උදේ පාන්දරින්ම මා අවදි වී කුස්සියට ගියේ ආහාර පිළියෙල කිරීම සදහාය.බත් සමග අඹ මාලුව,පපඩම්,පරිප්පු හා හාල්මැස්සන් බැදුමක් සැදුවෙමි.

“ආනේ දුව පාන්දරින්ම නැගිට්ටද?…….”

“ඔව් අම්මෙ.ගෙදරදීත් මං පාන්දරම නැගිටිනවා…….”

“දුවගෙ කෑම වල සුවද නම් මරු.හොද අත් ගුණයක් තියනවා…….”

“පුංචි කාලෙ ඉදන්ම අම්මා උයන දිහා බලාගෙන ඉදලා පුරුදු වුනේ……”

කෑම ටික මේසෙට ඇරලා මං මුහුණ කට හෝදාගෙන වෙන ඇදුමක් ඇද ගත්තෙමි.

පූර්ණ තාමත් නිදි.දුව ඇහැරිලා සද්දෙ නැතුව ඉන්නවා.මං දුවව අතට අරගෙන කාමරේ ඇවිද්දා.

“ආ දෝණි ඇහැ‍රිලාද දුවේ?…….”

“ඔව් අම්මෙ.මෙයාට මොන පිටිද දෙන්නෙ?…….”

“ඩොක්ටර් ලියලා දීපු පිටි ජාතියක් තියනවා දූ.මං කිරි එකක් හදාගෙන එන්නම්.අඩන්නෙ නැත්නම් තොටිල්ලෙන් තියන්න.නැත්නම් මෙයා ඔයාට වද දෙයි අතටම පුරුදු වුනාම…….”

මං දුවව තොටිල්ලෙන් තියලා පූර්ණට කතා කරා.

“අනේ අම්මෙ නිදා ගන්න දෙන්නකො.නිදි මතයි අප්පා…….”

අනෙ අම්මපා ඇත්තටම මූට පිස්සුද?😂 පූර්ණට හිතේ අම්මා එයාට කතා කරන්නෙ කියලා.ලග තිබුනු වතුර වීදුරුවෙන් ටිකක් මං පූර්ණගේ මුහුණට ඉස්සා.

“තමුසෙද මාව උදේ පාන්දරින්ම ඇහැරෙව්වෙ?මං හිතුවෙ අම්මා කියලා. මොන මගුලක්ද ඕයි.නිදා ගන්න දෙනවකෝ…….”😠😠

“ඔයාට අද වැඩට යන්න තියනවා කිව්වා නේද පූර්ණ?……”

“තව දවස් තුනක් නිවාඩු තියනවා.අද දුවගෙ උප්පැන්න ලිය්න්න යන්න තියනවා……”

“දුවට දැන් මාස හතරයි නේද?තාම උප්පැන්න ලිව්වෙ නැද්ද?…….”

“පහුගිය කාලෙ වෙච්චි දේවල් එක්ක ඒකට වෙලාවක් නැති වුනා.නවය වෙද්දී ලෑස්ති වෙනවා…….”

මට එහෙම කියලා පූර්ණ නැගිටලා ගියා.

මං දුවගෙ තොටිල්ල ගාවට ගියා.අත පය ගස ගස කෙල්ල නොතේරෙන භාශාවෙන් මොන මොනවදෝ කියෝනවා.කෙල්ල පූර්ණ වගේමයි කියලා මට හිතුණා. නහය,කට,ඇස් පූර්ණගේ වගේමයි. රෝසම රෝස පාට පුලුං බෝලයක් වගේ. මට ආස හිතුණා.මං දුවගෙ කම්මුලකට හාදුවක් දුන්නා.එවලෙම වගේ පූර්ණගේ අම්මා දුවගෙ කිරි බෝතලේ මට ගෙනත් දුන්නා.

“චූටි මැණික ඉක්මනට ලොකු වෙන්න ඕනි කුක්කු බීලා.තාත්තියි අම්මියි මැණිකට ගොඩාරියක් ආදරෙයිනෙ…….”

කතාවෙන් කතාවෙන් මං කොහොම හරි කෙල්ලට කිරි බෝතලේම පෙව්වා.පව් කෙල්ල හුගක් බඩගින්නේ ඉදලා වගේ. මව් කිරි බොන්න ඕනි කාලෙ කෙල්ලට පිටි කිරි බොන්න වුනානෙ.කිරි බීලා කෙල්ලගෙ බඩ බෝලයක් වගේ.

“චෝයි මැණික.කුක්කු ටික ඔක්කොම බිව්වනේ.තාත්ති වගේ නෙවෙයි මැණික ගොඩාරියක් හොදයි.තාත්ති ගොඩාක් නපුරුයි.අම්මි එක්ක තරහ වෙච්චි ගමන්මයි…….”

මං කෙල්ල්ව තොටිල්ලෙන් තියලා කිරි බෝතලේ හෝදන්න කුස්සියට යන්න හැදුවා.කාමරේ උළුවැස්සට අත තියාගෙන පූර්ණ මං දිහා බලාගෙන ඉන්නවා.අපොයි🤭🤭මං කෙල්ලට කියපුවා පූර්ණට ඇහුනද දන්නෑ.

“මොනවද තමුසෙ දුවට කිව්වෙ?……”

“මෙ….මං මොකුත් කිව්වෙ නෑ.කිරි එක පෙව්වා විතරයි……”

“එහෙනම් අර කිව්වෙ තාත්ති ගොඩක් නපුරුයි කියලා…….”

“නෑ….මේ මං..මේ……”

“ඔව් මං නපුරුයි තමයි.තාම මං ගැන හරියට දන්නෑ තමුසෙ.ඕක හෝදලා ඉක්මනට ලෑස්ති වෙනවා යන්න පැල වෙන්නෙ නැතුව……..”😠😠

පූර්ණට මොන යකෙක් වැහිලද මන්දා මේ උදේ පාන්දර.හරහටමයි කතා කරන්නෙ.

මං දූගෙ කිරි බෝතලේ හෝදලා ඉක්මනට ලෑස්ති වුනා.දුවවත් අරගෙන කාරෙකේ ඉස්සරහ සීට් එකෙන් වාඩි වුනා.

“පූර්ණ ඔයා දුවට දාන්න නමක් හිතුවද?…….”

“හ්ම්ම්…….”

“මොකක්ද?……”

“සේනාධි පූර්ණිමා එදිරිමාන්න…….”

සේනාධි😱😱මගේ නම සේනානි.පූර්ණ දූට ඒ නම දාන්න ඇත්තෙ මං හින්දා වෙන්න ඇති.මට ලොකු සතුටක් දැනුනා ඒ ගැන.

“වැඩිය හිතන්න එපා.සේනාධි කියන නම දැම්මෙ තමුසෙ හින්ද නෙවෙයි.මං ඒ නම හිතුවෙ දූ ඉපදෙන්නත් කලින් ඉදලයි…….”

පූර්ණ එහෙම කියනකොට මගෙ හිතට දුකක් දැනුනා.ඒත් මං ඒක පිටට පෙන්නුවෙ නෑ.ඒත් මං දැක්කා පූර්ණ හොරෙන් හොරෙන් මං දිහා බලනවා.මං දුව දිලා බලාගෙන ගියා.

පැයක ගමනකින් පස්සෙ අපි උප්පැන්න ලියාපදිංචි කරන තැනට ආවා.

“දරුවගෙ නම මොකක්ද?…….”

ඒ නිළදාරියා අහන ඒවට උත්තර දුන්නෙ පූර්ණ.

“සේනාධි පූර්ණිමා එදිරිමාන්න…….”

“දරුවගෙ තාත්තගෙ නම?…….”

“පූර්ණ රුක්ෂාන් එදිරිමාන්න……..”

“දරුවගෙ අම්මගෙ නම?……..”

“මි……”

“සේනානි අහිංසා කුමාරසිංහ…….”

පූර්ණ හැදුවේ ටිකක් කල්පනා කරලා මිනෝලිගෙ නම කියන්න.ඒත් මං ටක්ගාලා මගේ නම කිව්වා.පූර්ණ මං දිහා බැලුවේ පුදුම වෙලා වගේ.පූර්ණට හිතෙන්න නැතුව ඇති මං එහෙම දෙයක් කරයි කියලා.


ගෙදර ආපු ගමන්ම මං කරේ දුවව නාවලා නිදි කරවපු එක.

“සේනානි…….”

පුදුමයි පූර්ණ මට නම කියලා කතා කරපු එක.හැම වෙලේම කතා කරන්නෙ ඕයි, තමුසෙ කියලනෙ.ආසාවට එක පාරක් ආදරෙන් කතා කරලා නෑ.

“ඇයි පූර්ණ?…….”

“තැන්ක්‍යූ සේනානි.මං හිතුවෙ නෑ ඔයා උප්පැන්නට ඔයාගෙ නම දෙයි කියලා…….”

“මට තැන්ක්‍යූ කියන්න ඕන්නෑ පූර්ණ.ඔයා වගේම මාත් දුවට ආදරෙයි.දැන් කෙල්ලගෙ අම්මා මමනෙ…….”

🌼🌼

“පූර්ණ හෙට ඔයාට නිවාඩුයි නේද?…….”

“ඔව් ඇයි?…….”

“ගෙදර ගිහින් එන්න යමුද?හෙට අම්මගෙයි තාත්තිගෙයි වෙඩින් ඇනවසරි එක…….”

“ශා මරුනෙ ඕයි.කී වෙනි ඇනවසරි එකද?…….”

“එකොලොස් වෙනි ඇනවසරි එක පූර්ණ. අපි දෙන්නටත් ඉන්වයිට් කරා.පුංචියට පාර්ටි එකක් ගන්නවලු…….”

“මොකක්???තමුසෙට දැන් අවුරුදු කීයද?…….”

මේ යකා මාර මිනිහෙක්නෙ.😂තමන්ගෙ ගෑනිගෙ වයස දන්නෑ.පුදුම මිනිහෙක්.

“විසි එකයි……..”

“එතකොට තමුසෙගෙ අම්මයි තාත්තයි තමුසෙට අවුරුදු දහයෙදිද කසාද බැන්දෙ…….”

මට දැනුයි මතක් වුනේ.පූර්ණ හිතං ඉන්නේ කුඩම්මා මගේ ඇත්ත අම්මා කියලා වෙන්න ඇති.අපි කවුරුවත් පූර්ණලාට ඒ ගැන කිව්වෙ නෑනෙ.එහෙම කියන්න උවමනාවක් තිබ්බේ නෑ.

“පූර්ණ….මෙ….ඒ මගෙ ඇත්ත අම්මා නෙවෙයි.මගෙ අම්මා මැරෙද්දි මට අවුරුදු

එකොලහයි.එයා මගෙ කුඩම්මා.එයා මට සැලකුවේ තමන්ගෙම දරුවෙකුට වගේ. කවදාවත් මට වෙනසක් කරේ නෑ……..”

ඇස් දෙකේ කදුලු හංගගෙන මං කියද්දී පූර්ණ ඇදෙන් නැගිටලා මං ගාවට ආවා. ඇවිත් මගෙ උරහිස් දෙකෙන් අත් දෙක තියාගෙන මං දිහා හොදට බලාගෙන හිටියා.

“ඔයාගෙ කුඩම්මා වගේ වෙන්න ඔයාට බැරිද සේනානි?……..”

“ඒ කිව්වෙ පූර්ණ?…….”

“තමන්ගෙ මනුස්සයගෙ කලින් කසාදෙ දරුවට ඔයාගෙ කුඩම්මා පණ වගේ ආදරේ කරා.ඔයාටත් පුලුවන්ද මගෙ දරුවට ඒ වගේම ආදරේ කරන්න…….”

“ඔව් මට පුලුවන් පූර්ණ…….”

මං නෙතු අග්ගිස්සෙන් වෑහුනු කදුලු අතරින්ම පූර්ණගේ පපුවට තුරුල් වුනා.

“එහාට යනවා.කොයි වෙලේද මාව තුරුල් කරගන්නෙ කියලා බලන් ඉන්නෙ නේද?…….”😁😂

එහෙම කියලා පූර්ණ මාව අහකට තල්ලු කරා.ඒ කියපු විදියට මට ලැජ්ජත් හිතුණා.

ඊලග කොටසින් හමුවෙමු