තාත්තා හදිස්සියෙන්ම මට කෝල් එකක් දීලා තිබුනා ඇවිත් යන්න කියලා.ඉතිං මං දෝණිව පූර්ණගේ අම්මට දාලා තාත්තව බලන්න ගෙදර ගියා.මං යද්දී සාරංග අයියත් අපේ ගෙදරට ඇවිත් හිටියා.මට එකපාරටම මතක් වුනේ එදා සාරංග අයියා මට කරපු යෝජනාව.ඒ බව හිතන්නැතුව මං ගේ ඇතුළට ගියා.

“ආ දුවේ එන්න.අපි මේ දූ එනකල්මයි බලන් හිටියෙ…….”

“ඇයි තාත්තෙ මොකක් හරි හදිස්සියක්ද?…….”

“අපිට දූත් එක්ක ටිකක් කතා කරන්න ඕනි.ඒකයි තනියම ඇවිත් යන්න කිව්වෙ…….”

“ඇයි තාත්තෙ?…….”

“අපි කීයටවත් හිතුවෙ නෑ පූර්ණ බැදලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක් කියලා.එහෙම දැනගෙන හිටියා නම් අපි ඔයාට එයාව බන්දලා දෙන්නෑ.ඌ අපි හැමෝමටම බොරු කරා…….”

තාත්තා පූර්ණ ගැන කතා කරේ ගොඩාක් කේන්තියෙන්.තාත්තා මෙහෙම කේන්ති ගන්න සාරංග අයියා තාත්තගෙ ඔලුවට විශබීජ දාන්න ඇති කියලා මට හිතුණා.

“දැන් තාත්තෙ අපි ඒ ගැන කතා නොකර ඉම්මු.මං පූර්ණත් එක්ක ජීවත් වෙන්නෙ ගොඩාක් සන්තෝශෙන්.පූර්ණයි දෝණියි මගෙ ජීවිතේ වගේ…….”

“එහෙම කියන්න එපා නංගි.පූර්ණ ඔයාට කරේ ලොකු අසාදාරණයක්.එයා ඔයාව රැවැට්ටුවා.එයාගෙ දරුවට අම්මා කෙනෙක් ඕනි හින්දා ඔයාව රවට්ටලා කසාද බැද ගත්තා.නංගි ඔයා උගෙන් ඩිවෝස් වෙන්න.ඌ ඔයාට ආදරේ නෑ.ඌ ඔයාව කසාද බැන්දෙ ආදරේට නෙවෙයි අර අම්මා මැරිච්ච අනාථ කෙල්ල හින්දා…….”

මොන දේ කිව්වත් මගෙ දෝණිට සාරංග අයියා අනාථ කෙල්ල කියලා කියපු එක දරා ගන්න බැරුව ගියා.පුටුවෙන් නැගිටපු මං සාරංග අයියා ගාවට ගිහින් අත දිගෑරලා හොද කම්මුල් පාරක් ගැහුවා.

“ඒ දරුවා අනාථ දරුවෙක් නෙවෙයි.මමයි ඒ දරුවගෙ අම්මා.පූර්ණ ඒ දරුවගෙ තාත්තා.තාත්තෙ පූර්ණ මට ගොඩාක් ආදරෙයි.මං පූර්ණත් එක්ක ජීවත් වෙන්නෙ ගොඩාක් සතුටින්.අනේ තාත්තෙ මගෙ සතුට නැති කරන්න නම් එපා…….”😢😢

“දුව පූර්ණත් එක්ක ජීවත් වෙන්නෙ සතුටින් නම් මං ඒකට බාද කරන්නේ නෑ. මට දුවගෙ සතුටයි වැදගත්.දුව පූර්ණත් එක්ක ජීවත් වෙන්නෙ සතුටින් කියලා කියන්නෙ බොරුවට කියලයි අපි හිතුවෙ. දුව පූර්ණගෙන් ඩිවෝස් වෙලා ආවොත් දූව බාරගන්න සාරංග පුතා කැමතියි කිව්වා.ඒකයි මං මේ ගැන කතා කරන්න දූට එන්න කිව්වෙ.දූගෙ සතුටට මං කොහෙත්ම බාද කරන්නෙ නෑ…….”

තාත්තා එහෙම කියනකොට පූර්ණ හිටියේ ගොඩාක් කේන්තියකින් කියලා මං දැක්කා.හොද වැඩේ උඹට.ආවා මෙතන අනුන්ගෙ පව්ල් කඩන්න.

“තාත්තෙ මං ගිහින් එන්නම්……..”

තාත්තටයි අම්මටයි කියලා මං ඉක්මනට ගෙදර ආවා.

💟💟

“පූර්ණ මං ඔයාට තේ එකක් හදාගෙන එන්නද?……..”

ඔෆිස් ඇරිලා ආපු ගමන් මං පූර්ණගෙන් ඇහුවා.පූර්ණ හිටියේ ගොඩාක් මහන්සි පාටින්.පව් දවස තිස්සෙම මහන්සි වෙලානෙ ගෙදර එන්නෙ.

“මට ඕන්නැති තේ එකක් නෑ…….”

මේ මොකද මේ පූර්ණට වෙලා තියෙන්නෙ.හරියට ගහගන්න වගේනෙ කතා කරන්නෙ.

“මොකද පූර්ණ ඔයාට වෙලා තියෙන්නෙ?…….”

“මට මොකුත් වෙලා නෑ.පාඩුවෙ ඉන්න දෙනවද?…….”😠

මේ යකාට අද මේ මොනවා වෙලාද? ඇදේටමයි කතා කරන්නෙ.ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද දන්නෑ.පස්සෙ හිමීට අහනවා……එහෙම හිතාගෙන මං දූට බෝතලෙන් කිරි පොවලා නිදි කෙරෙව්වා.

පූර්ණත් වොශ් එකක් දාගෙන කාමරේට ආවා.

“පූර්ණ ඔයාට මොකද අනේ වෙලා තියෙන්නෙ?…….”

එහෙම අසමින් මාත් ඇදේ පැත්තකින් වාඩි වුනා.

“අද අර සාරංගයා ආවනෙ ඔෆිස් එකට මාව හම්බවෙන්න……..”

දෙයියනේ සාරංග අයියා මොකටද පූර්ණව හම්බෙන්න ගියේ?ඒක තමයි පූර්ණ ගෙදර ආපු වෙලාවෙ ඉදන් අප්සට් එකේ හිටියෙ.

“ඉතිං සාරංග අයියා මොකද කිව්වෙ?……..”

“නිකන් බබා වෙන්න හදන්න එපා සේනානි.ඌ ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නෙ……..”😠

“කසාද බැදපු ගෑනියෙක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඌට පිස්සුද?…….”

මාත් එහෙමම පූර්ණගෙන් ඇහුවා.

“අපි කසාද බදින්න කලින් ඉදලමයි ඌ ගැන බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නෙ.අද මට ඔෆිස් එකට ඇවිල්ලා තරජනේ කරා ඔයාව ඩිවෝස් කරන්න කියලා.කසාදෙට කලින් මං ඔයාට කිව්වෙ නෑනෙ මං ගෑනි මැරිච්ච දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක් කියලා.මං ඔයාව රවට්ටපු එකට මිනිහා ඉන්නෙ සෑහෙන්න කේන්තියකින්……..”

“ඔයා පොඩ්ඩක් වත් බය වෙන්න එපා පූර්ණ.මං සාරංග අයියට පුංචි කාලෙ ඉදන්ම සැළකුවේ සහෝදරයෙක්ට වගේ. එයා හිතන දේවල් කවදාවත් සිද්ද වෙන්නෙ නෑ.ඔයාට තිබ්බෙ හොදවයින් දෙකක් කියලා පන්නගන්න……..”😡

“මං ඌට හොදවයින් දෙකක් කියලා එලව ගත්තා.ඌ හිතන් ඉන්නෙ මං කවුරු කියලද දන්නෑ.හැබැයි ඌ ඔයාට පිස්සු වැටිලා ඉන්නෙ……..”

සාරංග අයියා නිසා මගෙ පව්ල් ජීවිතේට ඉස්සරහට ලොකු ප්‍රශ්න ඇති වෙයි කියලා මට හිතුණා.පුංචි කාලෙ ඉදලම සාරංග අයියා හරිම දඩබ්බරයි.හැබැයි කවදාවත් එයාගෙ ඒ බලාපොරොත්තු නම් ඉශ්ට වෙන්නෙ නෑ.

“මං ඔයාගෙයි දූගෙයි විතරමයි පූර්ණ.මේ හිතේ වෙන කාටවත්ම ඉඩක් නැහැ……..”

මං පූර්ණගේ නිරුවත් පපුවට තුරුල් වෙලා එහෙම කිව්වා.පූර්ණ එයාගෙ අතින් මගේ හිස පිරිමැද්දා.

“මට මටත් වැඩිය ඔයාව විශ්වාසයි සේනානි.සාරංගට බෑ ඔයාව මගෙන් උදුර ගන්න……..”

“ඔයා මාව විශ්වාස කරනවා නම් මට ඒ හොදටම ඇති පූර්ණ…….”

“හම්මෝ උඹේ සුවද බං.මොනවා ගාලද නෑවෙ.ඉඹින්න හිතෙනවා…….”😁😉😙

“ඉතිං ඉඹින්න එපා කිව්වෙ නෑනෙ…….”😙

“මට කියලා ඉඹගන්න හරි ආසයි වගේ…….”😁😁

“අප්පෝ වැඩේමයි.මං හොදට සබන් ගාලා නෑවෙ.ඒකයි සුවද.ඔයා වගේ බාගෙට නාන්නෑනෙ…….”😁😂

“ඈ…කව්ද යකෝ බාගෙට නාන්නෙ?…….”😁😁

මාව අතාරින්නෙ නැතුවම පූර්ණ මට කිති කවන්න පටන් ගත්තා.පූර්ණගෙන් මිදෙන්න දගලපු දැගලිල්ලට තව පොඩ්ඩෙන් මං ඇදෙන් බිමට වැටෙනවා.

“බලනවා තව පොඩ්ඩෙන් මං ඇදෙන් බිමට වැටෙනවා…….”

“මගෙ මැණිකව මං බිමට වට්ටන්නෙ නෑනෙ.කෝ එන්න දැන්වත් නිදා ගම්මු…..”

“ඉන්නවා දෝණිට සීට් එක පොරවලා එන්න.මෙයාට නම් ළමේක් ඉන්නවද කියලවත් මතක නෑනෙ අම්මපා…….”😁

“මතකයි යකෝ.ළමයගෙ අම්මා ඉන්නවනෙ ළමයව බලා ගන්න……..”🤣😁


දෝණිට දැන් මාස දහයයි.දණ ගාන වයස නිසා නිතරම මං ඉන්නෙ දෝණි ගැන අවධානෙන්.ගේ හැමතැනකම දණගාගෙන යනවා.

“කෝ එන්න නාවන්න මගෙ මැණිකව. බලන්න ඇදුමෙ තියන කුණු.මූණෙ දූවිලි. යන්නෙ නෑ ආයෙ එලියට.ගියොත් ගහනවා ඔයාට අම්මි පාරක්……..”

දෝණිව නාවලා ගව්ම් පොඩිත්තක් අන්දවලා කෑම කැව්වා.පූර්ණට අද නිවාඩු හින්දා එයා හිටියෙ ටීවි එකේ ක්‍රිකට් මැච් එකක් බල බල.මං දෝණිව නිදි කරවලා සාලෙට ගියා.තාමත් පූර්ණ ක්‍රිකට් මැච් එක බලනවා.එකට යන කුකරි ප්‍රෝග්‍රෑම් එක බලන්නත් ඕනි.මං ගිහින් සෙටිය උඩින් වාඩි වුනා.

“පූර්ණ……..”

“ම්ම්……..”

ටීවි එකෙන් පොඩ්ඩකටවත් ඇස් අහකට ගත්තෙ නෑ.මං ලගට ආවා කියලා මෙයාට ගානක්වත් නෑ.

“එකට කුකරි ප්‍රෝග්‍රෑම් එකක් යනවා.මට ඒක බලන්න ඕනි……..”