ඊට පහුවදා උදේ නවයයි හතලිස් පහට යෙදුණු සුබ මොහොතින් තේජාන්ගෙයි මගෙයි කසාදෙ කෙරුනා.රෙජිස්ටාර් කෙනෙක් ගෙදරට ගෙනල්ලයි වැඩේ කෙරුනේ.රෑට තේජාන්ගෙ ලගම යාලුවෝ කිහිප දෙනෙක්ට පාර්ටියක් තියනවා.

“සංසලා බබාට ඕනි කරන තව මොනවා හරි ගන්න තියනවද?……..”

“ඔක්කොම බඩු අරන් තියෙන්නෙ තේජාන්.ලලිතා නැන්දයි මායි තිලකවර්ධන එකට ගිහිල්ලා ගත්තා……..”

“සෙල්ලම් බඩු?…….”

“බබා තාම බඩේ.දැන්ම සෙල්ලම් බඩු ඕන්නෑ තේජාන්.සෙල්ලම් කරන වයස එනකොට ඒවා ගම්මු…….”

“අද රෑ පුංචියට පාටියක් තියනවනේ. පොඩ්ඩක් ගත්තට කමක් නැද්ද?…….”😁

මං දන්නවා තේජාන් මේ අහන්නෙ මොකක්ද කියලා.😉

“හ්ම්ම්.අදට කමක් නෑ ඉතිං.පොඩ්ඩක් හරිද?……..”

“හා ඉතිං.ආ තව එකක් අමතක වුනානෙ……..”

“ඒ මොකක්ද තේජාන්?……..”

“අදනෙ අපි මැරි කරේ……”😉

“ඔව්ව්…….”

“ඉතිං හනිමූන් යන්නෙ නැද්ද?……..”😁😉

මගෙ කණ ලගට ලං වෙලා තේජාන් එහෙම ඇහුවා.

“ඈ…..හනිමූන් නෙවෙයි තව ටික දවසකින් මට හොස්පිටල් යන්න තියනවා.ඇයි මැරි කරන්න කලින්නෙ හනිමූන් ගියේ……..”😁😂😀

“කට තියනවා හොදටම මේකිගෙ……..”😁

💖💖

රෑ තිබුනු පාටියට තේජාන්ගෙ ලගම යාලුවො කිහිප දෙනෙක්ම ආවා.එයාලා හැමෝම සාලෙට වෙලා කතා කරන සද්දෙ මට ඇහුනා.මං සාලෙට ගියේ නෑ. මං හිටියෙ කාමරේට වෙලා.කවුරු හරි කාමරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.මං ගිහින් දොර ඇරියා.

“මැඩම් මං රවීගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් අනුරාධා……..”

“ආ එන්න අනුරාධා ඇතුළට……..”

“මැඩම් හරිම ලස්සනයි.කවද්ද මැඩම් දින තියෙන්නෙ?…….”

“අනේ තැන්ක්‍යූ.ලබන මාසෙ විසිනවය දින තියෙන්නෙ……..”

“මැඩම් අපිත් යමු පල්ලෙහාට.තේජාන් සර් මැඩම්ව එක්කන් එන්න කිව්වා……..”

මං අනුරාධා එක්ක පල්ලෙහාට ගියා. සාලෙ හිටපු හැමෝම බැලුවේ මං දිහා. මට සියුම් ලැජ්ජාවකුත් දැනුනා.මං තේජාන් ලගම පුටුවකින් වාඩි වුනා.

“ආයිශ් අප්පා මූ කසාදෙට කලින්ම වැඩ අල්ලලා වගේ……..”🤭😁

කට හැකර තේජාන්ගෙ යාලුවෙක් එහෙම කියලා කෑ ගැහුවා.මට ලැජ්ජත් හිතුණා.

“අනේ ඔයාලා මොනවද කියන්නෙ.ඒ නංගිට ලැජ්ජ හිතෙයි……..”

එක ගෑනු කෙනෙක් එහෙම කිව්වා.මං නිකන් හිනා වුනා විතරයි.

“අනේ නිකන් හිටහන් බන්.මං දන්නැද්ද උඹලගෙ හැටි.ආ……..”😁

එහෙම කිව්වෙ තේජාන්.හැමෝම හිටියේ ගොඩාක් සන්තෝශෙන්.හැමෝම වාඩි වෙලා කෑම කෑවට පස්සෙ එළියෙ පිරිමි අයට වෙනම සාදයක් තිබුනා.ගෑනු කට්ටිය සාලෙට වෙලා ඉදගෙන හිටියා.

“ඔන්න එහෙනම් නොබෝ දිනකින් උත්තරීතර පිය පදවිය ලබන්න ඉන්න අපේ තේජාන් ෂාමේන්ද්‍ර සේනානායකට ජයවේවා කියලා අපි පොඩ්ඩක් සප්පායම් වෙනවා……..”😀😀

තේජාන්ගෙ යාලුවෙක් එහෙම කියලා සාදය ආරම්භ කරා.

“නංගි ඔයාට ඇහැරිලා ඉන්න අමාරුයි නම් කාමරේට ගිහින් නිදා ගන්න. මෙයාලගෙ මේ පාටිය ඉවර වෙනකොට රෑ දහයත් පහු වෙයි……..”

තේජාන්ගෙ යාලුවෙකුගේ නෝනා කෙනෙක් මට එහෙම කිව්වා.

“එහෙම නිදි මතක් නෑ අක්කෙ……..”

🌼🌼

සාදය ඉවර වෙනකොට රෑ දහයයි කාල විතර වුනා.තේජාන්ගෙ යාලුවන්ගෙ වයිෆ්ලයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ලයි සාලෙ සැටිය උඩට වෙලා බාගෙට නිදාගෙන හිටියෙ.මං කම්මැලි හින්දා කාමරේට ආවා.තේජාන් එනකල් මං බැල්කනියට වෙලා හිටියා. කාමරේ දොර ඇරෙන සද්දෙට මං බැලුවා. ආවෙ තේජාන්.මට පොරොන්දු වුන විදියටම තේජාන් ගොඩාක් ඩ්‍රින්ක් අරන් හිටියෙ නෑ.හැබැයි චුට්ටක් ඇස් රතු වෙලා වැනි වැනි වගේ ආවෙ.

“මැ…ණික තාම නිදි නැද්…ද?…….”

“ඔයා එනකල් හිටියෙ තේජාන්.යමු නිදා ගම්මු……..”


උදේ අටහමාරට විතර මට ඇහැරුනා. තේජාන් නම් තාම හිටියේ නිදාගෙන. හිමින් හිමින් නැගිටපු මං මුහුණ කට හෝදගෙන දත් මැදලා පල්ලෙහාට ගියා.

“අනේ නෝනෙ,නෝනෙ මේ පඩිපෙළ බැහැගෙන එන්න එපා.මට කතා කරා නම් මං එනවනේ.ඉන්න මං නෝනෙට කිරි එකක් හදලා දෙන්නම්.මහත්තයා තාම නිදිද?…….”

“තේජාන් තාම නිදි නැන්දෙ.ඉන්න මං තේජාන්ගෙ කිරි එක හදන්නම්……..”

තේජාන්ගෙ කිරි එක හදාගෙන මං කාමරේට ගියා.මං යද්දී තේජාන් බාතෲම් එකේ ඉදන් එලියට ආවා.

“ගුඩ් මෝනිං මැණික……..”

“ගුඩ් මෝනිං මහත්තයෝ.ආ මේ කිරි එක බොන්න.මං හැදුවෙ……..”

“ශා මරුනේ…….”

තේජාන් කිරි එක බොන අතරේ මං ගිහින් කාමරේ ජනේලෙ ඇරියා.මට පෙනුනා තේජාන් කිරි එක බොන අතරෙ මගෙ කුස දිහා හොරෙන් හොරෙන් බලනවා.

“හොරා වගේ කොහෙද බලන්නෙ?……..”

කිරි එක බීලා ඉවර වෙලා තේජාන් මං ගාවට ආවා.අම්මෝ මේකගෙ මූණෙ තියන මනමාලකම😂😁😙

“බැලුවෙද මෙන්න මේ බණ්ඩිය දිහා බැලුවෙ…….”😙

තාත්තව දැනිලද මන්දා දරුවා දගලන්න වුනා.

“ඔයාව මෙහෙම දකිද්දී ආස හිතෙනවා මැණික.වඩාගෙන තුරුල් කරගන්න හිතෙනවා…….”

“තුරුල් කරගන්න.හැබැයි වඩාගන්න නම් එපා.මාව වැටුනොත් එහෙම……..”😀😀

❤️❤️

“තේජාන්…..අපි කොහේ හරි ඇවිදින්න යමුකො.ගෙදරම ඉදලා එපා වෙලා අනේ……..”

“ඇවිදින්න යන්න හොදයිද මේ කාලෙ?……..”

“එහෙම ගොඩාක් දුර යන්නෙ නෑනෙ.තව දින තියනවනේ.අනේ යමුකෝ බීච් එකටවත්.අනේ……ප්ලීස්……..”

මං දන්නවා මං එහෙම කිව්වම තේජාන්ට දුක හිතෙනවා කියලා.

“හ්ම්ම්.අද හවස යමුකො බීච් එකට. ලෑස්ති වෙලා ඉන්නකො.මං ඔෆිස් එකට ගිහින් එන්නම්……..”


හවස හතරට අපි බීච් එකට ගියා.පුදුම සනීපයක් දැනෙන්නේ.මාස ගානකට පස්සෙ අදයි මෙහෙම ගමනක් ආවෙ. හිතට දැනුනේ ලොකූ සැහැල්ලුවක්. තේජාන් මං ගාවින්ම හිටියා. මොහොතකටවත් මාව තනි කරේ නෑ.මේ වගේ ආදරයක් හරිම උතුම්.මහ සාගරයකත් වඩා ලොකු ආදරයක් මට තේජාන්ගෙන් ලැබුනා.

“තේජාන්…….”

“ඇයි මැණික……..”

“හදිස්සියෙවත් දරුවා ලැබෙන්න ගිහින් මං මැරුනොත් ඔයා මොකද කරන්නෙ?…….”

“අනේ අම්මපා උඹ හදන්නෙ අර කලින් වගේ මගෙන් ගුටි කන්නද? මතකනෙ කලින් කාපුවා.ආයෙ ඔහොම කතා කියලා තිබ්බොත් කට තලනවා……..”

“අනේ සොරි මහත්තයෝ.ආයෙ එහෙම කියන්නෑ.සොරි.කෝ හිනා වෙන්නකෝ……..”

ඒ පාර තේජාන් හිනා වුනේ නෑ.යකෝ මගේ හබී තරහ වෙලාද?කොහොමද දැන් යාලු කරගන්නේ?😁🤔🤔ආ හරි. දැන් කල්පනා වුනා.එහෙම හිතලා මං තේජාන්ගෙ කම්මුලට හාදුවක් දුන්නා💋ඒ පාර නම් තේජාන්ගෙ මුහුණෙන් අර මනමාල හිනාව මතු වුනා.😀😁🤭

“අම්මෝ මැණික ඒ කිස් එක නම් මාර රොමෑන්ටික්…….”😁😘

නැවත හමුවෙමු