“අනේ නැන්දෙ මෙ…මේ……..”
මං ඒ ෆයිල් එකත් අතේ තියාගෙන ලලිතා නැන්දගෙන් ඇහුවේ මට ඒකෙ තිබුනු දේවල් අදහගන්න බැරි නිසා.
“නෝනාට දැනුනෙ නැති වුනාට මේක ඇත්ත.නෝනෙට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ…….”
“අනේ මට බයයි නැන්දෙ.මට මොකක්ද දෙයියනේ මේ සිද්ද වුනේ.අනේ මගෙ කාලකණ්ණි වෙච්චි ජීවිතේට දරුවෙකුත් ආවද?මං කොහොමද නැන්දෙ ලෝකෙට මුහුණ දෙන්නෙ?……..”😭😭
මං ලලිතා නැන්දගෙ උරහිසට හේත්තු හොදටම කදුලු හලමින් ඇඩුවා.තේජාන් මගේ ජීවිතෙන් පලි ගන්න පුලුවන් දරුණුම විදියට පලි අරන් ඉවරයි.තවත් එයාට මට රිදවන්න ක්‍රමයක් නැතුව ඇති.
“අඩන්න එපා නෝනෙ.තේජාන් මහත්තයා නෝනෙ ගැන බලයි. මහත්තයා හිටියෙ සන්තෝශෙන්…….”
“ඔව් එයා සන්තෝශෙන් ඉන්න ඇති දැන් මගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ් වෙලා ඉවරයිනෙ…….”
“එහෙම නෙවෙයි නෝනෙ.නෝනෙ මේ දේවල් වැරදියටනෙ තේරුම් අරන් ඉන්නෙ.මහත්තයා අන්තිමට සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. නෝනෙගෙන් පලි ගන්න එක නැවැත්තුවා……..”
“එතකොට මට දරුවෙක් ලැබෙන්න ඉන්න බව තේජාන් දන්නවද නැන්දෙ?…….”
“ඔව් නෝනෙ තේජාන් මහත්තයා ඒක දන්නවා.ඒ හින්දයි නෝනෙහෙන් පලි ගන්න එක නැවැත්තුවෙ.තේජාන් මහත්තයා දරු පැටියට ගොඩාක් ආදරෙයි නෝනා…….”
“ඒත් නැන්දෙ කවද්ද ඒක දැන ගත්තෙ? තේජාන් කවදාවත් මට එහෙම දෙයක් කිව්වෙ නෑනෙ…….”
“අර එදා නෝනෙට වමනෙ ගිහින් කලන්තෙ හැදුනෙ.නෝනෙට වමනෙ ගිය විදියට මට සැකයක් හිතුණා දරුවෙක් ලැබෙන්නද කියලා.මං ඊට පස්සෙ ඒක තේජාන් මහත්තයට කිව්වා.තේජාන් මහත්තයා ටිකක් වෙලා කල්පනා කරා. ඊට පස්සෙ මහත්තයා බලෙන් වගේනෙ නෝනෙව අරන් හොස්පිටල් එකට ගියේ.
ඊට කලින් දවසෙ නෝනෙ මෙහෙන් පැනලා යන්න හදපු වෙලාවෙ නෝනෙ මෙතන ඉදන් බිමට පැන්නනේ.ඒ හින්දා දරුවට අනතුරක් වෙලා ඇති කියලා තේජාන් මහත්තයා බයෙන් හිටියේ.ඒ හින්දයි ඩොක්ටර් ගාවට ගියේ.දරුවට අනතුරක් නෑ කියලා ඩොක්ටර් කිව්වට පස්සෙ තේජාන් මහත්තයා හිටියෙ ලොකු සැනසීමකින්.නෝනෙට මේ ගැන කියන්න පරක්කු කරේ තේජාන් මහත්තයත් එක්ක තියන තරහට නෝනෙ දරුගැබ විනාශ කරයි කියලා……..”
එහෙනම් එදා හොස්පිටල් එකට ගිහින් ආපහු එද්දී වහ බෝතලයක් ගෙනත් දෙන්න කිව්වම තේජාන්ට ඒ තරම්ම කේන්ති ගියේ මේ හින්දද.එදායින් පස්සෙ කවදාවත් තේජාන් මට මොකුත්ම කිව්වෙ නෑ.තේජාන් දරුවට එච්චරටම ආදරේ කරාද?…….මට එකපාරටම මතක් වුනේ එදා අන්තිමට තේජන් මගෙන් ඉල්ලපු ඉල්ලීම.එයා මට කිව්වෙ “මං හින්දා එයාව මරන්න නම් එපා.එයාට ජීවිතේ දෙන්න” කියලයි.එදා තේජාන්ගෙ හැසිරීම හරිම අමුතු වුනා.ඒත් මං මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේම නෑ.
“නැන්දෙ තේජාන් හිරේ ගියේ ඇයි ?……..”
“ගිය අවුරුද්දේ තේජාන් මහත්තයගෙ වාහනේට කව්දෝ මන්දා ගෑනු කෙනෙක් හැප්පිලා මැරුණා.ඒ නඩුවෙ තීන්දුව ලැබුනෙ අදයි.තේජාන් මහත්තයා වැරැද්ද බාරගෙන හිරේට ගියා.ගොඩක් සැර පරුෂ කෙනෙක් වුනාට තේජාන් මහත්තයා හරිම හොදයි නෝනා.තේජාන් මහත්තයා මෙච්චර දරුණු වුනේ එයාගෙ තාත්තයි නංගියි නෝනෙගෙ තාත්තා අතින් මැරුණු හින්දා…….”
ලලිතා නැන්දා කියපු විදියට තේජාන්ගෙ හිතේ මං ගැන තිබුනු වෛරය නැති වෙලාද?මාස පහක් තිස්සෙ තේජාන් මගෙන් පලි ගත්තා.එයාගෙ හිතේ තිබුනු වෛරය එයාගෙ ලෙයින් මගේ කුසේ හැදෙන දරු පැටියා නිසා නැති වෙලා ගියාද?මට ඒ ගැන හිතා ගන්නවත් බැරි වුනා.
“නෝනෙ තේජාන් මහත්තයා ගැන තියන තරහට දරු පැටියට මොකුත්ම කරන්න එපා.ඒ අහිංසක දරුවට මේ ලෝකෙ එලිය දකින්න ඉඩ දෙන්න.මහත්තයා හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙ නොනව කසාද බදිනවා කියලා කිව්වා. එතකොට නෝනටයි දරුවටයි සතුටින් ජීවත් වෙන්න පුලුවන්…….”
“තේජාන් කොච්චර කාලෙකටද හිරේ ගියේ?…….”
“අවුරුදු පහකට නෝනෙ.නෝනා දුක් වෙන්න එපා මහත්තයා එනකල් මං නෝනත් එක්ක ඉන්නවා……..”
මට තේජාන් ගැන දුකකුත් ඇති වුනා.ඒත් ඉස්සරහට මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.ලලිතා නැන්දා මං ගාවින් නැගිටලා ගිහිල්ලා විනාඩි පහකට විතර පස්සෙ ආපහු ආවෙ ලියුම් කවරයක් අතේ තියාගෙනයි.
“ආ නෝනා මේ ලියුම කියවලා බලන්න. මහත්තයා හිරේ ගිය දවසෙ නෝනට මේ ලියුම දෙන්න කියලා දුන්නා…….”
ලලිතා නැන්දා දුන්නු ඒ ලියුම මං කියවලා බැලුවා.
*සංසලා,
ඔයාව මං මෙහාට ඔයාට වද දීලා මරන්න.මොකද,මගෙ තාත්තවයි නංගිවයි මැරුවෙ ඔයාගෙ තාත්තා හින්දා ඒ පලිය මං ඔයාගෙන් ගන්නයි හිතුවෙ. ඔයා හැම වෙලේම මගෙ ඉස්සරහ අඩ අඩා කිව්වෙ ඔයා නොකරපු වරදකටයි දඩුවම් විදින්නෙ කියලා.ඒ ගැන මට කිසිම ගානක් නොවුනේ මගෙ තාත්තයි නංගියි දඩුවම් වින්දෙත් නොකරපු වරදකට හින්දයි.මගේ හැම ඕනෑ එපාකමක්ම ඔයාගෙන් ඉශ්ට කරගෙන ඔයාට වද දීලා ඔයාව අසරණ කරාට පස්සෙ ඔයාගෙ නෙතින් ගලන කදුලු දැක්කට පස්සෙ මං ගොඩාක් සතුටු වුනා.
ඒ සතුට තිරිසන් සතුටක් කියලා මට කීයටවත් දැනුනෙ නෑ.හැමදාම රෑට ඔයා මගෙන් පාරවල් කාපු කම්මුලවල් අල්ලගෙන අඩන හැටි මං කාමරේ සවි කරපු සීසීටීවි කැමරා වලින් බලාගෙනයි හිටියෙ.මගෙ හිතේ ඔයා ගැන මුලින්ම අනුකම්පාවක් ඇති වුනේ එදා රෑ ඔයා උණ වැඩි වෙලා බිම වැටිලා වමනෙ දාගෙන ඉන්නකොටයි.ඔයා ගාවට දුවගෙන ඇවිත් ඔයාව ඩොක්ටර් ගාවට එක්කන් ගියෙ ඔයාව සනීප කරගන්න කියලා හිත බල කරපු හින්දයි.
එදා ඔයා රෑ හොරෙන්ම මෙහෙන් පැනලා යන්න හදනකොට මට ආවෙ පුදුම කේන්තියක්.ඔයා ගැන තිතිබිච්ච අනුකම්පාව ආයෙමත් නැති වෙලා ගියා.ඊට පහුවදා උදේම ලලිතා දුවගෙන ඇවිත් මට කිව්වා “මහත්තයා නෝනට හොදටම වමනෙ යනවා.මං හිතන්නෙ නෝනෙට දරුවෙක් ලැබෙන්න වගේ”.ලලිතා එහෙම කියද්දී මට එකපාරටම මොකක්දෝ වුනා වගේ දැනුනා.මං කාමරේට ඇවිත් ගොඩාක් කල්පනා කරා.මගේ දරුවෙක් උඹේ කුසේ පණ ගැහෙනවා කියලා දැන ගත්තට පස්සෙ මගෙ හිතේ උඹ ගැන තිබිචිච හැම තරහක්ම වෛරයක්ම නැති වෙලා ගියා මැණික.
ඒත් මට බය හිතුනේ කලින් දවසෙ රෑ උඹ මෙතනින් පැනලා යන්න උඩ තට්ටුවේ ඉදන් පල්ලෙහාට පැනපු හැටියි.දෙයියනේ දරු පැටියාට මොනවත් අනතුරක් වෙන්න නම් එපා කියලා මං සිය දහස් වාරයක් දෙවියන්ගෙන් ඉල්ලුවා.උඹව ඩොක්ටර් ගාවට එක්කන් ගියාට පස්සෙ දරුවා හොදින් ඉන්නවා කිව්වට පස්සෙයි මට සැනසීමක් දැනුනේ. එදා ආපහු එද්දී උඹ මගෙන් වහ බෝතලයක් ඉල්ලනකොට මහ ආවෙ මහ පුදුම කේන්තියක්.
මට උඹ මහා ලොකු ආදරයක් ඇති වුනා රත්තරං. අවසාන වතාවට මට උඹෙන් එක දෙයක් ඉල්ලන්න තියනවා.මගෙ මැණික ඇස් දෙක වගේ රැකපන් වස්තුවේ.නිදහස් වෙච්චි ගමන් මං උඹවයි මගෙ දරුවවයි බලන්න එනවා.පුලුවන් නම් මට සමාව දීපන්.
*තේජාන්.
ලියුම කියවලා පපුවට තියාගෙන මං ඇඩුවා.දෙයියනේ තේජාන් මටයි දරුවටයි මෙච්චර ආදරේද?😭😭😭
නැවත හමුවෙමු