ලෝචනා නංගි සුදේශ්ව මගෙන් වෙන් කරන්න හදන හැටි තව දුරටත් මට බලාගෙන ඉන්න බැරි වුනා.මං ත්රීවිලර් එකකට කතා කරලා අපේ ගෙදරට ගියා.
ගේ ගාවින් බහිද්දී මං දැක්කා තාත්තා පුටුව උඩ වාඩි වෙලා පත්තරේ බලනවා. ත්රීවීලර් එකේ සද්දෙට තාත්තා මිදුලට බැස්සා.තාත්තා හිනා වෙලා මං දිහා බැලුවා.ඒත් මට තව දුරටත් මගෙ කදුලු පාලනය කරගෙන ඉන්න බැරි වුනා. තාත්තව බදාගෙන මං හොදටම ඇඩුවා.😭😭
“අනේ මගෙ දුවේ ඇයි මේ අඩන්නේ?යමු ගේ ඇතුළට……..”
තාත්තා මාව එක්කරගෙන ගේ ඇතුළට ආවා.
“අනේ දුවේ මට කියන්න ඔයාට මොකද වුනේ?…….”
අඩ අඩා කදුලු අතරින්ම සිද්ද වෙච්චි හැම දෙයක්ම තාත්තා එක්ක කිව්වා.
“දෙයියනේ….මේ ගේ ඇතුලෙ මෙච්චර දෙයක් සිද්ද වෙලා මං දන්නෙ නෑනෙ…….”
ඊට පස්සේ තාත්තා කුඩම්මටයි ලෝචනා නංගිටයි කෝල් කරා ඉක්මනට ගෙදර එන්න කියලා.
“ඒ දෙන්නා කොහෙද ගියේ තාත්තෙ?…….”
“ඔය කොහෙද ලෙඩෙක්ව බලන්න යනවා කියලා ගියේ.ආපු දෙන්කො මං හොදවයින් දෙකක් කතා කරන්නම්…….”😠😠
පැය බාගයක් විතර යනකොට කුඩම්මයි ලෝචනා නංගියි ගෙදර ආවා.මාව දැකපු ගමන් ඒ දෙන්නා බය වුනා.තාත්තා ඒ දෙන්නටම කරපු වැරදි මතක් කරලා හොදටම දොස් කියලා බැන්නා.
“අනේ ලෝචනා නංගි ඔයාට පින් සිද්ද වෙයි සුදේශ්ගෙ ජීවිතෙන් ඈත් වෙන්න. මං ඉන්න තත්වෙ ගැන හිතලවත් සුදේශ්ගෙන් ඈත් වෙන්න…….”😭😭🙏
“අනේ මේ ප්රාර්ථනා තමුසෙ ගිහින් තමුසෙගෙ මිනිහව හදා ගන්නවා.මං එයාගෙ පස්සෙන් ගියේ නෑ.සුදේශ් තමයි මගෙ පස්සෙන් ආවෙ…….”😠
ලෝචනා නංගි එයා කරපු වැරැද්ද පිළි ගත්තෙම නෑ.කුඩම්මත් මට හොදටම බැන්නා.දෙන්නත් එක්කම මට බනින්න ගත්තේ මං බඩදරු අම්මා කෙනෙක් කියලා හිතන්නෙවත් නැතුවයි.
“නිකන් බොරු කියන්න එපා ලෝචනා ඔයා එක එක ගුරුකම් කරලා කෑම වලට එක එක දේවල් කලවම් කරලයි සුදේශ්ව ඔයාගෙ පැත්තට නම්ම ගත්තෙ.මොකද ඔයා හොදටම දන්නවා සුදේශ් මං ඇර වෙන කිසිම ගෑනියෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ කියලා.සුදේශ්ගෙ සල්ලි වලට තියන කෑදර කමට ඔයා එයාට ලං වුනේ.අම්මයි දුවයි දෙන්නම දක්ෂයි අනුන්ගෙ පව්ල් කඩන්න.ජාති ජාතිත් තමුසෙලාට හෙන ගහනවා මේ කරන දේවල් වලට…….”😡😡
කුඩම්මා මට ගහන්න අත ඉස්සුවා.ඒත් එකපාරටම කව්දෝ මන්දා පිටි පස්සෙ ඉදන් ඒ අත අල්ල ගත්තා.මං බැලුවා ඒ කව්ද කියලා.ඒ වෙන කවුරුවත් නෙවෙයි සුදේශ්ගෙ නංගි.
“කරුණාකරලා ඕක නවත්තන්න…….”
එහෙම කියාගෙන සුදේශ්ගෙ නංගි මං ගාවට ආවා.
“අනේ අක්කෙ අපි ගෙදර යමු.මේ මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් නෑ. මේ වගේ ජරා වැඩ වලට හැමදාම ආයුෂ නෑ.අපි යමු…….”
“ඔයා කොහොමද දන්නෙ මං මෙහෙ ආවා කියලා?……..”
“ඔයා කලබලෙන් වගේ ත්රීවීලර් එකට නැගලා යනවා මං දැක්කා.මං හිතුවා ඔයා මෙහෙ තමයි එන්න ඇත්තෙ කියලා. පරක්කු නොවී මාත් ඉක්මනට ආවා.මට බය හිතුණා ඔයාට කරදරයක් වෙයි කියලා……..”
තවත් එතන ඉන්න මට සුදේශ්ගෙ නංගි ඉඩ දුන්නෙ නෑ.මාව බලෙන්ම වගේ ගෙදර එක්කන් ආවා.
“දැන් අපි මොකක්ද අම්මෙ මේකට කරන්නෙ?…….”
මං සුදේශ්ගෙ අම්මගෙන් එහෙම ඇහුවා.
එයත් කල්පනා කරා මොකක්ද කරන්නෙ කියලා.
“හරි අක්කෙ මට අයිඩියා එකක් ආවා…….”
“ඒ මොකක්ද නංගි?……..”
“අර එදා සනුකි අක්කා කිව්වෙ ලෝචනාට ඔය ගුරුකම කරලා දීපු කෙනා ඉන්නෙ අපි එයාව හම්බෙන්න යමු.ගිහිල්ලා ඒ මනුස්සයට තේරුම් කරලා දෙමු මේ කරපු අපරාධෙ ගැන…….”
“ඒක කරන්න පුලුවන් දෙයක්ද නංගි?ඒ මිනිහා ඉන්නෙ ලෝචනාගෙ පැත්තෙනෙ……..”
“නෑ අක්කෙ අපි උත්සහ කරලා බලමු. ළිදට වැටිච්ච මිනිහා ගොඩ එන්න ඕනි ලිං කටින්මනෙ…….”
“ප්රාර්ථනා දූ මෙයා කියන දේත් ඇත්ත තමයි.අපි ඒ වැඩේත් කරලා බලමු…….”
සුදේශ්ගෙ නංගි කරපු යෝජනාවට සුදේශ්ගෙ තාත්තාත් කැමති වුනා.
“එහෙනං අපි හෙට එහාට යමු.ප්රාර්ථනා දුවේ ඔයා සනුකි දුවට කෝල් එකක් දීලා අපිත් එක්ක යන්න එන්න කියන්න…….”
“හා අම්මෙ මං සනුකිට කියන්නම්…….”
මං සනුකිට කෝල් එකක් ගන්න ෆෝන් එක ගද්දී ඒකෙ ටාජ් තිබ්බෙ නෑ.ටාජරේ මගෙ කාමරේනෙ.මං ඒක ගන්න යන්න හදද්දී සුදේශ්ගෙ නංගි ආවා.
“ඇයි අක්කෙ?කොහෙද යන්න හදන්නෙ?…….”
“නෑ නංගි ෆෝන් එකේ ටාජ් නෑ.ටාජරේ කාමරේනෙ.මං ඒක අරන් එන්නම්…….”
“ඔයා යන්න එපා අක්කෙ.මං අම්මගෙ ෆෝන් එක දෙන්නම්.ඔයා ඒකෙ කතා කරන්න…….”
සුදේශ්ගෙ අම්මගෙ ෆෝන් එකෙන් මං සනුකිට කෝල් කරලා හෙට එන්න කිව්වා.
“අනේ අම්මේ ඉක්මනට එන්නකෝ.අනේ අයියා……..”
සුදේශ්ගෙ කාමරේ ඉදන් නංගී යටි ගිරියෙන් කෑ ගැහුවා.ඒ සද්දෙට බය වෙච්චි මායි සුදේශ්ගෙ අම්මයි තාත්තයි කාමරේට දුවගෙනම ගියා.අපි යද්දී සුදේශ් කෙදිරි ගගා වමනෙ කරගෙන බිම වැටිලා හිටියා.
“අනේ අම්මෙ මේ මොකද සුදේශ්ට වෙලා තියෙන්නෙ?අනේ සුදේශ් කතා කරන්න ඔයාට මොකද වුනේ?…….”😢😢
අපි මොන තරම් කතා කරත් සුදේශ්ගෙ කටින් වචන පිට වුනේ නැහැ.මට හොදටම බය හිතුණා සුදේශ් ගැන.අපි ඉක්මනට වාහනේම සුදේශ්ව හොස්පිටල් එකට ගෙනාවා.එකපාරටම සුදේශ්ට මොකද වුනේ කියලා අපි කාටවත්ම හිතා ගන්න බැරි උනා.මේ දවස් ටිකේම සුදේශ් හොදට හිටියනේ.වාහනේ එද්දීත් සුදේශ්ට හරියට සිහියක් තිබ්බෙ නෑ.මං හොදටම ඇඩුවා.😭😭සුදේශ් මට මොන තරම් වෙනස්කම් කරත් මට සුදේශ් මෙහෙම අසනීප වෙලා ඉන්නවා දැක්කම දරා ගන්න බැරි වුනා.දැඩි සත්කාර ඒකකයය ඇතුළට සුදේශ්ව අරන් දැන් පැයකටත් වැඩියි.
“හොදට හිටපු මනුස්සයට එකපාරටම මොකද මේ සිද්ද වුනේ?කිසිම අසනීපයක් තිබුනෙ නෑනෙ පුතාට…….”
සුදේශ්ගෙ තාත්තාත් කල්පනා කරා සුදේශ්ට මොකද වුනේ කියලා.ඒ වෙලාවෙම ඩොක්ටර් ආවා එලියට.
“කලබල වෙන්න එපා.මිස්ටර් සුදේශ්ට කෑම විශවීමක් සිද්ද වෙලා තියෙන්නෙ. වෙලාවට ඔයාලා එයාව හොස්පිටල් ගෙනාවෙ.සිහිය එන්න තව ගොඩක් වෙලා යයි.රිපෝට් එක බලලා තමයි වැඩි විස්තර කියන්න වෙන්නෙ…….”
එහෙම කියලා ඩොක්ටර් ගියා.මේක අනිවාර්යයෙන්ම කරලා තියෙන්නෙ අර ලෝචනා හැතිරි.සුදේශ්ට මොනවා හරි වුනොත් මං ඕකිගෙන් පලි ගන්නවා පලි ගන්නවාමයි.
නැවත හමුවෙමු