ඔබේ පරමාදර්ශී ආත්මීය සහකරු හෝ සහකාරිය ගැන ජ්‍යොතිෂයෙන් ඔබට පෙන්විය හැකි බව ඔබ දැන සිටියද? ඔබගේ රාශි චක්‍රය එහෙමත් නැත්නම් ඔබට හිමි ලග්නය සමීපව විශ්ලේෂණය කිරීමෙන් ඔබට වඩාත්ම හැළපෙන්නේ කොයි විදියේ කෙනෙක්ද කියන එක ගැන වඩා හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්.
ඔබට හිමි ලග්නය අනුව ඔබගේ ආත්මීය සහකරු සොයා ගැනීමේදී සොයා බැලිය යුතු ගති ලක්ෂණ හා චරිත ලක්ෂණ මෙන්න!
මේෂ: ආත්ම සහකරු, විශ්වාසවන්ත, උත්සහවන්ත සහ ඔවුන්ව දිරිමත් කරන පුද්ගලයෙක් විය යුතුයි.
මේෂ ලග්න හිමියන් ස්වහාවයෙන් තරමක් කළහකාරී සහ වේගවත් . ඔවුන් කාලය කා දැමීමට අකමැති අතර ඔවුන්ව දිරිමත් කල හැකි හවුල්කරුවෙකු අවශ්‍ය වේ. ඔවුන්ගේ පරමාදර්ශී ආත්ම සහකරු වන්නේ විශ්වාසවන්ත, ස්ථීරව හා නිර්භීත අවධානම් ගැනීමට බිය නොවන අයෙකි.
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: මේෂ, සිංහ, ධනු, මිථුන හා කුම්භ.
වෘශභ: ආත්ම සහකරු, පක්ෂපාතී, ආදරණීය හා ඔවුන් දෙස පමණක් ඇස් යොමා සිටින කෙනෙක් විය යුතුයි.
වෘශභ ලග්න හිමියන් ඉතා පක්ෂපාතී පිරිසක්. ඔවුන් නිවැරදි පුද්ගලයා වෙත අවසානය දක්වාම පක්ෂපාතීව සිටියි. එලෙසම ඔවුන් අන් අයගෙන් එවැනිම පක්ෂපාතිත්වයක් අපේක්ශා කරනවා. ඔවුන්ගේ පරමාදර්ශී ආත්ම සහකරු විශ්වාසදායක, සෘජුව ඉදිරියට යන සහ මනසින් ක්‍රීඩා නොකරන අයෙකි. තමන් ලෝකයේ සිටින එකම පුද්ගලයා ලෙස සලකා ආදරය කරන, ආදරණීය චරිත වලට ඔවුන් වඩාත් ඇළුම් කරනවා.
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: කටක, මකර, කන්‍යා සහ මීන.
මිථුන: ආත්ම සහකරු, බුද්ධිමත්, හාස්‍යජනක, සිත්ගන්නාසුලු දේවල් කල හැකි අයෙක් විය යුතුයි.
මිථුන ලග්න හිමියන් තමන් ආශ්‍රය කරන්නේ කුමන ආකාරයේ අයද යන්න පිළිබඳව තරමක් වද වෙන පිරිසක්. මේ නිසා ඔවුන් ඔබව තෝරා ගත්තේ නම් ඔබ අනිවාර්යයෙන්ම විශේෂකෙනෙක්. ඔවුන්ගේ පරමාදර්ශී ආත්මීය සහකරු විහිලු, දක්ෂ හා සිත්ගන්නා සුළු අයෙක්. එය දේවල් කිසි විටෙකත් පරණ හෝ නීරස නොවන බව සහතික කිරීම සඳහා උපකාරී වෙනවා.
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: සිංහ, මේෂ, තුලා සහ කුම්භ.
කටක: ආත්ම සහකරු බුද්ධිමත්, දයාබර, සරාගී සහ ආදරණීය හා සංවේදී හදවතක් ඇති අයෙක් විය යුතුයි.
කටක ලග්න හිමියන් විශාල හදවතක් ඇති අය සහ බොහෝ ආදරය දීමට හැකි අය. නමුත් ඔබට ඒවා සැබවින්ම ජය ගැනීමට අවශ්‍ය නම් ඔබට ඒවා නැවත ලබා දීමට හැකි විය යුතුය. ඔවුන්ගේ ආත්ම සහකරු මනස ආකර්ෂණය කර ගැනීමට තරම් බුද්ධිමත් කෙනෙකු විය යුතු අතර ඔවුන් තුළ විශේෂ හා ආදරණීය හැඟීමක් ඇති කිරීමට තරම් සෙනෙහසක් ඇති අයෙක් විය යුතුයි. කටක ලග්න හිමියන් ආත්මාර්ථකාමි නොවන නිසා ඔවුන්ගේ පරමාදර්ශී ආත්ම සහකරු සැලකිලිමත් සහ සංවේදි අයෙක් විය යුතුය.
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: වෘශ්චික, වෘශභ, මීන සහ කන්‍යා.
සිංහ: ආත්ම සහකරු විශ්වාසනීය, ගුප්ත හා තම දෙපයින් නැගී සිටීමට උදවු කරන අයෙක් විය යුතුයි.
සිංහ ලග්න හිමියන් බලාපොරොත්තු රහිතව, විශ්වාසදායක නමුත් ගුප්ත පෞරුෂයන් වෙත ඇදී යයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ අවදානම් සහිත දේවල් කිරීමට කැමති සහ ඒවාට බිය නොවන කෙනෙකි. ඒවගේම, අනුමාන කිරීමට සහ ඊළඟට කුමක් සිදුවේදැයි බලා සිටීමට තරම් කුතුහලය ඇතිකරවන කෙනෙක්
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: මිථුන, තුලා, ධනු සහ මේෂ
කන්‍යා : පණ්ඩිත, සංකීර්ණ, අභිලාෂකාමී සහ ඉතා ළෙන්ගතු කෙනෙක් විය යුතුයි.
කන්‍යා ආත්ම සහකරු සංකීර්ණ හා පණ්ඩිත අයෙක්. අභිලාෂකාමී හා කිසිවක් සිදු නොකර දවස ගෙවන්නේ නැති අයෙක්. බොහෝ විට කන්‍යා ලග්නය හිමි අයට අවශ්‍ය වන්නේ ඔවුන් මෙන් සම්බන්ධතාවයට කැපවන කෙනෙක්.
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: වෘශ්චික, මකර, කටක සහ වෘෂභ
තුලා: පෙනුම, විශ්වාසනීය සහ බුද්ධිය ඇති අයෙක් විය යුතුයි.
ආදරය සම්බන්ධයෙන් තුලා ලග්න හිමියන්ට උසස් ප්‍රමිතීන් ඇති අතර ඔවුන් අහඹු ලෙස කෙනෙක් හා නොබැඳේ. ඔවුන්ගේ ආත්මීය සහකරුට: පෙනුම, මොළය සහ විශ්වාසනීය බව සහ යන ත්‍රිත්වයම තිබිය යුතුයි. තුලා ලග්න හිමියන් සෞන්දර්යයට කැමතියි, ඔවුන් දක්ශ සහ බුද්ධිමත්. ඔවුන් ඔවුන් කැමති දේ හොඳින් දන්නා කෙනෙකුට කැමතියි!
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: මිථුන, කුම්භ, ධනු සහ සිංහ.
වෘශ්චික: ඔවුන්ට අභියෝග කළ හැකි සහ ඔවුන්ගේ ආශාව හා ශක්තීන් පෝෂණය කළ හැකි අයෙක් විය යුතුයි.
වෘශ්චික ලග්න හිමියන්ගේ ආදරය ගැඹුරු, තීව්‍ර සහ සම්පූර්ණයෙන්ම කොන්දේසි විරහිත ය. එහෙත්, ඔවුන්ට අවශ්‍ය ඔවුන්ට අභියෝග කළ හැකි කෙනෙක්. ඔවුන්ගේ පරමාදර්ශී ආත්ම සහකරු ගැඹුරු පරිකල්පනයෙන් යුත්, ගැඹුරින් සිතන සහ දැනෙන, නමුත් ඔවුන්ගේ ගතිගුන සියල්ල එකවර හෙළි නොකරන කෙනෙක්. ඔවුන් ටිකක් අබිරහස් හා කුතුහලය දනවන්නන් අතර බලාපොරොත්තු රහිතව තියුණු බුද්ධියකට ඇදී යයි!
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: මීන, කන්‍යා, මකර සහ කටක.
ධනු: විවෘත සහ නිදහස් මනසකින් යුත්, අනිත් කෙනාව “වෙනස්” කිරීමට උත්සාහ නොකරන අයෙක් විය යුතුයි.
ධනු ලග්න හිමියන් ඔවුන්ගේ නිදහස සහ ස්වාධීනත්වය අගය කරන අතර ඔවුන්ට කිසිවෙකු ඔවුන් සන්තකයේ තබා ගැනීමටත් හෝ ඔවුන් සමඟ බැඳී සිටීමත් අවශ්‍ය නොවේ. ඔවුන්ගේ පරමාදර්ශී ආත්ම සහකරු වන්නේ විනෝදකාමී, ආදරණීය හා විවෘත මනසක් ඇති අයෙකි. ඔවුන්ට නිමක් නැති නීති රීති ඇති කර ගැනීමට යම් දෙයක් වෙනස් කිරීමට හෝ “නිවැරදි කිරීමට” අවශ්‍ය නොවේ. ඔවුන්ගේ ආත්මීය සහකරු ඔවුන් ගොඩනගන ලෝකය කරා රැගෙන යා හැකි අයෙක් වන අතර ඔවුන්ගේ පියාපත් ගැට ගැසීමට කැමති කෙනෙකු නොවේ!
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: සිංහ, කුම්භ, මේෂ හා තුලා
මකර : උසස්, හැඩකාර, චමත්කාරජනක මනසක් හිමි, අවසානය තෙක් විශ්වාසවන්තව සිටින අයෙක් විය යුතුයි.
මකර ලග්න හිමියන් ආදරය සම්බන්ධ කාරණා වලදී පහසුවෙන් සතුටු කල නොහැකියි. ඔවුන්ගේ පරමාදර්ශී ආත්ම සහකරුට පන්තියක් හා ශෛලියක් ඇති අතර ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳව යම් ආඩම්බරයක් ඇත. ඔවුන් සතුව යම් බුද්ධියක් තිබිය යුතු අතර ගැඹුරු හා අර්ථවත් ආකාරයකින් ඔවුන් සමඟ සම්බන්ධ වීමට හැකි විය යුතුය. නමුත් සියල්ලටම වඩා, ඔවුන් විශ්වාසවන්ත හා පක්ෂපාතී විය යුතුය.
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: මීන, වෘශභ, කන්‍යා සහ වෘශ්චික.
කුම්භ : කැපවුනු, හාස්යජනක, විනෝදයට ආදරය කරන සහ ආහාර පිසීමට දක්ෂතාවයක් ඇති කෙනෙක් විය යුතුයි.
කුම්භ ලග්න හිමියන්ට ගැලපෙනම ආත්ම සහකරුට විනෝදජනක, මනා පෞරුෂයක් ඇති, අතර ඔවුන් ඉඳහිට පිස්සු වික්‍රමාන්විතයක් සඳහා සූදානම් අයෙක්. ඔවුන් හාස්යජනක සහ තියුණු බුද්ධියක් ඇති අය කෙරෙහි දැඩි ලෙස ආකර්ෂණය වේ. කුම්භ ලග්න හිමියන් කෑමට ප්‍රිය කරන නිසා, ආහාර පිසීමට හැකි වීමද විශාල ධන සලකුණක්!
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්: තුලා, මේෂ, මිථුන සහ ධනු
මීන: විශ්වාසයෙන් යුත්, නිර්මාණශීලී මනසක් ඇති, එක ලෙස ලෝකය දකින කෙනෙක් විය යුතුයි.
මීන ලග්නය හිම් අය තමන්ගේම ලෝකයක ජීවත් වන අතර ඔවුන් කිසි විටෙකත් ජීවිතය එතරම් බැරෑරුම් ලෙස හෝ වචනානුසාරයෙන් නොසලකයි. ඔවුන්ගේ පරමාදර්ශී ආත්ම සහකරු හොඳ ආත්ම විශ්වාසයක් ඇති, දඩබ්බර, හා නිර්මාණාත්මක මනසක් සහිත සහ පෙරළිකාර ලෙස සිතීමේ හැකියාව ඇති අයෙකි. බොහෝ දුරට ඔවුන්ට අවශ්‍ය වන්නේ ගැඹුරු හා අර්ථවත් ආකාරයකින් සම්බන්ධ වීමට හා සන්නිවේදනය කිරීමට හැකි අයෙක්.
වඩාත් ගැලපෙන ආත්මීය සහකරුවන්, වෘශ්චික, මකර සහ වෘශභ