“ලලිතා…..ලලිතා…….”😠

මගේ අතේ බාහුවෙන් ඇදගෙන සාලෙට ඇවිත් තේජාන් ලලිතා නැන්දාට කෑ ගහලා කතා කරා.කුස්සියේ ඉදන්ම ලලිතා නැන්දා අපි ඉන්න තැනට දුවගෙන ආවා.

“ඇයි මහත්තයා?…….”

“මං තමුසෙට කියලා තියනවා නේද මේකිව හොදට බලා ගන්න…….”

“ඔ….ඔව් මහත්තයා…….”

“මේකි කාමරෙන් පැනලා යන්න ගිහින් හොද වෙලාවට අල්ල ගත්තෙ…….”😠😠

“අනේ මහත්තයා මං කාමරේ ලොක් කරලා කුස්සියට ගියේ…….”

“එහෙනම් කියපිය තෝ කොහොමද පැනලා ගියේ?…….”😡😡

තේජාන්ගෙ මුහුණෙ කිසිම මනුස්සකමක් ගෑවිලාවත් තිබුනෙ නැහැ.මුහුණ පුරාම පැතිරිලා තිබ්බේ තරහවත් එක්ක කැටි වුනු වෛරයක්.

“ජනේලෙන් පැන්නෙ.අනේ තේජාන් මගෙ කොණ්ඩෙ අතාරින්න.රිදෙනවා අනේ…….”😭😭

“මෙහෙ වරෙන් යන්න…….”😡

මගේ අතින් ඇදගෙන කාමරේට ගිය තේජාන් දොර වහලා ජනේලෙ ගාවට ගිහින් බැලුවා.

“මාර පැනිල්ලක්නෙ පැනලා තියෙන්නෙ තමුසෙ.කියපිය බලන්න තෝ ආයෙ පැනලා යන්න හදනවද මෙතනින්?…….”😡😡

“අනේ මට ගෙදර යන්න ඕනි තේජාන්.මට මෙහෙම වද දෙන්න එපා දෙයියනේ.මාත් මනුස්සයෙක්.මගෙ අම්මයි අප්පච්චියි මං නැතුව ගොඩාක් දුකින් ඇත්තෙ……”🙏😭

“උඹට තේරෙන්නෙ උඹේ අම්මගෙ දුක විතරයි.උඹේ මහ එකා හින්දා මට මගේ අම්මයි තාත්තයි නංගියි තුන් දෙනාවම නැති වුනා.ඌ හින්දා මං සෑහෙන්න දුක් වින්දා……..”😡😡

“ඔයා ඒකට මගෙන් ඇති තරම් පලි ගත්තනෙ තේජාන්.මං නොකරපු වරදකට ඔයා මෙච්චර කාලයක් තිස්සෙ මට දඩුවම් කරානෙ.දැන්වත් මට යන්න දෙන්න.ඔයා මොනවා කරත් මැරිච්ච ඒ තුන් දෙනා ආපහු එන්නෙ නෑ……..”😭😭

කාමරේ දෙවනත් වෙන්න යටි ගිරියෙන් කෑ ගහපු මං අතට අහු වෙච්චි හැම දෙකින්ම තේජාන්ට ගැහුවා.ඒ හැම පාරක්ම කාගෙන මං ගාවට ආපු තේජාන් මට ගහගෙන ගහගෙන ගියා.ඊට පස්සෙ ජනේලෙ ලොක් කරලා කාමරේ දොරත් වහගෙන එලියට ගියා.

මොන කරුමයක්ද දෙයියනේ මං මේ ගෙවන්නෙ.උපන් දා ඉදලා මං දැනුවත්ව කිසිම කෙනෙකුට එහෙම වරදක් කරලා නෑ.මේ නම් මං කලින් ආත්මෙක කරපු පවකට මේ ආත්මෙදි දඩුවම් විදිනවා.😭

තේජාන් ගහපු කම්මුල ඉදිමිලා තිබ්බා. තොල පැලිලා ආපු ලේ පිහදාගෙන බිම ඉදගෙන මං හොදටම ඇඩුවා.😭😭

“අනේ නෝනා මේ මොකද දෙයියනේ.කෝ නැගිටින්න.අනේ මේ කම්මුල හොදටම ඉදිමිලා…….”

ලලිතා නැන්දා ඇවිත් මාව නැගිට්ටවලා ඇදෙන් ඉන්දෙව්වා.

“ඇයි රත්තරනේ පැනලා යන්න හැදුවේ?මං නෝනෙට එදා කිව්වා තේජාන් මහත්තයගේ මැරයොයි අර කූඩු වල ඉන්න බල්ලො ටිකයි ඉන්නකල් නෝනට මෙතනින් පැනලා යන්න බැහැ කියලා…….”

“අනේ මං මොන කරුමයක්ද නැන්දෙ මේ ගෙවන්නෙ?ඇයි තේජාන්ට පොඩ්ඩක් හිතන්න බැරි මං එයාට කිසිම වරදක් කරලා නෑ කියලා…….”😢😢

“දැන් අඩන්නැතුව මේ බත් ටික කාල ඉන්න නෝනෙ.කෝ නැගිටින්නකො…….”

ලලිතා නැන්දා මාව බාතෲම් එකට එක්කන් ගිහින් කට හෝදවලා ඇවිත් බත් කැව්වා.

“දැන් නෝනා නිදා ගන්න.දහයත් පහු වෙලානෙ…….”


පහුවදා මට ඇහැරෙද්දී උදේ නවයත් පහු වෙලා තිබ්බා.අර අමනුස්සයගෙන් ගුටි කාලා කාලා මගෙ මුලු ඇගම රිදෙන්න ගත්තා.අත පය පණ නෑ වගේ දැනුනා.

“ආ නෝනා නැගිට්ටද?මං මේ සැරින් සැරේ ඇවිල්ලා බලලා ගියේ.මං නෝනට කිරි එකක් හදාගෙන එන්නද?……..”

“මට කිරි එපා නැන්දෙ.කන්න මොනවා හරි ගෙනත් දෙන්නකො.හරිම බඩගිනියි……..”

“හා නෝනා මං ඉක්මනට ගේන්නම්…….”

මං බාතෲම් එකට ගිහින් මුහුණ කට හෝදගෙන දත් මැදලා එද්දී ලලිතා නැන්දා කෑම ගෙනත් තිබුනා.මං කෑම කන අතරෙ ලලිතා නැන්දා කාමරේ අතු ගාන්න ගත්තා.

“නැන්දෙ තේජාන් කුඩු එහෙම විකුණනනවද?…….”

මං එහෙම ඇහුවම ලලිතා නැන්දා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.

“ඇයි නෝනෙ එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ?…….”

“මට හිතෙනවා මේ තිරිසනාව පොලීසියට මාට්ටු කරලා දෙන්න…….”😠

“අනේ දෙයියනේ නෝනා එහෙම කරන්න හිතන්නවත් එපා.අපි හැමෝටම මැරුං කන්න වෙයි.තේජාන් මහත්තය පොලීසියේ ලොකු ලොකු නිළදාරියො එහෙම අදුරනවා…….”

තේජාන්ලා වගේ බලපුළුවන්කාරයන්ට නීතිය යටයි.අපි වගේ අසාදාරණයට ලක් වෙච්චි අහිංසක මිනිස්සුන්ට කවදාවත් නීතියෙන් සාදාරණයක් ඉශ්ට වෙන එකක් නම් නෑ.

“අනේ ලලිතා නැන්දේ…….”🤢

“ඇයි ඇයි නෝනෙ?මොකද වුනේ?…….”

“අනේ මට වමනෙ යන්න එනවා නැන්දෙ. මාව බාතෲම් එකට එක්කන් යන්න…….”

ලලිතා නැන්දා මාව බාතෲම් එකට එක්කන් ගියා.කාපු කෑම ටික සේරම වමනෙ ගියා.අත පය වෙව්ලන්න ගත්තා.

“යමු නෝනෙ කාමරේට.නෝනට ගොඩක් අමාරුයිද?……..”

මං ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වා. ඒත් වමනෙ ගිය විදියට මට හිතුණා ආයෙමත් එදා වගේ උණ හැදෙන්න එනවද දන්නෑ කියලා.

“නෝනට මොනවහරි කන්න ගෙනත් දෙන්නද?කාපු ටික සේරම වමනෙ ගියානෙ…….”

“අනේ එපා නැන්දෙ මට කන්න බෑ අප්පිරියයි වගේ.මට දෙහි ගෙඩියක් හදලා දෙන්නකො…….”

“හා නෝනෙ මං ගෙනත් දෙන්නම්…….”

ලලිතා නැන්දා ගෙනත් දීපු දෙහි බීම වීදුරුව බිව්වට පස්සෙයි ඇගට පණක් ආවෙ.ඒත් කටේ අප්පිරිය ගතිය එහෙම්මම තිබුනා.

“තමුසෙට මොකද එකපාරටම වුනේ?……”

එහෙම අහගෙන තේජාන් කාමරේට ආවා.මට තේජාන්ව දකිනකොටත් කේන්තියි.

“දන්නෑ…….”

“ලෑස්ති වෙනවා ඩොක්ටර් ගාවට යන්න…….”

“මට බෑ මට දැන් හොදයි…….”

“හොද වුනාට කමක් නෑ ඉක්මනට ලෑස්ති වෙලා ඉන්නවා ඩොක්ටර් ගාවට යන්න. විනාඩි පහක් දෙන්නම්.ඉක්මනට ඇදගන්නවා…….”😠

තේජාන් කාමරෙන් ගියාට පස්සෙ ලලිතා නැන්දා කාමරේට ආවා.

“නෝනෙ ඉක්මනට ලෑස්ති වෙන්න. නැත්නම් මහත්තයට කේන්ති යයි…….”

මං ලෑස්ති වෙලා ලලිතා නැන්දත් එක්ක කාමරෙන් එලියට ආවා.තේජාන් මං එනකල් කාරෙකට වෙලා හිටියා.මං උගෙ මූණ දිහාවත් බලන්නෙ නැතුව ඉස්සරහ සීට් එකෙන් වාඩි වුනා.

💝💝

මාව පරීක්ෂා කරපු වෛද්‍යවරයා තේජාන් එක්ක මොන මොනවදෝ කතා කරා.ඒ කතා වෙන දේවල් මට ඇහුනෙ නැතත් තේජාන්ගෙ මුහුණ නම් අමුතු වෙනසක් පෙනුනා.ඒක සතුටක්ද පුදුමයක්ද මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුනා.මූ සන්තෝශ වෙනවා නම් මට අනිවාර්යයෙන්ම කැන්සර් එකක් එහෙම නැත්නම් ලියුකේමියාව වගේ ලෙඩක් ඇති.මූ කැමතියිනෙ මං මැරෙනවා නම්.

ඩොක්ටර් එක්ක කතා කරපු තේජාන් මං ගාවට ආවා.ටිකක් වෙලා මං දිහා බලන් හිටියා.

“යමු……”

මං ඇදෙන් බැහැලා තේජාන් එක්ක කාරෙකට ඇවිත් වාඩි වුනා.කාරෙකේ එන ගමන් වුනත් තේජාන් මාත් එක්ක මොකුත් කතා කරේ නෑ.අර ඩොක්ටර් මූත් එක්ක මොනවා කිව්වද දන්නෑ.මං ඒ ගැන මොකුත්ම ඇහුවෙ නෑ.තේජාන් කාරෙක නැවැත්තුවා.

“තමුසෙට කන්න මොනවද ඕනි?…….”

“මොකුත් එපා…….”

“බොන්න මොනවද ඕනි?……..”

“වහ බෝතලයක් ගෙනත් දෙන්න…….”

මං ගත් කටටම එහෙම කිව්වා.

“මොකක්ද කිව්වෙ තමුසෙ?…….”😠

මට ගහන්න අත දික් කරත් තේජාන් මට ගැහුවෙ නෑ.මූට පිස්සුද?මං හිතුවෙ මං මුගෙන් වහ බෝතලයක් ඉල්ලුවම මූ සතුටු වෙයි කියලා.මොකට කේන්ති ගිහිල්ලද මන්දා මූට.

“පොඩ්ඩක් ඉන්නවා තමුං ඔහොම…….”

ඇදුම් කඩයක් ගාව කාරෙක නවත්තලා තේජාන් දොරවල් දෙකම ලොක් කරලා ඒ කඩේට ගියා.ගිහින් පැය බාගෙකට විතර පස්සෙ ඇදුම් බෑග් දෙක තුනකුත් අරගෙන ආපහු ආවා.ඒ බෑග් ටික පිටිපස්සෙ සීට් එකෙන් දැම්මා.


“මහත්තයා මොකද වුනේ?……..”

ගේ ඇතුළට ආපු ගමන්ම ලලිතා නැන්දා තේජාන්ගෙත් එහෙම ඇහුවා.

“ලලිතා හිතපු දේ හරි…….”

එහෙම කියලා තේජාන් පඩිපෙළ නැගලා ගියා.ලලිතා නැන්දා මාව කාමරේට එක්කන් ආවා.

“නැන්දෙ මොකක්ද අර තේජාන් කිව්වෙ නැන්දා හිතපු දේ හරි කියලා.නැන්දා මොකක්ද හිතුවෙ?…….”

“අ….මෙ….එහෙම මොකුත් හිතුවෙ නෑ නෝනා.නෝනගෙ ඇග දුර්වලයිලු.ඒක ඒ තේජාන් මහත්තයා කිව්වෙ…….”

ලලිතා නැන්දා කිව්වෙ බොරුවක් කියලා මට හිතුණා.ඒත් මං ඒ ගැන වැඩිය අහන්න ගියෙ නෑ.

💖💖

දින පහකට පසු👇👇👇

ගෙවිලා ගිය මේ දවස් පහට තේජාන් මට කරදර කරේ නෑ.මට වද දෙන්න ආවෙ නෑ. මං හිටියෙ ගොඩක් සැනසීමෙන්.මං ලගට ආවත් කතා නොකරම ටිකක් වෙලා ඉදලා යනවා.මට හිතා ගන්න බැරි වුනා.මොනවා නමුත් ලොකූ දෙයක් සිද්ද වෙලා තියනවා.

ඒත් එක දවසක් හදිස්සියෙන්ම රෑ තේජාන් මං ගාවට ආවා.ඒ මුහුණේ තිබ්බේ දුකක් වගේ සේයාවක්.මං ගාවට ආපු තේජාන් අත් දෙකෙන්ම මගේ මුහුණ අල්ල ගත්තා.

“මං හින්දා එයාව මරන්න නම් එපා.එයාට ජීවිතේ දෙන්න…….”

එහෙම කියපු තේජාන් මගේ නලලට කිස් එකක් දීලා කාමරෙන් ගියා.ඊට පස්සෙ දවසක් දෙකක්‍ යනකල් මං තේජාන්ව දැක්කෙ නෑ.මං ඒ ගැන ලලිතා නැන්දගෙන් ඇහුවා.

“මහත්තයව රිමාන්ඩ් කරා නෝනෙ……”

“හොදම වැඩේ ඕකට…….”

මං එහෙම කිව්වා නෙවෙයි කියවුනා.ඒත් ඒකට ලලිතා නැන්දා මොකුත්ම කිව්වෙ නෑ.

“මහත්තයා නෝනෙගෙන් පලි ගන්න එක නැවැත්තුවා.එහෙම කරන්න ලොකු හේතුවක් තිබ්බා……..”

“ඒ මොකක්ද නැන්දෙ…….”

එතකොටම ලලිතා නැන්දා නැගිටලා ගිහින් කබඩ් එකේ තිබ්බ ෆයිල් එකක් මට දුන්නා.මං ඒක පෙරලලා බැලුවා.
දෙයියනේ………😱😱😱මගෙ මුලු ඇගම පණ නැති වීගෙන ගියා.

ඊලග කොටසින් හමුවෙමු