වුනා……..”

“මූ මාව සදාකාලික අබ්බගාත වෙච්චි විදියට කියන්න ඇති.උඹ ගැන ඉතිං මං දන්නවනේ……..”

“මැඩම් හොස්පිටල් එකට ආවා නෙවෙයි සර් ඉගිලුනා……..”

“ඔයා දැන් ගෙදර යන්න මැණික.කෙල්ල අඩනවා ඇති.මට අමාරුවක් නෑ……..”

ඊලග කොටසින් නැවත හමුවෙමු