“පුංචි නෝනෙ අන්න කෝල් එකක්…….”

අප්පු මාමා ඇවිත් කියනකොට මං හිටියෙ වත්තෙ වැට අයිනෙ.මං ඉක්මනට ගෙට දුවලා ගියා.කෝල් එක ඇවිත් තිබුනේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට.

“හෙලෝ කව්ද කතා කරන්නේ?…….”📞

“ආ….මැඩම් කොහොමද ඉතිං?…….”📞

“මෙ…මං හොදින්.ඔයා කව්ද?…….”📞

“ආ…හොදින් ඉන්නවද?හැබැයි තව ටික කාලයයි හොදින් ඉන්න ලැබෙන්නෙ…….”😡📞

මේ කව්ද යකෝ මට ෆෝන් එකෙන් තර්ජනේ කරන්නේ?කවුරු හරි මාව ජෝක් එකටවත් අරගෙනද?මං මීට කලින් මේ කටහඬ අහලවත් නෑ…..🤔🤔

“මේ….මට වැඩ තියනවා.කරුණාකරලා කියනවද ඔය කතා කරන කෙනා කව්ද කියලා…….”😠📞
“ආ කියන්නම්.ඉස්සෙල්ලා කියන්නකෝ මැඩම් දැන් ඉන්නෙ කොහෙද කියලා. කොළඹ නම් නෙවෙයි නේද?…….”📞
ඒ පාර ඒ මනුස්සයා ඇහුවෙ බොහොම කරුණාවන්තවයි.

“අපි ඉන්නෙ නු…….”📞

දෙයියනේ මේ අර තේජාන් ෂාමේන්ද්‍ර කියන මිනිහද දන්නෑ.හොද වෙලාවට මං නුවරඑළිය කියලා කිව්වෙ නැත්තෙ.බය වෙච්චි පාරට මං ෆෝන් එක තියලා අම්මව හොයාගෙන කාමරේට ගියා.

“අම්මේ…..අනෙ අම්මේ ඔයා කොහෙද?……..”

“අනේ ඇයි පුංචි නෝනා කෑ ගහන්නෙ?මොකද වුනේ ලොකු නෝනා වත්ත පල්ලෙහාට ගියා…….”
අප්පු මාමා එහෙම කියද්දී මං වත්ත පල්ලෙහාට නොගිහින් ආපහු ගේ ඇතුළට ආවා.මං හරියටම දන්නෑනෙ කතා කරපු කෙනා තේජාන් ෂාමේන්ද්‍රමද කියලා.ඒ කෙනා නම කිව්වෙත් නෑනෙ.මං සාලෙ පුටුවක් උඩින් වාඩි වෙලා කල්පනා කරා.ඒත් එක්කම ආයෙමත් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ආවා. සමහර විට ඉස්සෙල්ලා කතා කරපු මිනිහා වෙන්න ඇති.මං කෝල් එක ආන්සර් කරා.

“හෙ….හෙලෝ…….”📞

“ආ මැඩම් මොකෝ මේ බයෙන් වගේ කතා කරන්නෙ?මාව අදුරගත්තද?…….”📞
දෙයියනේ මේ නම් අර මිනිහම තමයි.ඒත් මං බය වුන බවක් පෙන්නන්න හොද නෑ.

“මේ තමුං කව්ද කියනවද?මගෙ කාලෙ නාස්ති කරන්නෙ නැතුව…….”😠📞

“මැඩම් මං තේජාන් ෂාමේන්ද්‍ර සේනානායක.මාව මතක ඇතිනෙ.මේක හොදට අහගන්නවා.තමුංලා කොහේ හිටියත් මං හොයා ගන්නවා.මගෙන් බේරෙන්න කාටවත්ම බැහැ.මගෙ තාත්තවයි නංගිවයි මරපු පලිය ගන්න මං බලාගෙන ඉන්නවා…….”😡📞
මං හිතුවා හරි මේ අර රකුසා තමයි.මගෙ මුලු ඇගම දාඩියෙන් තෙමුනා.රිසිවරයත් එතනම අතෑරපු මං කෑ ගහගෙනම අම්මට කතා කරගෙන වත්ත පල්ලෙහාට දිව්වා.මං දැක්කා අම්මා වත්ත අයිනෙ ෆයිනස් ගහක් යට ඉන්නවා.මං දුවපු වේගයට අම්මගෙ ඇගෙත් හැප්පුනා.

“මොකද සංසලා මේ වෙලා තියෙන්නෙ? ඔයා දුවගෙන ආපු විදියට තව පොඩ්ඩෙන් මාත් මෙතන වැටෙනවා. හිමින් ගමනක් ඇත්තෙම නෑ…….”
අම්මා මට බනින්න පටන් ගත්තු විදියට කියන්න ආපු දේත් කියන්න අමතක වුනා. මගෙ ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තා බයටම.අම්මා මං දිහා බැලුවේ පුදුමයෙන් වගෙයි.

“දූ ඔයාට මොකද වුනේ?මොකද මේ දාඩියත් දාලා මේ සීතලේම.ඔයා කාටද පුතේ බය වුනේ?ඇයි මේ වෙව්ලන්නේ?…….”

“අම්මෙ මේ අර….තේජාන්…..කතා කරා……”

“අනේ දෙයියනේ ඔයා කිව්වද පුතේ අපි ඉන්නෙ නුවරඑළියේ කියලා……..”

අම්මා මගේ අත් දෙකෙන්ම හොල්ලලා එහෙම ඇහුවා.තේජාන් කියපු හැම දෙයක්ම අම්මා එක්ක මං කිව්වා.

“අපි ඉක්මනට ගෙට යමු දුවේ……..”


කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් හත අටක්ම ගෙවිලා ගියා.අප්පච්චී සෙනසුරාදා ඇවිත් ඉරිදා රෑ ආපහු කොළඹ ගියා.

“අම්මෙ මං පල්ලෙහා චර්ච් එක පැත්තෙ ගිහින් එන්නද?එහෙ හරිම ලස්සන ලස්සන තැන් තියනවා…….”

“අනේ පුතේ පරිස්සමින් ගිහින් එන්න. තනියට එවන්නවත් කවුරුවත් නෑනෙ. මට ඔය කදු පල්ලම් වල ඇවිදින්නත් බෑනෙ…….”

“අම්මි බය වෙන්න එපා.මං යකෙකුටවත් බය නැහැ…….”

අම්මගේ ගෙල බදාගෙන මං එහෙම කිව්වා.

“ආ එහෙනම් එදා අර තේජාන් කතා කරපු වෙලාවෙ දාඩිය දාලා වෙව්ලන්න පටන් ගත්තෙ…….”
අම්මා තේජාන්ව මතක් කරනකොට මගෙ හිතට ආයෙමත් බියක් දැනුනා.ඒත් මං එදා වගේ බය වුනේ නෑ.

“කාටවත් බය වෙලා ජීවත් වෙලා බෑ අම්මා.මං හිතන්නේ ඌට ඕනි අපිව බය කරන්න විතරයි.ඒ කෝල් එක ඇවිත් සති දෙකක් විතර ගියා.ඊට පස්සේ මොකුත් ප්‍රශ්නයක් වුනේ නෑනෙ…….”

“ඒක ඇත්ත තමයි දූ.ඒත් ඔයා පරිස්සමින් ඉන්න……..”

“මං මේ අම්මගෙන් අහන්නමයි හිටියේ. ඇයි අම්මෙ අපිට බැරි තේජාන් අපිට තර්ජනේ කරනවා පොලීසියේ ඇන්ට්‍රියක් දාන්න.ඇයි අපි මෙච්චර කාලයක් ඒක නොකලෙ?……..”
හිතේ වද දෙමින් තිබුනු ප්‍රශ්නයක් මං අම්මගෙන් ඇහුවා.

“ඔයා මේ සමාජෙ ගැන දන්නෑ දූ.මේ සමාජෙ ජීවත් වෙන මිනිස්සුන්ව ඔයා හරියට අදුරන්නෙ නැහැ.එහෙම දන්නවා නම් ඔයා ඔහොම ප්‍රශ්නයක් මගෙන් අහන්නෙ නැහැ.තේජාන් ෂාමේන්ද්‍ර කියන්නේ ලොකු මැර බලයක් තියන දරුණු මිනිහෙක්.පාතාලෙ සම්බන්දකම් මේ රටේ ප්‍රධාන පෙලේ මන්ත්‍රීලා ඇමතිලා එක්ක සම්බන්දකම් එයාට තියනවා. පොලීසිය වුනත් එයාගෙ පැත්තෙ දුවේ. එයාට විරුද්ධව අපිට මොකුත්ම කරන්න බැහැ…….”
තේජාන් ෂාමේන්ද්‍ර ගැන අම්මා මට ලොකූ විස්තරයක් කිව්වා.මං හිතුවට වැඩිය තේජාන් හුගාක් දරුණු මිනිහෙක්. තමන්ගෙ තාත්තවයි නංගිවයි මරපු පලිය කොයි වෙලේ හරි ගනියි කියලා මට හිතුණා.අප්පච්චි තනියම කොළඹ ගිය හින්දා අම්මයි මමයි නිතරම වගේ අප්පච්චිට කෝල් කරලා සැප දුක් අහනවා.

“ඔයා පරිස්සමින් ගිහිල්ලා ඇවිදලා එන්න දූ…….”
ඇවිදින්න යන්න තිබ්බ ආසාවත් දැන් නැති වුනා.ඒත් මට පල්ලියට යන්න ආස හිතුණා.මං අම්මගෙන් සමු අරන් කෙටි පාර දිගේ ඇවිත් පල්ලියට ආවා.පල්ලියේ තිබ්බේ දැඩි නිශ්ශබ්දතාවයක්.අපි බෞද්ධ වුනාට පල්ලි යන්න හරිම ආසයි.
පල්ලියට ගිහින් කුරුසයේ ඇණ ගහපු ජේසුස් වහන්සේගෙ ප්‍රතිමාව දිහා මං මොහොතක් නිසොල්මන්ව බලා හිටියා.

“ඔය දරුවා ඇවිත් දැන් පැයකට වඩා වැඩියි මං හිතන්නේ…….”
කණ ළගින්ම ඇහුනු ඒ මිහිරි ශබ්දයට මං හිස ඔසවලා බැලුවා.පල්ලියේ ෆාදර් අසල සිටියා.

“සමාවෙන්න ෆාදර්.මට වෙලාව යනවා දැනුනේ නැහැ.පල්ලියට එන්න ඕනි වෙලාවක් තියනවද?…….”
බොහොම ගරුසරුව මං එහෙම ඇහුවා.

“දෙවියන් වහන්සේ වන්දනා කරන්න වෙලාවක් අවේලාවක් නෑ දරුවා.ඔය දරුවා මොකක් හරි ප්‍රශ්නෙකින් ඉන්නවා වගේ පේන්නෙ…….”

“ඔව් ෆාදර්.හිතේ ලොකූ බරක් තිබ්බා. ඒත් දැන් ඒ බරින් නිදහස් වුනා වගේ දැනුනා…….”

“දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය හැමදාම ලැබෙනවා.ඔය දරුවා බුද්ධාගමේද?…….”

“ඔව් ෆාදර්…….”

“හිතට දුකක් දැනුනම හැමදාම එන්න පල්ලියට.ඇවිත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න…….”
“එහෙනම් ෆාදර් මං දැන් ගිහින් එන්නම්…….”

“ජේසු පිහිටයි දරුවා…….”
පල්ලියේ ඉදන් මං පාර දිගේ ඉදිරියට ආවා.අඩි පාර දිගේ යන්නැතුව ලොකු පාර දිගේ ඉස්සරහට ආවා.පාර දෙපැත්තේම ලස්සනට මල් පිපිලා.ඒ මල් දිහා බල බලාම මං පිය මැන්නා.එක්වරම මං ඉස්සරහින් ගිය මෝටර් සයිකලයක් වේගය අඩු කරලා මං ගාවින් නැවැත්තුවා.

“මිස් පල්ලියට යන්නෙ කොයි පාරෙන්ද?…….”

“මේ පාර දිගේ කෙලින්ම යන්න.එතකොට පල්ලිය පාරට පේනවා…….”

“බොහොම ස්තූතියි මිස්.මිස් මේ පලාතෙද?මොකද මට මේ නවතින්න තැනක් හොයා ගන්න ඕනි…….”

“අනේ නෑ අපි කොළඹ.නැවතිලා ඉන්නෙ උඩහ වත්තෙ.මං නම් එහෙම බෝඩිම් ගැන දන්නෙ නෑ…….”

“කමක් නෑ මිස්.මං ගිහින් එන්නම්…….”


හවස එලියට වෙලා අම්මයි මමයි තේ බිබී හිටියා.පාරෙ යන බයික් හඩක් ඇහිලා අම්මා ඔලුව උස්සලා බැලුවා.

“අර මනුස්සයා දැන් කීප වතාවක්ම මෙතනින් ඔය බයික් එකේම එහාට මෙහාට ගියා.මොනවා හරි ඔත්තු බලන්න එනවද දන්නෑ…….”
අම්මා එහෙම කියද්දී මාත් බැලුවා ඒ කව්ද කියලා.දෙයියනේ මේ අර ඉස්සෙල්ලා මගෙන් පල්ලියට යන පාර අහපු මනුස්සයා නේද?මං ඒ බව අම්මට කිව්වා.

“අපි යමු දූ ගේ ඇතුළට…….”

“අම්මා බය වෙන්න එපා.තේජාන්ගෙ මිනිස්සු දන්නෑනෙ අපි මෙහෙ ඉන්නවා කියලා…….”

“ඒ වුනාට පුතේ මට නම් ඔයා ගැන බයයි. ඔයා ටික දවසක් යනකල් එලියට යන්න එපා…….”
🌻🌻

“අම්මේ අප්පච්චී හෙට එනවා නේද?…….”

“ඔව් දූ.අනිද්දා ඉතිං ඔයාගෙ බර්ත්ඩේ එක හින්දා අප්පච්චී දවස් දෙකක්ම නිවාඩු දාලා එනවා කිව්වා ඔන්න…….”

“අනේ ශෝක්නෙ අම්මි.අපි පුංචියට පාටියක් දාමු…….”
🕗

“දූ යමු කෑම කන්න…….”
අම්මයි මමයි රෑට කන්න කෑම මේසෙ වාඩි වෙනකොටම වාහනේක සද්දයක් මිදුලෙන් ඇහුනා.අප්පච්චී කලින්ම ඇවිල්ලා කියලා හිතාගෙන මායි අම්මයි මිදුලට ගියා.එලියෙ හිටපු මිනිහෙක් අප්පු මාමගෙ බෙල්ලෙන් අල්ලගෙන හිටියා.

“අනේ දෙයියනේ මේ මොකද මෙර් වෙන්නෙ?…….”
අම්මා මාවත් බදාගෙන කෑ ගැහුවා.ගේ ඇතුලට පැනලා දොර වහගන්න හැදුවත් පිස්තෝලයක් අතේ තියාගත්තු මිනිහෙක් දොර ගාව හිට ගත්තා.

“රවී මේකිව ඇදලා දා ගනිං ජිප් එකට…….”

“අනේ අම්මෙ මේ මොකද?අනේ කවුරුවත් නැද්ද අපිව බේර ගන්න…….”
අපි කොච්චර කෑ ගැහුවත් අහල පහල කාටවත්ම ඇහුනෙ නෑ.එක මිනිහෙක් ඇවිත් මාව අම්මගෙන් ඇදලා ජිප් එකට දා ගත්තා.

“අනේ මගෙ දුවව ගෙනියන්න එපා දෙයියනේ.අනේ දුවේ…….”😭😭

“අනේ අම්මේ මාව බේර ගන්න…….”😭😭

මාව ජීප් එකට දා ගත්තු ඒ මිනිස්සු විදුලි වේගයෙන් වාහනේ පැදෙව්වා.මං කෑ ගගහා එලියට පනින්න හැදුව හින්දා එක මිනිහෙක් රෙදි පටියකින් මගේ කට ගැට ගැහුවා.කෑ ගහලා කෑ ගහලා හෙම්බත් වෙලා හිටපු මට එකපාරටම ක්ලාන්තෙ හැදුනා.


ඇගට දැනුනු හුළං පාර නිසා මං අමාරුවෙන් ඇස් ඇරලා නැගිට්ටා. දෙයියනේ මං කොහෙද මේ ඉන්නේ?වටපිට බලද්දී මට තේරුනා මං ඉන්නෙ නිවසක කියලා.වාහනේ මාව දාගෙන එනකොට මගේ කට ගැට ගහලා තිබ්බ රෙදි කෑල්ල පැත්තක තිබුනා.වාඩි වෙලා හිටපු ඇදෙන් මං බිමට බැස්සා.බැහැලා කාමරේ පුරාම ඇවිද්දා.දොර ඇරගන්න හැදුවත් ඒ දොර පිටින් ලොක් කරලයි තිබ්බේ.ජනේල් ඇර ගන්නත් බැහැ.ඒ ජනේල් මට වඩා උසට තිබ්බෙ.කව්ද මාව මෙහාට ගෙනාවෙ කියලා කල්පනා කරනකොටයි මට තේජාන් ෂාමේන්ද්‍රව මතක් වුනේ.තේජාන් ෂාමේන්ද්‍ර ගැන අම්මා කියපු දේවල් මතක් වෙලා මාව වෙව්ලන්න ගත්තා.😢😢දෙයියනේ මාව පැහැර ගත්තේ ඒ මිනිහා නම් මාව මරලා දායි.පිටට සද්දෙ ඇහෙන තරමටම මගෙ පපුව ඩග් ඩග් ගාන්න පටන් ගත්තා. කාමරේ අයිනෙ තිබුනු පුටුව ගෙනල්ලා මං ඒක උඩට නැගලා ජනේලෙ ඇරියා. පිටට පනින්න බැලුවත් පැනගන්න බැරි වුනා.කව්දෝ මන්දා මගෙ කකුලෙන් ඇද්දා.
ඒ ඇද්ද පාරට මාව පුටුව පෙරලගෙන වැටුනා.දණිස්ස ඇනිලා හොදටම රිදුනා.

“අනේ ආව් මගෙ දණිස්ස.අනේ රිදෙනවා. අයියෝ…….”😭😭

“උඹ මෙතනින් පැනලා යන්නද හැදුවේ?ආ කියපිය බලන්න…….”😡😡

මගෙ ඉස්සරහ ඉදන් ඒ විදියට කෑ ගැහුවෙ කව්ද කියලා බලන්න මං ඔලුව ඉස්සුවා.කොට කලිසමකුයි අත් නැති ටී ෂර්ට් එකකුයි ඇදගෙන මං දිහා බලාගෙන හිටියේ අවුරුදු විසිපහක විතර තරුණයෙක්.සමහර විට මූ තේජාන්ගෙ මැරයෙක් වෙන්න ඇති. දණිස්සට අත තියාගෙන නැගිටින්න හැදුවත් දැනුනු වේදනාව නිසා මට නැගිටින්න බැරි වුනා.

“අනේ මට යන්න දෙන්න.කව්ද මාව මෙහාට ගෙනාවෙ?මට ගෙදර යන්න ඕනි…….”😭😭

අත් දෙක එකතු කරගෙන වැදගෙන මං එහෙම කිව්වා.🙏😭

“තමුසෙව මෙහාට අරන් ආවෙ තේජාන් ෂාමේන්ද්‍ර.තමුසෙ එයාව දන්නවනේ……”

තේජාන් ගැන අහලා තිබ්බට මං ඌව දැකලා තිබ්බේ නැහැ.අමාරුවෙන්ම නැගිටලා මං ජනේලෙ අල්ලගත්තා.

“මං ඒ මිනිහව දැකලා නෑ.අනේ ඔයාට පින් සිද්ද වෙයි මට මෙතනින් යන්න උදව් කරන්න…….”😭🙏

“තමුසෙට මං මෙතනින් පැනලා යන්න උදව් කරොත් තේජානයා මාව මරයි…….”

“ඒ තිරිසනා ඒ වගේ මිනිහෙක්ද?ඌට හෙන ගහන්න ඕනි.තාත්තා කරපු වරදට ඌ පලි ගන්න හදන්නෙ මගෙන්ද?…….”
හිතේ තිබ්බ වෛරය මං ඒ විදියට පිට කරා.ඒ පාර ඒ මිනිහා යක්ෂාවේශ වෙලා රතු කර ගත්තු දෙනෙතින් මං දිහා බලලා මගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගිහිල්ලා මාව බිත්තියට හේත්තු කරලා මගෙ බෙල්ල තද කර ගත්තා.

“තෝ කව්ද බැල්ලියෙ මට ඔහොම කතා කරන්න……..”😡😡

නැවත හමුවෙමු