“උදේශ්‌ අය්යේ, උදේශ්‌ අය්යේ ඔයාට මාව ඇහෙනවද?” සිහින්‌ කටහඩක්‌ සමග මගේ හිසකෙස්‌ පිරිමදිමින්‌ ඒ කතා කලේ උමා බව මට වැටහුණි. මම ආයාසයෙන්‌ ඇස්‌ විවර කර ඇය දෙස බැලීමට උත්සහ කෙරුවෙමි.

ඇය සුදෝ සුදු ගවුමක්‌ ඇද ගෙන මා දෙස බලා සිටියාය. හැමදාම මා ආස කල ඒ චාම්‌ බව ඇය තුලින්‌ දිස්‌ විනි.

මා සිටියේ රෝහල්‌ ඇදක්‌ උඩ බව වටහා ගැනීමට අපහසු වුනේ නැත. මම ඇදේන්‌ නැගිට ඇය දෙසට පිය මැන්නෙමි.

“මට සමාවෙන්න අය්යේ ඔයාට කරපු හැම දේකටම. මන්‌ දන්නවා ඔයා මට කවදාවත්‌ ආදරය කලේ නෑ. මන්‌ ඔයා ගැන වැරදියට වටහා ගත්තා. මේ හැමදේම වුනේ මම නිසා. මම ඔයාට තවත්‌ කරදර කරන්නේ නෑ අය්යේ”

“අනේ නංගි ඔය ටික කියන්න ඔනේ මමයි. මම ඔයාට හැමදාම ආදරය කලා. එත්‌ කියන්න හය්යක්‌ තිබ්බේ නෑ. එත්‌ අයෙන්‌ එහෙම චෙන්නේ නෑ. මම අපේ අම්මාට හැමදේම කියනවා. තවත්‌ ඔයාව අසරණ කරන්නේ නෑ”

ඇය එවිට මා ලගට පැමිණ මගේ පපුවට තුරුල්‌ විය. “අය්යේ ඔයාගේ ඔය වචන ටික අහන්න මම අවුරුදු ගානක්‌ පෙරුම්‌ පිරුවා. මම මට තේරෙන කලේ ඉදන්‌ ආදරය කලේ ඔයාටයි.අන්තිමට හරි ඔයා ඔහොම කියපු එකට ස්තුතිසි.

ජිවිතේ අපිට හිතන දේවල්‌ ඒ විදිහටම සිද්ද වෙන්නේ නෑ අය්යේ. සමහර දේවල්‌ ජීවිනේට ලැබිලත්‌ නැති වෙනවා.

මට එකදෙයක්‌ ඔයාට පොරොන්දු චෙන්න පුළුවන්‌.මං කවදාවත්‌ ඔයාගේන්‌ ඈත්‌ වෙන්නේ නෑ.ගහැමදාම ඔයාගේ ලගින්‌ ඉන්නවා කියල. ඔයා යන්න අය්යේ.දැන්‌ වෙලාව හරි”

මට කිසිදෙයක්‌ වැටහුනේ නැත.මම ඇය දෙස බලා සිටියා පමණි. පුදුමාකාර හිස්‌ බවකින්‌ මාව වෙලා ගනුදැනිණි.එලෙසම ඇය ටිකෙන්‌ ටික මගෙන්‌ ඈත්‌ චන බව දැනිණි.

ඇයගේ සේයාව ක්‍රමක්‌ ක්‍රමයෙන්‌ බොඳ වීයන බවක්‌ සමග මා සිහිසුන්‌ වන බවක්‌ මට දැනුණි.

සිදු වුයේ කුමක්දැයි මට සිතා ගත නොහැකි විය. එකවරබීප්‌ බීප්‌ හඬක්‌ මට ඇසීමට පටන්‌ ගැනිණි. “උදේශ්‌ පුතේ අනේ මගේ පුතේ නැගිටින්න. ඇහෙනවා නේද මාච”

මා නැවත ඇස්‌ ඇරියේමි. මගේ සමීපයේ මගේ මවච දැක ගැනීමට හැකි විය.කදුළු පුරවාගෙන ඇය මා දෙස බලා
සිටියාය.

“අම්මේ මට මොකද වුනේ ඇයි මම මෙහෙම. කොහෙද මම ඉන්නේ මේ.

කෝ උමා නංගි.” මගේ හිතේ තිබුන සියලු ප්‍රශ්න එක දිගට මවගේන්‌ ඇසුවෙමි.”

“අනේ මගේ පුතේ එදා නුවර ගිය දවසේ ඔයාට ලොකු අනතුරක්‌ වුණා. කාරෙක හෙලකට පෙරලුනා. දෙවියන්ගේ පිහිටෙන්‌ කොම තත්වෙන්‌ මගෙ පුතාට අද
සිහිය ආවේ මාස දෙකකට පස්සෙයි.”

මට කිසිවක්‌ සිතා ගැනීමට නොහැකි විය.

මොහොතකට පෙර මා සමීපයේ සිටි උමා නංගි මට මතක්‌ විනි. මාස දෙකක්‌ කෝමා තත්වෙන්‌ ගිටියා නම්‌ උමා නංගි එක්ක කතා කලේ කොහොමද. කෝ දැන්‌ එයා.

මගේ හිතේ ප්‍රශ්න ගොඩකි. ඒ එක්කම නුවර ගමනේදී සිදූ වූ දේ චිත්‍රපට ජවනිකාවක්‌ සේ ටිකෙන්‌ ටික මා ඉදිරියේ දිග හැරෙනි.

උමා නංගි මගේ කාරයට ගොඩ වූ සැටි ඇය සමග බගින්‌ බස්‌ වූ සැටි. ඇය මා ඉඳිරියේ කදුළු සැලු හැටි. “ඇයි අය්යෙ මට මේ විදිහට සලකන්නේ ,.ඔයාට පව්‌ සිද්දවෙයි” ඇය හඬමින්‌ එසේ කිවත්‌ , “අන්තිමට වතාවට කියන්නේ බහිනවා මගේ කාර්‌ එකේන්‌”

එසේ කියමින්‌ මා ඇයටතර්ජනය කල හැටි, ඇය තව දුරටත්‌ හැඩීමටත්‌ කෑ ගැසීමටත්‌ වුයේන්‌ ඇයව කාරයෙ වේගය අඩු කර දොර ඇර එලියට ඇද දැමු සැටිත්‌ පසුව තිබු නොසන්සුන්‌ බව නිසා ඉදිරියට පැමිණි ට්‍රක්‌ රථයට ඉඩ දීමෙන්‌ වේගය පාලනය කරගත නොහැකිව හෙලකට ගිය සැටිත්‌ එවිට මා ඇස්‌ පියා ගත්‌ සැටිත්‌ අවසන්‌ වතාවට මතක්‌ විනි.

“දෙය්යනේ ඒ කියන්නේ මං තවම ජීවත්‌ වෙනවා” මම මටම කියා ගත්තෙමි. මගේ දකුණු කකුල සම්පුර්ණයෙන්ම බැන්ඩේජ්‌ එකකින්‌ වෙලා තිබිණි. ඇද අසල රොද පුටුවක්‌ තිබෙනු දුටුවෙමි. නැගිටින්න කොතරම්‌ උත්සහ කලත්‌ එය කල නොහැකි විය “මගේ පුතාට තාම හොදටම හොඳ නෑ.ඩොක්ටර්‌ කිව්වා තව මාස දෙක තුනක්චත්‌ යයි කියලා.කැඩුම්‌ බිදුම්‌ වලට නම්‌ සිංහල වෙදෙකම්‌ කරන්න වෙයි.එනත්‌ පුතේ ඔය තරම්‌ ලොකු අනතුරකට පස්සේ මගේ පුතා ජීවත්‌ වුන එක කොච්චර හාස්කමක්ද” මගේ මව එසේ කියා සුසුම්‌ ලනු පෙනුනි. “අම්මේ උමා නංගි කෝ” මා නැවතත්‌ ඇය ගෙන්‌ ඇසුවාය. එවිට මවගේ මුහුණ අදුරු චනු දුටිමි.

එදා කාරයෙ උමා නංගි සිටි බව අම්මා දැනගත්ත දැයි මට බයක්‌ සිතිනි. එසේ නම්‌ මගේ අනතුරටඋමා නංගි වග කීවා යුතු යැයි ඇය සිතනු නොඅනුමානය.

“ පුතේ අපි පස්සේ කතා කරමු දැන්‌ ඔයා රෙස්ට්‌ කරන්න”

මේසේ ඳින සති මාස ගත විය.කිසිම දිනක උමා නංගිව ඉන්‌ පසු දැක ගැනීමට නොහැකි විය. මට පුදුම සිතිනි.

මෙච්චර කාලෙකට ඇය මා බැලීමට රෝහලට නොපැමිණි එක ගැන.

සමහර විට ඇය මා සමග තවමත්‌ අමනාප ඇති යැයි සිතිනි. ඇය පිළිබද කොතරම්‌ මව සහ මා බැලීමට පැමිණි අයගෙන්‌ ඇසුවත්‌ සැහීමකට පත්‌ විය හැකි
පිළිතුරක්‌ මට නොලැබුණි.

ඊලග කොටසින් හමුවෙමු