“ආව්…..මගෙ බෙල්ල අතාරිනවා.මට හුස්ම ගන්න බෑ…….”
මං වේදනාවෙන් එහෙම කියද්දී ටිකක් වෙලා ගියාට පස්සෙයි ඌ මගෙ බෙල්ල අතෑරියෙ.දෙයියනේ එතකොට මේ මින්හද තේජාන් ෂාමේන්ද්‍ර කියන්නෙ.ඒත් අම්මා කියපු විදියට තේජාන්ට අවුරුදු තිහක් තිස්දෙකක් විතර ඇතිනෙ.ඒත් මේ මනුස්සයට එච්චර වයස පේන්නෑ.
“ඔ ඔයා ද මෙ…….”
“ඔව් මං තේජාන් ෂාමේන්ද්‍ර.තමුසෙගෙ තාත්තා හිතුවෙ කොළඹ ඉදලා නුවරඑළියට පැනලා ගියාම මට හොයාගන්න බැරි වෙයි කියලද?අවුරුදු ගානක් තිස්සෙ මං පෙරුම් පුර පුරා හිටියේ මගෙ තාත්තයි නංගියි මරපු එවුන්ගෙන් පලි ගන්න.අද ඒ දවස උදා වෙලා තියෙන්නෙ……..”

අනේ මේ මිනිහා මාව මරයිද?අනේ දෙවියනේ මේ මොකක්ද සිද්ද වෙන්නෙ? මගේ සිත පුරාම පැතිරිලා ගියේ දැඩි බියක්.ඇග පුරාම දහඩිය ගලන්නට වුනා.
තේජාන් වියරු වූ කොටියෙකු සේ අඩියෙන් අඩිය මා වෙතට ලං වුනා.ඒ ගිනියම් වූ දෑස් දෙස බැලීම පවා මගේ සිතට රැගෙන ආවේ දරාගත නොහැකි තරම් බියක්.පිටු පසින් පසට ගිය මාව බිත්තියේ ගැටී නතර වුනා.

“මං උඹව එකපාරටම මරන්නෙ නෑ.උඹට වද දීලයි මරන්නෙ.උඹේ මහ එකා නිසා මගෙ අම්මවත් මට නැති වුනා.මගෙ මුලු පව්ලම නැති කරේ උඹේ මහ එකා…….”

“ඇයි ඒකට මගෙන් පලි ගන්න හදන්නෙ? මගෙ තාත්තගෙන් සිද්ධ වෙච්චි ඒ වරදට එයා අවුරුදු ගානක් හිරගෙදරදී දඩුවම් වින්දා.මාව මැරුවා කියලා ඔයාගෙ අම්මයි තාත්තයි නංගියි ආපහු එන්නෑ…….”😭😭

“ඌ නීතියෙන් දඩුවම් වින්දට මට වැඩක් නෑ.ඒත් උගෙ මුලු පව්ලම මං නැති කරලා දානවා.ඌ මගෙනුත් දඩුවම් විදින්න ඕනි. උගෙයි උගෙ ගෑනිගෙයි එකම වස්තුව උඹනෙ.උඹව නැති කරොත් උන් දෙන්නා ජීවතුන් අතර ඉන්න එකක් නෑ.එක ගලින් කුරුල්ලො තුන් දෙනයි.හහ් හහ් හා…….”
එහෙම කියලා තේජාන් මං ඉස්සරහා මහ හයියෙන් හිනා වුනා.මගෙ අම්මටයි තාත්තටයි ඒ වගේ අපහස කරනවා මට බලන් ඉන්න බැරි වුනා.මට හිතුණා තේජාන්ගෙ කම්මුල හරහා හොද පාරක් දෙන්න.ඒත් එහෙම වුනොත් මූ මාව දැන්මම මරා දායි.

“පින් සිද්ද වෙයි මට යන්න දෙන්න.මගෙ අම්මයි තාත්තයි මාව නැතුව ගොඩක් දුක් වෙනවා ඇති.මං ඔයාට කිසිම වරදක් කරලා නෑ තේජාන්.මගෙ තාත්තා ඔයා ඉල්ලන ඕනම ගානක් දෙයි.අනේ මට ගෙදර යන්න ඕනි……..”😭🙏
තේජාන්ගෙ ඉදිරිපිට මං වැද වැටුනත් ඒ මිනිහා මාව සතපහකටවත් ගනං ගත්තෙ නෑ.මාව පැත්තකට තල්ලු කරලා කාමරෙන් යන්න ගියා.මගෙ හිත හැම වෙලේම කිව්වා කොයි වෙලේ හරි තේජාන් මාව මරයි කියලා.මං හොදටම බය වෙලයි හිටියෙ.කවදාවත් මං මේ තරම් බය වෙලා නැතුව ඇති.මට අම්මව මතක් වුනා.අම්මා මේ වෙනකොට අප්පච්චිට කෝල් කරලා කියන්න ඇති මාව පැහැරගත්තු බව.එයාලා මාව හැම තැනකම හොයනවා ඇති.බිම වැතිරිලා මං හොදටම කෑ ගහලා ඇඩුවා.

“නෝනා…….”

කොයි තරම් වෙලාවක් මං ඇඩුවද කියලා මට මතක නෑ.මට කතාකරගෙන කාමරේට ආවෙ කව්ද කියලා මං ඔලුව උස්සලා බැලුවා.අවුරුදු පනහක විතර ගෑනු කෙනෙක් මං ඉස්සරහ හිටියා.ඒ ගෑනු කෙනාගෙ අතේ බීම වීදුරුවක් තිබ්බා.

“නෝනට ගොඩක් තිබහ ඇතිනෙ.මේක බීලා ඉන්න…….”

“මට එපා.මට ගෙදර යන්න ඕනි…….”😭

“මේක බොන්න නෝනා.මහත්තයට කියන්න නෝනට ගෙදර යන්න ඕනි කියලා…….”

“කව්ද අර තේජාන්ද?…….”

“ඔව් නෝනා…….”

“ඌ මාව මෙහාට ගෙනල්ලා තියෙන්නෙ මට වද දීලා මාව මරන්න.නොකරපු වරදකටයි මං මේ විදවන්නෙ……..”

“මට නෝනා ගැන දුකයි.ඒත් මට බෑනෙ නෝනට උදව් කරන්න.මේක බීලා ඉන්න නෝනා…….”

“මට බෑ.කව්ද දන්නෙ ඕකට මොනවා දාලද කියලා……..”

මං අහක බලාගෙනම කිව්වා.

“ඒ ගැන බය වෙන්න එපා නෝනා.මමයි මේක හැදිවේ.මේකට මොකුත් දාලා නෑ…….”

ඒ ගෑනු කෙනා බීම වීදුරුව ස්ටූල් එක උඩ තියලා මගෙ ඔලුව අත ගාලා කාමරෙන් ගියා.මට මගෙ අම්මව මතක් වුනා.අනේ දෙයියනේ මං නැතුව අම්මා මොන තරම් අඩනවා ඇත්ද?
වෙලාව රාත්‍රී දහයත් පහු වුනා.ඉන්න බැරි තරම් තිබහක් තිබ්බේ.උගුර කට පවා වේලිලා වගේ දැනුනා.තවත් නම් ඉවසන්න බෑ.ඇගට පන නෑ.බොහොම අමාරුවෙන් නැගිටලා ගිහින් ස්ටූල් එක උඩ තිබ්බ බීම වීදුරුව අරගෙන බීගෙන බීගෙන ගියා.විනාඩියක් දෙකක් ගත වුනු තැන ඔලුව කැරකෙනවා වගේ දැනුනා. මුලු කාමරේම බොද වෙලා වගේ පෙනුනේ.කෙලින් හිටගන්න පවා බැරි වුනා.ඇද වියලත් අල්ලගෙන මං එහෙම්මම බිමට පාත් වුනා.ඇස් දෙක පියවීගෙන වගේ එනකොට බොද වූ දෑස් අතරින් මා දුටුවේ සෙමින් සෙමින් මට ලංවුනු තේජාන්ගෙ රුවයි.


“නෝනා…..නෝනා නැගිටින්න.නෝනා……..”

මුහුණට දැනුනු සීතල ගතිය නිසා මා සෙමින් සෙමින් දෑස් අරිමින් නැගිටින්න උත්සහ කරා.මා අසලම සිටියේ ඊයේ රාත්‍රියේ මට බීම වීදුරුව ගෙනත් දුන් කාන්තාවයි.ඇය දකිනා විට මට ඇති වූයේ විශාල කෝපයක්.අර තේජාන් කියන වනචරයට මගේ ජීවිතේ විනාශ කරන්න උදව් කරේ මේ ගෑනිනෙ.

“තමුං….තමුං මට ඊයෙ බොරු නේද කිව්වෙ අර බීම වීදුරුවට මොකුත් දාලා නෑ කියලා.ඇයි දෙයියනේ මට මෙහෙම කරේ.තමුසෙට ගෑනු දරුවො නැද්ද?…….”

“මට සමාවෙන්න නෝනා.මං ඒ දේ හිතලා නෙවෙයි කරේ.තේජාන් මහත්තයා තමයි බීම වීදුරුවට ඒ බෙහෙත් පෙති කලවම් කරන්න කිව්වෙ…….”

ඔව්.සමහර විට මේ ගෑනු කෙනා මට ඒ බීම වීදුරුව දෙන්න ඇත්තෙ නොදී ඉන්න බැරි කමට වෙන්න ඇති.නොකල වරදකට අද මං මුලු ජීවිතෙන්ම දඩුවම් වින්දා.කාමරේ දෙවනත් ගිරි යටින් කෑ ගහලා මං ඇඩුවා.😭😭මගේ විලාපය කාටවත්ම ඇහෙන්න නැතුව ඇති.අර ගෑනු කෙනා ඇස් දෙකේ කදුලු පුරවන් මං දිහා බලන් ඉදලා කාමරෙන් ගියා.
🌼🌼

“නෝනා මහත්තයා ඔයාට කතා කරනවා……”

මෙම නිවසේ මෙහෙකාරිය වූ ලලිතා පැමිණ මට තේජාන් පැමිනෙන්නට කියූ බව කීවාය.මා මෙම සුවිසල් නිවසේ සිරකාරියක් වී දැන් සති තුනක් ගෙවී ගොස් අවසන්ය.ඒ සති තුනට එක් දිනක්වත් මා මේ කාමරෙන් එපිටට ගොස් නැත.ජනේලය අසලට වී ඔහේ කල්පනා කරමින් සිටියා පමණි.

“ඌ කොහෙද ඉන්නෙ ලලිතා නැන්දෙ?…….”

“එන්නකො නෝනා මාත් එක්ක…….”

ලලිතා නැන්දා මාව නිවසේ තවත් එක් කාමරයක් වෙත රැගෙන ගියාය.ඒ කාමරයේ ලැප්ටොප් පරිඝණකයක් දෙස බලමින් තේජාන් මොනවදෝ කරමින් උන්නේය.ඔහු දකිනා විටත් මට පාලනය කර ගන්නට නොහැකි තරම් කේන්තියක් දැනෙන්නේය.මාව ඒ කාමරය ලගට දමා ලලිතා නැන්දා පිටව ගියාය.

“ආ තමුසෙ ආවද?මේ මොකෝ බය වෙලා?දැන්ම බය වෙන්න එපා.තව කාලයක් තමුසෙට ජීවත් වෙන්න පුලුවන්. මං තාම තීරණේ කරේ නෑ තමුසෙව මොන විදියට මරන්නෙ කියලා……..”

“දැනටත් මං මැරි මැරි තමයි ඉන්නෙ…….”

මං හිමින් කිව්වත් තේජාන්ට එය හොදින්ම ඇසුනි.ලැප්ටොප් එක වසා දමා තේජාන් මා අසලට පැමිණියේය.

“හරියට හරි.මං තමුසෙව මරන්නෙ ටික ටික.මේක බලනවා හොදට…….”

එසේ කියමින් ෆොටෝ පිරුනු ඇල්බම් එකක් තේජාන් මගේ අතට දුන්නේය.මං එය විවෘත කර බැලුවෙමි.එහි තිබූ චායාරූප වල සිටින්නේ තේජානුත් ඔහුගේ මවත් පියාත් නැගනියත් බව තේරුම් ගැනීමට මට අපහසු වූයේ නැත.

එක් පින්තූරයක තේජාන්ගෙ පියාත් මවත් ඔහුව මැදි කරගෙන සිටිති.තවත් පින්තූරයක තේජාන්ගෙ පියා තේජාන්ව වඩාගෙන සිටින අතර ඔහුගේ මව නැගණියව වඩාගෙන සිටියි.තවත් පින්තූරයක ඔවුන් සියලු දෙනාම එකට සිනාවී සිටිති.

අහේතුවකටද මන්දා මට ඒ පින්තූර දෙස බලනා විට දුකක් දැනුනි.මොන තරම් ආදරයෙන් ලස්සනට ජීවත්ව සිටි පව්ලක්ද?මගේ තාත්තාගෙ අතින් සිදූ වූ නොසැලකිල්ල නිසා අද ඒ ආදරණීය පව්ල විනාශ වී ගොස් ඇත.ඔවුන්ගේ එකම පුත්‍රයා ඒ පාපය සිදු කල මගේ පියාගෙන් ඒ වරදට ඒ දඩුවමම ලබා දීමට පෙරුම් පුරන්නේය.

“හොදට බලපං මේ ෆොටෝස් දිහා.ඔය ඉන්නෙ මගෙ අම්මයි තාත්තයි නංගියි. ඒ තුන් දෙනා මැරෙද්දී මට අවුරුදු දහයයි. අවුරුදු දහනවයක් ගෙව්නත් මට එයාලව අමතක කරන්න බැහැ.මගෙ තාත්තා මොන තරම් අහිංසකද?එයා මටයි අම්මටයි නංගිටයි කොච්චර ආදරේ කරාද?හැමදාම ස්කෝලෙ ගිහින් එද්දී මගේ ලගට දණගාගෙන ඇවිත් මගෙ කකුලෙ එල්ලිලා නැගිටින මගෙ චූටි නංගි,බත් අනලා අපි දෙන්නටම කවන මගෙ අම්මා😭😭….කොහොමද දෙයියනේ මං මේවා ඉවසන්නේ.මගේම මේ ඇස් ඉස්සරහ එයාලගෙ මිනී පිච්චනවා මට බලන්න සිද්ද වුනා………”😭😭

තේජාන් මගේ ඇස් ඉස්සරහ පිටම අඩන්නට වුනා.පෙරදා ව්‍යාඝ්‍රයෙකු ලෙසින් කෝප වූ දුෂ්ටයෙකු වූ මට වද හිංසා කල තේජාන් මෙලෙස සිටිනු දැකීම මගේ සිතට මහත් අපහසුතාවයක් දැනුනා. මගෙ ජීවිතේ විනාශ කලත් මගෙන් කෙතරම් පලිගත්‍තත් අද ඔහු මෙතරම් දරුණු මිනිසෙකු වී සිටින්නේ මගේ පියා නිසා නේද?ඔහුව මේ තත්වෙට ඇද දැමුවේ මගේ පියා නේද?මටත් නොදැනීම මගේ නෙත් තුලින් කදුලු වැටෙන්නට වුනා😢😢……තේජාන් තාමත් අඩනවා. එදා මගේ පියා අතින් මෙවැනි අපරාධයක් සිදු නොවුනා නම් අද තේජාන් මෙවැනි දාමරිකයෙක් නොවන්නට ඉඩ තිබුනි.මා තේජාන්ගේ නෙතින් ගලා ආ කදුලු මගේ ඇගිලි තුඩින් පිස දැමුවෙමි.එය සිදු වූයේ ඉබේටම මෙනි.එක්වරම කරන්ට් වැදුනා මෙන් තිගැස්සී මා දෙස බැලූ තේජාන් මාව තල්ලු කරේය.අසල තිබූ පුටුව අල්ලා ගත්තේ නැති නම් මා බිත්තියේ හැප්පෙන්නටද ඉඩ තිබුනි.

ඊලග කොටසින් හමුවෙමු”ආව්…..මගෙ බෙල්ල අතාරිනවා.මට හුස්ම ගන්න බෑ…….”

මං වේදනාවෙන් එහෙම කියද්දී ටිකක් වෙලා ගියාට පස්සෙයි ඌ මගෙ බෙල්ල අතෑරියෙ.දෙයියනේ එතකොට මේ මින්හද තේජාන් ෂාමේන්ද්‍ර කියන්නෙ.ඒත් අම්මා කියපු විදියට තේජාන්ට අවුරුදු තිහක් තිස්දෙකක් විතර ඇතිනෙ.ඒත් මේ මනුස්සයට එච්චර වයස පේන්නෑ.

“ඔ ඔයා ද මෙ…….”

“ඔව් මං තේජාන් ෂාමේන්ද්‍ර.තමුසෙගෙ තාත්තා හිතුවෙ කොළඹ ඉදලා නුවරඑළියට පැනලා ගියාම මට හොයාගන්න බැරි වෙයි කියලද?අවුරුදු ගානක් තිස්සෙ මං පෙරුම් පුර පුරා හිටියේ මගෙ තාත්තයි නංගියි මරපු එවුන්ගෙන් පලි ගන්න.අද ඒ දවස උදා වෙලා තියෙන්නෙ……..”

අනේ මේ මිනිහා මාව මරයිද?අනේ දෙවියනේ මේ මොකක්ද සිද්ද වෙන්නෙ? මගේ සිත පුරාම පැතිරිලා ගියේ දැඩි බියක්.ඇග පුරාම දහඩිය ගලන්නට වුනා.

තේජාන් වියරු වූ කොටියෙකු සේ අඩියෙන් අඩිය මා වෙතට ලං වුනා.ඒ ගිනියම් වූ දෑස් දෙස බැලීම පවා මගේ සිතට රැගෙන ආවේ දරාගත නොහැකි තරම් බියක්.පිටු පසින් පසට ගිය මාව බිත්තියේ ගැටී නතර වුනා.

“මං උඹව එකපාරටම මරන්නෙ නෑ.උඹට වද දීලයි මරන්නෙ.උඹේ මහ එකා නිසා මගෙ අම්මවත් මට නැති වුනා.මගෙ මුලු පව්ලම නැති කරේ උඹේ මහ එකා…….”

“ඇයි ඒකට මගෙන් පලි ගන්න හදන්නෙ? මගෙ තාත්තගෙන් සිද්ධ වෙච්චි ඒ වරදට එයා අවුරුදු ගානක් හිරගෙදරදී දඩුවම් වින්දා.මාව මැරුවා කියලා ඔයාගෙ අම්මයි තාත්තයි නංගියි ආපහු එන්නෑ…….”😭😭

“ඌ නීතියෙන් දඩුවම් වින්දට මට වැඩක් නෑ.ඒත් උගෙ මුලු පව්ලම මං නැති කරලා දානවා.ඌ මගෙනුත් දඩුවම් විදින්න ඕනි. උගෙයි උගෙ ගෑනිගෙයි එකම වස්තුව උඹනෙ.උඹව නැති කරොත් උන් දෙන්නා ජීවතුන් අතර ඉන්න එකක් නෑ.එක ගලින් කුරුල්ලො තුන් දෙනයි.හහ් හහ් හා…….”

එහෙම කියලා තේජාන් මං ඉස්සරහා මහ හයියෙන් හිනා වුනා.මගෙ අම්මටයි තාත්තටයි ඒ වගේ අපහස කරනවා මට බලන් ඉන්න බැරි වුනා.මට හිතුණා තේජාන්ගෙ කම්මුල හරහා හොද පාරක් දෙන්න.ඒත් එහෙම වුනොත් මූ මාව දැන්මම මරා දායි.

“පින් සිද්ද වෙයි මට යන්න දෙන්න.මගෙ අම්මයි තාත්තයි මාව නැතුව ගොඩක් දුක් වෙනවා ඇති.මං ඔයාට කිසිම වරදක් කරලා නෑ තේජාන්.මගෙ තාත්තා ඔයා ඉල්ලන ඕනම ගානක් දෙයි.අනේ මට ගෙදර යන්න ඕනි……..”😭🙏

තේජාන්ගෙ ඉදිරිපිට මං වැද වැටුනත් ඒ මිනිහා මාව සතපහකටවත් ගනං ගත්තෙ නෑ.මාව පැත්තකට තල්ලු කරලා කාමරෙන් යන්න ගියා.මගෙ හිත හැම වෙලේම කිව්වා කොයි වෙලේ හරි තේජාන් මාව මරයි කියලා.මං හොදටම බය වෙලයි හිටියෙ.කවදාවත් මං මේ තරම් බය වෙලා නැතුව ඇති.මට අම්මව මතක් වුනා.අම්මා මේ වෙනකොට අප්පච්චිට කෝල් කරලා කියන්න ඇති මාව පැහැරගත්තු බව.එයාලා මාව හැම තැනකම හොයනවා ඇති.බිම වැතිරිලා මං හොදටම කෑ ගහලා ඇඩුවා.

“නෝනා…….”

කොයි තරම් වෙලාවක් මං ඇඩුවද කියලා මට මතක නෑ.මට කතාකරගෙන කාමරේට ආවෙ කව්ද කියලා මං ඔලුව උස්සලා බැලුවා.අවුරුදු පනහක විතර ගෑනු කෙනෙක් මං ඉස්සරහ හිටියා.ඒ ගෑනු කෙනාගෙ අතේ බීම වීදුරුවක් තිබ්බා.

“නෝනට ගොඩක් තිබහ ඇතිනෙ.මේක බීලා ඉන්න…….”

“මට එපා.මට ගෙදර යන්න ඕනි…….”😭

“මේක බොන්න නෝනා.මහත්තයට කියන්න නෝනට ගෙදර යන්න ඕනි කියලා…….”

“කව්ද අර තේජාන්ද?…….”

“ඔව් නෝනා…….”

“ඌ මාව මෙහාට ගෙනල්ලා තියෙන්නෙ මට වද දීලා මාව මරන්න.නොකරපු වරදකටයි මං මේ විදවන්නෙ……..”

“මට නෝනා ගැන දුකයි.ඒත් මට බෑනෙ නෝනට උදව් කරන්න.මේක බීලා ඉන්න නෝනා…….”

“මට බෑ.කව්ද දන්නෙ ඕකට මොනවා දාලද කියලා……..”

මං අහක බලාගෙනම කිව්වා.

“ඒ ගැන බය වෙන්න එපා නෝනා.මමයි මේක හැදිවේ.මේකට මොකුත් දාලා නෑ…….”

ඒ ගෑනු කෙනා බීම වීදුරුව ස්ටූල් එක උඩ තියලා මගෙ ඔලුව අත ගාලා කාමරෙන් ගියා.මට මගෙ අම්මව මතක් වුනා.අනේ දෙයියනේ මං නැතුව අම්මා මොන තරම් අඩනවා ඇත්ද?

වෙලාව රාත්‍රී දහයත් පහු වුනා.ඉන්න බැරි තරම් තිබහක් තිබ්බේ.උගුර කට පවා වේලිලා වගේ දැනුනා.තවත් නම් ඉවසන්න බෑ.ඇගට පන නෑ.බොහොම අමාරුවෙන් නැගිටලා ගිහින් ස්ටූල් එක උඩ තිබ්බ බීම වීදුරුව අරගෙන බීගෙන බීගෙන ගියා.විනාඩියක් දෙකක් ගත වුනු තැන ඔලුව කැරකෙනවා වගේ දැනුනා. මුලු කාමරේම බොද වෙලා වගේ පෙනුනේ.කෙලින් හිටගන්න පවා බැරි වුනා.ඇද වියලත් අල්ලගෙන මං එහෙම්මම බිමට පාත් වුනා.ඇස් දෙක පියවීගෙන වගේ එනකොට බොද වූ දෑස් අතරින් මා දුටුවේ සෙමින් සෙමින් මට ලංවුනු තේජාන්ගෙ රුවයි.


“නෝනා…..නෝනා නැගිටින්න.නෝනා……..”

මුහුණට දැනුනු සීතල ගතිය නිසා මා සෙමින් සෙමින් දෑස් අරිමින් නැගිටින්න උත්සහ කරා.මා අසලම සිටියේ ඊයේ රාත්‍රියේ මට බීම වීදුරුව ගෙනත් දුන් කාන්තාවයි.ඇය දකිනා විට මට ඇති වූයේ විශාල කෝපයක්.අර තේජාන් කියන වනචරයට මගේ ජීවිතේ විනාශ කරන්න උදව් කරේ මේ ගෑනිනෙ.

“තමුං….තමුං මට ඊයෙ බොරු නේද කිව්වෙ අර බීම වීදුරුවට මොකුත් දාලා නෑ කියලා.ඇයි දෙයියනේ මට මෙහෙම කරේ.තමුසෙට ගෑනු දරුවො නැද්ද?…….”

“මට සමාවෙන්න නෝනා.මං ඒ දේ හිතලා නෙවෙයි කරේ.තේජාන් මහත්තයා තමයි බීම වීදුරුවට ඒ බෙහෙත් පෙති කලවම් කරන්න කිව්වෙ…….”

ඔව්.සමහර විට මේ ගෑනු කෙනා මට ඒ බීම වීදුරුව දෙන්න ඇත්තෙ නොදී ඉන්න බැරි කමට වෙන්න ඇති.නොකල වරදකට අද මං මුලු ජීවිතෙන්ම දඩුවම් වින්දා.කාමරේ දෙවනත් ගිරි යටින් කෑ ගහලා මං ඇඩුවා.😭😭මගේ විලාපය කාටවත්ම ඇහෙන්න නැතුව ඇති.අර ගෑනු කෙනා ඇස් දෙකේ කදුලු පුරවන් මං දිහා බලන් ඉදලා කාමරෙන් ගියා.

🌼🌼

“නෝනා මහත්තයා ඔයාට කතා කරනවා……”

මෙම නිවසේ මෙහෙකාරිය වූ ලලිතා පැමිණ මට තේජාන් පැමිනෙන්නට කියූ බව කීවාය.මා මෙම සුවිසල් නිවසේ සිරකාරියක් වී දැන් සති තුනක් ගෙවී ගොස් අවසන්ය.ඒ සති තුනට එක් දිනක්වත් මා මේ කාමරෙන් එපිටට ගොස් නැත.ජනේලය අසලට වී ඔහේ කල්පනා කරමින් සිටියා පමණි.

“ඌ කොහෙද ඉන්නෙ ලලිතා නැන්දෙ?…….”

“එන්නකො නෝනා මාත් එක්ක…….”

ලලිතා නැන්දා මාව නිවසේ තවත් එක් කාමරයක් වෙත රැගෙන ගියාය.ඒ කාමරයේ ලැප්ටොප් පරිඝණකයක් දෙස බලමින් තේජාන් මොනවදෝ කරමින් උන්නේය.ඔහු දකිනා විටත් මට පාලනය කර ගන්නට නොහැකි තරම් කේන්තියක් දැනෙන්නේය.මාව ඒ කාමරය ලගට දමා ලලිතා නැන්දා පිටව ගියාය.

“ආ තමුසෙ ආවද?මේ මොකෝ බය වෙලා?දැන්ම බය වෙන්න එපා.තව කාලයක් තමුසෙට ජීවත් වෙන්න පුලුවන්. මං තාම තීරණේ කරේ නෑ තමුසෙව මොන විදියට මරන්නෙ කියලා……..”

“දැනටත් මං මැරි මැරි තමයි ඉන්නෙ…….”

මං හිමින් කිව්වත් තේජාන්ට එය හොදින්ම ඇසුනි.ලැප්ටොප් එක වසා දමා තේජාන් මා අසලට පැමිණියේය.

“හරියට හරි.මං තමුසෙව මරන්නෙ ටික ටික.මේක බලනවා හොදට…….”

එසේ කියමින් ෆොටෝ පිරුනු ඇල්බම් එකක් තේජාන් මගේ අතට දුන්නේය.මං එය විවෘත කර බැලුවෙමි.එහි තිබූ චායාරූප වල සිටින්නේ තේජානුත් ඔහුගේ මවත් පියාත් නැගනියත් බව තේරුම් ගැනීමට මට අපහසු වූයේ නැත.

එක් පින්තූරයක තේජාන්ගෙ පියාත් මවත් ඔහුව මැදි කරගෙන සිටිති.තවත් පින්තූරයක තේජාන්ගෙ පියා තේජාන්ව වඩාගෙන සිටින අතර ඔහුගේ මව නැගණියව වඩාගෙන සිටියි.තවත් පින්තූරයක ඔවුන් සියලු දෙනාම එකට සිනාවී සිටිති.

අහේතුවකටද මන්දා මට ඒ පින්තූර දෙස බලනා විට දුකක් දැනුනි.මොන තරම් ආදරයෙන් ලස්සනට ජීවත්ව සිටි පව්ලක්ද?මගේ තාත්තාගෙ අතින් සිදූ වූ නොසැලකිල්ල නිසා අද ඒ ආදරණීය පව්ල විනාශ වී ගොස් ඇත.ඔවුන්ගේ එකම පුත්‍රයා ඒ පාපය සිදු කල මගේ පියාගෙන් ඒ වරදට ඒ දඩුවමම ලබා දීමට පෙරුම් පුරන්නේය.

“හොදට බලපං මේ ෆොටෝස් දිහා.ඔය ඉන්නෙ මගෙ අම්මයි තාත්තයි නංගියි. ඒ තුන් දෙනා මැරෙද්දී මට අවුරුදු දහයයි. අවුරුදු දහනවයක් ගෙව්නත් මට එයාලව අමතක කරන්න බැහැ.මගෙ තාත්තා මොන තරම් අහිංසකද?එයා මටයි අම්මටයි නංගිටයි කොච්චර ආදරේ කරාද?හැමදාම ස්කෝලෙ ගිහින් එද්දී මගේ ලගට දණගාගෙන ඇවිත් මගෙ කකුලෙ එල්ලිලා නැගිටින මගෙ චූටි නංගි,බත් අනලා අපි දෙන්නටම කවන මගෙ අම්මා😭😭….කොහොමද දෙයියනේ මං මේවා ඉවසන්නේ.මගේම මේ ඇස් ඉස්සරහ එයාලගෙ මිනී පිච්චනවා මට බලන්න සිද්ද වුනා………”😭😭

තේජාන් මගේ ඇස් ඉස්සරහ පිටම අඩන්නට වුනා.පෙරදා ව්‍යාඝ්‍රයෙකු ලෙසින් කෝප වූ දුෂ්ටයෙකු වූ මට වද හිංසා කල තේජාන් මෙලෙස සිටිනු දැකීම මගේ සිතට මහත් අපහසුතාවයක් දැනුනා. මගෙ ජීවිතේ විනාශ කලත් මගෙන් කෙතරම් පලිගත්‍තත් අද ඔහු මෙතරම් දරුණු මිනිසෙකු වී සිටින්නේ මගේ පියා නිසා නේද?ඔහුව මේ තත්වෙට ඇද දැමුවේ මගේ පියා නේද?මටත් නොදැනීම මගේ නෙත් තුලින් කදුලු වැටෙන්නට වුනා😢😢……තේජාන් තාමත් අඩනවා. එදා මගේ පියා අතින් මෙවැනි අපරාධයක් සිදු නොවුනා නම් අද තේජාන් මෙවැනි දාමරිකයෙක් නොවන්නට ඉඩ තිබුනි.

මා තේජාන්ගේ නෙතින් ගලා ආ කදුලු මගේ ඇගිලි තුඩින් පිස දැමුවෙමි.එය සිදු වූයේ ඉබේටම මෙනි.එක්වරම කරන්ට් වැදුනා මෙන් තිගැස්සී මා දෙස බැලූ තේජාන් මාව තල්ලු කරේය.අසල තිබූ පුටුව අල්ලා ගත්තේ නැති නම් මා බිත්තියේ හැප්පෙන්නටද ඉඩ තිබුනි.

ඊලග කොටසින් හමුවෙමු