“අම්මෙ අපි හෙට අර ගමන යනවද?……”

සුදේශ්ගෙ නංගි එහෙම ඇහුවෙ ලෝචනාට ගුරුකම් කරලා දීපු මනුස්සයව හම්බෙන්න යන්න දා ගත්තු ගමන ගැනයි.

“සුදේශ් පුතා හොස්පිටල් එකේ ඉන්නැද්දී අපි කොහොමද යන්නෙ?……..”

සුදේශ්ගෙ අම්මා දැරුවේ ඒ වගේ මතයක්.

“නෑ නෑ.අපි හෙට සනුකි දූත් එක්ක හොස්පිටල් එකට ගිහිල්ලා පුතාව බලලා ඒ ගමන යමු.ලොකු විනාශයක් වෙන්න කලින් මේක නවත්තන්න ඕනි……”

සුදේශ්ගෙ තාත්තා කියපු විදියට අපි පහුවදා උදේම හොස්පිටල් එකට ගියා.අපි යද්දී සුදේශ්ට හොදටම නින්ද ගිහින් තිබ්බා.මං ටිකක් වෙලා සුදේශ් දිහා බලන් හිටියා.ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනි සුදේශ්.මං කොහොම හරි ඔයාව ලෝචනාගෙන් බේර ගන්නවා.

“අපි ගිහින් ඩොක්ටර් එක්ක කතා කරලා එමු……”

අපි හැමෝම ගියා ඩොක්ටර්ව හම්බවෙන්න.

“ඩොක්ටර්,දැන් සුදේශ්ගෙ තත්වෙ කොහොමද?රිපෝට් එක ආවද?……”

එහෙම ඇහුවේ සුදේශ්ගෙ තාත්තා.

“බය වෙන්න එපා.සුදේශ්ට දරුණු විදියට කෑම විශවීමක් සිද්ද වෙලා තියනවා.ඒ විෂ ඇග පුරාම පැතිරිලා.මිස්ට සුදේශ්ට කවුරු හරි තරහාකාරයො ඉන්නවද?මේක මිනීමැරීමේ චේතනාවෙන් කරපු දෙයක් වෙන්නත් පුලුවන්…….”

“මේ ඔක්කොම අර ලෝචනා කියන හැතිරිගෙ වැඩ.ඩොක්ටර් අපි ඒ ගැන බලාගන්නම්.මට කොහොම හරි පුතාව බේරලා දෙන්න…….”

“ඉට්‍ස් ඕක් මිස්ටර්.සුදේශ් ගැන බය වෙන්න එපා.එයාට අපි හොදට ප්‍රථිකාර කරනවා…….”

“එහෙනම් අපි ගිහින් එන්නම් ඩොක්ටර්…….”

ඩොක්ටර්ගෙ රූම් එකේ ඉදන් අපි එලියට ආවා.උදේ ඉදන්ම මට කලන්තෙ ගතියක් දැනුනු හින්දා මං හිටියෙ බොහොම අපහසුවෙන්.

“ප්‍රාර්ථනා දුවේ ඔයා අපේ දූත් එක්ක ගෙදර යන්න.ඔයාට අපිත් එක්ක එච්චර දුරක් යන්න අමාරුයි…….”

සුදේශ්ගෙ අම්මා කියපු හින්දා මං නංගිත් එක්ක ගෙදර ආවා.

“අක්කෙ ඔයා බය වෙන්න එපා අයියට ඉක්මනට සනීප වෙයි.මට ඔයා ගැන හරිම පුදුමයි…….”

“ඒ ඇයි නංගි?…….”

“අයියා ඔයාට මොන තරම් වෙනස්කම් කරාද?එයා කරපු දේවල් වල හැටියට ඔයා අයියා ගැන ඔහොම හිතන එක ගැන මට හරිම පුදුමයි…….”

“මේ දේවල් අයියගෙ වැරැද්දෙන්ම සිද්ද වෙච්චි දේවල් නෙවෙයිනෙ නංගි.එයාව ඒ තත්වෙට ඇදල දැම්මෙ ලෝචනා. නැත්නම් සුදේශ් කවදාවත් මට ඔහොම කරන්නෑ…….”

“අපෙ අයියා ගොඩාක් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න…….”

“මාත් ගොඩාක් වාසනාවන්තයි නංගි මේ වගේ පව්ලක් ලබන්න…….”


සුදේශ්ගෙ අම්මයි තාත්තයි සනුකියි හවස් වෙනකොට ගෙදර ආවා.

“අම්මෙ මොකද වුනේ ගිය ගමනට?…….”

නංගියි මායි දෙන්නම එකම ප්‍රශ්නෙ ඇහුවා.

“අපි මෙහෙන් යද්දිත් ප්‍රශ්නෙන් බාගයකටත් වඩා විසදිලා ඉවරයි…….”

“ඒ කිව්වෙ අම්මෙ…….”

සුදේශ්ගෙ අම්මා කියපු දේ මට හරියට තේරුනේ නැහැ.ඒත් ප්‍රශ්නෙ විසදිලා කිව්වම මගෙ හිතට සහනයක් දැනුනා.

“අපි ඒ මනුස්සයව හම්බෙන්න ගියා.ඒ මිනිහා මාර වැඩේ වෙලා තියෙන්නෙ. අනුන්ගේ පව්ල් කඩලා දාලා අන්තිමට තමන්ගෙ පව්ල කැඩිලා යනකල් දන්නෙ නෑ.ඒ මිනිහගෙ ගෑනිත් එක්ක කව්ද මන්දා මිනිහෙක් යාලු වෙලා පැනලා ගිහිල්ලා.අපි ගිහින් විස්තරේ කියලා වෙලා තියන දේ කිව්වා.අපෙනුත් සමාව අරන් ආයෙ ඒ දේවල් කරන්නෑ කියලා දිවුරලා පොරොන්දු වුනා…….”

මගෙ හිතට මේ ප්‍රශ්නෙ හින්දා යාන්තම් හරි සැනසීමක් ලැබුනෙ දැනුයි.

“එතකොට අම්මෙ දැන් අපිට කරන්න තියෙන්නෙ මොකක්ද?……..”

“දැන් මේ ගුරුකම කැඩිලා යයි දූ.ඔයා බය වෙන්න එපා.බොන්න දීපු දේවල් ඔක්කොම බෙහෙත් දීලා අයින් කරලනෙ තියෙන්නෙ.ඒ ඔක්කොම අයින් කරා…….”

දින තුනකට පස්සෙ සුදේශ්ව ගෙදර එක්කන් ආවා.දැන් සුදේශ්ට ගොඩාක් දුරට සනීපයි.ඒත් මාත් එක්ක සුදේශ් තාම කතා කරන්නෙ නෑ.

“එකපාරටම හරියන්නෙ නැහැ දුවේ.අර මනුස්සයා කියපු විදියට ටික දවසක් යයි සුදේශ්ව පරණ තත්වෙට ගන්න.අපි ඇහැ ගහගෙන ඉම්මු ලෝචනා ආපහු පුතාට ලංවෙන්න හදයිද කියලා…….”

“ඔව් අම්මෙ මේ සැරේ ලෝචනාට දිනන්න මං ඉඩ තියන්නෙ නෑ.අම්මයි දුවයි මේ වතාවෙ තමයි පාඩමක් ඉගන ගන්නෙ…….”
🌸🌸

“මොනවද අක්කෙ කරන්නෙ?…….”

සුදේශ්ගෙ නංගි කුස්සියට ඇවිත් මගෙන් එහෙම ඇහුවා.මං හිටියේ සුදේශ්ට කෑම හදමින්.

“මං මේ අයියට සුප් එකක් හැදුවා නංගි. මේක පොඩ්ඩක් බීලා බලන්නකෝ ලුණු ඇත්ද කියලා…….”

මං එහෙම කිව්වම සුදේශ්ගෙ නංගි හැන්දකින් සුප් පොඩ්ඩක් බීලා බැලුවා.

“හ්ම්ම්.ලුණු ගානට තියනවා අක්කෙ.සුප් එක හැදුවට මොකෝ මෙයා ලුණු බලන්නවත් දන්නෙ නෑ වගේ…….”😁🤣

කට ඇද කරලා හිනා වෙවී සුදේශ්ගෙ නංගි මට කිව්වා.

“අනේ නෑ නංගි.මට සුප් බොන්න බෑ අප්පිරියයි.ඒකයි මං ඔයාට ලුණු බලන්න කිව්වෙ…….”

“හා ඉතිං.කමක් නෑ…….”

මං සුප් එක හදලා සුදේශ්ගෙ නංගිට දුන්නා කාමරේට ගිහින් සුදේශ්ට දෙන්න කියලා.

“ඔයාම ගිහින් දෙන්න අක්කෙ.මහ පුදුම වදයක් වුනානෙ මේක…….”

මං දන්නවා මේකි මේ විහිලුවට කියන්නෙ කියලා.මාව සුදේශ්ගෙ කාමරේට යවන්නයි මේකි මේ හදන්නෙ.

“අනේ මැට්ටියෙ බොරු නොකර ඉන්නවා. මට තාම සුදේශ් ගාවට යන්න බෑ.ඔයා දන්නවනේ සුදේශ් මං අතින් හදපු කිරි එකවත් බොන්නෙ නෑ.ඉතිං මේ සුප් එක හැදුවෙ මං කියලා සුදේශ් දැන ගත්තොත් එයා මේක බොන එකක් නෑ.ඔයා මේක සුදේශ්ට පොවන්න මැණික.ප්ලීස්…….”

“හා හා ඉතිං.ඔහොම කියනකොට නොකර ඉන්නත් බෑ.ඔයා මගෙ අක්කනෙ ඉතිං…….”😀😉


“අක්කෙ කව්ද මනුස්සයෙක් ඇවිල්ලා ඔයාව හම්බෙන්න……”

“කව්ද නංගි?……”

“තේනුක කියලා කෙනෙක්…….”

තේනුක කියන්නෙ ලෝචනාගෙ කලින් හස්බන්ඩ්.එයා මොකටද මාව හම්බවෙන්න එන්නෙ.මට සැකයකුත් ඇති වුනා ආපහු සුදේශ්ට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා.මං සාලෙට ගියා තේනුක ආවෙ මොකටද කියලා බලන්න.

“ප්‍රාර්ථනා මැඩම්,මං ආවෙ සුදේශ් සර්ව පොඩ්ඩක් මුණගැහෙන්න…….”

“සුදේශ්ට සනීප නෑ තේනුක.ඇයි මොකක් හරි හදිස්සියක්ද?……”

“එහෙමමත් නෑ මැඩම්.කමක් නෑ මැඩම් සුදේශ් සර්ට කියන්නකෝ.මායි වයිෆුයි දුවයි හෙට මෙහෙන් යනවා……”

“ඒ කොහෙද තේනුක……..”

“මට ගාල්ලෙ ඔෆිස් එකක රස්සාවක් හම්බුනා.අපි එහෙන් ගෙයක් ගත්තා. ඉතිං යන්න කලින් සර්ටයි මැඩම්ටයි කියලා ගියා නම් හොදයි කියලා මට හිතුණා.මං එහෙනම් ගිහින් එන්නම් මැඩම්……..”

“හා හොදයි තේනුක.ආ පොඩ්ඩක් ඉන්න…….”

තේනුකට පොඩ්ඩක් ඉන්න කියලා මං සුදේශ්ගෙ නංගිගෙ කාමරේට ගියා.තේනුකගෙ දුවට අදින්න පුලුවන් තරමෙ ගව්මක් තිබ්බා මං ගාව.මං ඒක තේනුකට දුන්නා දුවට දෙන්න කියලා…….”

අන්තිම කොටසින් නැවත හමුවෙමු