“මට බයයි මෙත්සිළු… ප්ලීස්ස්ස්..අනේ…තේරුම්ඟන්නකො”

අඳුරුවෙලා තිබුන පුංචි කාමරේ නිම්සරාගේ ආයාචනාවන් හැංඟිලා ගියා..

ඔව් ඔයාලා හිතුවා හරි…ඒකනම් ඒ වගේ තැනක් තමයි..අයියෝ..!! හරි හරි ඉතින්…
ඔහොම සැකෙන් බලන්න දෙයක් නෑනේ තාම..
ඉන්නකො කියනකම්..

එදා දවස පුරාම රවුම් ගහලා,රවුම් ගහලා මෙත්සිළුයි,නිම්සරයි ගොඩක් සතුටිනුයි හිටියෙ..

මෙත්සිළු නිම්සරාට බල කරලා එක්ක ඇවිත් තියෙන්නෙනම් අර වගේ තැනකට තමයි..දැන් ඉතින් දන්නෙ නෑ….අහලා නෑ …..ඒ මොකද්ද කියලා වගේ බලන්න එපා ඉතින්…ඒක කුලියට ගත්ත තාවකාලික කාමරයක්…

හපොයි…..දැන් හිතන්නෙ ඔය කුණුහරුපයක් කියනවා වගේ කියලද…? ඔහොම බලද්දිත් හිතෙන්නෙ , එහෙම හිතනවා ඇති වගේ කියලා තමයි…..පොඩ්ඩක් රිලෑක්ස්වෙලා අහන්නකො මං කියලා ඉවර නෑනේ තාම..

“අහකට වෙනවා…නපුරා…”

මෙත්සිළු නිම්සරාගෙ අතින් අල්ලද්දිම ගසාදාලා පැත්තකට උනා…

“ඇයි නංඟි මෙහෙම කරන්නෙ මට…”

“කොහොමඳ හලෝ…”

“ඔයා ගොඩක් වෙනස්කම් කරනවනෙ මට”

මෙත්සිළු කලකිරිලා වගේ…වචන කීපයක් පිටකරලා දැම්මා…

“හපොයි…මං මොකද්ද කරපු වෙනස්කම..”

“ඕවා මඟෙ නෙවෙයිද….මට නෙවෙයිද…”

“මොනවද…මොනවා ගැනඳ දොඩවන්නෙ.ඔය”

මෙත්සිළු අපූරුවට එලා තිබූ ඇඳ ඇතිරිල්ල අල්ලන් මිට මොලවන් ඇඳට අත් දෙකේ් බර දීලා වාඩිවෙලයි හිටියෙ…

නිම්සරා හිටියෙ එතනම ටිකක් ඈතින් හිටගෙන…

“බබා වගේ හැසිරෙන්න එපා..මෙතන…”

“කවුද දන්නෑ…බබා…”

නිම්සරා එහෙම කීවෙ ගස්සලා වගේ…

“මෙන්න මෙහෙට එනවා..මෝඩි…”

නිම්සරාගෙ අතින් ඇද මෙත්සිළුගෙ හැඩිදැඩි සිරුරට තුරුළු කරලා බදා ගත්තා….

හ්ම්ම්ම්…නිම්සරා ඔට්ටු වුනත් ඉන් ගැලවෙන්න …මෙත්සිළු ඉඩක් දුන්නෙ නෑ ඉතින්…

“අතාරිනවා මාව…මෝඩයා…”

මෙත්සිළු එක අතකින් නිම්සරාගෙ අතක් අරන් ඇඟිලි කීපයක් තොල්වලින් කිස් කළා..

“මොකද මේ …මං පිට කෙනෙක්ද…”

ඒ ගමන් මෙත්සිළු නිම්සරාගෙ කන ලඟට කරලා..හිමින් තරවටු ස්වරේකින් මිමුණුවා..

“අනේ…මෙත්සිළු ….ඔයා කපටි කොල්ලෙක්..
පොරොන්ඳු උනා නේදෙ මෙහෙම වෙන්නෙ නෑ කියලා…?”

“මං කීවේ ඔයාගෙ අකමැත්තෙන් නෑ කියලා..”

“ඉතින් මං අකමැතීනේ…”

“කෝ මඟෙ ඔළුවෙ අත තියලා දිවුරලා කියන්න කැමති නෑ කියලා…”

“අනේ….ඔයා හරි නරකයි…කෝ දිවුරන්න කෝ ඉන්නවා…”

ඔළුව පහත් කරලා මෙත්සිළු නිම්සරා දෙසට පාත්කලා…

නිම්සරා මෙත්සිළුගෙ කොණ්ඩෙන් අල්ලලා මුළු කොණ්ඩෙම අවුල් කරලා ,
අවුල් කරලා දැම්මා…

“මැට්ටි….තමුසෙට මම….”

ඔවුන්ඟෙ ඳඟකාරකම අඳුරු කාමරයෙ බිත්තියේ එල්ලලා තිබුණ සිතුවම මොනාලිසාගෙ ඇස් ගැටෙන්නට ඇති නිසැකවම..

ජීවිතේ රසයන් පරයන සියල්ල අහිමිව ගියද සිහිකොට යලි විඳිය හැකි හෝ විඳවිය හැකි එකම දේ අතීතය නොවේද…

නිම්සරා කෝමා තත්වෙන් ඉන්නෙ…ඒකනෙ මං කළින් කීවෙ පොඩ්ඩක් රිලෑක්ස් වෙලා අහන්න කියලා…

ඔව් ඒ සියළු සිදුවීම් අතරින් එක් සිදුවීමක් විතරක් නෙවෙයි තමයි…නමුත් පෙලින් පෙලට ගැටගැසී එන නිම්සරාගෙ මතක එක්ක මෙත්සිළු ඇගේ ශරීරය ඔහේ දමා තිබූ වාට්ටුවෙ ඇඳ ලඟ දනගසාගෙන අතකින් අල්ලන් හිටියා…

මොනතරම් හීන දකින්න ඇද්ද…මොනතරම් සිහිවටන එක්කරන්න ඇද්ද…අද මෙත්සිළු මේ දකින්නෙ කුමක්ද…

ජීවිතේ සමහර සිදුවීම් හරි පුදුමයි නේඳ…ඒත් කාටවත් පුළුවන් කමක් නෑ..අනාගතය කලින් දැකලා..ඒක වෙනස් කරගන්න…ඒක තමයි සොභා දහමෙ නීතිය…

ඔව් නිම්සරාට පිළිකාවක් තිබිලා තියෙනවා..ඒක උස්සන්න වෙලා..ලස්සන රෝස පාට කම්මුල්…ඇතුලට එබිලා ගිහින්..අනේ ලස්සනට ගොතලා බඳින දිග කොණ්ඩෙ..තව ගණින්න පුළුවන් තරමින් ඉතිරිවෙලා තිබුණෙ.මුතු පේලියක් වගේ තිබ්බ දත් ටික…දෙකක් දක්වා හැලිලා ගිහින් තිබුනා…අඳුරන්න බැරිතරම් කෙට්ටුවෙලා මස් ඇටකෝටුවලට තදවෙලා තිබුනා….

ප්‍රයිවට් හොස්පිටල් එකක නවත්තන් මෙත්සිළු හැමඳේම කළා…හැමදෙයක්ම…මෙත්සිළුව විශ්වාස කරපු එක වරදක් නෑ නේඳ එදා…

මෙත්සිළුගෙ ගොඩක් සල්ලි වියදම් කළා…එයාගෙ අයිති ගොඩක් දේවල් විකුණලා නිම්සරා එක මාසයක් දවසක් ජිවත් කරන්න එයා නොකල දෙයක් නෑ…කවදාවත් නොයිල්ලපු මිනිස්සුන්ඟෙන් රුපියලෙන් රුපියල ඉල්ලලා එයා සල්ලි එකතු කලා…මෙත්සිළු දවසට වේලක්වත් නොකා වතුරබීල හිටපු දවස් තිබුනා….ඒ ජීවත්කරන්න තිබ්බු ආසාව හින්ඳයි…ආදරේ හින්ඳයි…

ඔයාලා හිතන්න ඇති නේඳ එතකොට නිම්සරාට වෙනින් කවුරුත් හිටියෙම නැද්ද කියලා නේඳ…මට කියන්නත් බැරුව ගියානෙ..නිම්සරා අනාතනිවාසෙක හැදුන ළමයෙක් කියලා….

දන්නවද මඟෙත් ඇස්වලට කඳුළු ආවා..

මට යාළුවෙක් හම්බෙලා කීවා…නිම්සරා හැමඳෙම දාලා යන්න ගියා කියලා…හ්ම්ම්
ගොඩක් දුක් උනා මාත් ..පපුව නතරවෙලා ගියා වගේ දැනුනා…මාත් ඉන්ඳෙන්න තරම් ලොකු දුකක් දැනුනා…වචනයක් කතා කළේ ගොඩක් වෙලාවකට පස්සෙ…

ඔව් ඔයාලා හිතන්න ඇති මං අමතක කරන්න ඇති කියලා නේඳ…

නෑ…ජීවිතේටවත් නෑ……..

මට එහෙම අමත වෙයිද ..මේ තරම් ලස්සන හදවතක් තිබුණ ඒ මිනිසා..

මං ඇතතමයි යාළුවාගෙන් ඇහුවා ..එතකොට මෙත්සිළුට මොකද උනේ කියලා…

එයා ගොඩක් අවුල්වෙලා ,කඳුළු පුරවන් මඟෙ මුහුණ දිහා බලලා කීවා..”එදා දැක්කට පස්සෙ අය කවදාවත් දැක්කෙවත්..කොහෙද ඉන්නෙ කියලවත් කවුරුත් දන්නෙ නෑ ” කියලා…

ඔයාලට කියන්න…මඟෙ හුස්ම නැවතුනෙ නැති එක ගැන මංම පුදුම උනා ඒක ඇහුවට පස්සෙ…

ආයෙත් මං එකම වචනයක්වත් ඒ ගැන මතක් කරන්නවත් ඇත්තටම කැමති නෑ..

ඔයාලා අහන්නත් එපා…

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

පොරොන්ඳුවක් දුන්නොත් රකින්න…
ආදරේ කවදාවත් ගණුදෙණුවක් කරගන්න එපා…ගොඩක් ලොකුවට ඕනි නෑ..පුළුවන් විදියට තප්පරයක් හරි එකිනෙකාට ලන්වෙලා පුංචි කැපකිරීම් කරලා සතුටින් ඉන්න…ජීවිතේ කියන්නෙ හරි පුදුම තැනක්…ලස්සනට විඳින්න..කවදාවත් විඳවීම් තියාගන්න එපා..

🌻දුක හිතුනනම් සමාවෙන්න! ඒක කතාවක් විතරයි…දැන් හිනාවෙන්න…විහිළුවක් කරන්නඳ…(ගැහැණු තමයි ලෝකෙ අවන්කම ) 🌻

සිතුම්

Advertisment