සංසලා දැන් අපි ගෙදර යමු නේද මැණික.බලන්න දැන් රෑ හතත් පහු වෙලා……..”
ඇත්තමයි තේජානුයි මායි බීච් එකට ඇවිත් දැන් ගොඩාක් වෙලා.වෙලාව යනවා දැනුනේ නෑ.
“අනේ තේජාන් තව ටිකක් වෙලා ඉදලා යමුකෝ……..”
මුහුදු රැල්ලෙන් එන සුළග නිසා දැනුනු සීතලට දෙවුර හකුලුවා ගනිමින්.
“ඔය බලන්න තව ටිකක් වෙලා මෙතන හිටියොත් සීතල හැදෙයි.දැනටමත් සීතලයි නේද?ගොඩාක් වෙලා ඔයාට මෙතන ඉන්න හොද නෑ…….”
“ඒකට කමක් නෑ සීතල අරින්න ඔයා ඉන්නවනේ……..”😁😁
තේජාන්ගෙ අතේ බාහුවක එල්ලිලා මනමාල බැල්මක් මුහුණ පුරා තවරා ගනිමින් මං එහෙම කිව්වා.
“මේකිට තියන ගායක් අම්මපා.මැණිකේ යමු රත්තරනේ.උඹට සීතලක් හැදුනොත්…….”
තේජානුයි මායි ආපහු ගෙදර ආවේ මගින් කෑමත් කාලමයි.අපි ගෙදර එද්දී ලලිතා නැන්දා අපි එනකල් මග බලන් හිටියා.
“පරක්කු වෙනකොට මං බයෙන් උන්නෙ නෝනට හදිස්සියක්වත් වුනාද කියලා…….”
“නෑ ලලිතා.කෝ මෙයාට එතනින් එන්නම බෑ කිව්වනේ……..”
“නෝනෙ නෝනෙගෙ ගෙදරින් කෝල් කරා.නෝනෙගෙ අම්මා.මං කිව්වා නෝනා ආවම කෝල් එකක් ගන්න කියන්නම් කියලා……..”
ලලිතා නැන්දා එහෙම කිව්වම මං බැලුවෙ තේජාන්ගෙ මුහුණ දිහා.ඒ මුහුණට කේන්තිය මුසු වෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ.මට බයත් හිතුණා.
“සංසලා,කෝල් එකක් අරන් අම්මත් එක්ක කතා කරලා කාමරේට එනවා…….”😠
මට එහෙම කියලා තේජාන් පඩිපෙළ නැගලා කාමරේට ගියා.මං ලෑන්ඩ් ෆෝන් එකෙන් අම්මට කෝල් එකක් ගත්තා.
“හෙලෝ……..”📞
“අම්මෙ මං……..”📞
“ඔව් අම්මෙ මං හොදින්.ඔයාලට කොහොමද?……..”📞
“අපිත් හොදින් ඉන්නවා දූ.තේජාන් ඔයාව හොදට බලා ගන්නවද?……..”📞
“ඔව් අම්මෙ.තේජාන් මට ගොඩාක් ආදරෙයි.මාව ගොඩාක් හොදට බලා ගන්නවා……..”📞
“අපිට සමාවෙන්න දූ.අපි ඔයාට කරන්න ගියේ ලොකු වැරැද්දක්.පුලුවන් නම් තේජාන් පුතා එක්ක මෙහෙ ඇවිල්ලා යන්න එන්න.නැත්නම් කමක් නැහැ.ඔයා හොදින් ඉන්නවා නම් අපිට ඒ ඇති.මං ආයෙ වෙලාවක ඔයාට කෝල් කරන්නම්……..”📞
“මං තේජාන්ට කියලා බලන්නම් අම්මෙ. එයා එන්න කැමති වෙයිද කියලා කියන්න අමාරුයි…….”📞
“කමක් නෑ දූ.මං එහෙනම් තියන්නම්.බුදු සරණයි…….”🙏📞
“බුදු සරණයි අම්මෙ…….”🙏📞
දුරකථන සංවාදය අවසන් කරලා මං කාමරේට ආවා.තේජාන් කවදාවත් අපේ අම්මලාගෙ ගෙදර යන්න කැමති වෙන එකක් නෑ.ඒක මට හොදටම විශ්වාසයි.
ඇදේ පැත්තකින් වාඩි වෙලා අම්මා කියපු දේවල් මං තේජාන්ට කිව්වා.
“සංසලා,මට බෑ කවදාවත් එහෙ යන්න. එතන ඉන්නෙ මගෙ තාත්තයි නංගියි අම්මයි මරපු මිනීමරුවා.ඒක ඔයා හොදටම දන්නවනේ.දරුවා ලැබුනට පස්සෙ ඔයාට ඕන්නම් ඔයා ගිහිල්ලා එන්න.හැබැයි දරුවව අරන් යන්න බෑ……..”
තේජාන් හිටියේ හොදටම කේන්ති ගිහින් කියලා මට හිතා ගන්න අපහසු වුනේ නෑ. දෙයියනේ මේ කේන්තියත් එක්ක ආපහු තේජාන්ට මාව එපා වෙයිද?😢😢
“ඔයා එපා කියන දෙයක් මං කරන්නෑ තේජාන්.මං යන්නෙත් නෑ.හිත රිදුනා නම් මට සමාවෙන්න…….”🙏🙏
“හරි කම්මැලියි තේජාන්…….”
උදේ තේ එක බොන ගමන් මං තේජාන්ට එහෙම කිව්වා.
“ඔය කම්මැලි කම තව ටික කාලයයිනෙ මැණික.ඊට පස්සෙ යුද්දෙ පටන් ගන්නයි තියෙන්නෙ.දවස ගෙවෙනවත් දැනෙන්නෙවත් නැති වෙයි…….”
“ඒක නම් ඇත්ත තමයි.මං කිව්වෙ ඒක නෙවෙයි……..”
“එහෙනං කෝකද?……..”
ඔය ඉතිං තේජාන් හදන්නෙ මාව අවුස්සන්න.මාව කේන්ති ගස්සලා එයා හොදට හිනාවෙනවා.
“මෙහෙම එකම තැනට වෙලා ඉන්න ගියාම එපා වෙනවා තේජාන්…….”
“ඔව් මැණික මට තේරෙනවා මාස ගානක් තිස්සෙ මේ කාමරේ අස්සෙම හිර වෙලා ඉන්න ගියාම පිස්සු හැදෙනවා තමයි.මට ඔයාව එලියට එක්කන් යන්න පුලුවන්. ඒත් ඉතිං එහෙම එක්කන් යන්න බෑනෙ. කොයි වෙලේ හොස්පිටල් යන්න වෙයිද කියන්න බෑනෙ……..”
තේජාන් කියන කතාවත් ඇත්ත තමයි. දරුවා ලැබෙන්නෙ දින තියෙන්නෙ ලබන සතියෙ.හරියටම තව දවස් අටයි.ඉතිං මේ දවස් ටිකේ ගෙදරටම වෙලා ඉන්න කියලයි ඩොක්ටර් කිව්වෙ.
උදේ කෑම අරන් ඉවර වෙලා මං ජනේලෙන් එලිය බලාගෙන හිටියා.අද උදෙන්ම වහින්න වගේ.අහසත් කලු කරලා.
“මොකද මේ මෙතනින් පහලට පනින්නද කල්පනාව?……..”
පිටි පස්සෙන් ඇවිත් මාව තුරුල් කරගන්න ගමන් තේජාන් එහෙම ඇහුවා.
“බුදු අම්මෝ මෙතනින් පනින්න මට නම් බෑ……..”
“ඇයි එහෙනම් එදා පැන්නෙ……..”
“මට හිතා ගන්න බෑ එදා මං කොහොමද මෙතනින් පල්ලෙහාට පැන්නෙ කියලා…….”
“මැට්ටි….මාර ට්‍රයි එකක් දුන්නෙ මං ගාවින් පැනලා යන්න නේද?……..”😀
“දැන් පුතෝ දුම්මල ගහලවත් මාව එලවන්න නම් බෑ……..”😁😀
😘😘
දවල් ඉදන් මගෙ ඇගට යම් යම් අපහසුතාවයන් දැනෙන්නට වුනා.ඒත් මං ඒ ගැන වැඩිය හිතුවෙ නෑ.දින ලග නිසා මෙහෙම වෙන්නෙ කියලා හිතුවා.රෑ වෙනකොට ඒ අමාරුව ටිකෙන් ටික වැඩි වෙන්න ගත්තා.මගෙ ඇස් දෙකෙන් කදුලුත් ආවා.තේජාන් හිටියෙත් පහල.මං කොන්දට අත තියාගෙන තේජාන්ට කතා කරන්න පල්ලෙහාට යන්න හැදුවා.ඉන්න බෑ කොන්ද රිදෙනවා.මගෙ අමාරුව දැනිලද මන්දා තේජාන් කාමරේට ආවා. තේජාන් දකින්න ඇති මං අමාරුවෙන් වගේ ඉන්නවා.
“ඇයි මැණික ඔයාට අමාරුයිද?…….”
“මාව….ඉක්…මනට හොස්පිටල් එකට ගෙනියන්න….තේජාන්.මට……ටිකක් අමාරුයි…….”
තේජාන් ටක්ගාලා ලලිතා නැන්දට කතා කරලා මාව වාහනේම හොස්පිටල් එකට ගෙනාවා.එන්න එන්නම මගේ අමාරුව වැඩි වුනා.මං කෑ ගහලා හයියෙන් ඇඩුවා.😭😭තේජාන් හිටියෙ ගොඩාක් බය වෙලා.
🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
වේදනාවෙන් ඇස් ඇරියත් මට අවට පරිසරය බොද වෙලා වගේ පෙනුනා.ටික වෙලාවක් යද්දී ඒ සියල්ලම පැහැදිලිව පෙනුනා.බිත්ති ඔරලෝසුවේ වෙලාව දැක්වුනේ රාත්‍රී එකොළහ ලෙසිනුයි.🕚මං ලග නර්ස් කෙනෙක් හිටියා.
“ආ ඔයාට සිහිය ආවද?මයි කන්ග්‍රැජුලේශන් මැඩම්.ඔන්න ඔයාට ලස්සනම ලස්සන දූ කුමාරියෙක්…….”
ඒ නර්ස් එහෙම කියද්දී මගේ සතුට ගළපගන්න මට වචන නැති වුනා.ජීවිතේ කවදාවත් මං මේ තරම් සතුටක් අත් විදලා නැතුව ඇති.ඒ නර්ස් තොටිල්ලට පහත් වෙලා මගේ පුංචි රෝස බෝනික්කිව මගේ තුරුලෙන් තිබ්බා. රෝසම රෝස පාටයි.හරියට පුලුං බෝලයක් වගේ මගේ පුංචි සුරංගනාවි.ඒ ඇස්,නහය,කට,චූටි අත පය මට ඉඹගෙන ඉඹගෙන යන්න හිතුණා.අනේ තේජාන් කොහෙද?මං නර්ස්ගෙන් ඒ ගැන ඇහුවා.
“තේජාන් සර් මග එනවා ඇති මැඩම්.මං කෝල් කරා මැඩම්ට දරුවා ලැබුනා කියලා……..”
ඒ නර්ස් එහෙම කියලා විනාඩි දහයක් විතර යනකොට කාමරේ දොරත් ඇරගෙන තේජාන් ආවා.තේජාන්ගෙ අතේ ලොකූ රෝස මල් පොකුරක් තිබුනා.ඒක මට දීලා තේජාන් මගෙ නලල සිපගෙන මට සුබ පැතුවා.ඊට පස්සේ තේජාන් දුවව වඩා ගත්තා.
“ඔයාට අමාරුවක් නෑනෙ මැණික…….”
මං හිස දෙපසට වනලා නෑ කිව්වා. තේජාන් දුවව අතේ තියාගෙන මොන මොනවදෝ කියවමින් නලවනවා.ඒ තාත්තගෙයි දූගෙයි ආදරේ හරිම අපූරුයි කියලා මට හිතුණා.😘😘
මට මගේ අම්මවයි අප්පච්චිවයි මතක් වුනා.මට දරුවා ලැබුනු බව අම්මා දන්නවා නම් කොයි තරම් සන්තෝශ වෙයිද?අම්මා දරුවා බලන්න ගොඩාක් ආසාවෙන් ඇත්තෙ.ඒත් තේජාන් ඒකට කැමති නෑනෙ.ඉතිං මං ඒක නොකියා හිටියා.
“සංසලා අපි මොකක්ද මෙයාට දාන නම?……..”
“මං නමක් හිතුවා……..”
“ඒ මොකක්ද?……..”
“දේදුණු චංචලා සේනානායක…….”
අපි දෙන්නගෙම කැමැත්තෙන් දූට ඒ නම තිබ්බා.
දවස් දෙකක් හොස්පිටල් එකේ හිටපු මං දූත් එක්ක ගෙදර ආවා.තේජාන් අපේ කාමරේ ලස්සනට හදලා තිබ්බා.හැම දෙයක්ම රෝස පාටින්.හරිම ලස්සනයි. තේජාන්ගෙ යාලුවෝ එයාලගෙ නෝනලාත් දුව බලන්න ආවා.
“ඒයි මචං කෙල්ල නම් මේ නංගි වගේ. හැබැයි උඹේ පාට…….”
තේජාන්ගෙ යාලුවෙක් මාව පෙන්නලා තේජාන්ට එහෙම කිව්වා.
“දැන්වත් පිළිවෙලකට ජීවත් වෙයන්.දැන් උඹ තාත්තා කෙනෙක්නෙ.වගකීමක් ඇතුව ජීවත් වෙයන්…….”
තේජාන්ගෙ අතිජාත මිත්‍රයෙක් තේජාන්ට එහෙම කිව්වා.
“අම්මෝ උඹ කියනකල් මං මේ හිටියෙ. යමන් උඹලට කෑම ලෑස්තියි පල්ලෙහා……”
“ආ ඒක හොදයි.කෑම කොතනද අපි එතන…….”🤣😂😁
ඊලග කොටසින් නැවත හමුවෙමු