“අනේ පූර්ණ ඔය රිමෝට් එක දෙන්නකො
මට ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්න ඕනි……..”

“අනේ මේ කෑනුගහ ඉන්නවා.මට මේ මැච් එක බලන්න ඕනි.පස්සෙ බලනවා ඒක රිවයින්ඩ් කරලා…….”

“ඉතිං ඔයා මැච් එක බලන්නකෝ පස්සෙ.
මට දැන් ඒක බලන්න දීලා අනේ……..”

මං කොච්චර නහයෙන් ඇඩුවත් පූර්ණ මට ඒ කුකරි ප්‍රෝග්‍රෑම් එක බලන්න දුන්නෙ නෑ.එයාට මැච් එක ලොකු වුනානෙ.මැච් එක ගහන්නෙ ඉන්දියාවයි ලංකාවයි.පූර්ණ සපෝට් කරන්නෙ ලංකාවට.ඇන්ජලෝ මැතිව්ස් ගහපු හයේ පාරක් දිහා පූර්ණ කට ඇරගෙන හිනා වෙවී මටත් අතින් ඇනලා බලාගෙන හිටියා😁😀මට කේන්තිත් එක්ක.😠

“එක හයයිනෙ ගැහුවෙ මැතිව්ස්. බලන්නකෝ ඊගාව පාර කඩුල්ල කැඩෙන හැටි…….”🤣😁

“එව්වා හදේ තමයි නංගී.බලන්නකෝ මැතිව්ස් පනහ ගහනවා…….”😀😀

පූර්ණට ඒක කියලා කට ගන්න හම්බුනේ නැහැ.දුවන්න ගිය මැතිව්ස්ගේ කඩුල්ල ශිකර් ධවාන් කැඩුවා.හොද වැඩේ පූර්ණට.මූල දෙක වුනා.😁😁

“ඊගාව කෙනත් යන්නෙ ඔය පාරෙ තමයි. අද මැච් එක ඉන්දියාව වින් කරනවා…….”

මං එහෙම කිව්වා ඊලග කඩුලු තුන පිළිවෙලින් අවිශ්ක ප්‍රනාන්දු,කුසල් මෙන්ඩිස්,නිරෝශන් දික්වැල්ල ලකුණු නොලබාම දැවී ගියා.😀🤣🤣මං බැලුවා පූර්ණගේ මුහුණ දිහා.අම්මෝ අබ දැම්මත් පුපුරන සයිස් එකක් තිබ්බේ.😁

“තමුසෙගෙ කට තමයි කට ඕයි.ආ බලාගන්නවා තමුසෙගෙ මහ ලොකු කුකරිය…….”

රිමෝට් එක මගෙ ඔඩොක්කුවට දාලා පූර්ණ කාමරේට ගියා.😀😀

🌼🌼

“අම්මෙ මං ටව්න් එකට ගිහිල්ලා එන්නම්.දුව ඇහැරුනොත් චුට්ටක් බලන්නකෝ…….”

“පුතා ආවට පස්සෙ පුතාත් එක්කම ගියා නම් හරිනෙ දුව.පයින් යන්න ඕන්නෑනෙ…….”

“ඔෆිස් එකේ ඉදන් පූර්ණ එන්නෙ ගොඩක් මහන්සි වෙලානෙ අම්මෙ.පව් එයාට කරදර කරන්න ඕන්නෑ.මං ටැක්සි එකක ගිහින් එන්නම්……..”

දුවට දීපු බෙහෙත් ඉවර වෙලා.පූර්ණට ගේන්න කියන්න හැදුවත් බෙහෙත් තුණ්ඩුව තියෙන්නෙ මං ගාවනෙ.මං ඒකත් අරන් තව පොඩි පොඩි බඩු වගයක් ගන්න ටව්මට ආවා.

මං බඩු අරන් පයින් එද්දී වේගයෙන් ආපු බයික් එකක් මගෙ ඉස්සරහම නවත්තලා මගෙ බෙල්ලෙ ගෑවෙන නොගෑවෙන තරමට පිහියක් දික් කරා. මට හොදටම බය හිතුණා.ඒ හරියෙ වැඩිය සෙනගකුත් හිටියෙ නෑ.ඒත් එක්කම කාර් එකක් ඇවිත් අමං ගාවින් නැවැත්තුවා.අර බයික් එක ඉගිල්ලුනා වගේ වේගෙන් ගියා.මගෙ ඇගට දාඩියත් දැම්මා බය වෙච්චි තරමට.මං ගාවට ආපු කාර් එකෙන් බැහැලා ආවෙ සාරංග අයියා.

“කව්ද ඒ උන්?නංගිට මොකුත් කරදරයක් වුනේ නෑනෙ…….”

“න්…නෑ අයියෙ.මං හොදින්.එකපාරටම මොනවා වුනාද දන්නෑ.මං උන්ව අදුරන්නෙ නෑ……..”

“යමු මං ගිහින් දාන්නම්.මෙතන වැඩි වෙලා ඉන්න එපා.නගින්න කාර් එකට…….”

සාරංග අයියා එහෙම කිව්වත් මට කාර් එකට නගින්න හිතුනෙ නෑ.සාරංග අයියා ගැන මගෙ හිතේ යහපත් ආකල්පය නැති වෙලයි තිබ්බෙ.

“කමක් නෑ අයියෙ.මං ත්‍රීවීලර් එකකින් ගෙදර යන්නම්.අයියාට ගොඩාක් ස්තූතියි මාව බේර ගත්තට……..”

“අනේ විකාර නැතුව නගින්න නංගි කාරෙකට.ඊට තව කවුරු එයිද දන්නෑ.මං ගිහින් දාන්නම්…….”

සාරංග අයියගෙන් බේරෙන්නම බැරි වුනු හින්දා මං කාරෙකට නැග්ගා.බැරි වෙලාවත් අර බයික් එකේ ආපු දේන්නගෙන් කවුරුහරි ආයෙ ආවොත් කියන බය මගෙ හිතේ තිබුනා.ඒ හින්දම තමයි මං වැඩි හරියක්ම කාරෙකට නැග්ගෙ.

“කොහෙද ගියේ?…….”

“ටව්න් ගියා අයියෙ.දුවට බෙහෙත් වගේකුයි තව පොඩි පොඩි බඩු වගේකුයි ගන්න.අයියා කොහෙද ගියේ?…….”

“මං යාලුවෙක්ව බලන්න ගියා නංගි. පූර්ණගේ දරුවා හින්දා ඔයාට හරිම කරදරයි නේද?…….”

“පූර්ණගෙ විතරක් නෙවෙයි එයා දැන් මගෙත් දුව.ඒවා හරිම සුන්දර කරදර. අයියත් මැරි කරලා දරුවෙක් ඉන්න කාලෙකට තේරෙයි කොච්චර වටිනවද කියලා……..”

“ලයිෆ් එක එන්ජෝයි කරන්න තියන කාලෙ දරුවෙකුත් කරගහගන්න සිද්ද වෙලා.ඔයාට වැඩි කාලයක් යන්න කලින් තේරෙයි කරපු මෝඩකම.මාමා කියපු දේ අහලා පූර්ණගෙන් ඩිවෝස් වෙලා මාව මැරි කරා නම් අපිට ටික කාලයක් ශෝක් එකට ලයිෆ් එක එන්ජෝයි කරලා දරුවෙක් හදන්න තිබ්බා.මං ඔයව රැජිනක් වගේ බලාගන්නවා…….”

එහෙනම් මූ මාව කාරෙකට දා ගත්තෙ මේ ටික කියන්නද?මට සාරංග අයියා ගැන ඇති වුනේ පිළිකුලක්.

“මේ සාරංග අයියෙ.මං ඔයාට එදත් කිව්වා.පුංචි කාලෙ ඉදලා මං ඔයාට සැළකුවේ මගේම සහෝදරයෙක්ට වගේ. එතනින් එහා මට ඔයා ගැන වෙන විදියකට හිතන්න බෑ.මං කසාද බැදපු ගෑනියෙක්.මට ලං වෙන්න හදන්න එපා. ඔයා වෙන කෙනෙක්ව හොයා ගන්න. වාහනේ නවත්තන්න…….”

මං වාහනේ නවත්තන්න කිව්වත් සාරංග අයියා වාහනේ නැවැත්තුවේ නෑ.එයා දිගටම වහනේ පැදෙව්වා.

“මට ඕනි දේ මං කොහොම හරි ලබා ගන්නවා සේනානි.තමුසෙට වැඩි කාලයක් මං පූර්ණත් එක්ක පව්ල් කන්න ඉඩ තියන්නෙ නෑ.මං බලෙන් උඹව මං ගාවට ගන්නවා.අන්න ඒක හොදට මතක තියා ගනින්…….”😡😡

“මේ ආත්මෙදි නම් තමුංට මාව අයිති කර ගන්න ලැබෙන්නෙ නෑ සාරංග අයියෙ. තමුසෙට කවදාවත් බෑ පූර්ණගෙන් වෙම් කරන්න.ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බෑ…….”😠😠

“මං ඔය පූර්ණට වැඩි කාලයක් යහතින් ඉන්න ඉඩ තියන්නෙ නෑ.බලා ගන්නවකො ඌට වෙන දේ…….”

“ඇයි තමුසෙ පූර්ණට මොනවා කරන්නද? එයාට මොනවා හරි කරලා තිබ්බොත් මං තමුසෙට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නෑ…….”😠😠

මං එහෙම කිව්වම සාරංග අයියා මහ හයියෙන් හිනා වුනා.

“කරුණාකරලා කාරෙක නවත්තන්නවා අයියෙ.මට ගෙදර යන්න ඕනි. නවත්තනවා මේක…….”

සාරංග අයියා කාරෙක නවත්තන පාටක් තිබ්බෙ නෑ.මට හොදටම බය හිතුණා.මං උගෙ අතේ එල්ලුනා.ඒ පාර ඌට කන්ට්‍රෝල් නැතුව එකපාරටම වාහනේ නැවැත්තුවා.මං දොර ඇරගෙන එලියට පනින්න හැදුවත් සාරංග මගේ අතින් අල්ලලා සීට් එකට තද කරගෙන මගේ දෙතොල් සිප ගන්න හැදුවා.පොරබදලා පොරබදලා මං කොහොම හරි සාරංගව තල්ලු කරා.මං ඌව තල්ලු කරපු පාරට දොරේ ඔලුව හැප්පිලා නලලෙන් ලේ ගලන්න වුනා.බය වෙච්චි මං බෑග් එකත් අරන් කාරෙකෙන් පැනලා දිව්වා.

ගෙදරට ආවට පස්සෙත් මට මතක් වුනේ සාරංග අයියා කරන්න හදපු දේයි.මහ ජරා මිනිහෙක්.

බාතෲම් එකට ගිහින් නාගෙන මං කාමරේට එද්දී පූර්ණත් ගෙදර ආවා.අද පූර්ණගේ මුහුණ හරිම වෙනස්.මට හිතාගන්න බැරි වුනා ඒ ඇයි කියලා. පූර්ණගේ අම්මයි තාත්තයි දෙන්නම හවස නෑදෑ ගෙදරක ගිහිල්ලා.ඒ බව පූර්ණ දන්නෙ ගෙදර ආවට පස්සෙ.

පූර්ණ නාගෙන ආවට පස්සෙ මං තේ එකක් හදලා පූර්ණට ගිහින් දුන්නා. පූර්ණ ඒ තේ එක මේසෙ උඩින් තියලා මං දිහා බලපු බැලිල්ලට මට බයත් හිතුණා.

“ඇත්ත කියපන් සේනානි උඹ අර සාරංගයත් එක්ක කොහෙද හවස ගියේ?…….”

දෙයියනේ පූර්ණ මාවයි සාරංග අයියවයි දැකලද?පූර්ණට බොරුවක් කියන්න මට උවමනාවක් මට තිබ්බෙ නෑ.වෙච්චි හැම දෙයක්ම මං පූර්ණට කිව්වා.

“අනේ මේ සේනානි මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා.මං හොදටම දැක්කා උඹලා දෙන්නා කාරෙකේ යනවා.බොරු කිය කිය උඹ මාව රැවැට්ටුවා.මං තොගෙ වචනෙ විශ්වාස කරා.ගෑනු ඔක්කොම එකයි.උඹෙයි අර මිනෝලි හු#### යි කිසිම වෙනසක් නෑ.තොට මාත් එක්ක ඉන්න බැරි නම් කියපිය මං උඹව ඩිවෝස් කරන්නම්.අවලමේ යන ජරා ගෑනියෙක් උඹ නම්…….”😡😡

අනේ දෙයියනේ මේ මොනවද මේ සිද්ද වෙන්නේ.කවදාවත් පූර්ණ මට මෙහෙම කතා කරලා නෑ.😭😭😭

“අනේ දෙයියනේ පූර්ණ ඔයා මොනවද මේ කියන්නෙ.මං කවදාවත් ඔයාට ද්‍රෝහි වෙලා නෑ.මං කියපු සේරම දේවල් ඇත්ත. මං ඕනකමින් කාරෙකට නැග්ගා නෙවෙයි පූර්ණ…….”😭😭

මට ඊට වඩා දෙයක් කියන්න හම්බුනේ නෑ.පූර්ණගේ හෑන්ඩ්ෆෝන් එකට කෝල් එකක් ආවා.ඒ කෝල් එක ඉවර වෙලා පූර්ණ ආයෙත් ෆෝන් එක ඔබලා මොනවද බැලුවා.ෆෝන් එක අතේ තියාගෙන පූර්ණ මගේ දිහා බැලුවේ කොටියෙක් වගේ.

“ඈ බොල හු#### යේ තෝ ඌත් එක්ක තුරුල් වෙලා මගුල් නැටුවද?……..”😡😡

එක්වරම මගෙ කම්මුලට ගහපු පූර්ණ මගෙ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරා.මාව කැරකිලා ගිහින් දුවගෙ තොටිල්ල ගාවට වැටුනා.මං වැටිච්ච සද්දෙට දුව ඇහැරුනා.එකපාරටම දුව අඩන්න පටන් ගත්තා.මං දුවව වඩාගන්න හැදුවා.

“අල්ලන්න එපා මගෙ දරුවව උඹ.පලයන් පැත්තකට ජරා ගෑනි.බලපිය මේ ෆොටෝ එක දිහා වේ#…….”

පූර්ණගේ ෆෝන් එකේ තිබ්බෙ සාරංග අයියා කාර් එකේ යද්දී මාව බදාගෙන සිපගන්න හදනකොට ගත්තු පින්තූරයක්.

“අනේ දෙයියනේ මාව විශ්වාස කරන්න පූර්ණ.සාරංග බලෙන් මාව තුරුල් කරගන්න හැදුවේ.මං කැමැත්තෙන් සාරංග අයියව බදා ගත්තෙ නෑ පූර්ණ. අනේ මාව විශ්වාස කරන්න පූර්ණ.මං හීනෙකින්වත් ඔයාට ද්‍රෝහි වෙන්න හිතලා නෑ…….”😭😭

මං කොයිතරම් කිව්වත් පූර්ණ මාව විශ්වාස කරේම නෑ.මට හොදටම ගැහුවා.

“තෝ වගේ අවලං ගෑනියෙක්ව මං ආයෙ විශ්වාස කරන්නෙ නෑ.උඹ මගෙන් පලි ගන්න හදන්නෙ මං උඹට බොරු කරලා කසාද බැන්ද හින්දනේ.ජරා ගෑනියෙක් උඹ නම්…….”😡😡

පූර්ණගේ කටේ සද්දෙට දුව බය වෙලා හොදටම ඇඩුවා.ඒත් පූර්ණ මට දරුවව වඩා ගන්න දුන්නෙ නෑ

ඊලග කොටසින් නැවත හමුවෙමු