මොකද තමුසෙ මගෙ ඇස් වල කදුලු පිහ දැම්මෙ?තමුසෙට දුක හිතුනද?…….”

දත් මිටි කාගෙන තේජාන් මගෙන් අහපු විදියට මාව බයටම පිටි පස්සට විසික් වුනා.

“න්…නැ…මෙ….සොරි මේ.වැරදීමක් වුනේ…….”

මං බිම බලාගෙන එහෙම කිව්වා.

“මෙහෙ බලනවා.තමුසෙගෙ නම මොකක්ද?…….”😠😠

මං ඔලුව උස්සලා තේජාන් දිහා බැලුවා. අඩලා අඩලාම තේජාන්ගෙ ඇසුයි මුහුණයි හොදටම රතු වෙලා. කොණ්ඩෙත් අවුල් වෙලා.

“ඇයි තමුසෙට නම මතක නැද්ද?……..”😠

“ම්…මෙ…..සංසලා මධුරභාෂිණී සූරියආරච්චි…….”

“වයස කීයද?…….”😠

“විස්සයි…….”

“දැන් යනවා මෙතනින්.හැබැයි එකක් හොදට මතක තියා ගන්නවා.අද මං මෙහෙන්‍ යනවා.ආයෙ එන්නෙ දවස් පහකට පස්සෙ.මෙතනින් පැනලා යන්න හිතන්නවත් එපා.වත්ත වටේටම සිකිරියුටිලා ඉන්නවා.තමුසෙ පැනලා යන්න හැදුවොත් උන් බල්ලො ලෙහයි…….”

මං ඔලුව වනලා හා කියලා කාමරේට ආවා.

🏵️🏵️

“නෝනා….මං මේ නෝනට සීඩී වගයක් ගෙනාවා.කම්මැලි වෙලාවට දාගෙන බලන්න…….”

ලලිතා නැන්දා චිත්‍රපටි වල ඩීවීඩි තැටි කිහිපයක් මට ගෙනත් දුන්නා.මට ඒවා බලන්න එතරම් ආසාවක් තිබ්බෙ නෑ.මට ඕනි කොහොම හරි ගෙදර යන්න. මෙතනින් පැනලා යන්න ක්‍රමයකුත් නැහැ.පැනලා යන්න තියා මේ කාමරෙන් එලියට යන්නවත් මට අවසරයක් නෑ.මුලු ගේ වටේටම සීසීටීවි කැමරා හයි කරලා.

“ඇයි නෝනා කල්පනා කරන්නේ?නෝනට මොනවා හරි ඕනි නම් කියන්න.මං ගෙනත් දෙන්නම්…….”

“ලලිතා නැන්දවත් මෙහෙ බලෙන්ද තියාගෙන ඉන්නෙ?……..”

මං ඇහුවේ මෝඩ ප්‍රශ්නයක්ද කියලා මට හිතුණා.ලලිතා නැන්දා දිහා බැලුවම එයා මෙහෙ බලෙන් තියාගෙන ඉන්න බවක් පෙනුනෙ නම් නැහැ.

“අනේ නෑ නෝනා…….”

“නැන්දා මෙහාට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද?නැන්දට දරුවො එහෙම ඉන්නවද?…….”

“මං මෙහාට ඇවිල්ලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා.මං හිටියේ තේජාන් මහත්තයාලගේ ගමේ.මගෙ පුතා ලොකු ඉස්කෝලෙක ඉගන ගන්නවා.අට වසරෙ.මගෙ මහත්තයා කොස් ගහකින් වැටිලා මීට අවුරුදු දහයකට කලින් මැරුණා.පුතයි මායි ජීවත් වුනේ බොහොම අමාරුවෙන්.
දරුවගෙ ඉස්කෝලේ වැඩ වලටවත් අතේ සතේ නෑ.ඔය අතරෙ තේජාන් මහත්තයා අපේ ගෙදර ඇවිත් කිව්වා එයාගෙ ගෙදර වැඩට කෙනෙක් ඕනි කරනවා මට එන්න පුලුවන්ද කියලා.මගෙ පුතාවත් ලොකු ඉස්කෝලෙකට දාලා දෙන්නම් කිව්වා.මට හොද පඩියකුත් දෙනවා කිව්වා.මං ඉතිං තේජාන් මහත්තයට හා කිව්වා.ඊට සතියකට පස්සෙ පුතාව තේජාන් මහත්තයා ඒ ඉස්කෝලෙට දාලා දුන්නා. පුතා ඉස්කෝලේ හොස්ටල් එකේ ඉන්නෙ. මං මෙහාට ආවා……..”

ලලිතා නැන්දා එයා ගැන ලොකු විස්තරයක් මට කිව්වා.තේජාන් හැමෝටම නපුරුකම් පෙන්නන්නෙ නැහැ.එයාගෙ නපුරු දුෂ්ඨ පුද්ගලයාගේ ඇතුලාන්තයෙ හොද මනුස්සයෙකුත් ජීවත් වෙනවා.

“නැන්දෙ මෙහෙ ෆෝන් තියනවද?…….”

“ඔව් නෝනා…….”

“මට ගෙදෙට්ට කෝල් එකක් අරන් දෙන්න පුලුවන්ද?……..”

“අනේ නෝනා මහත්තයාට ආරංචි වුනොත් එහෙම ඉන්න හම්බෙන්නෙ නෑ. අනේ මට නම් නෝනට ඒ උදව්ව කරන්න බෑ…….”

“අනේ ලලිතා නැන්දෙ තේජාන්ට ආරංචි නොවෙන්න හොරෙන් මං කෝල් එක ගන්නම්.මට අම්මට කතා කරන්න ඕනි නැන්දෙ.සති දෙකකුත් ගෙව්නා.අනේ එයාලා කොහොම ඉන්නවද දන්නෑ……..”

“එහෙම කරන්නෙ කොහොමද නෝනා. මේ හැම තැනකම සීසීටීවි කැමරා හයි කරලා තියනවා……..”

“එහෙනම් නැන්දෙ ඔයා මට මහත්තයට කෝල් එකක් අරන් දෙනවද?……..”

“හා නෝනා……..”

ලලිතා නැන්දා ඇගේ කාමරේට ගොස් ඇගේ කුඩා ජංගම දුරකථනය රැගෙන පැමිණ තේජාන්ට කෝල් එකක් අරන් දුන්නා.

“ආ නෝනා කතා කරන්න……..”

“හෙ….හෙලෝ මෙ….මේ…….”📲

“ඇයි මොකද තමුසෙට වෙලා තියෙන්නෙ?…….”📲

“මේ…..මට අම්මත් එක්ක කතා කරන්න ඕනි.අනේ ප්ලීස් මට එක අවස්ථාවක් දෙන්න.ගෙදෙට්ට කෝල් එකක් ගන්න…….”📲

“ඇයි කතා කරලා මාව පොලීසියට අල්ලලා දෙන්නද?…….”📲

“අනේ එහෙම දේකට නෙවෙයි.අනේ මගෙ අම්මා කොහොම ඉන්නවද දන්නෑ මං නැතුව.මං අම්මට මොකුත් කියන්නෙ නෑ.විනාඩි පහකට අම්මත් එක්ක කතා කරන්න දෙන්න……..”📲

“හරි කතා කරනවා.හැබැයි ලලිතගේ ෆෝන් එකෙන් නෙවෙයි.සාලෙ තියන ලෑන්ඩ් ෆෝන් එකෙන්.තමුසෙ අම්මත් එක්ක කතා කරන හැම දෙයක්ම මගේ ෆෝන් එකටත් ඇහෙනවා…….”📲

කොහොම හරි කමක් නෑ මට අම්මට කතා කරන්න අවස්ථාවක් ලැබුනු එක ගැන මං සතුටු වුනා.මං ලලිතාත් එක්ක සාලෙට ගිහින් ගෙදරට කෝල් එකක් ගත්තා.

“හෙලෝ කව්ද මේ?……..”📞

අනේ😀😀මගෙ අම්මගේ කටහඬ.එයා හොදින් ඉන්නවා.අම්මගෙ කටහඬ ඇහුනට පස්සෙ තමයි මට සැනසීමක් දැනුනෙ.

“අ….අම්මෙ ම….මං……..”📞

“අනේ මගෙ රත්තරං දුවේ….😭😭ඔයා කොහෙද මගෙ දුවේ ඉන්නෙ?අනේ මගෙ වස්තුවේ ඔයා හොදින් ඉන්නවා නේද?……..”📞

කතා කරන්නෙ මං කියලා දැන ගත්තු ගමන් අම්මා අඩන්න පටන් ගත්තා.

“අනේ අම්මෙ අඩන්න එපා.මං හොදින් ඉන්නවා……..”😢📞

අම්මට අඩන්න එපා කිව්වට මටත් ඇඩෙනවා.

“මට කියන්න පුතේ අර තේජාන් කියන මිනිහා ඔයාට මොකුත් කරදරයක් කරාද?……..”📞

දෙයියනේ මං කොහොමද කටක් ඇරලා අම්මා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නෙ.මං ඔව් කියලා කිව්වොත් අම්මා පපුව පැලිලා මැරෙයි.

“න්…..මං හොදින් අම්මෙ.ඔයාලා හො….. හොදින් ඉන්නවා නේද?😢😢කෝ අම්මෙ අප්පච්චී?…….”😭📞

“අප්පච්චි ඊයෙ තමයි දුවේ හොස්පිටල් එකේ ඉදන් ආවෙ?…….”📞

“අනේ අම්මෙ අප්පච්චිට මොකද වුනේ?……..”📞

“ඔයා ගැන හිතලා හිතලාම ලෙඩ වුනා දුවේ.එයා හින්දා ඔයාට දුක් විදින්න සිද්ද වුනා කියලා කිය කිය අඩනවා.පපුවෙ කැක්කුමක් හැදිලා ගිය සතියෙ හොස්පිටල් ඇඩ්මිට් කරේ.දැන් නම් හොදයි…….”😢📞

“දෙයියන්ගෙ පිහිටෙන් අප්පච්චිට ඉක්මනට සනීප වෙයි අම්මෙ.අම්මා බය වෙන්න එපා…….”📞

“අපි ඔයා ගැන කියන්න පොලීසියට යද්දී ඔය තේජාන් කියන මනුස්සයා අපිට කෝල් කරලා තර්ජනේ කරා පොලීසි ගිහින් තිබ්බොත් ඔයාව මරණවා කියලා. ඔයාට තියන ආදරේට අපි පොලීසි ගියෙ නෑ දුවේ අපිට සමාවෙන්න…….”😭😭📞

“කමක් නෑ අම්මෙ.ඔයාලා බය නැතුව ඉන්න.මං කොහොම හරි මෙතනින් පැනලා එන්නම්.ඒත් ඒක කරගන්න පුලුවන් වෙයිද කියලා මං දන්නෑ…….”📞

“ඔයා කරදරයක් නැතුව හොදින් ඉන්නවා නම් අපිට ඒ ඇති දුවේ😭මගෙ රත්තරං කෙල්ලව මට ඉක්මනටම දකින්න ලැබෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ……..”😭😭📞

“මං තියන්නම් අම්මෙ……..”😭😭📞

ෆෝන් එක තියලා මං කාමරේට ඇවිත් ඇදට වැටිලා හොදටම ඇඩුවා.අනේ දෙවියනේ මගෙ අප්පච්චිගේ ජීවිතේට කරදරයක් නම් වෙන්න එපා.🙏🙏


කාමරේ ඇතුලෙ ඉදලා ඉදලාම මට පිස්සු වගේ.ආසාවට එලියට යන්න විදියක් නෑ. දවස් විස්සක් විතර තිස්සෙ මං මේ කාමරේට වෙලා හිර වෙලා වගේ ඉන්නවා.ලලිතා නැන්දා දවල්ට උයන්න තියනවා කියලා කුස්සියට ගියා.එයා උයලා ඉවර වෙද්දී පැයක්වත් යයි.මට නිකමට වගේ හිතුණා පැනලා යන්න පුලුවන් ක්‍රමයක් තියනවද කියලා බලන්න.ඒත් එහෙම ක්‍රමයක් තිබ්බත් ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයි කියලා මට හිතා ගන්න බැරි වුනා.කාමරේ දොර ගාවට ගිහින් දොර අරින්න බැලුවා. හොද වෙලාවට ලලිතා නැන්දා දොර ලොක් කරලා තිබ්බෙ නෑ.මං හිමිහිට දොර ඇරගෙන පල්ලෙහාට යන්න බැලුවත් මං දැක්කා ලලිතා නැන්දා සාලෙ අතු ගානවා. මං හිමිහිට සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න අඩිය තියලා ආපහු මගේ කාමරේ දොර ලගට ආවා.එකපාරටම හිතට ක්ෂණික අදහසක් ආවා තේජාන්ගෙ කාමරේට ගිහිල්ලා බලන්න.මං හිමිහිට තේජාන්ගෙ කාමරේ ගාවට ගිහින් දොර ඇරියා.හොද වෙලාවට දොර ලොක් කරලා නෙවෙයි තිබුනේ.කාමරේ ඇතුලට ගිහිල්ලා දොර ඇතුලෙන් ලොක් කරලා මං ජනේලෙ බාගෙට ඇරලා බැලුවා.මේ ජනේලෙන් පැන්නොත් එහෙම මට පුලුවන් වෙයි මෙතනින් පැනලා යන්න.මං ජ්නේලෙ තව ටිකක් ඇරලා එලියට ඔලුව දාලා බැලුවා.තේජාන්ගෙ කාමරේ කෙලින්ම මිදුලෙ බලු කූඩුව තිබ්බා.ඒ කූඩුව ඇතුලෙ තඩි සයිස් බල්ලෙක් හිටියා.බය හිතිච්ච පාරට මං ජනේලෙ වහලා දැම්මා.ඒ කියන්නෙ මට මෙතනින් පැනලා යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?

තේජාන්ගෙ කාමරේ පුරාම ඇවිද ඇවිද මං කල්පනා කරේ කොහොමද මෙතනින් පැනලා යන්නෙ කියලයි.කාමරේ මේසෙ උඩ තිබුනා එදා තේජාන් මට බලන්න දීපු එයාගෙ පව්ලෙ අය හිටපු ෆොටෝ ඇල්බම් එක.මං ඒක අතට අරගෙන නිකමට වගේ පෙරලලා බැලුවා.ඒක ඇතුලෙ තිබිලා ෆොටෝ එකක් බිමට වැටුනා.මං ඇල්බම් මේසෙ උඩ තියලා බිමට නැමිලා ඒ ෆොටෝ එක අහුලා ගත්තා.

දෙයියනේ😱😱මේ මගේ පුංචි කාලෙ ෆොටෝ එකක්නෙ.තේජාන් ගාව කොහෙන්ද මගේ ෆොටෝ එකක්?🤔🤔මං කවදාවත් මගෙ මේ ෆොටෝ එක ගෙදරදීවත් දැකලා නෑනෙ.ඒ ෆොටෝ එක අරන් තිබුනේ මට මාස පහේදි විතර.ඒත් තේජාන්ට කොහෙන්ද මේ ෆොටෝ එක??🤔🤔කොච්චර කල්පනා කරත් මට ඒ ගැන හිතා ගන්න බැරි වුනා.
මං ඒ ෆොටෝ එක සාක්කුවට දාගෙන කාමරේ දොර ඇරන් එලියට ආවා.


“මොකද තමුසෙ එදා මගෙ කාමරේට ගියේ?……..”😡

තේජාන් මං ගාවට ආපු ගමන්ම මගෙ කෙස් වැටියෙන් අල්ලගෙන ඇදලා එහෙම ඇහුවා.

“ආව්…..මගෙ කොන්ඩෙ අතාරිනවා.මට රිදෙනවා……..”😭

“ඉස්සෙල්ලා කියපිය තෝ මොකටද මගෙ කාමරේට ගියේ?……..”😡

“නිකන් ගියේ.අනේ මගෙ කොන්ඩෙ අතාරින්න……..”😭

මං කෑ ගහලා ඇඩුවා.ඒ පාර තේජාන් මාව අතෑරියා.දෙයියනේ මූ කොහොමද දැනගත්තේ මං මුගෙ කාමරේට ගියා කියලා.සමහර විට සීසීටීවි කැමරා වලින් දකින්න ඇති.

“තමුසෙ මොනවද මගෙ කාමරේ තිබිලා ගත්තෙ?…….”😡

මට එවලෙයි මතක් වුනේ අර ෆොටෝ එක ගැන.කොට්ටෙ යටින් තියලා තිබ්බ මගෙ ෆොටෝ එක අරන් මං ඒක තේජාන්ට දුන්නා.

“මේ ෆොටෝ එක කාගෙද?……..”

ඒ ෆොටෝ එකේ ඉන්නෙ මං කියලා තේජාන් දන්නවද කියලා මට සැක හිතුණා.

“මේ ඉන්නෙ මගෙ දුව.ඇයි අහන්නෙ?තමුසෙ මොකටද මේ ෆොටෝ එක ගත්තේ?……..”

යකෝ මූට පිස්සුද?මං කොහොමද මුගෙ දුව වුනේ?

“බොරු කියන්න එපා.මේ ඔයාගෙ දුව නෙවෙයි…….”

“තමුසෙ කොහොමද දන්නෙ?…….”

“ඔය ෆොටෝ එකේ ඉන්නෙ මං.මගේ ෆොටෝ එකක් කොහොමද ඔයා ගාව තියෙන්නෙ?……..”

“ආ……මේ තමුසෙ පොඩි කාලෙද?මීට අවුරුදු ගානකට කලින් තමුසෙගෙ අම්මා තමුසෙව අරගෙන අපේ ගමේ පන්සලට ආවා.එදා තමුසෙලා ආපු වාහනේ බ්‍රේක් ඩවුන් වෙලා යන්න විදියක් නැතුව තමුසෙයි අම්මා අපේ ගෙදර නැවතිලා හිටියේ.තමුසෙව මං වඩාගෙනත් හිටියා……… මගෙ මතකයි එදා තමුසෙව මගේ නංගි උකුලෙ තියාගෙන බිම වාඩි වෙලා හිටියා.තූති නංගියා කිය කියා තමුසෙව හුරතල් කරා.තාත්තගෙ කැමරාවෙන් තමුසෙගෙ ෆොටෝ එකකුත් ගත්තා.ශික්…..මට එදා තිබ්බෙ තමුසෙව උස්සලා ගගට විසික් කරන්න…….”

නොදකින් හැලි වදුරා ඒක කියපු හැටි.

“මං ඔයාට කිසිම වරදක් කරලා නැහැ තේජාන්.ඔයා කරන්නෙ ලොකු වරදක්. ඔයා මගෙන් පලිගන්නෙ මං නොකරපු වරදකට……..”

“එතකොට උඹේ මහ එකා මගෙ තාත්තවයි නංගිවයි මැරුවෙ.ඒ දෙන්නා උඹලට කරපු වරද මොකක්ද?……..”

“මගෙන් පලි ගත්තා කියලා එයාලා ආපහු එන්නෙ නෑ තේජාන්.ඒක ඔයා තේරුම් ගන්න……..”😭😭

“ඒ වුනාට මට සැනසීමක් ලැබෙන්නෙ ඒ ඉරණමම උඹටත් අත කරොත් තමයි…….”


සමහර වෙලාවට මට හිතෙනවා තේජාන්ගෙ හිතේ තියන මේ තරහව වෛරය සාදාරණයි කියලා.තමන්ගෙ මුලු පව්ලම විනාශ කරපු මිනිහෙකුට අනුකම්පා කරන්න පුලුවන්ද?තේජාන් ඉන්න තැන මං හිටියා නම් අද මාත් එයා වගේම වෛර කරයි පලි ගනියි.

ඊයෙ රෑ ඉදලා මට ඔලුව රිදෙන්න පටන් ගත්තා.ඒත් මං ඒක ගනං ගත්තෙ නෑ. මුලු ඇගම රිදෙනවා.වෙව්ලනවා.මං කෙදිරි ගගා ඔලුව අල්ලගෙන බිම වාඩි වුනා.

“නෝනා මොකද මේ බිම ඉදගෙන?ඇයි අසනීපයක්ද?……..”

ලලිතා නැන්දා ඇවිත් මාව නැගිට්ටවන්න හැදුවා.

“දෙයියනේ ඔලුව ගිනි කබලක් වගේ රස්නෙයි නේද?නෝනට හොදටම උණ. ඉන්න මං ටක්ගාලා මහත්තයට කියලා එන්නම්……..”

මාව ඇදෙන් හාන්සි කරවලා ලලිතා නැන්දා දුවලා ගියා.අත පය රිදෙනවා.මුලු ඇගම රස්නෙයි.ටික වෙලාවකින් තේජාන් කාමරේට ආවා ලලිතා නැන්දා එක්ක.

“මහත්තයා මං ඩොක්ටර්ට කෝල් කරන්නද?…….”

“එපා ලලිතා…….”

අනේ දෙයියනේ මේ මනුස්සයා හදන්නෙ මට බෙහෙත් අරන් නොදී මාව මැරෙන්න අරින්නද?ඔව්නෙ.මූ මාව මෙහාට අරන් ආවෙ මාව මරන්නනෙ.

“අනේ මහත්තයා නෝනට අමාරුයිනෙ. හොදටම උණ…….”

ලලිතා නැන්දා බය වුනා මට උන වැඩි වෙලා මොනවා හරි වෙයි කියලා.ඒත් තේජාන්ට ගානක්වත් නෑ මං උන වැඩි වෙලා කෙදිරි ගගා හිටපු එක ගැන.

“මේකිට මෙහෙම ඉන්න අරින්න ලලිතා. පැනඩෝල් දෙකක් විතරක් ගෙනත් දෙන්න……..”

ඊට පස්සේ ලලිතා නැන්දා මට පෙනඩෝල් පෙති දෙකක් ගෙනත් දුන්නා.මං බොහොම අමාරුවෙන් ඒක බිව්වා.ලලිතා නැන්දා කාමරෙන් ගියාට පස්සෙ තේජාන් මං ගාවට ආවා.

“තමුසෙ ඔහොම කෙදිරි ගගා ඉන්නකොට මට දැනෙන්නෙ පුදුම සතුටක්.එදා මගෙ තාත්තට තමුංගෙ තාත්තා වෙඩි තියපු වෙලාවෙ එයා මොන තරම් වේදනාවක් විදින්න ඇත්ද?…….”

මට නැගිටගන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.ඒ තරමටම උණ වැඩි වෙලයි තිබ්බෙ.කිසිම අනුකම්පාවක් නැතුව කුරිරු විදියට තේජාන් මං දිහා බලන් හිටියා.මගෙ ඇස් දෙකෙන් ගලපු කදුලු ඇස් දෙක දෙපැත්තෙන් ගලාගෙන ගියා. උණ වැඩි වෙලා මාව මැරෙයි කියලාමයි මට දැනුනෙ.🤒🤕

“මීට වඩා හොදයි…..තමුසෙ….
…මාව එක සැරේම මරලා දැම්මා නම්…….”🤕🤒

බොහොම අපහසුවෙන් කෙදිරි ගගා එහෙම කිව්වා.

මං ලගට ඇවිත් මගේ මුහුණ කෙලින් පාත් වුනු තේජාන් මගේ කට දෙපැත්තෙන් අල්ලලා මිරිකගෙන,

“උඹ ඔහොම විදව විදව මැරෙනවා දකින්නයි මට ඕනි.

තිරිසන් විදියට එහෙම කියපු තේජාන් කාමරේ දොර වහලා යන්න ගියා.

රෑ වෙනකොට මගේ අමාරුව තවත් වැඩි වුනා.ඇද වියල අල්ලෙන අමාරුවෙන් මං නැගිට්ටා.වමනෙ යන්න ආපු හින්දා බාතෲම් එකට යන්න හැදුවත් කාමරේ මැද්දෙදි මාව ඇදගෙන වැටිලා ඇගේම වමනෙ ගියා.🤢🤮නැගිටගන්නවත් බැරුව දෙපා පණ නැති වුනා.දොර ඇරගෙන කාමරේට කවුරු හරි එන සද්දෙ ඇහුනත් මට ඒ දෙස බලන්නවත් පණ නෑ.මං ගාවට ආවෙ තේජාන්.

“අපි යමු හොස්පිටල් එකට.ඉන්න මං ඔයාට වෙන ඇදුමක් අන්දවන්නම්…….”

මගේ ඇදුම් මාරු කරලා වෙන ඇදුමක් අන්දවපු තේජාන් මුහුණ හෝදවලා මාව හරහට වඩාගෙනම කාරෙකෙන් වාඩි කරලා හොස්පිටල් එකට එක්කන් ගියා.

ඊලග කොටසින් හමුවෙමු