මට හැදිලා තිබ්බේ වෛරස් උණක්.උණ වැඩි වුන නිසා දවස් පහක්ම හොස්පිටල් එකේ ඉන්න වුනා.මාව නතර කරලා තිබ්බේ ප්‍රයිවට් හොස්පිටල් එකක.මට ගොඩාක් අමාරු වුන හින්දා සේලයින් එහෙම දීලා තිබුනේ.මං ගාව ලලිතා නැන්දා නතර වෙලා හිටියා.එයා මාව හොදට බලා ගත්තා.
“ලලිතා නැන්දේ,කවද්ද මගෙ ටිකට් කපන්නෙ?……..”
“හෙට වෙනකොට ටිකට් කපයි නෝනා. නෝනට එපා වෙලා ඇති ඉස්පිරිතාලෙ ඉදලා නේද?…….”
“අනේ නෑ නැන්දෙ.මං කැමතියි තව දවස් දෙක තුනක් වුනත් මෙහෙ ඉන්න…….”
“ඒ මොකෝ නෝනෙ ඒ?……..”😱😱
“මෙච්චර කාලයක් මං කාමරයක් ඇතුලෙ හිටියේ හිරවෙලා වගේ.අර තේජාන් මාව නොමරා මරනවා.මේ විදියට උණක් හැදිලා හරි කමක් නෑ උගෙන් බේරිලා ඉන්න ලැබුනු එක මට සැනසීමක් නැන්දෙ…….”
“මට නෝනා ගැන දුකයි.ඒත් එදා තේජාන් මහත්තයා නෝනව හොස්පිටල් එකට ගෙනාවෙ නැත්නම් නෝනගෙ ජීවිතේට වුනත් හානියක් වෙන්න ඉඩ තිබුනා. සමහර විට තේජාන් මහත්තයට නෝනා ගැන දුක හිතෙන්න ඇති…….”
“මං ගැන දුක හිතිලා නම් වෙන්න බෑ නැන්දෙ.එයාට ඕනි මාව මරන්න.මට වද දීලා මරන්න.සමහර විට තේජාන්ට හිතෙන්න ඇති මට වද දුන්නා මදි කියලා. ඒ හින්දා මාව බේර ගන්න හිතාගෙන හොස්පිටල් එක්කන් එන්න ඇති……..”
පහුවදා මාව හොස්පිටල් එකේ ඉදන් ගෙදර එක්කන් ආවා.දැන් නම් ඇගට හොදයි.ටික දවසක් යනකල් රෙස්ට් කරන්න කියලා ඩොක්ටර් කිව්වා.
“නෝනට කන්න මොනවා හරි ඕනි නම් මට කියන්න.තාමත් කට තිත්තයිද?……..”
“දැන් නම් කට තිත්ත නෑ ලලිතා නැන්දෙ. ඒත් තාම ඇග ටිකක් රිදෙනවා වගේ…….”
“එහෙනම් නෝනා ටිකක් නිදා ගන්න.මං රෑට කන්න මොනව හරි සැරට දෙයක් හදන්නම්…….”
ලලිතා නැන්දා ගියාට පස්සෙ මං ඇදෙන් ඇල වුනා.නිදිමත නැති වුනාට මං ඇස් පියා ගත්තා.කවදා මේ අපායෙන් ගැලවිලා යන්න ලැබෙයිද මන්දා.අනේ මගෙ අම්මයි අප්පච්චියි මං නැතුව මොන තරම් දුකින්ද ඇත්තෙ.😭😭දොර ඇරෙන සද්දයක් ඇහුනු නිසා මං බැලුවා කව්ද කියලා.දොර ඇරගෙන ආවෙ තේජාන්.එදා මාව හොස්පිටල් එකට අරන් ගියාට පස්සෙ අදයි මං තේජාන්ව දැක්කෙ.මට බය හිතුණා තේජාන්ගෙ මුහුණ දිහ බලන්න.මට උණ හැදිලා අමාරු වෙලා යාන්තං සනීප වෙලා ඔලුව උස්සන් ඉන්න වෙලාවෙත් මේ මිනිහා හදන්නෙ මගෙන් උගෙ ඕනෑ එපාකම් ඉශ්ට කරගනද?මං බයටම ඇදෙන් නැගිටලා බිමට බැස්සා.
“අනේ පින් සිද්ද වෙයි තේජාන් මට මගෙ පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යන්න. නැත්නම් මට ගෙදර යන්න දෙන්න.ඔයාට තවත් මගෙන් පලිගන්න දෙයක් ඉතුරු වෙලා නෑ.මං නොකරපු වරදකට මෙච්චර කාලයක් තිස්සෙ දඩුවම් වින්දා…….”😭🙏
“මේ නවත්තගනිං උඹේ ඔය ඇඩියාව.මං ආවෙ උඹත් එක්ක බුදිය ගන්න නෙවෙයි. ආ මේ බේත් ටික ගන්නවා.කාලා ඉවර වෙලා බොනවා.තමුසෙට ඕනි කරන හැම දෙයක්ම ලලිතාට කියනවා.එයා ගෙනත් දෙයි.හැබැයි මෙහෙන් පැනලා යන්න එහෙම හදන්න එපා.එහෙම වුනොත් මං බලාගන්නම්……..”😡😡
පොඩි කඩදාසි බෑග් එකක දාපු මගෙ බෙහෙත් ටික මට දීලා තේජාන් කාමරෙන් ගියා.
“නෝනෙ මොනවද කල්පනා කරන්නෙ?මං නෝනට කේක් ගෙනාවා.කන්න හරිම රසයි.චොක්ලට් කේක්…….”
“කල්පනා කරන්න දේවල්ද නැත්තෙ ලලිතා නැන්දෙ…..මේ කේක් කොහෙන්ද අද නැන්දගෙ උපන් දිනේද?…….”
කේක් කෑල්ලක් අතට ගන්න ගමන් මං ලලිතා නැන්දගෙන් එහෙම ඇහුවා.
“අනේ නෑ නෝනා.අද තේජාන් මහත්තයගේ උපන් දිනේ.නෝනටත් මේ කේක් දෙන්න කිව්වා…….”
තේජාන් මටත් කේක් දෙන්න කියලා ලලිතා නැන්දට කිව්වා නම් ඒක හොදකට කිව්ව දෙයක් වෙන්න බෑ. මේකට අනිවාර්යයෙන්ම මොනවා හරි දාලා ඇති අර එදා බීම එකට දැම්මා වගේ.
මං ඒ කේක් කෑල්ල ඒ පීරිසිය උඩින් තිබ්බා.
“ඇයි නෝනෙ,නෝනා මේ කේක් වලට ආස නැද්ද?…….”
“එහෙම දෙයක් නෙවෙයි ලලිතා නැන්දෙ. මේකට මොනවා දාලද කියලා කව්ද දන්නෙ?එදා වෙච්චි දේ මට හොදට මතකයි……..”
“ඒකට බය වෙන්න එපා නෝනා.මේ කේක් වලට මොකුත් දාලා නෑ.මං කැපුවේ. මහත්තයත් මේකෙන් කෑල්ලක් කෑවා. ඔහොම ඉන්නකො නෝනා…….”
ඊට පස්සේ ලලිතා නැන්දා ඒ කේක් කෑල්ලෙන් පොඩ්ඩක් කාලා පෙන්නුවා.
“ආ නෝනා දැන් කන්න…….”
මං ඒ කේක් කෑල්ල අරගෙන කෑවා. පුදුමයි අර නපුරු කොටියට මට කේක් කෑල්ලක් දෙන්න මතක් වුනා.කේක් කෑල්ල කාලා මං බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.නාගෙන එද්දී ලලිතා නැන්දා තේ අරගෙන කාමරේට ආවා.
“නෝනා මං තේ ගෙනාවා.නෝනට දවල්ට කන්න මොනවද හදන්න ඕනි?…….”
“මැකරෝනි හදලා දෙන්නකෝ ලලිතා නැන්දෙ……..”
“හා නෝනෙ මං හදන්නම් නෝනෙ.අද මහත්තයා රෑට පාර්ටි දායි ගෙදර උපන් දිනේ හින්දා.මට උයන්න තියනවා.මං යන්නම් නෝනා…….”
ක්ෂණික සිතුවිල්ලක් එකපාරටම මගේ හිතට ආවා.රෑට තේජාන් එයාගෙ යාලුවොත් එක්ක පාර්ටි දානවනම් සමහර විට එයාලා හොදට බොයි.🍷🥃එහෙම බීලා වෙරි වුනාම තේජාන්ට මං ගැන සෝදිස්සියෙන් ඉන්න අමතක වෙයි.ඒ අවස්ථාවෙ මට පැනලා යන්න පුලුවන් වුනොත් හොදයි.
එහෙම හිත හිතාම මං දවස තිස්සෙම හිටියෙ හොද කල්පනාවෙන්.රෑට කෑම කෑවට පස්සෙ නිදාගෙන වගේ හිටියා.මං දැක්කා තේජාන් මගේ කාමරේට ඇවිත් මං දිහා බලන් ඉදලා යනවා.මං ඇස් දෙක පියාගෙනම හිටියා.තේජාන් කාමරෙන් ගිහිල්ලා පැය බාගෙකට විතර පස්සෙ මං ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.වෙලාව හරියටම රාත්‍රී දහයයි.🕙මං හිමිහිට ඇදෙන් නැගිටලා දොර අරින්න බැලුවා. දොර එලියෙන් ලොක් කරලා තිබ්බේ. වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.මං කාමරේ ජනේලේ ගාවට ගිහින් පුටුවක් තියලා ඒක උඩට නැගලා ජනේලෙ ඇර ගත්තා.පාරෙ ලයිට් කණු වල එලියෙන්
මිදුලට හොදට පැහැදිලිවට පෙනුනා.හිත හිතා ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ.මං ටක්ගාලා ජනේලෙන් එලියට පැනලා බැල්කනි එකට කකුල තියලා බිම බිමට පැන්නා.උඩ තට්ටුවෙ ඉදලා බිමට පනින්න මට කිසිම බයක් නොදැනුනේ පල්ලෙහා තණකොල බිස්සක් තිබ්බ හින්දා.කිසිම අනතුරක් වුනේ නෑ.ඇගේ ගෑවුනු වැලිත් පිසදමාගෙන මං ටක්ගාලා ගේට්ටුව දිහාට දිව්වා.ඒත් එක්කම කූඩුව ඇතුලෙ හිටපු බල්ලා බුරන්න පටන් ගත්තා.🐕🐕මගෙ පපුව ඩග් ඩග් ගාලා වේගයෙන් ගැහෙන්නට වුනා.බල්ලා හිටියේ ගැට ගහලා නිසා ඌ මාව හපයි කියන බය මට ආවෙ නෑ.ඒත් බල්ලා බුරන සද්දෙ ඇහිලා තේජාන් ආවොත් එහෙම?අන්ධකාරය අතරින්ම මං ගේට්ටුව ගාවට දුවලා ගියා.
“බොස් අන්න කෙල්ල පැනලා යනවා…….”
තේජාන්ගෙ මැරයෙක් දැක්කා මං ගේට්ටුව පැත්තට දුවනවා.මං ඉක්මනට දුවගෙන ගියත් මට ඒ ගේට්ටුවෙන් එලියට පැනගන්න නොහැකි වුනා.ඒ ගේට්ටුව මට වඩා තුන් ගුණයක් විතර උසයි.බල්ලො බුරන සද්දෙයි මගේ පපුව ගැහෙන සද්දෙයි මට හොදටම ඇහුනා. මගෙ ඉහින් කනින් දාඩිය ගලන්නට වුනා. මට දැනුනේ කියා ගන්න බැරි තරම් අසරණකමක්.
“තෝ පැනලා යන්න නේද හැදුවෙ?ආ…….”😡🤚
මගේ කම්මුලට පහර පිට පහර එල්ල කරපු තේජාන් මගෙ අතේ බාහුවෙන් ඇදගෙන ගේ ඇතුළට ගියා.මරණාසන්න බියක් මගේ හිතට ඇතුලු වුනා.දෙයියනේ තේජාන් මාව මරලා දායිද?😢😢
ඊලග කොටසින් හමුවෙමු💓