ඔයාගේ නහයෙන් ලේ ගලන විට හිස පිටුපසට කිරීම, සර්පයෙක් දෂ්ට කළ විට විෂ උරා දැමීම, ආහාර ගත් වහාම දත් මැදීම වගේ ගොඩාක් දේවල් අපි කරන්න පුරුදු වෙලා ඉන්නේ ඒවායේ හරි වැරැද්ද පිළිබදවත් හරිහැටි සොයා නොබලයි. අපි කරන සමහර දේවල් පිළිබදව අපි කවදාවත් ප්‍රශ්ණ කරන්නේ නැහැ. ඇයි දන්නවද? අපේ මුළු ජීවිත කාලයම ඒවා කරන්නැයි අපට ගොඩාක් දෙනෙක් පවසා තිබෙනවා. නමුත් එයින් සමහරක් පැරණ්නන්ගේ කතා පමණක් වන බව ඔයා දන්නවාද?.

ඔයත් මෙම ලිපිය කියව්වට පස්සේ ඔයාගේ සියලු පුරුදු පිළිබදව ප්‍රශ්න කරන්න පටන් ගන්න. සමහර මූලික දේවල් ඔයා ජීවිත කාලයටම නිවැරදියි කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. නමුත් අපි ප්‍රමාද වෙන්න කලින් මේ දේවල් හොයාගත්තා වගේම ඒ දේවල් ඔයාටත් කියලා දෙන්නයි අපි සූදානම් වෙන්නේ.

  • ළමයින්ගේ ආහාර වලට පිඹින්න එපා.එය නරක ඇයි? : ඹන්න අපි හැම කෙනෙක්ම වගේ නරකයි කියලා දන්නෙම නැතිව කරන දෙයක් තමයි ආහාරවලට පිඹින එක. එහෙම නේද? දරුවාගේ (ආහාර, බීම, දත් බුරුසු ආදිය බෙදාගැනීම), දෙමව්පියන් වගේම වෙනත් පුද්ගලයින්ගේ දත්වල කුහර ඇති වන්නේ බැක්ටීරියා සම්ප්‍රේෂණය වීම නිසයි. දරුවාට තවමත් දත් නොමැති වුනත් ඔවුන් වර්ධනය වීමට පටන් ගන්නා විට වඩාත් අවදානමට ලක්වෙන්න පුළුවන්. ඒ වෙනුවට ඔබ කළ යුතු දේ: ඔයාගේ දරුවාගේ ආහාර, බීම හෝ කිසිදු භාජනයක් පිඹින්න යන්න එපා. ඒවා සිසිල් වෙනකන් ටික වේලාවක් බලා සිටීම ඊට වඩා හොඳයි නේද?
  • ඔයාගේ නාසයෙන් ලේ ගැලීමක් සිදුවන විට හිස පිටුපසට කරන්න එපා. එය නරක ඇයි: ඔයා හිස පිටුපසට කිරීමෙන් රුධිරය උගුර පිටුපසට ගොස් යටපත් වී යා හැක. ඒ වෙනුවට කළ යුතු දේ: නාස්පුඩු යට ඇඟිලිවලින් මිරිකන්න. වාඩි වී ඔයාගේ හිස කෙළින් තබාගෙන ඹයාගේ නිකට බිමට සමාන්තරව තබා ගන්න.
  • ක්ලාන්ත වූ පුද්ගලයෙකු නැගිට්ටවන්න එපා. එය නරක ඇයි: මිනිසුන් ක්ලාන්ත වීමට හේතුව රුධිර පීඩනය හදිසියේ අඩු වීම නිසා රුධිරයට මොළයට නොපැමිණීමයි. ඔයා ක්ලාන්ත වූ පුද්ගලයෙකු ඔසවා තැබුවහොත් එමගින් රුධිරය එම ස්ථානයට යෑම වළක්වනවා.

  • ඒ වෙනුවට ඔබ කළ යුතු දේ: මෙවන් අවස්ථාවකදී එම පුද්ගලයාගේ හිස ඔහුගේ පපුවට වඩා පහත් මට්ටමක තිබීම වැදගත් වෙනවා. එම පුද්ගලයා වාඩි වී නැමී සිටීම හෝ බිම තැබීම ඊට වඩා හොදයි. මිනිත්තු කිහිපයක් එම ස්ථානයේම රදවා තබා ගන්න. නැඟිට්ටවීමට පෙර එම පුද්ගලයා හොඳින් සිටිනවා දැයි සැක හැර දැන ගැනීමෙන් පසු නැගිට්ට වන්න.
  • සර්පයෙක් දෂ්ට කළ විට විෂ උරා බොන්න එපා. එය නරක ඇයි: වර්තමානයේ සර්පයන් දෂ්ට කිරීම මගින් මාරාන්තික තත්වයකට පත්වීමේ අවධානම 0.05% ක් පමණ වන අතර මෙයද කලාතුරකින් සිදු වන දෙයක්. පර්යේෂකයන් පවසන පරිදි විෂ ඉවත් කිරීම මගින් අනතුරට ලක් වූ පුදුගලයාට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බැවින් එය කිරීමෙන් කිසිදු උපකාරයක් සිදු වන්නේ නැහැ.

  • ඒ වෙනුවට ඔබ කළ යුතු දේ: මේ අවස්ථාවේ දී එම පුද්ගලයාව බිම තැබිය යුතු අතර දෂ්ට කිරී‍මෙන් හෘද ස්පන්දන මට්ටමට වඩා පහළ මට්ටමක පවතිනවා. විෂ පැතිරීම වළක්වා ගැනීම සඳහා පුද්ගලයා නිශ්චලව සිටිය යුතුයි. දැන් ඔයා ඉක්මනට ගිලන් රථයකට අමතන්න. නැත්තමි රෝගියා ළඟම ඇති වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන යන්න.
  • කෑම වේලකට පසු දත් මදින්න එපා.එය නරක ඇයි: එය දත් වල ඇති ආරක්ෂිත ස්ථරයක් වන එනමලයට හානි කරනවා.
    ඒ වෙනුවට ඔබ කළ යුතු දේ: උදේ කෑමට පෙර දත් මදින්න. ඔයාට ආහාර ගැනීමෙන් පසු එය කිරීමට අවශ්‍ය නම් පළමුව ඔයාගේ මුඛය වතුරෙන් සෝදන්න. ඉන්පසු ආහාර වේලෙන් විනාඩි 40 ක් පමණ වන තුරු රැදී සිට දත් මදින්න.
  • හුස්ම හිරවුනු පුද්ගලයෙකු කෙළින් සිටිනවා නම් එම පුද්ගලයාගේ පිටුපසට පහර නොදෙන්න.

  • එය නරක ඇයි: ඔයා කෙලින් සිටින පුද්ගලයෙකුට ගැසුවොත් හිරවුනු දේවල් තවත් පහළට ලිස්සා යන්න පුළුවන්.
    ඒ වෙනුවට ඔයා කළ යුතු දේ: එම පුද්ගලයාව ඉදිරියට නැඹුරු කර පළමුව කැස්ස ඇති කරන්න. එය ප්‍රමාණවත් විය හැක. එය ක්‍රියා නොකරන්නේ නම් උරහිස පසුපසට වන්නට පහර කිහිපයක් ගසන්න. නමුත් ඔයා මෙය කිරීමට පෙර එම පුද්ගලයා ඉදිරියට හේත්තු වී සිටිනවා දැයි බලන්න.

  1. තැලීමක් සඳහා අයිස් කෙලින්ම යොදන්න එපා. එය නරක ඇයි: සම ඉතා සියුම් බැවින් ඔයා මෙය කරන්නේ නම් එය රුධිර ප්‍රවාහය අඩු කර සුව කිරීම මන්දගාමී කරනවා. එපමණක් නොව එමගින් සමේ තුවාලද ඇති විය හැක.ඒ වෙනුවට ඔබ කළ යුත්තේ කුමක්ද: අයිස් තුවායක් හෝ වෙනත් රෙදි වලින් ඔතා තැලීම සිදු වූ වහාම තුවාල වූ ස්ථානයට අයිස් තබන්න. නමුත් එකවර විනාඩි 10 කට වඩා අයිස් තියන්න එපා.

  • පිළිස්සීමට බටර් හෝ අයිස් ආලේප නොකරන්න.එය නරක ඇයි: පිළිස්සීමට ප්‍රතිකාර කිරීම පිළිබඳ පැරණ්නන්ගේ කතා ඔයාට උදව් කරන්නේ නැහැ. පිළිස්සීම ඔයාගේ සමේ ගැඹුරට යන අතර තවදුරටත් හානිය වළක්වා ගැනීම සඳහා එය සිසිල් කළ යුතු වෙනවා.

  • ඒ වෙනුවට ඔබ කළ යුත්තේ කුමක්ද: පිලිස්සුම් තුවාලය සිදු වූ ස්ථානය සීතල වතුර යටට දමා දිගු වේලාවක් එහි තබන්න. සාමාන්‍යයෙන් මිනිත්තු 20 ක් පමණ එය එසේ තැබීමට නිර්දේශ කරනවා.
  • අධික සීතල නිසා ඇතිවන තුවාල අතුල්ලන්න එපා.එය නරක ඇයි: එය අතුල්ලන්න හෝ සම්බාහනය කරන්න එපා. එය නැවත සෘජු තාපයට ඇල්ලීමෙන් වළකින්න. මොකද දන්නවද? එයින් පිළිස්සුම් තුවාලයක් ඇති වෙන්න පුළුවන්.ඒ වෙනුවට ඔබ කළ යුතු දේ: මුලින්ම සීතලෙන් මිදී හානියට පත් ස්ථානය උණුසුම් ( ගොඩාක් උණුසුම් නෙවෙයි!) වතුරට දැමීමෙන් හෝ උණුසුම් දියර පානය කිරීමෙන් යථා තත්වයට පත් වෙන්න. හානියට පත් ස්ථානය නැවත සීතල වීමට ඉඩ නොදෙන්න. ඔයා නැවත සීතලට යන්නේ නම් ඒවා ආවරණය කර ආරක්ෂා කිරීමට වග බලා ගන්න. සීතල නිසා ඇතිවූ තුවාල ප්‍රබල නම් වෛද්‍ය උපදෙස් පතන්න.
  • ප්ලාස්ටික් බෝතලයට වතුර නැවත කිසි විටෙකත් පුරවන්න එපා.එය නරක ඇයි: ප්ලාස්ටික් වල භයානක රසායනික ද්‍රව්‍යයක් වන බීපීඒ ජලයට කාන්දු වන අතර බෝතලයේ දාරවල භයානක බැක්ටීරියා වර්ධනය වෙනවා. මෙම බැක්ටීරියා සශ්‍රීකත්වයට බලපෑම් කරන අතර එමගින් පිළිකා ඇති කරනවා.ඒ වෙනුවට ඔබ කළ යුත්තේ කුමක්ද: ප්ලාස්ටික් බෝතල් පළමු වරට භාවිතා කළ වහාම ප්‍රතිචක්‍රීකරණය කරන්න. නැවත නැවත භාවිතා කළ හැකි බෝතලයක් මිලදී ගන්න.