අවුරුද්දකට විතර පස්සෙ තමයි අයෙත් කෙටි කතාවක් අරං මේ එන්නෙ ඉතිං කියවලම බලන්න…

=====================

මෙහි එන නම් ගම් සියල්ල මනංක්කල්පිතයි..

ලියො Export යනු කුරුදුපිටරට යවන ඉතා විශාල ව්‍යාපාර සමුහයකි මේ සමාගමට අයිති කුරුදු ඉඩම් රට පුරා ව්‍යාප්තව ඇති අතර මේ සමාගමෙහි ඉතා විශාල සේවක පිරිසක් පවා සෙවයෙහි නිරත වෙයි. හෙශාන් යනු මේම සමාගමෙහි සේවයෙ නිරත වන පරිපාලන නිලධාරියෙකි මොහුට අයත් රාජකාරිය වන්නෙ ලියො Export සමාගමට අයිති සමහර ගම් වල කුරුදු ඉඩම් වලට ගොස් සතියක් සති දෙකක් පමන ඒ ගමෙහි වාසය කරමින් ඒ අයත් කුරුදු ඉඩම් වල කුරුදු තලන අය වැඩ කරනවාද නැද්ද යන්න පිලිබදව එහි නැවතී සොයා බැලීමයි…

හෙශාන් පසු ගිය සති තුනක පමන කාලයක් එක්තරා ගමකට ගොස් තමන් වැඩ කරන සමාගමට අයිති කුරුදු ඉඩම් පිලිබදව සොයා බැලීම් සිදු කල නිසා හෙශාන් හට සතියක පමන කෙටි නිවාඩුවක් අයතය වෙතින් පිරිනමා ඇත මේ නිවාඩුව නිසා හෙශාන් තමන් ගෙ අම්මලාගෙ නිවසට ගොස් නිවාඩු පාඩුවෙ විවෙකීව කාලය ගත කරන්නට විය මවගෙ නිවස සහා ලියො Export ආයතනය අතර පැය පහක ගමන් කාලයකින් යුතු දුරක් තිබෙන අතර හෙශාන් ආයතනයෙ සෙවයෙහි නියත වන දින වලදී ආයතනයෙහි ඇති නිල නිවාස වල වාසය කරන්න සිදු වන අතර එහෙත් හෙශාන් හට ඔහුගෙ සේවය සැපයීමේ කාර්‍යක්ශමතාවය නිසා කුඩා මොටර් රථයක් සමාගම විසින්ම ඔහුට සපයා ඇත්තෙ ඔහුගෙ ගමන් බිමන් වලට ඉතා පහසුවක් අත් කර දීම සදහාය…

තමන්ට හමුවුනු නිවාඩුව නිසා ඉතා සතුටින් තමන්ගෙ මව සමග නිවසේ වාසය කරමින් දින හතරකට පමන පසු පස්වන දිනයේ රාත්‍රීයේ 7.15 පමන හෙශාන් ගෙ දුරකතනය නාද වන්නට විය. දුරකතනය දෙස බැලු ඔහුගෙ මුව එක්වර ඇබුල් විය මන්ද යත් ඇමතුම පැමිනෙන්නෙ තමන් ගෙ උසස් නිලධාරියාගෙන් නිසාවෙනී…

හෙලො සර් කියන්න… ?

ආහ් හෙශාන් හදිස්සියෙම කතා කරෙ හදිස්සිම වැඩකට අපෙ සමාගම අලුතෙන් ගත්ත කුරුදු ඉඩම් වගයක හෙට ඉදන් කුරුදු තලන්න පටං ගන්නවලු ඉතිං ඒක නිසා ඔයාට තමයි හෙට උදෙ ඒ කුරුදු තලන තැනට ගිහිල්ලා ඒ තැන බලාගන්න වෙන්නෙ මටත් මේ දැන් රාජකාරී පැවරීමෙ ලිවුම අපෙ ගෙදරට අවේ ඔයා ගමෙ නිසා මට තමයි ලිවුම එවලා තීන්නෙ…

( ලියො Export ආයතනයෙහි යම්කිසි දුරගමකට ඉඩමක් බලාගැනීම සදහා යාමෙදී ඒ සදහා ආයතනයෙන් නිකුත් කරන ලද ස්තානය , යා යුතු වෙලාව , පැමිනිය යුතු දිනය වැනි දෑ සටහන් කරන ලියුමක් එහි සේවයකයන් හට ලබා දේ… )

මටත් ලියුම හම්බුනේ මේ දැන් චුට්ටකට කලිං හදිස්සියක් වෙන්නැති මම ලියුමෙ ෆොටො එකක් ගහලා දන්නම් ඔයා හෙට උදේම පිටත් වෙන්න

හා සර් මම එහෙම කරන්නම් , කියා හෙශාන් දුරකතනය විසන්දි කරන්නට විය එවෙලම රාජකාරි ලිපියෙ ෆොටො එකක් උසස් නිලධාරියා ඔහුට ඒවා තිබුනු අතර ඔහු ඒක උදේම බලනවායැයි අදිටන් කරගත්තේය. ඔහුට මෙවැනි හදිස්සි ගමන් එකවර වැටීම සමාන්‍ය දෙයක් වුවද මෙවැනි රාත්‍රි වෙලාවක රාජකාරියක් පිලිබදව දැනුවත් කිරීමක් ලැබුනෙ ප්‍රතම වතාවට විය…

එහෙම්ම නින්දට වැටුනු හෙශාන් උදේ හයට පමන නැගිට හැද පැලදගෙන මව හදා දුන් උදේ ආහරයද ගෙන දුරකතනය දෙස බැලුවේ ඊයේ රෑ එවන ලද ලියුමෙ ෆොටො එක බැලීම සදහාය…

එහි සටහන් තිබුනෙ නියාගම යන ගම්මානයකි. ඔහුට සතියක් පමන ඒ ගමෙහි වාසය කිරීමට සිදුවන බව වැඩි විස්තර සහිතව එහි සටහන්ව තිබුනි. එහෙම්ම මවට වැද අශිර්වාද ගෙන තමන් ගෙ රාජකාරි ගමන සදහා මොටර් රථයෙ නැග ගමනාන්තය සදහා හෙශාන් පිටත් වන්නට විය…

පැය තුනක් පමන එක දිගට මොටර් රථය පැද වු ඔහු අතරමග තැබිලි ගෙඩියක් ද පිපාසය සංසිදුවාගැනීමට බි නැවත නියාගම දෙසට යන්නට විය තවද පැය දෙකක විතර කාලයක් ගමනාන්තයෙ යෙදුනු හෙශාන් හට නියාගම දෙසට ලගාවන්න හැකි වන්නට වුයේ දවල් 1 විතර වේ.

ගමට ඇතුල් වීමට ප්‍රථම ලගම හම්බෙන ටවුමෙන් දවල් අහාරයද ගෙන හෙශාන් නියාමග වෙත ඇතුල් වන්නට විය . ගමට ඇතුල් වු පසුවද ගමෙ ඇතුලට මොහු යන්නට විය ඊයේ රෑ එවන ලද ෆොටො එකෙහි සදහන් ලිපිනය දෙස නැවත බලා ඒ පාරෙහි යන එන ගැමියෙකු හට ලිපිනය පවසා ඒය ඇත්තෙ කොහෙද යන්න හෙශාන් විමසන ලදි.

ආ මහත්තයො ඔහොම්ම යන්න තව ඉස්සරහට ඔය කුබුරු ටික හරහා ඉස්සරහට ගියාම දකුනට හැරෙන්න දකුනට හැරිලා ඉස්සරහට යන කොට තුන් මන් හංදියක් අහුවෙයි එතනින් වමට හැරිලා යද්දි කුරුදු ඉඩම් ටික මහත්තයට පෙනෙයි එතනම එහා පැත්තෙ තමයි කට්‍ටිය කුරුදු තලන්නෙ කියලා ගැමියා හෙශාන් හට පවසන්නට විය…

හෙශාන් ද ගැමියා හට ස්තුති කර ඔහු කියු පරිදිම යෑමට පටං ගත්තෙය.. ඇත්තටම නියාගම යනු සුන්දරත්වයෙන් අනුවන ප්‍රදෙශයකි බැලු බැලු තැන ලා කොලපැහැයට හැරුනු කුබුරු සහා ඇල දොලවල් ඉතා චමත් කාර ලෙස ගලා බසින්නට වුයේ හෙශාන් ගෙ සිතට මහත් අස්වැසිල්ලක් ගෙනත් දෙමිනි.

ගැමියා කියු පරිදි තුන්මං හන්දියෙන් වමට හැරි ටිකක් දුර ගිය පසු කුරුදු යායක් ඔහුගෙ නෙතට දිස්වන්නට විය ඒ එක්කම කුරුදු තැලීම සදහා කුඩා මඩුවක් ද ඒ තුල කුරුදු තලමින් සිටින තවත් ගැමියන් හතර දෙනෙකුද පමන හෙශාන් හට දිස් වන්නට විය . වාහනය ඉඩමට ඇතුල් කර නතර කෙරු හෙශාන් වාහනයෙන් බැස එලියට එන්නට විය.

ඒ එක්කම මඩුවෙහි කුරුදු තලමින් සිටි මැදිවියෙ මනුස්සයෙක් හෙශාන් දෙසට පැමිනෙන්නට විය…

මහත්තයද වැඩ බලන්න එනවා කියපු මහත්තයා..

ඔව් ඔව් මම තමයි…

ආ එන්න මහත්තයො මේ පැත්තෙ තමයි මහත්තයට නවතින්න තීන ගෙදර සුදනම් කරලා තීන්නෙ කියා හෙශාන් ව ඔහු කුරුදු තලන මඩුවට ටිකක් පිටිපස්සෙන් ඇති හුරුබුහුටි කුඩා නිවසක් වෙත එක්ක යන්නට විය…

මේක තමයි මහත්තයො මහත්තයට මේ දවස් ටිකෙ ඉන්න තීන නිවස කියා ඔහු සිනාසෙන්නට විය…

දුබුරු පාටට හුරු තින්ත වගයක් අලේප කර රට උලු සෙවලි කල වහලයක් ද මල් පාන්ති වගයක් ද මිදුලෙහි තැනින් තැන තිබෙන්නට විය . හෙශාන් හට හෙශාන් සමග පැමිනි පුද්ගලයා යතුරක් දී එහෙනම් මහත්තයා ඇග හොදගෙන ඇදුමක් පැලදුමක් ඇද ගෙන එන්න මම දවල් කෑම අරගෙන එන්නම් කියා ඔහු කියන්නට විය..

එපා එපා දවල් කෑම ඔන්නෑ මම කාලා අවේ කියා හෙශාන් සිනාසී ඒ මනුස්සයට පවසා යතුර ගෙන නිවස තුලට ඇතුල්වන්නට විය. නිවසට ඇතුලු වු පසුව කුඩා සාලයක් ද එක් කාමරයක් ද ඊට එහායින් කුස්සි කාමරය සමග කුඩා නානකාමරයක් ද විය…

කාමරයට ගොස් ඇදුම් මාරු කරගත් හෙශාන් ඇද ලගම තිබු ජනේලය විවර කරන්නට වුයේ කාමරයට හුලං ටිකක් වැදිම සදහාය. ජනෙලය විවර කල පසු හෙශාන් හට ජනේලයට මීටර් අටක් විතර එහායින් ටිකක් විශාල තවත් නිවසක් දකින්නට විය…

හෙශාන් එම නිවස දෙස ටිකක් වෙලා බලා ඉන්නට වුයේ එම නිවසෙහි පිහිටි ජනෙල් ආසාමන්‍ය ලෙස වැඩි නිසාය මන්ද යත් හෙශාන් ගෙ කාමරයෙහි ජනේලයෙන් බැලු විට අල්ලපු නිවසෙ දිස් වෙන බිත්තියේ ආසාමන්‍ය ලෙස එක පෙලට ජනෙල් හතක් පමන දිස් වන්නට විය…

එය දෙස ටිකක් වෙලා බලා සිටි හෙශාන් නැවත තමන්ගෙ කාමරයෙහි පිහිටි ඇදෙහි හාන්සි වුයේ පැය පහක පමන ගමනාන්තයක් පසු කර විඩාවට පත් වු හෙයිනි…

ඉන්පසුව පැයකට පමන පසු නැවත ඇදෙන් නැකිට හෙශාන් නිවසෙන් එලියට පැමින ගැමියන් කුරුදු තලන්නා වු මඩුව වෙත ගොස් ඔවුන් සමග කතා බස් කොට කුරුදු තලන අයුරු බලාගෙන සවස ගෙවන්නට විය…

එවිට හෙශාන් හට සිතුනෙ මේ කුරුදු තලන ගැමියන් ඉතාමත් කඩිසරින් තමන් ගෙ වැඩෙහි නිරත වන නිසා මොවුන්ගෙ මොනවා බලන්න මම එවුවදැයි යන උපහාසාත්මක හැගීමකි…

ටිකෙක් ටික හවස් වන්නට විය හවස පහ වන විට කුරුදු තැලීම නතර කර දැමු ගැමියන් හතර දෙනා තම නිවෙස් වලට යෑමට සුදනම් වන්නට විය…

හෙශාන් නැවතී සිටින නිවසෙහි යතුරු බාරදුන් ගැමියා නැවත හෙශාන් වෙත පැමිනනෙන්නට විය ඔහු නමින් ජිනපාල විය ඔහු මෙසෙ කියන්නට විය…

මහත්තයාගෙ නම අහන්නත් බැරි වුනා මට මේ වැඩ අස්සෙ..

මම හෙශාන්…

ආහ් එහෙමද මහත්තයො ඒත් මට කොල් එක දුන්න මහත්තයා කිව්වෙ ඔය නමට වඩා වෙනස් නමක් වගේ හැටියට මතක ඒකට කාරි නෑ ,

එහෙනම් මහත්තයො අපි ගිහිං එන්නම් මහත්තයගෙ රෑ කෑම එක මම හයට විතර අරං එන්නම් අපි ටිකක් එහායින් තමයි ඉන්නෙ කියා හෙශාන් හට සමු දී ඔවුන් හතර දෙනා තම නිවෙස් කරා ඇදෙන්නට විය…

හෙශානුත් තමන්ට හිමි නිවස කරා ගොස් දොර වහගෙන ඇග පත සොදා ගැනීම සදහා නාන කාමරය වෙත යන්නට විය. ඇග පත සොදාගෙන නැවත නිවසෙ ඉස්තොප්පුවට විත් එහි තිබු පුටුවකට වී කල්පනා කරන්නට විය…

රෑ බෝ වන විට ඒම ප්‍රදෙශය ඉතා කලුවරකින් වැසෙන්නට වුයෙ ඉතා තද ගන කලු ‍රෙද්දකින් ගම හෙමිහිට ආවරණය කරන්නාක් මෙනි. තට්ට තනියම තමන් මෙහි සිටීම ගැන හෙශාන් හට නොයෙක් සිතුවිලි මතු උනද ඔහු සියල්ලම යටපත් කර ගත්තෙ ඔහුට මෙවැනි නාදුනන තැන වල නැවති ඉතාමත් හුරුපුරුදු නිසාවෙනි…

මොනවා කරන්නද රස්සාවනෙ කියා හෙශාන් තමන්ටම කියා ගන්නා ලදි…

ටික වෙලාවක් යන විට ලයිට් එලියක් කුරුදු ගස් අතරින් තමන් සිටින නිවසේ දෙසට පැමිනෙන බව හෙශාන් ට දිස් වන්නට විය ටික ටික එය ලං වන විට ඒ එන්නෙ ජිනපාල විය..

ආජ් ජිනපාල එන්න එන්න.. කියා හෙශාන් සිනාමුසු මුහුනින් ඔහුව පිලිගත්තෙය…

ආහ් මහත්තයා රෑ කෑම එක මම ඒක දෙන්න අවේ කියා කෑම පාර්සලයක් හෙශාන් ගෙ අත මත ඔහු තබන්නට විය..

ඇතුලට එනවද ජිනපාල..

අනේ බෑ මහත්තයො මම දැන් යන්න ඔනේ කඩ පිලට යන්නත් එක්ක අවේ අද ඉදන් කරන්නත් වැඩ ගොඩ තියෙනවා හෙට උදේ එන්නම් දොරවල් වහගෙන පරිස්සමින් ඉන්න කියා ජිනපාල හෙශාන්ගෙ නික්මෙන්නට විය…

ජිනපාල ගිය පසු තව විනාඩි පහලවක් පමන ඉස්තොප්පුවේ කල්ගත කල හෙශාන් දොර වසාගෙන නිවස තුලට පිවිසෙන්නට විය.

ජිනපාල ගෙනා රාත්‍රි ආහාරය රෑ 7.45 පමන ආහරයට ගෙන හෙශාන් අටට පමන නැවත ඉස්තොප්පුවට පැමිනියේ දුරකතනය රැගෙන තම මවට දුරකතන ඇමතුමක් ගැනීම සදහාය…

ඉස්තොප්පුවට ගොස් මව අමතන්න හදන විට දුරකතනයෙ සිග්නල් ප්‍රමානය මදිබව වැටහීමෙන් පසුව හෙශාන් තමන් ගෙ කාමරය දෙසට ඉස්තොප්පුවෙ පසුපස පැත්තට හැරි යන්නට විය…

ඔහු ගන කලුවර මැද ඔහු සිටින නිවසට යාබදව පිහිටි අල්ලපු නිවසෙහි ලයිට් කහ පාටින් පත්තු වන බව හොදින් පෙනෙන්නට විය මන්ද යත් එම නිවසෙහි අසාමන්‍ය ලෙස පිහිටා තිබු ජනෙල් හතෙන් ඒ එලිය දසත විහුදුවන නිසාය…

හෙශාන් දුරකතනය ගෙන තම මවට කතා කරන්නට විය ඒ කතා කරන අතරතුර හෙශාන් ගෙ නෙත ගැටුනෙ අල්ලපු නිවසේ ජනෙල් මතින් ඒ ගෙදර සිටිනා මිනිසුන් කහා පාට අලොකය අතරින් එහාට මෙහාට යන් හැටි ඒ මිනිස්සුන්ගෙ සෙවනැලි මගින් හෙශාන් ගෙ නෙතට දිස් විය…

එය දුටු හෙශාන් ගෙ සිතට යම් සැනසීමක් ලැබුනේ මේ පාලු කුරුදු යායෙහි තමන් තනියෙන් නොවන නිසාය…

තම මවගෙ සැප දුක් විමසා අවසන් වු පසු නැවත අල්ලපු නිවස දෙස බැලු හෙශාන් ටික වෙලාවක් බලා සිටියේය. කහ පාට අලොකය අතර ඒ නිවසෙහි වෙසෙන්නන් අදුරු සෙවැනිලි මෙන් එහා මෙහා යන අයුරු එකිනෙකා සමග කතා කරන අයුරු හෙශාන් නැවත දකින්නට විය. එලියෙහි දැඩි සීතල ගතිය නිසා හෙශාන් නැවත ගෙතුලට යෑමට පියවර තබන අතර නැවත අල්ලපු නිවස දෙස බැලීමට ඔහුගෙ හිතට හිතෙන්නට විය…

හෙශාන් නැවත ආපසු හැරි අල්ලපු නිවස දෙස බැලුව පසු පුදුමයකි සැනකින් ඒ නිවසෙහි සියලු විදුලු පහන් නිවා දාමා ගන අදුරකින් නැවත වැසී තිබිනි මෙය හෙශාන්ට යම් කුතුහලයක් ගෙන දෙන්නට විය මන්ද යත් එකවර නිවසක ලයිට් නිවා දැමීම රාත්‍රි අටහමාරට පමන එය අසාමන්‍ය දෙයකි එයත් හෙශාන් නැවත නිවස තුලට යන්න හදන විටම…

ඒ සියල්ලම මොහොතකින් අමතක කර දැමු හෙශාන් නැවත නිවස තුලට ගොස් දොර වසා මුහුන සොදා නිදගැනීමට සදහා කාමරය ගොස් ඇදෙහි හාන්සි වන්නට විය…

ඇදෙහි හාන්සි වී විනාඩි පහලවක් විතර ගිය පසු හෙශාන් එකවර ගැස්සි නැකිට්ටෙ ලමයෙක් අඩන සද්දයක් ඇසීම හෙතුවෙනි…

ඒ හඩ ඇහෙන්නෙ අල්ලපු නිවසින් බව හෙශාන් ට සිතු නිසා නැවත කාමරයෙහි ජනෙලය ඇර බලන්නට විය අල්ලපු නිවසෙහි ජ්නෙල් හතෙන් කොනෙම ජනෙලයෙහි පමනක් ලයිට් එකක් දල්වලා තිබෙන දුටු හෙශාන් කුඩා ලමයා හඩන් සද්දෙ එන්නෙ ඒ ලයිට් දමා ඇති ජනෙලය පිටුපසින් බව පසක් විය…

එකවරම ඒ ජනෙලයෙන් ගැහැනු රුවකට සමාන සෙවනැල්ලක් දිස් වු හෙයින් හෙශාන් නැවත ජනෙලය වසා නිදගන්නට වුයේ කුඩා දරුවෙකුට කිරී දීම සදහා මවක් නැකිට ඇති යැයි සිතා ගෙනය….

පහුවෙනිදා හෙශාන් ඇහැරුනෙ කවුරුන් හෝ දොරට තට්ටු කරන සද්දෙ ඇසිමෙනි .නිදි පැදුරෙන්ම ගොස් දොර ඇරිය හෙශාන් හට ජිනපාල දිස් විය,

ආහ් මහත්තයො මෙන්න උදේ කැම කියා කැම එක කියා එය හෙශාන් අතට දුන්නේය…

ආහ් ජිනපාල එහෙනම් ගිහිං වැඩ කරන්නකො මම මුන හොදන් එන්නම් කියා හෙශාන් නාන කාමරයට ගොස් මුහුන සොදාගෙන උදේ අහාරයට ගෙන මද වෙලාවකින් මඩුව දෙසට පැමිනෙන්නට විය…

හිමි දිරි උදෑසන ඉතාමත් චමත්කාර දර්ශන රැසකින් ඒ ප්‍රදෙශය යුක්ත වුයේ රැයෙ තිබුනු මුසල භාවය දෙකට ඉරාගෙනය…

ගැමියන් හතර දෙනා වැඩ කරන දෙසා එදිනත් බලා සිටි හෙශාන් ඒ දිනයත් ගෙවිලා යනවා දැනුනෙවත් නැත මන්ද යත් හතර දෙනෙකුට මැදිව වැඩ කරන ගමන් ගම ගැන නොයෙකුත් රසවත් කතා අසමින් සිටි නිසා කාලය ඉතාමත් වෙගෙන් ගෙවි යන්නට විය. ජිනපාල ඇතුලුව තවත් දෙදෙනෙකු එම හතර දෙනාගෙන් කසාද බැද තිබු අතර එක් අයෙකු හෙශාන් මෙන්ම තවමත් තනිකඩව කල් ගෙවන බව හෙශාන් හට දැනගන්නට ලැබුනි…

එදිනත් ඔවුන් පහට පමන වැඩ නිමකර යැමට වු හෙයින් තමන් අදත් මේ නිවසෙහි පාලුවෙ සිටීමට වෙන බව පසක් වීම නිසා හෙශාන් හට යම් චකිතයක් ඇති වුවද එය ටිකක් මග හැරුනෙ අල්ලපු නිවසෙ වෙසෙනා කට්ටිය ඉන්න නිසාවෙනි එහෙත් පුදුමයකට මෙන් දවල් වරුවෙ ඒ නිවසෙන් කවුරුවත් එලියට අවේ නැති නිසා හෙශාන් හට යම් පුදුමයකින් ද යුක්ත වන්නට විය…

හයහා මාරට පමන ආ ජිනපාල එදිනත් රාත්‍රි ආහාරය ගෙනෙන ලදි. එයද ආහාරයට රැගෙන රාත්‍රී අටහාමාරට පමන නැවතත් තම මව ඇමතීම උදෙසා හෙශාන් නිවසෙන් බැහැරව එලියට යන්නට විය…

ඉස්තොප්පුවෙ සිට දුරකතනය දෙස බැලු හෙශාන් හට පහුවදා මෙන්ම සිග්නල් නොමැති බව පෙනුනු නිසා ඔහු නැවත ඉස්තොප්පුව පැත්තෙන් හැරි කාමරය දෙසට එලියෙන් පියගන්නට විය..

පහුවදා මෙන්ම අල්ලපු නිවසේ ජනෙල් හතෙන්ම එලිය විහුදුනු කහා පාට අලොකයක් දසත විහිදුවන්නට විය. දුරකතන ගෙන හෙශාන් මවට අමතන අතර තුර විටින් විට එම අල්ලපු නිවස දෙස බලන්නට විය ජනෙල් අතරින් එහා මෙහා යන සෙවනැලි රූප හෙශාන් ගෙ නෙතට එදිනත් දිස්විය…
සමහරු එහා මෙයා යනවා කෙනෙක් නටනවා තව කෙනෙක් සමගින් තව කෙක් කතා කර කර ඉන්නවා වැනි චායාවන් සෙවැනැලි මගින් ජනෙල් මත පහුවදාටත් වඩා හෙශාන් හට දිස් වුයේය…

ඉතිං මවට කතා කල ඉවර වු පසු හෙශාන් දුරකතනය විසන්දි කර නැවත ගෙතුලට යෑමය වුයේ ඊයේ මෙන් දැඩි සීතල ගතිය නිසාවෙනි ඔහු නිවසට යන අතර තුර පහුවදා පුරුද්දට මෙන් නැවත අල්ලපු නිවස දෙස හැරී බලන්නට විය…

හෙශාන් දුටුව දර්ශනයෙන් හෙශාන් එක වර ගැස්සිලා ගියේය….

” අල්ලපු නිවසෙහි ඇති ජනෙල් හත මතින් එක් එක් ජනෙලයෙන් එකරුව බැගින් හත් දෙනෙකුගෙ සෙවනැලි හෙශාන් හට දකින්නට විය ඒවා හෙශාන් දෙස බලා සිටිනවා වැනි දර්ශනයකින් පසු විය “

මේ දර්ශනය නිසා හෙශාන් එක වර ගැස්සි ගියේය මන්ද යත් මොවුන් ගෙ නිවස දෙස මම බලන කොට මේ අය දැක්කද දන්නෑ යන චකිතයකින් හනි හනිකට නිවස තුලට ගොස් හෙශාන් දොර වසා ගත්තේය…

නැවත නිවස තුලට ගොස් කාමරයට වැදී සිද්ද වු දෙය නිසා ටිකක් කලබලයෙන් හෙශාන් කල්පනා කරන්නට විය…

අයෙත් පාරක් හරියටම බලන අදිටනින් හෙශාන් ගෙ කාමරයෙහි ඇති ජනේලය සෙමින් විවර කර ඔහු බැලු පසු පුදුමයකට මෙන් අල්ලපු නිවසේ සියලු විදුලු බල්බ ඒ වන විට නිවා තිබුනි…

ඉන්පසු ජනෙලය වසා නින්දට ගිය හෙශාන් හට නොයෙකුත් දේ සිතෙන්නට විය ඔහුට සිතුනු ප්‍රධානම කාරනාව වුයේ ජනෙල් හතෙන් හත් දෙනෙක් තමන් දෙස බලා සිටියේ ඇයිද යන්න නිසාය…

මෙම සිතුවිල්ල එසෙම තිබීමෙන් හෙශාන් හට නින්ද පැමිනෙන්නය විය…

පහුවදාද සුපුරුදු පරිදි උදෑසට හතට පමන ජිනපාල පැමින දොරට තට්ටු කරන්නට විය. හෙශාන් නැකිට දොර විවර කර උදේ ආහයරත් රැගෙන මුන සොදා ගැනීම සදහා ගිය හෙශාන් හට පහුවදා රෑ සිද්දිය නැවත මතක් විය එය වැඩිය හිතට නොගත් හෙශාන් ජිනපාල ගෙනා උදේ ආහාරයද ආහාරයට ගෙන මඩුව දෙසට පිය නගන්නග විය…

ඇත්තටම වෙනදා මෙන්ම බොහොම සුහදශිලීව කාතා බස් කොටා ගැමියන් හතර දෙනා සමග කාලය ගෙවන්නට විය එදිනත් කාලය ගලා යනවා දැනුනෙවත් නැත. එදිනත් ගැමියන් සමග දවල් ආහාරය ගෙන සුහදශිලීව ඔවුන් වැඩ කරන දෙසා උනන්දුවෙන් බලා සිටි හෙශාන් හට රෑ වුනු සිද්දිය එතරන් මතක් වුයේ නැත. හවස පහ වන විට ගැමියන් එදිනත් තම නිවෙස් සදහා යන්නට වු නිසා නැවත රෑ උනු සිද්දිය හෙශාන් හට මතක් වෙන්නට විය…

තම නිවෙස් කරා ගිය ගැමියන් නැවත දකින්න ලැබෙන්නෙ පහුවෙදා උදෑසනය එතෙක් තනියෙන් පාලුවෙ සිටීම නිසා ටිකක් කනස්සල්ලෙන් පසු වු හෙශාන් නැවත ජිනපාල රාත්‍රී ආහාරය ගෙනෙන විට ඔහුගෙන් අල්ලපු නිවස ගැන අසා දැනගැනීමට හිතින් හිතා ගත්තේය…

හයහාමාර වන විට නැවත ජිනපාල රාත්‍රී ආහාරය ගෙනන ලදි එහෙත් ජිනපාල ගෙන් අල්ලපු නිවස ගැන එදිනවත් හෙශාන් ඇසුවෙ නැත මන්ද යත් ඔහු ඕපදූප සොයනවා යැයි ජිනපාල සිතාවි කියා හෙශාන් ගෙ සිත තුල ඇති සැකය හා ලැජ්ජාව නිසාවෙනි…

එදිනත් ඔහු රාත්‍රී ආහාරය හතහා මාරට පමන ගෙන නැවත ස්තොප්පුවට ගියේ ටිකක් හුලං වැදීමේ අරමුනකිනි. තට්ට තනියම හෙශාන් මෙවැනි නිවෙස් කීපයකම තම රාජකාරි කටයුතු සදහා ගිහිං සිටියද මෙවැනි සිදුවීමක් කවදාවත් වෙලා නැත….

සිදුවීමක් කිව්වට මෙය මහා ලොකු දෙකුත් නෙමෙයි නෙ කියා හෙශාන් විසින්ම තමන්ට කියාගෙන සිත සනසාවලන්නට විය.

ඉස්තොප්පුවට වෙලා ටිකක් වෙලා සිටින විට නැවත අල්ලපු නිවස දෙස බැලීමට හෙශාන් හට සිතක් පහල විය ඉතිං කෙසෙ හො හෙමින් ඉස්තොප්පුවෙන් ඔබ්බට පිය නගා අල්ලපු නිවස දෙසෙ බැලු හෙශාන් ගෙ මුව ටිකක් අමුතු විය පුදුමයකි !

වෙනදා ලයිට් එලිය දසත විහිදුවන නිවස අද කට්ට කලුවරය වෙනදා මෙන් ලයිට් එකක් වත් දාමා නොමැත මේ ගෙදර අය අද කොහෙ හො යන්නැති යැයි සිතා ගත් හෙශාන් නැවත ගෙතුලට වී දොරවසා ගත්තාය…

රෑ නමයට පමන නිදාගන්නට සැරසුනු හෙශාන් ඇද මත හාන්සි වි ඇස් දෙක පියාගෙන නින්දට පිවිසීමට හදන විටම එදා මෙන් කුඩා ලමයෙකු අඩන සද්දෙ ඇසෙන්නට් වු හෙයින් නැවත ඇහැරි ජනෙලය විවර කර බැලුවෙ අල්ලපු ගෙදර මිනිස්සුන් නැවත නිවසට පැමිනිලාද යන්න බැලීමටයි…

පුදුමයකි . එක විදුලි පහනක් වත් එදා මෙන් දැල්වෙන්නෙ නැත ඒත් කුඩා ලමයා හඩන සද්දේ ටිකෙන් ටික වැඩි වන්නට විය. දොර වසා නැවත ඇදට ගිය හෙශාන් විනාඩි පහක් පමන ගිය පසු අඩන සද්දෙ නතර වන්නට විය… නැවත හෙශාන් ගෙ නින්ද කැඩුනෙ තමන් ගෙ ජනෙලය අසලින් කවුරුන් හෝ දුවන සද්දයක් ඇසීම හෙතුවෙනි…

එකවර නැකිට ගත් හෙශාන් ඇදෙන් බිමට බැස්සේය. ඔහුට නැවත කවුරුන් හෝ ජනෙලය් ගාවින් යන අඩි සද්දයක් මෙන්ම ජනෙලය මතින් එහාට මෙහාට දුවන සෙවනැල්ලක් ද දක්නට විය මේ හෙතුව නිසා හෙශාන් වෙන්න යන් දේ හිතාගන්න බැරුව උඩියටිකුරු වී සිටින්නට විය..

කාමරයෙන් සාලය දෙසට පිය මැන ගිය හෙශාන් සාලයට වී සිටීමට අදිටන් කර ගත්තද තවමත් එලියෙ කීපදෙනෙකු තම නිවස වටේ දුවන බව හෙශාන් හට දැනෙන්නට විය . මේ වෙලාවෙහි දොර ඇරගෙන එලියට යැම අනුවන ක්‍රියාවකි යැයි ඔහුම සිතාගත් පසුව සාලයට වී වෙන්න යන දේ කුමක්දැයි බලා හෙශාන් සිටින්නට විය…

දැන් හෙශාන් හොදටම බියෙන් සලිත වී ඇත තමන් ගෙ නිවස වටා මේ දුවන්නෙ කවුද යැයි ඔහුට සිතාගන්න නොහැක නිවසෙහි ජනෙල් අතරින් එහාට මෙහාට දුවන් අයගෙ සෙවනැලි චයා පෙනෙන්න ට වුවද ජනෙල් ලගට යෑමට පවා බියෙන් හෙශාන් සලිත වී සිටියේය…

දුවනවට අමතරව එලිය එහා මෙහා දුවන සෙවනැලි දොරටද ජනෙල් වලටද තට්ටු කිරීම අරම්භ කර පසු හෙශාන් ගෙ බය දෙගුන තෙගුන වී ගියෙය ඔහු සාලය මැදම බිම වාඩි උනේ ඔහුට කරගැනීනට කිසිම දෙයක් නැති හෙතුවෙන් එසෙ පැය හතරක් පමන නොනවත්වා දොරට තට්ටු කරමින් එහා මෙහා දුව යන පිරිසගෙ ක්‍රියාකාලපය අලුයම හතරට පමන අවසන් විය මේ එපමන වෙලා බය භීතව නින්දක් නොලද සිටු හෙශාන් සාලය මතම නිදා වැටෙන්නට විය…

පසුවදා හෙශාන් ඇහැරුනේ නොනවත්වා දොරට තට්ටු කරන සද්දෙටය. ඔහු තවමත් බියෙන් සලිත වී සිටියහ වෙලාව බැලු පසු උදේ නමය පමන වෙලාය හෙශාන් සෙමින් සෙමින් දොර විවර කරෙ උදේ වු නිසා වැඩිය බියක් හට නොගැනීම නිසාය සුපුරුදු පරිදි දොරට තට්ටු කර ඇත්තෙ ජිනපාල විසිනි…

හතට විතර මහත්තයො මම ඇවිත් දොරට තට්ටු කරා ඒත් දොර ඇරියෙ නැති හින්දා මම හිතුවෙ මහත්තයා හොදටම නිදි ඇති කියලා දැන් ඇවිත් දොරට තට්ටු කරෙ මහත්තයො මහත්තයලගෙ සමාගමෙ කවුරු හරි කෙනෙක් දැන් ඇවිල්ලා ඉන්නවා මඩුවෙ.

මම අවේ මහත්තයාව කතා කරන් යන්න…

ආ ඉන්න ජිනපාල මම මුන හොදගෙන එන්නම් කියා හෙශාන් ඇතුලට ගියේ ඊයේ රෑ සිදු වු දේ පවා ජිනපාලාට නොපවසමිනි..

කවුද අපේ සමාගෙන් ඇවිත් තීන්නෙ කියා හෙශාන් හට තවත් ප්‍රශ්නයකි මුන සොදා ඇද පැලදගෙන මඩුව වෙත ගිය හෙශාන් හට මඩුවට යාබදව නවත්වා තිබු මොටර් රතයක් ද මඩුව ඇතුලෙහි සුදු කමීසයක් සහා කලු දිග කලිසමක් ඇදගෙත් පුද්ගලයෙක් ද ඉන්නවා පෙනෙන්නට විය…

ඔය මහත්තයා කවුද හෙශාන් ඔහුගෙන් විමසන්නට විය…

මම සහන් මම තමයි මේ රූට් එකෙ වැඩ බලන්න එන්න හිටියේ මට හදිස්සි වැඩක් හින්දා මම එන්න දවස් තුනක් පහුවුනා කියා ඔහු කියන්නට විය…
හෙශාන් එය අසා පුදුම වන්නට විය ඒක එහෙම වෙන්න විදියක් නෑනෙ මොකද මට නෙ ලියුම අවේ මේ රූට් එකෙ වැඩ බලන්න කියා හෙශාන් කියන්නට විය…

ඉන්පසුව සහන් යන පුද්ගලයා ඔහුගෙ සාක්කුවෙන් ලිපියක් ගෙන හෙශාන් හට දෙන්නට විය…

පුදුමයකි තමන්ට අවා වගෙම රාජකාරි ලිපියක් ඔහුට අවේ කොහොමද කියා හෙශාන් සිතන්නට විය ඉන්පසුව තමන් ගෙ උසස් නිලධාරියයා හට දුරකතන ඇමතුමක් ගන්නට වුයේය…

හෙලො සර් මගේ රූට් එක බලාගන්න මේ තව කෙනෙක් ඇවිත් ඉන්නවා එයා ගාවත් රාජකාරි ලිපියක් තිනවා දැන් මම මොකද කරන්නෙ …

හෙශාන් ඔයා වහාම නැවත එන්න ඇවිත් මාව හම්බවෙන්න ඔතන වැඩ ඔය ඉන්න නිලධාරියට කරන්න දිලා ඔයා මෙහෙ එන්න ආපු ගමන් මාව හම්බවෙන්න කියලා හෙශාන් හට ඔහු කියන්නය් විය…

හා සර් කියා ෆොන් එක තැබු හෙශාන් එතැන තිබුනු සියලු රාජකාරි සහන් හට පවරා තමන් ඇදුම් පැලදුම් ලැස්ති කරගෙන එම ගමෙන් පිටව යාමට සුදනම් විය…

හෙශාන් හට ඊයේ රාත්‍රියේ උනු සිද්දිය නිසා මෙහෙන් පිට වී යෑම මහත් අස්වැසිල්ලක් විය… එහෙන් පිට වීමට මත්තෙන් ජිනපාලට කතා කර හෙශාන් විසින් ඊයේ රාත්‍රියේ සිද්ද උනු සිද්දිය පවසා අර අල්ලපු නිවස ගැන පැවසුවාය…

ජිනපාලා දුන්නෙ මෙහෙම උත්තරයකි. ඔය අල්ලපු ගෙදර කවුරුවත් කාලකට හිටියෙ නෑ මහත්තයාට විකාර පෙනිලා වගේ අනික හොල්මන් අවතාර වත් ඔය ගෙදර එහෙම කවදාවත් ගමෙ මිනිහෙක් වත් දැකලා මම නම් විශ්වාස කරන්නෑ මහත්තයො ඔය කතාව කියලා ජිනලපාල කියන්න විය…

එහෙත් තමන් දුටු දේ ඇහුන දේ දන්නෙ හෙශාන් පමනි එය තවත් ජිනපාල සමග කතා කොට පලක් නැත තමන් ගෙ වැඩ සියල්ල සහන්ට බාර දී හෙශාන් නැවත තම ආයතනය කරා ගියේ මේ උනු පටලැවිල්ල විසදා ගැනීමටය…

පැය පහක පමන ගමනාන්තයකින් පසුව ලියො Export ආයතන වෙත හෙශාන් පැමිනෙන ලදි . ඉන්පසු තමන් ගෙ උසස් නිලධාරියා පැවසු පරිදි ආ විගසම හෙශාන් ඔහුව හමුවීමට ගියෙය..

සර් මොකක් ද සර් මේ උන විකාරෙ කොහොමද එකම සයිට් එකකට රාජකාරි ලිපි දෙකක් නිකුත් වෙන්නෙ…

ඔහොම වාඩි වෙන්නකො හෙශාන්…

මටත් මේක මාර පුදුමයක්,

එදා රෑ හතට විතර තමයි ඔයාගෙ රාජකාරි ලිපිය අපේ ගෙදරට අවේ ගෙදරට ආවා කිව්වට බෙල් එක ගහලා දොර අරින්න යද්දි පුදුමයකට වගෙ දොර ඇරුන්නෑ මම ගොඩක් උත්සාහ කරා දොර අරින්න ඒත් ඇරුනෙම නෑ ඊට පස්සෙ එලිය ඉදපු එක්කෙනා කිව්වා මෙහෙම රාජකාරි ලිපියක් අරං මම අවේ මේක හදිස්සි එකක් සර් දොර හිර වෙලා නම් මම මේ ලිපිය දොර ගාවින් තියලා යන්නම් කියලා ඔහු කිව්වා ඇත්තටම මම ඔහුව දැක්කෙ නෑ හැබැයි ඒ ආපු කෙනාගෙ සෙවනැල්ල මම දොර එහා පැත්තෙ ජනෙලෙන් දැක්කා ඔහු යනවා කියලා ගියා විතරයි දොර ඒ විගසම ඇරුනා…

ඒ වගේම දොර ගාව ලිපියත් තිබුනා හැබැයි ලිපිය ගෙනාපු කෙනා කොහෙ ගියාද මන්දා මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ ලිපිය ඇතුලට අරගෙන මම දොර වැහුවා ඒක කියවලා තමයි හතයි කාලට විතර මම ඔයාට කොල් එක ගත්තෙ…

මේක ඇහුව හෙශාන් හට හිතෙ විදුලි කොටනවා වැනි හැගීමක් දැනුනි මන්ද යත් සෙවනැලි කියන වචනය උසස් නිලධාරියාගෙ මුවින් පිටවු නිසාය…

ඒ එක්කම හෙශාන් ට සිදුවුනු අද්බූත සිදුවීම් ජලාවද හිතට නැගෙන්නට විය…

මට ඊයේ තමයි සහන්ගෙ රජකාරිය ලිපිය ගැන දැනගන්න ලැබුනේ මම ඊට පස්සෙ හෙශාන් ගෙ ලිපිය අරගෙන ගිහිං පරික්ශා කරා පුදුමයකට ඒක අපේ ආයතනයෙන් නිකුත් කල එකක් නෙමෙයි ඒක කවුරු හරි හොරාට ගහපු එකක්…

යැයි උසස් නිලධාරියා කරුනු කාරනා හෙශාන් හට පහදන්නට විය.

එහෙත් හෙශාන් තවමත් බියෙන් සලිත වී ඇත…

ඉන්පසු හෙශාන් කටහඩ අවදි කරෙ,

ඇත්තටම මොකක් ද සර් අපි දැන් කරන්නෙ කියා ඔහු පවසන්නට විය…

දැන් උන දේ උනා හෙශාන් අපි දැන් සද්ද නැතුව ඉමු මේ ප්‍රශ්නෙ #හෙවනැලිවලටමබාර_දිලා යැයි කට කොනකින් වියරු සිනහාමුසු මුහුනකින් හෙශාන් දෙස බලා උසස් නිලධාරියා කියා සිටියේය…

නිමි…

Chamoth Teran