ඔයා ඔය කරන වැඩේ හරියි කියලා හිතනවද සංසලා…….”😠
මගෙ දරුවව මගෙන් වෙන් කරන්න ගත්තු තීරණේ අම්මයි අප්පච්චියි වෙනස් කරේ නෑ.ඒ හින්දා මට තව දුරටත් මෙහෙ ඉන්න බැරි නිසා මං ලලිතා නැන්දට කෝල් එකක් දීලා කිව්වා මාව ආපහු එහාට එක්කන් යන්න කියලා.කියපු වෙලාවෙම ලලිතා නැන්දා තේජාන්ගෙ යාලුවා රවීත් එක්ක වෑන් එකේ අපේ ගෙදරට ආවා මාව එක්කන් යන්න.ඒකට අම්මයි අප්පච්චියි කැමති වුනේ නැහැ.

“ඔයාලා හදන්නෙ මගෙ දරුවව මගෙන් උදුර ගන්න.මට දරුවා නැතුව ජීවත් වෙන්න බෑ.මට දරුවව ඕනි…….”😥😥

“තේජාන් කියන්නෙ අපරාධකාරයෙක්. දරුණු මිනිහෙක්.ඔයාව මරන්න හදපු මිනිහා ගාවටයි ඔයා ඔය ආපහු යන්න හදන්නෙ…….”

“තේජාන් අපරාධකාරයෙක් වුනේ කවුරු හින්දද?තේජාන් දරුණු මිනිහෙක් වුනේ කවුරු හින්දද?එයාව ඒ තත්වෙට ඇදලා දැම්මෙ ඔයයි අප්පච්චි.අම්මෙ….😢ඔයත් අම්මා කෙනෙක් නේද?මොන හිතකින්ද මගෙ දරුවව මගෙන් වෙන් කරන්න හිත හදා ගත්තෙ.තේජාන් දැන් සම්පූර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක් වෙලා ඉවරයි.මට හැම දේකටම වඩා වටින්නෙ මගෙ දරුවව……..”😢😢

අම්මටයි අප්පච්චිටයි ඒ ටික කියලා මගෙ ඇදුම් බෑග් එකයි තව අවශ්‍ය කරන ලියකිවිලි ටිකයි අරගෙන මං වෑන් එකට නගින්න ආවා.

“ඔයා යනවා නම් යන්න දූ.ඒකට කමක් නෑ.හැබැයි මීට පස්සෙ ඔයා අපේ දුවෙක් නෙමෙයි කියලයි අපි හිතා ගන්නෙ……..”😠😠

දෙයියනේ අම්මා මේ මොනවද කියන්නෙ. ඇයි එයාලට පොඩ්ඩක් තේරුම් ගන්න බැරි කොයි අම්මටත් දැනෙන දරු දුක එකයි කියලා.මට දරුවෙක් නොලැබෙන්න හිටියා නම් මං අම්මවයි අප්පච්චිවයි දාලා ආපහු තේජාන් ගාවට නොයන්නත් ඉඩ තිබුනා.මං අම්මයි අප්පච්චියි ගාවට ගිහින් දණ ගහලා වැන්දා.🙏🙏ඒ දෙන්නා මාව ගනං ගත්තෙ වත් නෑ.අමාරුවෙන් හරි හිත හදාගෙන මං ලලිතා නැන්දත් එක්ක වෑන් එකේ තේජාන්ගෙ ගෙදරට ආවා.මීට මාස අටකට විතර කලින් මාව මේ ගෙදරට ගෙනාවෙ බලෙන්.ඒත් අද මං ගෙදරට ආවෙ මගේ කැමැත්තෙන්.වෙනදා මං හිටපු කාමරේට ඇවිත් මං ඇදෙන් ඇල වුනා.

“නෝනට මහන්සිත් ඇතිනෙ.මං බොන්න මොනවහරි අරන් එන්නම්…….”

ලලිතා නැන්දා කාමරෙන් ගියාට පස්සේ මං ඇදුම් ටික කබඩ් එකෙන් අහුර ගත්තා.අම්මයි අප්පච්චියි ඉක්මනට ඇත්ත තේරුම් ගත්තොත් හොදයි.

“නෝනෙ අනේ මට කිව්වා නම් මං ඇදුම් ටික අස් කරනවනේ.නෝනා මහන්සි වෙන්න එපා.ආ මේක බීලා ඉන්නකෝ…….”🍹

“මට අම්මවයි අප්පච්චිවයි මතක් වුනා නැන්දෙ.මං එයාලට කරේ වරදක්ද?……..”

“නෑ නෝනා.දෙමව්පියන්ගේ අතිනුත් වැරදි සිද්ද වෙනවා.ඒක නෝනෙගෙ අම්මයි තාත්තයි ඉක්මනට තේරුම් ගනියි.නෝනා කරේ වැරැද්දක් නෙමෙයි…….”

“නැන්දා කවද්ද ආපහු තේජාන්ව බලන්න යන්නෙ?…….”

“හෙට යනවා නෝනෙ…….”

“මටත් ආසයි නැන්දෙ තේජාන්ව බලන්න…….”

“යන්න පුලුවන් කමක් තිබ්බා නම් මං නෝනාවත් එක්කන් යනවනේ.ඒත් තේජාන් මහත්තයව බලන්න යන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි…….”

“ඉතිං අපි දෙන්නා යමුකො නැන්දෙ…….”

“තේජාන් මහත්තයා බනියි නෝනෙව එක්කන් ගියොත්.අනේ නෝනා ගෙදරට වෙලා ඉන්න…….”


අවුරුදු පහක් කොහොම ගෙවාගන්නද මන්දා.පොඩි කාලයක් නෙවෙයිනෙ අවුරුදු පහක් කියන්නෙ.ලගින් ඉදලා දුරස් වුනාම බැදීම් වල අගය දැනෙනවා වැඩියි. වෙනදා තේජාන්ගෙන් ලැබුනු උණුහුමට නැවතත් මගෙ සිත ආයාචනා කරා. අනේ……ඔයා ඉක්මනටම නිදහස් වෙලා එන්න තේජාන්.මං ඔයා එනකල් බලන් ඉන්නවා.ඔයා ආවම ඔයාට දෙන්න වටිනා තෑග්ගක් මං ගාව තියනවා.

“අනේ නෝනෙ තාම නිදි නැද්ද?ඔය හැටි නිදි මරන්න හොද නෑ…….”

“මට නිදිමත නෑ නැන්දෙ.අද නම් වහින්න වගේ.මට තේජාන්ව මතක් වුනා…….”

“දෙයියන්ගෙ පිහිටෙන් මහත්තයට ඉක්මනට නිදහස ලැබෙයි නෝනෙ. නෝනා දැන් නිදා ගන්න……..”

💓💓

ඊයෙ රෑ හොදටම වැහැපු හින්දා පාන්දර තිබ්බේ පුදුම සීතලක්.මං බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදන් පොරවාගෙන නිදා ගත්තා. උදේට නැගිටින්නවත් හිතුණෙ නෑ.අද ලලිතා නැන්දා තේජාන්ව බලන්න හිර ගෙදරට යනවා.මං ආපහු ආවා කියලා තේජාන් දැනගත්තම ගොඩාක් සතුටු වෙයි.

උදේ කෑම කාලා මං පල්ලෙහාට ගියා. තේජාන්ගෙ යාලුවා රවී යි ලලිතා නැන්දයි තේජාන්ව බලන්න යන්න ලෑස්ති වෙලා හිටියා.

“නැන්දෙ තේජාන්ට කියන්න මං ආපහු ආවා කියලා.එයා ගොඩාක් සන්තෝශ වෙයි……..”

එතකොටම රවීගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.කාගෙන්ද දන්නෑ.එහා පසින් කියන දේවල් මට ඇහුනෙ නැති වුනත් රවීගෙ මුහුණ දිහා බැලුවම මට තේරුණා ඒ කියන්නෙ මොකක් හරි සුභ දෙයක් කියලා.

“මැඩම් බය වෙන්න එපා තේජාන් සර්ට ඉක්මනටම නිදහස් වෙන්න පුලුවන් වෙයි……..”

😀😀”අනේ ඔය ඇත්තමද අයියෙ.අනේ ඒ කොහොමද?……..”

“තේජාන් සර්ගෙ වාහනේට ඒ ගෑනු කෙනා හැප්පිලා නෙවෙයිලු.ඒ ගෑනු කෙනා වාහනේට පැනලාලු.සීසීටීවි කැමරා වල හැම දෙයක්ම තියනවා…….”

අනේ දෙයියනේ ඒක ඇත්තක්ද එහෙම නැත්නම් තේජාන්ව එලියට ගන්න හදපු බොරු සාක්කියක්ද?ඒක බොරු සාක්කියක් කියලා ඔප්පු වුනොත් තේජාන්ට ආපහු තව අවුරුදු ගානක්ම හිරේ යන්න වෙයි.මං ඒ ගැන රවී අයියගෙන් ඇහුවා.ඒත් එයා කිව්වෙ දැන්ම ඒ ගැන මොකුත් කියන්න අමාරුයි. වැඩි විස්තර දැන ගත්තම කියන්නම් කියලා.

කාමරේට ඇවිත් මං ජානේලෙන් එලිය බලාගෙන හිටියා.පාන්දර වැහැපු වැස්ස නිසා තාමත් පොද වැටෙනවා.සීතලක් දැනුනු හින්දද මන්දා දරුවා දගලන්නට වුනා.මං හෙමිහිට කුස පිරිමැද්දා “පැටියෝ ඔයාගෙ තාත්ති ඉක්මනටම අපි ගාවට එයි.මගෙ රත්තරංට අම්මියි තාත්තියි ගොඩාරියක් ආදරෙයිනෙ”😘😘

තේජාන්ව බලන්න ගිය ලලිතා නැන්දයි රවී අයියයි වාහනෙන් බැහැලා එනවා මං දැක්කා.මං ඉක්මනට පල්ලෙහාට ගියා මොකද වුනේ කියලා දැන ගන්න.

“රවී අයියෙ මොකද වුනේ?තේජාන්ව ඉක්මනට නිදහස් කරගන්න පුලුවන් නේද?……..”

“බය වෙන්න එපා මැඩම්.තේජාන් සර්ව ඉක්මනට නිදහස් කරගන්න පුලුවන්.ඒ සීසීටීවි කැමරා වල තියනවා ඒ ගෑනු කෙනා වාහනේට පනින හැටි.ඒ පැත්තෙ ඒ වෙලාවෙ වාහනයක්වත් කිසිම කෙනෙක්වත් පාරෙ ගිහින් නැති හින්දා තේජාන් සර් වාහනේ ෆුල් ස්පීඩ් පැදලා.ඒ හින්දා සර්ට වාහනේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා ඒ ගෑනු කෙනා හැප්පෙද්දී……..”

“ඒ ගෑනු ඇයි වාහනේට පැනලා තියෙන්නෙ?…….”

“ඒ ගෑනු කෙනාට මානසික ලෙඩක් තිබිලා තියනවා මැඩම්.ඒක දරාගන්න බැරුව ජීවිතේ නැති කරගන්න හිතාගෙන වාහනේට පනින්න ඇති කියලා තමයි ඒ ගෑනුකෙනාගෙ අම්මයි මිනිහයි කියන්නෙ……..”

“එතකොට කවද්ද තේජාන්ට ගෙදර එන්න පුලුවන්?……..”

“නඩුව ලබන මාසෙ විසිඅට මැඩම්.එදාට තේජාන් සර්ට ඇප දීලා ගන්න පුලුවන්. මැඩම් එහෙනම් මං පොඩි ගමනක් යන්න තියනවා ගිහිල්ලා එන්නම්…….”

💓💓

“ලලිතා නැන්දෙ තේජාන් මොකද කිව්වෙ මං ආපහු ආවා කිව්වම?…….”

“මහත්තයා ගොඩාක් සන්තෝශ වුනා නෝනා.නෝනට බය නැතුව ඉන්න කිව්වා මහත්තයා ඉක්මනට එනවා කියලා. නෝනෙ,මහත්තයා කිව්වා කිසිම හේතුවක් හින්දා නෝනෙගෙ අම්මටයි තාත්තටයි කතා කරන්න නෝනට ඉඩ දෙන්න එපා කියලා.නෝනට එහෙ යන්නවත් එයාලට මෙහෙ එන්නත් දෙන්න එපා කිව්වා……..”

“තේජාන්ට බය ඇති දරුවට මොකුත් වෙයි කියලා නැන්දෙ.මං එයා එපා කියන දෙයක් කරන්නෑ නැන්දෙ…….”


දවසින් දවස ගෙව්නා.අද තමයි නඩු දිනය.අද තේජාන්ට ඇප ලැබුනොත් හොදයි.මට උසාවි යන්න ඕනි කියලා ලලිතා නැන්දට කිව්වත් නැන්දා මාව එක්කන් ගියෙ නෑ.තේජාන් ගෙදර එනකල් මං බැල්කනියට වෙලා බලාගෙන හිටියා.

“ඔන්න පැටියෝ ඔයාගෙ තාත්ති අද ගෙදර එනවා.අම්මිව මෙහෙම දැක්කම තාත්ති ගොඩාක් සතුටු වෙයි.ඔයාට තාත්ති ගොඩාරියක් ආදරෙයිනෙ.අම්මිත් ඔයාට ආදරෙයි…….”🤰😘

දැන් පැය දෙකකටත් වැඩියි මං මෙතනට ඇවිත්.තාම තේජාන් ආවෙ නෑ.කමක් නෑ තව ටිකක් වෙලා බලනවා.එයා අනිවාර්යයෙන්ම එනවනේ.තව පැය බාගයක් විතර ගියාට පස්සේ කාර් එක ආවා.මං පුටුවෙන් නැගිටලා හොදට පල්ලෙහා බැලුවා.මං දැක්කා තේජාන් වාහනෙන් බහිනවා.අනේ මගෙ තේජාන්. ඔයාව දැක්ක කල්.තේජාන් දැක්කෙ නෑ මං බැල්කනියේ ඉන්න්වා.රවී තේජාන්ට මාව පෙන්නුවා.මට ඉවසුමක් නෑ තේජාන් ලගට එනකල්.මාව දැකලා තේජාන් පුදුම වෙලා වගේ බලන් හිටියේ.අතේ තිබ්බ මොකක්ද මන්දා රවීගෙ අතට දීපු තේජාන් ඉක්මනට ගේ ඇතුළට දිව්වා.මට කාමරේ මැදට එන්න ලැබුනෙ නෑ තේජාන් කාමරේට ඇවිල්ලත් ඉවරයි.මං ගාවට ආපු තේජාන් මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.කාලය යනවා දැනුනෙම නෑ. විනාඩි ගානක් අපි දෙන්නා මේ විදියට ඉන්න ඇති.

“මැණික කවද්ද ගෙදර එන්නෙ කියලා ඉවසුමක් නැතුව හිටියෙ.මගෙ රත්තරං හොදින් නේද?…….”

දෝතින්ම මගේ කම්මුල මැදි කරගෙන තේජාන් මගෙන් එහෙම ඇහුවා.

“අපි දෙන්නම හොදින් තේජාන්.ඔයා එනකල් මං මග බලාගෙන හිටියෙ……..”

බිම දණ නවලා තේජාන් බොහොම පරිස්සමට මගේ කුස සිප ගත්තා. කොච්චර මුරණ්ඩු පිරිමියෙක් වුනත් මේ වගේ දවසකට හීලෑ කරන්න පුලුවන්.

“දැන් මාස කීයද මැණික…….”

“මාස අටයි.තව ටික කාලයයි තියෙන්නෙ…….”

“ඉවසන්න බෑ මැණික ඒ දවස එනකල්…….”

“මේ ටික කාලෙත් නොදැනීම ගෙවිලා යයි තේජාන්……..”

“මෙච්චර කාලයක් මගෙන් වෙච්චි වැරදි වලට මට සමාව දෙන්න සංසලා.මං ඔයාට ගොඩාක් ආදරෙයි…….”

“දැන් ඒ ගැන හිතන්න එපා තේජාන්.මං ඔයාට සමාව දීලා ඉවරයි.ඒක නෙවෙයි කරන්න තියන ලොකුම වැඩේ අමතක වුනා නේද?……..”

“තව මොනවද බං කරන්න තියෙන්නෙ?…….”

“ඇයි යකෝ මාව කසාද බැදපන්.නැත්නම් මං ආපහු මෙතනින් පැනලා යනවා…….”😁😁

“අම්මට සිරි තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා.හරි හෙට ඒ වැඩේ කරමු.රවියා ඒ වැඩේ ලෑස්ති කරයි. හැබැයි දැන් මෙතනින් පැනලා යන්න බෑ…….”😘

“දැන් මං කොහේවත් යන්නෑ ඔයාව දාලා. ඔයා යන්න කිව්වත් මං යන්නෑ තේජාන්…….”😘

ඊලග කොටසින් නැවත හමුවෙමු