අනේ ලලිතා නැන්දේ තේජාන් මටයි දරුවටයි මෙච්චර ආදරේ කරාද?…….”😭
“ඔව් නෝනා.මහත්තයා පිටට පෙන්නන තරම් දරුණු නැහැ…….”
“නැන්දෙ තේජාන්ට ලැබුනු දඩුවමේ කාලය අඩු කරගන්න බැරිද?…….”
අලුත් බලාපොරොත්තුවක් හිත දරාගෙන මං එහෙම ඇහුවේ තේජාන්ගෙ මුහුණ දකින්න මගේ හිතත් ආස කරපු හින්දා.
“මං හිතන්නෑ නෝනෙ පුලුවන් වෙයි.ඒ ගෑනු කෙනා මැරුනෙ තේජාන් මහත්තයගෙ වාහනේට හැප්පිලා කියලා ඔප්පු වුනානෙ.අපි බලමු මහත්තයට ඇප දීලා බේරගන්න පුලුවන්ද කියලා…….”
“නැන්දෙ මට තේජාන්ගෙ කාමරේට යන්න ඕනි…….”
ලලිතා නැන්දා මාව තේජාන්ගෙ කාමරේට එක්කන් ගියා.මං මේ තේජාන්ගෙ කාමරේට ආපු තුන් වෙනි වතාව.ඒත් වෙනදාට වඩා මට මේ කාමරේ අමුතු වෙනසක් පෙනුනා.හැම දෙයක්ම හරිම ලස්සනට පිළිවෙලට තිබුනා.
“නෝනෙට බඩගිනිත් ඇතිනෙ දැන්.මං කෑම ලෑස්ති කරන්නද?…….”
“මට දැන්ම බඩගිනි නෑ නැන්දෙ…….”
“එහෙම කියලා බෑ නෝනෙ.මේ කාලෙදි වෙලාවට කෑම බීම ගන්න ඕනි…….”
“එහෙනම් නැන්දා කෑම ලෑස්ති කරන්නකෝ.මං ටිකක් මේ කාමරේට වෙලා ඉන්නම්.නැන්දා බය වෙන්න එපා. මං පැනලා යන්න හදන්නෑ……..”
ලලිතා නැන්දා ගියාට පස්සෙ මං කාමරේ පුරාම ඇවිද්දා.තේජාන්ගෙ සුවද මුලු කාමරේ පුරාවටම මට දැනෙන්නට වුනා. මං කාමරේ තිබුනු කබඩ් එක ඇරලා බැලුවා.තේජාන්ගෙ ඇදුම් පිළිවෙලට නවලා ඒ කබඩ් එකේ අහුරලා තිබුනා.මං නිකමට වගේ ඒ කබඩ් එකේ ලාච්චුව ඇරලා බැලුවා.ඒකෙ ඩයරියක් තිබුනා.මං ඒක අතට අරන් පෙරලලා බැලුවා.වැඩිය මොකුත් ඒ ඩයරියෙ ලියලා තිබ්බෙ නෑ. එක තැනක මං ගැන ලියලා තිබුනා.
සංසලා,මැණික උඹත් එක්ක දුර ගමනක් යන්න මං හරිම ආසාවෙන් බලන් ඉන්නවා.ඒත් මට ඒකට නීතියෙන් ඉඩක් ලැබුනේ නෑ.මං දන්නෑ මට කොච්චර කාලයක් උඹ නැතුව ඉන්න වෙයිද කියලා.උඹ මට ගොඩක් වෛර කරනවා කියලා මං දන්නවා.ඒත් මැණික මට සමාවෙයං රත්තරනේ.මං උඹට දුන්නු ගින්දර උඹට උහුලගන්න බෑ කියලා මං දන්නවා.උඹට උඹේ අම්මා ගාවට යන්න හා කියන්න මට හිත හදා ගන්න බෑ.මාත් එක්ක තියන වෛරෙට තරහට ඒ අය දරුවට මොකුත් කරොත්. මං එනකල් මගෙ මැණිලව ලලිතා හොදට බලා ගනියි
ඒ කියන්නෙ මං ගෙදර යනවට තේජාන් දැන් අකමැති දරුවට මොකුත් වෙයි කියන බයටද?මට තේජාන්ව බලන්න යන්නත් හිතයි.ඒත් ඒකට ඉඩක් ලැබෙයිද?
ඩයරිය තිබ්බ තැනින්ම තියලා මං ඇදෙන් වාඩි වුනා.කොච්චර වෙලාවක් ගියාද කියලා මට දැනුනේ නෑ.ආපහු මට ඇහැරුනේ ලලිතා නැන්දගේ කටහඬට.
“නෝනාට නින්ද ගියාද?යමු නෝනෙ කෑම කන්න…….”
තේජාන් සිරගත වෙලා මාසයකුත් පිරුනා.තේජාන්ගෙ ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේප වුනා.ලලිතා නැන්දට මං කීප වතාවක්ම ඇවිටිලි කරා මාවත් තේජාන්ව බලන්න එක්කන් යන්න කියලා.ඒත් ඒකට මට ඉඩක් ලැබුනෙ නෑ.
“නෝනෙ තේජාන් මහත්තයව කසාද බැදලා නෑනෙ.නැත්නම් නෝනෙට මහත්තයා බලන්න ලේසියෙන්ම යන්න පුලුවන් බිරිඳ විදියට ඉදිරිපත් වෙලා…….”
“නැන්දෙ නැන්දා හෙට තේජාන් මහත්තයව බලන්න ගියාම එයාට කියන්න මට ගෙදර යන්න ඕනි කියනවා කියලා.මං දරුවට මොකුත්ම වෙන්න දෙන්නෙ නෑ……..”
“මං කියලා බලන්නම් නෝනෙ…….”
දවල්ට කාලා ඉවර වෙලා බාතෲම් එකට ගිහින් නාගෙන මං ලා රෝස පාට ගව්මක් ඇද ගත්තා.බබාලා හම්බවෙන්න ඉන්නකොට අදින ගව්ම් ගොඩාක් තේජාන් ගෙනල්ලා කබඩ් එකට දාලා තිබ්බා.මට පුදුම ආසාවක් දැනුනේ ඒ ගව්ම් දකිද්දී.🤰🤰
😘😘
ලලිතා නැන්දා තේජාන්ව බලලා ගෙදර එනකන් මං මග බලාගෙන හිටියා.අනේ තේජාන් මට ගෙදර යන්න ඉඩ දුන්නොත් හොදයි.දහය විතර වෙද්දී ලලිතා නැන්දා ගෙදර ආවා.
“අනේ නැන්දෙ තේජාන් මොකද කිව්වෙ? මට ගෙදර යන්න හා කිව්වද?…….”
“ඔව් නෝනෙ.නෝනෙගෙ අම්මයි තාත්තයි කැමති නැති වුනොත් නෝනෙට ආපහු මෙහාට එන්න කිව්වා.මොන දේ දරුවව හොදට බලා ගන්න කිව්වා. නෝනා ලෑස්ති වෙන්න.රවී මහත්තයගේ වෑන් එකේම නෝනව ගෙදරට ගිහින් දාන්න මමත් එන්නම්……..”
මං ඉක්මනට කාමරේට ගිහින් ගෙදර යන්න ලෑස්ති වුනා.මට දැනුනේ ලොකූ සතුටක්.මාස හය හතකට විතර පස්සෙයි මං මේ අම්මවයි අප්පච්චිවයි දකින්නේ.තේජාන් ගෙනත් දීපු ලස්සන නිල් පාට ගව්මකුත් ඇදගෙන ඉතුරු ගව්ම් ටික බෑග් එකකට දාගෙන මං ලලිතා නැන්දා එක්ක කාර් එකට නැග්ගා.
අම්මලා දැන් පදිංචි වෙලා ඉන්නෙ නුවරඑළියේ නිසා අපි කෙලින්ම ගියේ එහාට.ගේ ගාවටම යනකොට මං දැක්කා අප්පු මාමා මිදුල අතු ගගා ඉන්නවා.මං වෑන් එකෙන් බැහැලා අප්පු මාමා ලගට ගියා.අප්පු මාමට මාව එකපාරටම අදුරගන්න බැරුව ගියා.
“අප්පු මාමෙ මං චූටි බේබි සංසලා.කෝ අම්මයි අප්පච්චියි?…….”
“ආනේ….චූටි බේබි දෙයියනේ දැක්ක කල්. ලොකු නෝනයි මහත්තයයි පන්සලට ගියා දැන් මග එනවා ඇති.යමු බේබි ගේ ඇතුළට……..”
“යමු ලලිතා නැන්දෙ ගේ ඇතුළට…….”
“දැන් බෑ නෝනෙ.අපිට පරක්කු වෙනවා. රෑ වෙනවනේ යනකොටත්.අපි යන්නම් නෝනා.හදිස්සියක් වුනොත් කෝල් එකක් දෙන්න……..”
ඇදුම් බෑග් එක ගේ ඇතුළට ගෙනත් දීලා ලලිතා නැන්දා ඒ වෑන් එකේම නැගලා ගියා.අප්පු මාමා හදලා දීපු තේ එක බීලා මං මගේ කාමරේට ගියා.මාස කීයකටද පස්සෙද මං මේ කාමරේට ආවෙ?ගමන් මහන්සිය නිසාම නිදි මත ආවත් මං නිදා ගත්තෙ නෑ.පැය බාගයක් විතර යනකොට අම්මයි අප්පච්චියි එන සද්දෙ ඇහුනා.මං ඉක්මනට සාලෙට ගියා.මාව දැකලා දෙන්නම පුදුම වුනා.
“අනේ මගෙ රත්තරං දුවේ😭😭ඔයා ආවද මැණික.අනේ රත්තරං ඔයාට මොකද මේ උනේ?…….”😭😭
මාව බදාගෙන අම්මා කදුලු හලන්න පටන් ගත්තා.අප්පච්චිත් මාව පපුවට තුරුල් කරගෙන සෑහෙන ඇඩුවා.😢😢
“අනේ මගෙ දුවේ,ඔයා කොහොමද එතනින් පැනලා ආවෙ?……..”
“අම්මෙ….මෙ….මං ආවෙ හොරෙන් නෙවෙයි.ඒ හැමෝම දන්නවා මං ආපු බව…….”
“මගෙ කෙල්ලෙගෙ ජීවිතේ විනාශ කරපු පාහර බල්ලා.මට පුලුවන්කමක් තිබ්බා නම් මහ එකා යවපු ලෝකෙටම ඕකාවත් යවනවා.දරුවෙක් දීලා මගේ මගෙ අහිංසකීව අතරමං කරපු කාලකණ්ණි නරුමයා……..”😡😡
අප්පච්චී තේජාන් ගැන කතා කරේ ගොඩාක් කේන්තියෙන්.තේජාන් ඉන්නෙ හිරේ බව අප්පච්චියි අම්මයි දන්නෙ නැතුව ඇති.
“දැන් තේජාන්ට බැනලා වැඩක් නෑ අප්පච්චි.තේජාන් අවුරුදු පහකට හිරේ ගියා.මට සමාවෙන්න අප්පච්චී මං මෙහෙම කියනවට.මේ දේවල් මේ විදියට සිද්ද අප්පච්චිගෙ නොසැලකිල්ල හින්දයි. එදා දුර දිග නොබලා අප්පච්චි කරපු වරද නිසා තේජාන්ට එයාගෙ තාත්තවයි නංගිවයි අම්මවයි නැති වුනා.එතකොට තේජාන් ගොඩක් පොඩියි.කිසිම වරදක් නොකරපු තමන්ගෙ දෙමව්පියොයි සහෝදරියවයි මරපු මිනීමරුවගෙන් පලි ගන්න එයාගෙ හිත හැම වෙලේම ලෑස්ති වෙලා තිබුනා.අප්පච්චිගේ අතින් සිද්ද වෙච්චි ඒ වැරැද්දට තේජාන් මගෙන් මාස පහක් තිස්සෙ පලි ගත්තා………”
“මට සමාවෙන්න දුව.මං හින්දා ඒ මිනිහා ඔයාගෙ ජීවිතෙත් අදුරු කරා.වරද කරපු මගෙන් පලි ගන්නෙ නැතුව ඔයාගෙන් පලි ගත්තෙ ඇයි දෙයියනේ…….”
“මාත් ඔය ප්‍රශ්නෙ හැමදාම තේජාන්ගෙන් ඇහුවා අප්පච්චි.එයා කියන්නෙ අප්පච්චී එදා වැරදිකාරයන්ට දඩුවම් කරනවා වෙනුවට කිසිම වරදක් නොකරපු එයාගෙ පව්ලෙ අයට දඩුවම් කරේ ඇයි කියලා අහනවා.මට ඒකට දෙන්න උත්තරයක් නෑ අප්පච්චි.තේජාන් දැන් සම්පූර්ණයෙන්ම වෙනස් මිනිහෙක් අප්පච්චී……..”
“ඒ කියන්නෙ ඌ තාමත් ඔයාගෙන් පලි ගන්න එක අතෑරලා නැද්ද?……..”
ඒ ප්‍රශ්නෙ ඇහුවෙ අම්මා.
“මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තම තේජාන් මගෙන් පළි ගන්න එක නැවැත්තුවා අම්මෙ.පිටට දරුණු මනුස්සයෙක් විදියට පෙනුනට තේජාන් එහෙම නෑ අම්මෙ.එයා මටයි දරුවටයි හුගාක් ආදරෙයි.හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙ තේජාන් මාවයි දරුවවයි එයා ගාවට ගනියි……..”
“ඔයා හදන්නෙ ආපහු ඒ අපරාධකාරයා ගාවට යන්නද?……..”
“එයා අපරාධකාරයෙක් වුනේ ඔයා හින්දයි අප්පච්චි.තේජාන්ගෙ වටිනාම වස්තුව තියෙන්නෙ මං ගාව.එයා පලි ගන්න එක නැවැත්තුවේ දරුවා හින්දා. ඔයාලා දෙන්නා අකමැති නම් මං ආපු එකට මං ආපහු තේජාන්ගෙ ගෙදරට යන්නම්……..”
“නෑ මගෙ දුවේ.ඔයා තේජාන් එනකල් මෙහෙ ඉන්න.මගෙ දුවයි මේ දරු පැටියයි අපිට බරක් නෙවෙයි……..”
දැන් මගේ කුසට මාස පහයි.මට හැම වෙලේම තේජාන්ව මතක් වෙනවා.හිර ගෙදරට වෙලා තේජාන් මොනතරම් දුක් විදිනවා ඇත්ද?අනේ මට ඔයාව බලන්න එන්න පුලුවන් නම් මං කොහොම හරි එනවා තේජාන්.
“දුවේ මොනවද කල්පනා කරන්නෙ?…….”
“මට තේජාන්ව මතක් වුනා අම්මෙ…….”
“ඒ මිනිහව අමතක කරන්න දූ.ඔයාටයි දරුවටයි තනි වෙන්න අපි ඉඩ දෙන්නෙ නෑ…….”
“මං කොහොමද අම්මෙ මට ලැබෙන්න ඉන්න දරුවගෙ තාත්තව අමතක කරන්නෙ?මට ඒක කරන්න කොහෙත්ම බැහැ………”
“ඔයා බය නැතුව ඉන්නකො දූ.දරුවා ලැබුනට පස්සෙ අප්පච්චී ඔයාට හොද කෙනෙක්ව බලලා කසාද බන්දලා දෙයි. දරුවව අපි කාටහරි හදා ගන්න දෙමු…….”
දෙයියනේ අම්මා මොනවද මේ කරන්න හදන්නේ?අනෙ මට නම් මගෙ දරුවව නැතුව ඉන්න.
“ඒක කරන්න මට කොහෙත්ම බෑ අම්මෙ. මට වෙන කසාදයක් ඕන්නෑ.දරුවත් එක්ක සතුටින් ජීවත් වෙන්න ලැබුනොත් මට ඒ හොදටම ඇති.පින් සිද්ද වෙයි මගෙ දරුවව මගෙන් උදුර ගන්න හදන්න නම් එපා……..”😭😭
මං එහෙම කිව්වත් කාලය ගත වෙද්දී මට තේරුණා අම්මයි අප්පච්චියි හදන්නේ දරුවව මගෙන් ඈත් කරවන්න. තව දුරටත් මට මෙහෙ ඉන්න බෑ කියලා තේරුණා.ඒ හින්දා හොරෙන්ම මං ලලිතා නැන්දට කෝල් කරා මාව ආපහු එහාට අරන් යන්න කියලා.
ඊලග කොටසින් නැවත හමුවෙමු