පෙම්බර බිරිඳ

“පුතා දැන්වත් ප්‍රාර්ථනාත් එක්ක කතා කරන්න.වෙච්චි හැම දෙයක්ම ඔයා දැන් තේරුම් අරගෙනනෙ ඉන්නෙ.තව මාසෙකින් ප්‍රාර්ථනා අම්මා කෙනෙක්.ඔයා තාත්තා කෙනෙක්.දරුවා ලැබෙන්න ඉන්න කාලෙදී සැමියෙක් විදියට ඔයාගෙ ආදරේ එයාට ලැබුනෙ නෑනෙ.ගෑනියෙක් විදියට ප්‍රාර්ථනා දුව ඔයාගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ඔයා එයාට දෙන්න.පව් ඒ අහිංසකී ඔයා නිසා සෑහෙන දුක් වින්දා…….”

සුදේශ්ගෙ අම්මා සුදේශ්ට කියපු දේවල් මං අහගෙනයි හිටියේ.අම්මා මාවයි සුදේශ්වයි එකතු කරන්න ගොඩාක් උත්සහ කරා.වෙච්චි දේවල් නිසා සුදේශ්ට බැරුව ඇති මට මුහුණ දෙන්න.ඒත් මං බලන් ඉන්නවා සුදේශ් මාත් එක්ක කතා කරනකල්.අම්මා ගියාට පස්සේ මං සුදේශ්ගෙ කාමරේට ගියා.සුදේශ් හිටියේ මොනවදෝ මන්දා කල්පනා කර කර.මං අල්මාරිය ඇරලා ක්ලීනින් කාඩ් එක ගත්තා.හෙට අන්තිම ක්ලිනික් එකට යන්න ඕනි.මෙච්චර දවසක් මං ක්ලීනින් සුදේශ්ගෙ අම්මා එක්ක හරි සුදේශ්ගෙ නංගි එක්කයි.කවදාවත් සුදේශ් මාව ක්ලීනින් එක්කන් ගිහිල්ලා නෑ.

“ප්‍රාර්ථනා,පොඩ්ඩක් එන්නකෝ…….”

සුදේශ් මට කතා කරා.මාස ගානකට පස්සෙ අදයි සුදේශ් මට ආදරෙන් කතා කරේ.මං සුදේශ් ගාවින් වාඩි වුනා.

“කවද්ද දින තියෙන්නෙ?…….”

“ලබන මාසෙ දහය.තව දවස් විස්සක් විතර තියනවා…….”

මම බිම බලාගෙනම උත්තර දුන්නා.

“මාත් එක්ක තරහද ප්‍රාර්ථනා…….”

“මට ඔයත් එක්ක තරහ වෙලා ඉන්න බෑ සුදේශ්.ඔයානෙ මාත් එක්ක තරහ වෙලා හිටියෙ…….”😢😢

“මං ඔයාගෙන් සමාව ඉල්ලන්නෙ නෑ ප්‍රාර්ථනා.සමාව දෙන්න පුලුවන් වැරදි නෙවෙයි මං කරේ.ඔයා කැමති දඩුවමක් දෙන්න.මං බාරගන්නම්.මං ඔයත් එක්ක තරහා නැහැ…….”

සිද්ද වෙච්චි දේවල් වලට සුදේශ් සම්පූර්ණයෙන්ම වැරදි කාරයා නෙවෙයි. එයාව බලෙන්ම ඒ තත්වෙට පෙලඹුවේ ලෝචනා.දැන් සුදේශ්ව ආපහු මට අයිති වෙලා ඉවරයිනෙ.

“මං ඔයත් එක්ක තරහ නෑ සුදේශ්.පහු ගිය කාලෙ වෙච්චි දේවල් අපි දැන් අමතක කරමු.ඒ වගේ දුකක් නම් මට ආයෙමත් දෙන්න එපා රත්තරං.මං ජීවතුන් අතර ඉන්න එකක් නැහැ…….”

“නෑ ප්‍රාර්ථනා.ආයෙ කවදාවත් මං ඔයාට ඒ වගේ දුකක් දෙන්නෙ නෑ.මං දන්නෙ නෑ මං මොනවා කරාද කියලා…….”

මගෙ ඇස් දෙකේ කදුලු පිස දැමූ සුදේශ් පහත් වෙලා මගේ කුස සිප ගත්තා. තාත්තාගෙ සෙනෙහස දැනිලද මන්දා දරුවා දගලන්න පටන්ගත්තා.

“මට සමාවෙන්න පැටියෝ තාත්ති ඔයාව මේ ලෝකෙන් යවන්න හැදුවට.ආයෙ කවදාවත්ම තාත්තා ඒ වගේ වැරදි කරන්නෙ නැහැ.ඔයාට තාත්ති ගොඩාක් ආදරෙයි…….”

“බබාට විතරද ආදරේ?බබාව ගේන අපිට ආදරේ නෑ වගේ?බලන්න පුතේ තාත්ති වෙනස් වෙලා…….”😀😁😉

“නෑ බං උඹටත් ආදරෙයි.උඹ නැත්නම් මට මේ වගේ මැණිකක් කොහෙද?…….”

මගේ කුස අල්ලගෙන සුදේශ් ඒ විදියට කිව්වා.මාස ගානකට පස්සෙ සුදේශුයි මායි ගොඩාක් සතුටින් හිටියා.


දින කිහිපයකට පසු👇👇👇

මං දැන් චූටි දුවෙකුගේ අම්මා කෙනෙක්. සුදේශ් මටයි දුවටයි ගොඩාක් ආදරෙයි.

දුවගෙ නම සංසලා සුදර්ශනී.දූට දැන් මාස තුනයි.මගේ තාත්තාත් නිතරම වගේ ඇවිත් දුවව බලලා යනවා.කුඩම්මා දැන් ගොඩාක් වෙනස් වෙලා.එයා දැන් පහුගිය වැරදි තේරුම් අරන් ජීවිතේ දිහා වෙනස්ම විදියකින් බලනවා.නිතරම වගේ කුඩම්මා මට ටෙලිෆෝන් එකෙන් කතා කරනවා.

ලෝචනා නංගි ආයෙමත් කසාද බැන්දා. දිනුක රාමනායක තමයි ලෝචනාගෙ සැමියා.කලින් විවාහයෙන් නීත්‍යානුකූලව දික්කසාද වෙලා අවුරුදු පහක දියනියක් සමග තනිවුනු දිනුක රාමනායකට ආදරණීය බිරිදක් වගේම ඒ දියණියට ආදරණීය මවක් විදියට ලෝචනා ජීවත් වෙනවා.ජීවිතයේ තමන් කරපු වැරදි අද ලෝචනා පිළිඅරගෙන තියනවා.

“ප්‍රාර්ථනා,නංගි ඕලෙවල් පාස්.ඒ අටයි බී එකයි…….”

“අනේ ශෝක්නෙ සුදේශ්.කෝ දැන් නංගි?…….”

“අම්මත් එක්ක ඒලෙවල් වලට ස්කූල් එකක් බලන්න ගියා…….”

“සුදේශ් කෙල්ලගෙ බර්ත්ඩේ එකට මොනවද දෙන්නෙ?…….”

ලබන සතියෙ අපේ දුවගෙ පළවෙනි උපන් දිනේ.ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් ඉන්නේ ඒ දවස උදා වෙනකල්. ගෙදර පුංචියට පාටියක් ගන්නයි අපි ප්ලෑන් කරේ.

“මේ අවුරුද්දේ බර්ත්ඩේ එකට ඔයා කැමති ඕනම දෙයක් අරන් දෙමු.ඊලග අවුරුද්දේ උපන් දිනේට මල්ලියෙක් ගෙනත් දෙමු.හා ද?……..”

මගේ කනට ලං වෙලා සුදේශ් එහෙම ඇහුවේ හරිම ආදරණීය විදියටයි.මං හිමිහිට සුදේශ්ට තුරුල් වුනා.එතකොටම දුව හිමිහිට දණගාගෙන ඇවිත් සුදේශ්ගෙ කකුලක් අල්ලගෙන හිට ගත්තා.සුදේශ් දුවත් වඩාගෙන මාවත් එයාගෙ උරහිස්ට හේත්ති කර ගත්තා.

“ඔය දෙන්නා තමයි මගෙ මුලු ජීවිතේම”

අවසානයි🙏🙏🙏