“අනේ පූර්ණ දුව අඩනවා.මට එයාව නලවගන්න ඉඩ දෙන්නකෝ.අනේ එයාව ලෙඩ වෙයි ඔහොම අඩලා…….”😢😢

“ඇයි උඹ දුවගෙ අම්මද?තෝ ඔය අත් දෙකෙන් මගෙ දරුවව අල්ලන්නවත් එපා.මං කැමති නෑ තෝ වගේ ජරා ගෑනියෙක්ගෙ හුලගක්වත් මගෙ දරුවට වදිනවට…….”😡😡

හිතක් පපුවක් නැති විදියට පූර්ණ එහෙම කියලා දුවව වඩා ගත්තා.ඒත් පූර්ණට බැරි වුනා දුවව නලවගන්න. අම්මි අම්මි කිය කියා දුව මගේ දිහාට අත දික් කර කර අඩන්න පටන් ගත්තා.😭😭

“මං දරුවව වදපු අම්මා නොවෙන්න පුලුවන් පූර්ණ.ඒත් දරුවව හදපු අම්මා විදියට මටත් දුව ගැන අයිතියක් තියනවා.මාත් දුවට ආදරෙයි.මාව විශ්වාස කරන්න පූර්ණ…….”😭😭

“අනේ පල වේ## යන්න.මං උඹව ඕනවටත් වඩා විශ්වාස කරා.උඹ මගේ විශ්වාසෙ නැති කරා.දැක්ක පළවෙනි දවසෙම දැන අර සාරංග කියන මිනිහා ජරා මිනිහෙක් කියලා.තෝ පල ඌත් එක්ක ඕන දිහාවක පට්ට බැල්ලි…….”😡😡

තව දුරටත් පූර්ණ එක්ක කතා කරලා වැඩක් නෑ කියලා මට තේරුණා.ඒත් එක්කම ගෙදර බෙල් එක වදින සද්දයක් ඇහුනා.පූර්ණ දරුවව ඇද උඩින් තියලා ගියා ඒ කව්ද කියලා බලන්න.ඇවිත් හිටියෙ පූර්ණගේ අම්මයි තාත්තයි.

“ඒ මනුස්සයට වැඩි අමාරුවක් නෑ පුතා. ඉතිං අපි ආවා…….”

එහෙම කියාගෙන පූර්ණගේ අම්මා ගේ ඇතුලට ආවා.

“කෝ සේනානි දූ නිදිද?……..”

පූර්ණගේ අම්මා පූර්ණගෙන් එහෙම ඇහුවත් පූර්ණ ඒකට උත්තරයක් දුන්නෙ නැහැ.මේ උදා වෙලා තියෙන්නෙ මගෙ ජීවිතේට මහ නරක කාලයක් කියලා මට දැනුනා.කාමරේට වෙලා මහ හයියෙන් ඇඩුවා.පූර්ණගේ අම්මයි තාත්තයි දෙන්නම කාමරේට ආවා.

“මොකද දූ අඩන්නේ?ඇයි මොකද සිද්ද වුනේ?පුතා ඇයි මේ දරුවා අඩන්නේ?…….”

සිද්ද වෙච්චි දේවල් පූර්ණ එයාගෙ අම්මයි තාත්තයි ඉන්න තැන කිව්වා.

“දුව මොනවද මේ පුතා කියන දේවල්?මේවා ඇත්තද?…….”

“අනේ අම්මෙ මාව විශ්වාස කරන්න. සාරංග අයියට ඕනි මාව පූර්ණගෙන් ඈත් කරන්න.මං කිසිම වරදක් කරේ නෑ අම්මෙ.මගේ මැරිච්ච අම්මාගෙ නමින් වුනත් මං දිවුරන්නම්.මං මේ කියන්නෙ ඇත්ත.මං කවදාවත් පූර්ණට ද්‍රෝහි කමක් කරලා නෑ……..”😭😭

වෙච්චි හැම දෙයක්ම අකුරක් නෑරම මං පූර්ණගේ අම්මටයි තාත්තටයි කිව්වා. පූර්ණගේ ෆෝන් එකට එවපු ෆොටෝ එක ඒ දෙන්නා බැලුවා.

“හැබැයි නෝනෙ මේ ෆොටෝ එක දිහා බැලුවම තේරෙනවා මේ මිනිහා සේනානි දුවව බලෙන් ලං කරගෙන ඉන්න බව……..”

පූර්ණ පිලිනොගත්තු ඇත්ත පූර්ණගේ තාත්තා පිලිගත්තා.

“උඹට තව දුරටත් මේ වහලෙ යට ඉන්න බෑ.උඹේ ඇදුම් ටිකත් අරගෙන දැන්මම මෙහෙන් පලයං……..”😡😡

“අනේ පූර්ණ මට ඒ වගේ දඩුවමක් නම් දෙන්න එපා.මං ඔයාට වරදක් කරේ නෑ. මං සාරංග අයියට පුංචි කාලෙ ඉදන්ම සැලකුවේ මගේම සහෝදරයෙක්ට වගේ. අනේ අම්මෙ,තාත්තෙ ඔය දෙන්නා වත් මාව විශ්වාස කරන්න………”😭😭

“පුතා එකපාරටම අර සාරංග කියන මිනිහා කියන දේවල විශ්වාස කරන්න එපා.සේනානි දුව නරක ළමේක් නෙවෙයි. සිද්ද වෙලා තියන දේවල් වල හැටියට සේනානි දූගෙ අතේ වරදක් නෑ…….”

පූර්ණ මාව සැක කරාට එයාගෙ අම්මයි තාත්තයි මාව විශ්වාස කරා.ඒක මට පුදුම සැනසීමක් වුනා.ඒ දෙන්නත් මාව සැක කරා නම් මට බෙල්ලෙ වැල දාගන්න හිතෙයි.

“අම්මලාටත් මේ වේ### නෙ විශ්වාස. කලින් වෙච්චි දේවල්වත් මතක නෑ වගේ…….”😡😡

“පුතා….මිනෝලි යි සේනානි යි කියන්නෙ දෙන්නෙක්.සේනානි දූ සාරංගගේ කාර් එකට නැග්ගෙ අර ආපු මිනිස්සු දෙන්නට බයෙන්නෙ.පොඩ්ඩක් හිතන්න පුතේ මේ කෙල්ල ඔයා වෙනුවෙන් මේ දරුවා වෙනුවෙන් මොන තරම් දේවල් කරාද? අනුන්ගෙ දරුවෙකුට අම්මා වෙන්න හැම ගෑනු කෙනාටම බෑ.ඔය දෙන්නව වෙන් කරන්නයි අරූට ඕනි කරන්නෙ…….”

“ඔව් පුතා.අපිට සාරංගව ප්‍රශ්නයක් වුනොත් පොලීසියේ ඇන්ට්‍රියක් දාමු.කතා බහ කරලා මේක විසදගන්න බලන්න. ඔය දෙන්නා ගහ මරාගන්න හදන්න එපා…….”

අම්මයි තාත්තයි දෙන්නම එතනින් ගියේ ගොඩාක් උපදෙස් දීලයි.අඩලා අඩලාම මගෙ ඇසුත් තදිස්සි වෙලා.වෙලාව රෑ දහයාමාරයි.දුවට නම් හොදටම නින්ද ගිහිල්ලා හිටියෙ.පව් කෙල්ල.මං ගාවට එන්න සෑහෙන්න ඇඩුවා.අඩලා අඩලාම දැන් නිදි.

“තමුසෙට නිදා ගන්න ඕන්නම් බිම නිදා ගන්නවා.තමුසෙ වගේ ජරා ගෑනියෙක් එක්ක එක ඇදේ නිදාගන්නත් මට අප්පිරියයි…….”😠😠

එලියෙ හෝ ගාලා වහිනවා.🌧️🌧️🌧️🌧️🌧️මෙච්චර සීතල ටයිල් පොලවෙ කොහොමද දෙයියනේ මං නිදා ගන්නෙ. කබඩ් එක ඇරලා ටිකක් ලොකු සීට් එකක් ගත්තු මං ඒක තුනට නවලා බිමින් එලා ගත්තා.කොට්ටෙ අරන් මං බිම එලපු සීට් එක උඩ නිදා ගත්තෙ පොරවන සීට් එක බෙල්ල ගාවටම පොරවාගෙනයි.සීතලට මුලු ඇගම වෙව්ලනවා.ඒත් මං පූර්ණට වෛර කරේ නෑ.ඔයා මාව කවදා හරි තේරුම් ගනියි පූර්ණ.


රෑ වැහැපු වැස්ස පානදර දෙක තුන වෙනකල් වැස්සා.වැස්ස අඩුවීගෙන එද්දී මං නැගිටලා සීට් එක අකුලලා කුස්සියට ගියා.අත පය වෙව්ලනවා සීතල වැඩිකමට.ඉක්මනින් වතුර උණු කරපු මං තේ හැදුවා.ඊට පස්සේ උදේට කෑම ඉව්වා. සීතල වැඩි කමට උණ ගැනෙන්නද මන්දා.

“ඇයි දුවේ ඔයා මේ වෙව්ලන්නේ?කෝ බලන්න.දෙයියනේ ඔයාට උණ ගන්න වගේ.කෝ පුතා.එයාට කිව්වෙ නැද්ද?…….”

මං නැහැයි කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.අම්මා දීපු පෙනඩෝල් පෙති දෙක බීපු මං කාමරේට ගියා.බෙහෙත් ගේන්න එක්කන් යන්න හැදුවත් මං අම්මට බැහැයි කිව්වා.පූර්ණ තාමත් නිදි. එවලෙම පූර්ණගේ අම්මා කාමරේට ආවා.අම්මා පූර්ණට කතා කරා.

“පුතා පොඩ්ඩක් නැගිටින්නකෝ…….”

“ඇයි අම්මෙ?……”

“සේනානි දූට උණ වගේ.දවල් වෙන්න කලින් ගිහිල්ලා බෙහෙත් ටිකක් අරන් දෙන්න…….”

එහෙම කියලා අම්මා කාමරෙන් ගියා.

“ඉක්මනට ලෑස්ති වෙනවා බෙහෙත් ගේන්න යන්න.නැත්නම් සාරංගට එන්න කියලා ඌත් එක්ක යනවා…….”

තවත් පූර්ණගෙ කතා අහන්න බැරි හින්දා මං ලෑස්ති වුනා බෙහෙත් ගේන්න යන්න. අපි බෙහෙත් අරන් එලියට එලියට එද්දී සාරංග අයියාත් ආවා.හැබැයි එවලෙ පූර්ණට කෝල් එකක් ආපු හින්දා පූර්ණ පැත්තකට ගියා කෝල් එක ආන්සර් කරන්න.සාරංග අයියා අර අවලං හිනාව මුහුණේ තවරාගෙන මං ගාවට ආවා.මට මුගෙ මූණ දකිද්දිත් එන්නෙ පාලනය කරගන්න බැරි තරම් කේන්තියක්.😡😡

ඊයෙ කාර් එකේදි වෙච්චි තුවාලෙට නලල වටේටම ප්ලාස්ටර් අලෝලා තිබ්බෙ.

“ඊයෙ අරූගෙන් ගුටි කාපුවට බෙහෙත් ගන්නද ආවෙ?……..”

“නෑ.මට උණ ඒකට බෙහෙත් ගන්න ආවෙ……..”

බොහොම අමාරුවෙන් කේන්තිය මැඩ ගනිමින් මං එහෙම කිව්වා.මං දැක්කා පූර්ණ කෝල් එක ආන්සර් කරද්දී මං දිහායි සාරංග දිහායි බලනවා.පූර්ණට පේන්නම සාරංග අයියා මට ලං වුනා.මට ආවෙ දරා ගන්න බැරි තරම් කේන්තියක්. මං හිමීට වටපිට බැලුවා.පාර දිගේ වාහන,මිනිස්සු ගියත් එයාලට අපිව ගානක් වුනේ නෑ.සාරංග අයියා මගෙ උරහිසට අතක් තිබ්බා.තවත් බල බලා ඉන්න විදියක් නෑ.අද මූට හොද පාඩමක් උගන්නන ඕනි.උණ තත්වෙ ගැන නොහිතා මං අත මිට මොලෝලා සාරංගගේ කම්මුලට ගැහුවා.

“මේ සාරංග තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහො කසාද බැදපු ගෑනු පස්සෙ යන්නෙ.බලාගන්නවා මේ ඉන්නෙ මගෙ මහත්තයා.උඹට වැඩිය සිය දහස් ගුනයක් පූර්ණ හොදයි.තමුසෙට කවදාවත් පූර්ණගෙන් මාව වෙන් කරන්න බෑ.කරුණාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා සාරංග.ආයෙ මගෙ ජීවිතේට කරදරයක් වෙන්න හැදුවොත් මං පොලීසි යනවා.ගෑනු පෙරේතයා……..”😡😡

කෑ ගහලා හයියෙන් හැමෝටම ඇහෙන්න මං සාරංගට එහෙම කියලා බැන්නා.වටේ පිටේ ඉන්න මිනිස්සු අපි ගාවට පිරෙන්න ඒ හැටි වෙලාවක් ගියේ. කම්මුලට අත තියාගෙන සාරංග මං දිහා බලන් හිටියේ වෛරය පිරුණු දෑසින්. තවත් මට මෙතන ඉන්න පුලුවන් කමක් නෑ.පූර්ණත් එක්ක කාරෙකට නැගලා ගෙදරට ආවා.ගෙදරට ආවත් පූර්ණ මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ. රෑට කෑම කාලා බෙහෙත් ටික බීපු මං දුව ගාවට යන්න හිතුවත් ගියෙ නෑ.පව් කෙල්ලටත් උණ බෝවුනොත් එහෙම.ඒ හින්දා මං පූර්ණගේ අම්මට කිව්වා කෙල්ලව එයා ගාවින් තියා ගන්න කියලා. කෙල්ලත් කැමතියි ආච්චි ගාව නිදා ගන්න.

මාත් එක්ක එක ඇදේ නිදා ගන්න පූර්ණ කැමති නෑ.ඒ හින්දා මං සීට් එක එලාගෙන බිම නිදා ගත්තා.ඊයෙ වගේ අදත් වහින්න පටන් ගත්තා.සීතල දරාගෙන මං සීට් එක පොරව ගත්තා.රෑ දහය පහුවුනත් මට නින්ද ගියෙ නෑ.දරා ගන්න බැරි තරම් සීතලක් දැනුනා. එක්වරම මට දැනුනා කවුරු හරි මගෙ පිටට අත තියපු බව.දෙයියනේ පූර්ණ. එයා මොකද මේ ඇහැරිලා.

“යමු ඇදට……..”

“කමක් නෑ පූර්ණ.මං….මෙහෙම නිදා ගන්නම්……..”

මං එහෙම කිව්වත් පූර්ණ මං පොරවාගෙන හිටපු රෙද්ද අයින් කරලා මාව දෝතින් වඩාගත්තා.හිරිගඩු පිපෙන තරමට දැනුනු සීතලට මං පූර්ණගේ පපුවට තුරුල් වුනා……..දෙයියනේ මොකද මේ පූර්ණට වෙලා තියෙන්නේ.එයා මාව තේරුම් ගත්තද?

පරිස්සමට මාව ඇදෙන් තියපු පූර්ණ මගේ දොතොල් සිප ගත්තා.ඊට පස්සේ ඒ දෙතොල් මගෙ මුහුණ පුරාත් ගෙල පුරාත් රැගෙන ගියා.

“පූර්ණ…..මට උණ.ඔයාටත් බෝ වෙයි දැන්……..”

මං හිමිහිට එහෙම කිව්වා.

“කමක් නෑ බෝ වුන දෙන්……..මට සමාවෙන්න සේනානි.අද මට තේරුනා ඔයා වැරදි නැහැ කියලා……..”

නැවත හමුවෙමු

Advertisment