මංගල ගමන
“සේනානි,දූ ඔයාට කෝල් එකක්…….”
පූර්ණගේ අම්මගේ කටහඬට මං ඉක්මනින් සාලෙට ගියා.
“හෙලෝ කව්ද කතා කරන්නේ?…….”📞
“නංගි මං සාරංග අයියා……..”📞
සාරංග අයියා යනු අප්පච්චිගේ නංගිගේ පුතායා.ඔහු ඇත්තේ විදේශ ගත වීය.
“ආනේ සාරංග අයියෙ ඔයාට කොහොමද?ඔයා අපේ වෙඩින් එකට ආවෙත් නෑනෙ.කවද්ද අයියා ලංකාවට එන්නෙ?…….”📞
“මෝඩ කෙල්ලෙ මං දැන් ඉන්නෙ ලංකාවෙ තමයි.ඊයෙ උදේම ආවෙ.කෝ නංගිගෙ මහත්තයා……..”📞
“පූර්ණ ඉන්නවා අයියෙ කාමරේ.අයියා නිකමටවත් කිව්වෙ නෑනෙ ලංකාවට ආවා කියලා.දවසක මෙහෙ එන්නකෝ. මං ලන්ච් එක හදලා තියන්නම්…….”📞
“ම්ම්ම්….හෙට එන්නද?…….”📞
“හා අයියෙ.හෙට අනිවාර්යයෙන්ම එන්න. මං පූර්ණටත් කියන්නම් ඔයා එනවා කියලා…….”📞
“හා නංගි.මං එහෙනම් තියන්නම්.බායි. බුදු සරණයි…….”📞🙏
“බුදු සරණයි අයියෙ…….”📞🙏
දුරකථන සංවාදය අවසන කරමින් මං කාමරේට ආවා.පූර්ණ හිටියේ පොතක් බල බල.
“කව්ද කතා කරපු කොල්ලා…….”😠
ඈ….පූර්ණ කොහොමද දන්නෙ කතා කරේ කොල්ලෙක් කියලා.හොද ලණුවක් දෙන්න ඕනි.😁😂
“ඒකෙන් ඔයාට වැඩක් නෑනෙ…….”😂🤣
“ඇයි වැඩක් නැත්තෙ?මං තමුසෙගෙ කසාද මිනිහා කියලා අමතක වුනාද?…….”😠
පූර්ණට හොදටම කේන්ති ගිහිල්ලා.මට හිනා යන්න ඔන්න මෙන්න හිටියේ.
“ආ…මට අමතක වුනානෙ ඒක…….”😁
“මොකක්ද අමතක වුනේ?…….”
“මං ඔයාගෙ වයිෆ් කියලා…….”😂
“මං අහන්නෙ මොකාද කතා කරපු කොල්ලා කියලා.මොකටද ඌට කිව්වෙ මෙහෙ දවල් කෑමට එන්න කියලා.මේක හෝටලයක් නෙවෙයිනෙ……..”
“අනේ පූර්ණ ඒ කතා කරේ සාරංග අයියා. අපෙ අප්පච්චිගේ නංගිගෙ පුතා.එයා ලංකාවට ඇවිත්ලු.මං කිව්වා හෙට ලන්ච් එකට මෙහෙ එන්න කියලා.සාරංග අයියට අපේ වෙඩින් එකට එන්නත් බැරි වුනානෙ…….”
“ආ….ඒකද ඌත් එක්ක කැකිරි පල පල හිටියෙ.මොකටද ඒකා තමුසෙත් එක්ක කතා කරන්නේ?…….”
“අනේ පූර්ණ ඇයි ඔයා ඔය විදියට කතා කරන්නෙ?සාරංග අයියා මට මගේම අයියා කෙනෙක් වගේ.අපි පුංචි කාලෙ ඉදන්ම හිටියේ සහෝදරයො වගේ…….”
“අනේ මං නොදන්න සහෝදරකම්.ඔය විදියට තමයි මිනෝලිටත් එක එක මිනිස්සු කෝල් කරන්න ගත්තෙ නැති සහෝදරකම් කිය කියා.අන්තිමට ඒ වේ# ඒ උන් වටේ ගිය එකයි වුනේ.ගෑනු ඔක්කොම එකයි…….”😡😡
දෙයියනේ මොකද මේ පූර්ණට වෙලා තියෙන්නේ?මිනෝලි කරපු වරදට මං මොනවා කරන්නද?සාරංග අයියා සහෝදරයෙක් වගේ මට.ඒ ඩිංගට එයාවත් පූර්ණට ප්‍රශ්නයක් වෙලා තිබ්බා.
“අනේ මේ පූර්ණ මගෙ යකා අවුස්සන්න ලෑස්ති වෙන්න එපා.මිනෝලි කරපු වරදට මං මොනවා කරන්නද?මේ ලෝකෙ හැම ගෑනිම එක වගේ කියලා හිතන්න එපා…….”
“ඔය විදියටම තමයි මිනෝලි කිව්වෙත්. ඕනවටත් වඩා මං ඒකිට නිදහස දුන්නා. ඒකයි මට වැරදුනේ…….”
“ඔහොම කෑ ගහන්න එපා පූර්ණ. අම්මලාට ඇහුනොත් මෙතන තවත් ප්‍රශ්නයක් වෙයි ඊලගට.ඔයාට ඔය විදියට කේන්ති ගන්න මෙතන කිසිම දෙයක් වුනේ නෑ…….”
පූර්ණට එහෙම කියලා මං දුවට බෝතලෙන් කිරි දීලා නිදි කරවලා කාමරේ අස් කරා.කොයි වෙලේ බැලුවත් පූර්ණ හදන්නෙම මාත් එක්ක එල්ලෙන්නමයි.
පහුවදා දවල් සාරංග අයියා අපේ ගෙදරට ආවා.එයාගෙ අලුතින් කාර් එකේ තමයි ආවෙ.මං හිටියේ දුවත් එක්ක එලියෙ හෙවනට වෙලා.
“ආ සේනානි කොහොමද නංගි ඉතිං?කාගෙද මේ බබා?……..”
“මෙයා මගෙ අයියෙ.එන්න ගේ ඇතුළට……..”
“අනේ පලයං බං යන්න බොරු නොකියා. උඹ තාම බැදලා මාස තුනක්වත් නෑනෙ……..”
“අයියේ මේ පූර්ණගේ ෆස්ට් මැරේජ් එකේ බබා.ඒ වයිෆ් නැතිවෙලා.ඔයා පූර්ණගේ හිත රිදෙන මොකුත් එහෙම කියන්න එපා…….”
සාරංග අයියට සාලෙන් වාඩි වෙන්න කියලා මං පූර්ණව හොයාගෙන කාමරේට ගියා.
“පූර්ණ ප්ලීස් ගිහින් සාරංග අයියත් එක්ක ටිකක් කතා කරන්න.මං වෙනුවෙන්වත්……..”
“මළ කරදරේ මේ ගෑනුංගෙන් නම්…….”
මටත් බැන බැනම පූර්ණ සාලෙට ගියා. මාත් දුවව තොටිල්ලෙන් තියලා පූර්ණ පස්සෙන්ම ගියා.
“සාරංග අයියෙ මේ පූර්ණ.මගෙ මහත්තයා.පූර්ණ මේ ඉන්නෙ අපෙ අප්පච්චිගේ නංගිගෙ පුතා සාරංග……..”
මං දෙන්නට දෙන්නව අදුන්වලා දුන්නා.ඒ දෙන්නා කතා බහ කරන අතරතුරේ මං කුස්සියට ගියා.යද්දී පූර්ණගේ අම්මා උයනවා.
“ඒ දරුවා ආවා නේද පුතේ?ඉක්මනට උයලා ගම්මු…….”
“හරි අම්මෙ.ගොඩාක් ලොකු දේවක් ඕන්නෑ.සාරංග අයියාට ගමේ කෑම කාලා හොදට පුරුදුයි……..”
“එහෙම බෑනෙ දුවේ.ඒ ඔයාගෙ අයියා කෙනෙක්නේ.අපි හොදට සළකන්න ඕනි……..”
කොහොමින් කොහොම හරි කෑම උයලා ඉවර වෙලා සාරංග අයියට මේසෙට කතා කරා.කෑම කාලා ඉවර වෙලා සාරංග අයියා යන්න හදද්දී මාත් කාරෙක ලගට ගියා.පූර්ණ නම් පේන තෙක් මානෙකවත් හිටියෙ නෑ.
“ඇයි සේනානි ඔයා මේ දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්ව බැන්දෙ.මිනිහා මහ අමුතුයි වගේ.කලින් දැනගෙන හිටියේ නැද්ද මිනිහට දරුවෙකුත් ඉන්නවා කියලා……..”
මං නෑ කියන්න ඔලුව වැනුවා.මං සාරංග අයියට බොරුවක් කිව්වත් එයා අපේ ගෙදර ගියොත් ඇත්ත දැන ගනියිනෙ.
“ඒ කියන්නෙ මේ මිනිහා ඔයාව රවට්ටලා.යන්න තිබ්බෙ පොලීසි.අපරාදෙ ඔයාගෙ ජීවිතේ නිකන් නාස්ති වුනා මේ මිනිහව බැදලා.ඔයාට තිබ්බෙ ඩිවෝස් වෙන්න මුගෙන්……..”
සාරංග අයියා කියපු දේවල් පූර්ණට ඇහුනා නම් එහෙම පූර්ණ මං ගැනත් සැක හිතයි.
“මං පූර්ණට සමාව දීලා ඉවරයි සාරංග අයියෙ.ඇරත්,දැන් දූගෙ අම්මා මම.මගෙ ලෝකෙම පූර්ණයි දරුවයි විතරයි.අයියා පූර්ණට ඔහොම කතා කරන්න එපා.මං ඒකට කොහෙත්ම කැමති නෑ……..”
“මං හිතන්නෙ පූර්ණ නංගිට ඉනාවක්වත් දීලද කොහෙද.හරි හරි කමක් නෑ මං යනවා…….”
සාරංග අයියා ගියාට පස්සේ මං කාමරේට ආවා.පූර්ණ හිටියේ ජනේලෙන් පිටත බලාගෙන කල්පනා කර කර.මං ළගට ආපු බවක්වත් පූර්ණ දැක්කෙ නැහැ.
“පූර්ණ……..”
“අ….සාරංග ගියාද?……..”
“ඔව් පූර්ණ ඔය ගියේ……..”
“මිනිහා තරහින් ඉන්නෙ මං ඔයාව මැරි කරපු එකට……..”
“ඒක මාර වැඩක්නෙ.සාරංග අයියා මොකටද ඒකට තරහා වෙන්නෙ?……..”
“ගෑනි මැරිච්ච දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්නෙ මං…….”
“ඒක මට ප්‍රශ්නයක් නැත්නම් සාරංග අයියට ප්‍රශ්නයක් වුනේ කොහොමද?එයා කියන ඒවා ගනං ගන්න එපා……..”
“ඇත්තටම මට හිතෙනවා මං ඔයාට කරේ වරදක් කියලා…….”
ඒ පාර පූර්ණ හදන්නේ එකම කතාව අල්ලගෙන මට එපා කරවන්න.මං රවලා බැලුවා පූර්ණ දිහා.
“මේ ඔය කතාව නවත්තනවද?…….”
“නැත්නම්?…….”
මගෙ ලගටම කිට්ටු වෙලා පූර්ණ එහෙම ඇහුවා.
“දෙනවා දෙකක් බෙල්ල ගැලවිලා යන්න…….”
“දෙයි කියලා තමයි බය.එළදෙන…….”😁😂
“මොකක්ද කිව්වෙ?……..”😁😂
මං පූර්ණට ගහන්න ඇද වටේටම දිව්වා. අම්මෝ දුවලා දුවලා මහන්සියි.එකතැන ඉදගෙන මං හති අරින්න වුනා.
“ඒයි මෝඩි මොකෝ හති අරින්නෙ මහන්සිද?ආ……..”😁😁
“යනවා යන්න මෝඩයා…….”
පූර්ණව අහකට තල්ලු කරලා දාලා මං නාන්න ගියා.
පූර්ණයි එයාගෙ තාත්තයි වැඩට ගියාට පස්සෙ ගෙදර ඉන්නෙ පූර්ණගේ අම්මයි මායි දුවයි විතරයි.අද පූර්ණගේ අම්මත් ගියා එයාගෙ යාලුවෙක්ව බලන්න හොස්පිටල් එකට.මාත් දුවව නිදි කරවලා ඇදට වෙලා පොතක් කියව කියව හිටියා.මගේ ෆෝන් එකට කෝල් එකක් ආව හින්දා පොත පැත්තකින් තියලා කෝල් එක ආන්සර් කරා.
“හෙලෝ……..”📲
“හෙලෝ සේනානි මං සාරංග……..”📲
“ආ සාරංග අයියෙ කියන්න.ඔයා අපේ ගෙවල් පැත්තේ එහෙම ගියාද?…….”📲
“ගියා නංගි.මාමා ඔයා ගැන තාමත් දුක් වෙනවා…….”📲
“තාත්‍තා මං ගැන දුක් වෙන්න මට මොකුත් වෙලා නෑනෙ අයියෙ…….”📲
“මොකුත් දන්නෑ වගේ කතා කරන්න එපා නංගි.දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ව කසාද බන්දලා දුන්නට මාමා තාමත් දුක් වෙනවා ඔයා ගැන.කලින් දැනගෙන හිටියා නම් කවදාවත් මේ කසාදෙ වෙන්න දෙන්නෑ කිව්වා……..”📲
“අයියෙ අපි ඔය ගැන කතා නොකර ඉම්මු අයියෙ.දැන් හැම දෙයක්ම සිද්ද වෙලා ඉවරයිනෙ.ඒවා මට ප්‍රශ්නයක් නෙවෙයි නම් ඔයාලා ප්‍රශ්නයක් කර ගන්නත් එපා……..”📲
“එහෙම කියන්න එපා නංගි.මොකද කියන්නෙ පූර්ණවයි දරුවවයි දාලා ඔයා එනවද මාත් එක්ක.මාමා වුනත් ඒකට කැමතියි…….”📲
“අනේ මේ සාරංග අයියෙ මගෙ යකා අවුස්සන්න එපා……..”😡📲
එහෙම කියලා මං කෝල් එක කට් කරා.
ඊලග කොටසින් නැවත හමුවෙමු