දවසින් දවස සුදේශ් මාව එයාගෙ ජීවිතෙන් ඈත් කරන්න පටන් ගත්තා.එක ගෙදරක හිටියත් අපි ජීවත් වුනේ හරියට පිටස්තරයො වගේ.හඩා වැටෙනවා ඇරෙන්න මට වෙන මොකුත්ම කර ගන්න බැරි වුනා.හවස ඔෆිස් ඇරිලා ආවත් සුදේශ්ගෙ වැඩේම ලෝචනා නංගිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන එක.ඒවා දැකලත් නොදැක්කා වගේ ඇස් කන් පියාගෙනයි මට ඉන්න සිද්ද වුනේ. වෙනදා උදේට මං හදලා දෙන කිරි එක සුදේශ් බිව්වත් ටික දවසක් ගියාට පස්සෙ සුදේශ් ඒ කිරි එකත් ප්‍රතික්ෂේප කරා.

“සුදේශ් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි…….”

“ඔව් කියන්න……..”
“පින් සිද්ද වෙයි සුදේශ් ලෝචනාත් එක්ක තියන ඔය සම්බන්දෙ නතර කරන්න…….”😥😥
මං එහෙම කිව්වා විතරයි සුදේශ්ට කේන්ති ගියා.මේ ගැන සුදේශ් එක්ක කතා කරන්නෙ කොහොමද දෙයියනේ මේ මනුස්සයා මෙහෙම කේන්ති ගන්නකොට.

“එහෙම කියන්න උඹ කව්ද?…….”😡

“මං ඔයාගෙ කසාද ගෑනි.තව ගෑනියෙක් ලගට යන්න තරම් මගෙන් ඔයාට කවදාවත් අඩුපාඩුවක් වුනේ නෑනෙ සුදේශ්.මට මෙහෙම කරන්න එපා සුදේශ්…….”😥😥

“අනේ නවත්තගනිං යකෝ උඹේ ඔය ඇඩියාව.උඹට බෑ මං කරන දේවල් නවත්තන්න……”😡
“සුදේශ් ඔයාම නේද කිව්වෙ අපි දෙන්නව වෙන් කරන්න කාටවත්ම බෑ කියලා. ඔයාට මං මේ තරම් ආදරේ කරද්දී අන්තිමට ඔයාට අර කොහෙවත් ඉන්න ජරා ගෑනියෙක්ව ලොකු වුනා නේද?…….”😭😭
හැඩුම් අතරින්ම මං සුදේශ්ගෙන් එහෙම ඇහුවා.

“අනේ තියා ගනිං උඹේ මහ ලොකු ආදරේ. ලෝචනාට විරුද්ධව උඹ එක වචනයක් හරි කිව්වොත් දත් ටික යන්න දෙන්නෙ උඹට………”😡😡
මං මොන තරම් අඩලා පින්සෙන්ඩු වුනත් සුදේශ් ගත්තෙම ලෝචනාගෙ පැත්තමයි. ඒක මට දරා ගන්න බැරි වුනා.මට කේන්තිත් ආවා.මගෙ අතින් සුදේශ්ට පුංචිම හරි වරදක් වුනා නම් මට ඒක දරා ගන්න තිබුනා.

“මං තමුංට තව වැඩි ඔය ජරා ගෑනිත් එක්ක නටන්න ඉඩ තියන්නෙ නෑ සුදේශ්. කසාද ගෑනි පැත්තක ඉද්දී හොර ගෑනුත් එක්ක නටන්න මෙතන…….”😡😡

“මොකක්ද බැල්ලියෙ තෝ කිව්වෙ කියපිය
බලන්න ආයෙ…….”😡😡🤚🤚
මගෙ කොණ්ඩෙන් ඇදලා ගත්තු සුදේශ් මගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගියා.කවදාවත් කිසිම දේකට මගෙ හිත නොරිදපු සුදේශ් ලෝචනා හින්දා මට අත උස්සපු එක මට වාවගන්න බැරුව ගියා.

“අනේ අක්කෙ…….”
එවලෙම වගේ සුදේශ්ගෙ නංගි කාමරේට ආවා.සුදේශ් මට ගහනවා දැකපු නංගි හොදටම බය වුනා.හොද වෙලාවට නංගි ආවෙ.නැත්නම් සුදේශ් තවත් මට ගහනවා.

“අනේ අයියෙ අක්කට ගහන්න එපා. පව්නෙ…….”
“අනේ මේ නංගි මගෙ යකා අවුස්සන්නෙ නැතුව යනවා මෙතනින්…….”

“අක්කෙ අම්මා ඔයාට කතා කරනවා එන්න…….”
සුදේශ්ගෙ නංගි මගෙ අතින් අල්ලගෙන කාමරෙන් එළියට ගියා.

“අනේ දරුවො මොකද මේ වුනේ?පුතා ආපහු ඔයාට ගැහුවද?…….”
සුදේශ්ගෙ අම්මා අහපු දේට මට උත්තරයක් දී ගන්න බැරි වුනා.😭😭 අඩාගෙනම මං සුදේශ්ගෙ අම්මගෙ පපුවට හේත්තු වුනා. අම්මා මගෙ ඔලුව අතගෑවා.

“අම්මෙ අයියා අක්කට හොදටම ගැහුවා. හොද වෙලාවට මං කාමරේට ගියේ. හොදට හිටපු අපෙ අයියට එකපාරටම මොනවා වුනාද මන්දා…….”
මං වෙනුවෙන් සුදේශ්ගෙ නංගි උත්තර දුන්නා.මට කතා කර ගන්නවත් වචන ආවෙ නෑ.අඩලා අඩලාම මං හොදටම හෙම්බත් වෙලා හිටියෙ.

“අඩන්න එපා දුවේ.අපි කොහොම හරි සුදේශ්ව වෙනස් කර ගන්න බලමු.කවුරු නැතත් ඔයාට අපි ඉන්නවා…….”
“අක්කෙ ඔයා තාම මොකුත් කෑවෙ නෑ නේද?දැන් නවයත් පහු වෙලා.එන්න මං ඔයාට කිරි ඒකක් හදලා දෙන්නම්…….”
සුදේශ්ගෙ නංගි මාව කුස්සියට එක්කන් ගිහින් මට පුටුවෙන් වාඩි වෙන්න කියලා කිරි වීදුරුවක් හදලා දුන්නා.මං ඒක බිව්වා.

“අක්කෙ ආ මේ සැන්වීච් කන්න. බඩගින්නෙ ඉන්න එපා…….”
“අනේ තැන්ක්‍යූ රත්තරං.මං ඊයෙ දවල්ට කාපු ගමන් මේ දැනුයි කන්නෙ.පුදුම බඩගින්නකින් හිටියෙ……..”
නංගි දීපු සැන්වීච් ටික සේරම මං කෑවා. ඒකෙන් බඩගින්න නිවිලා ගියා.

“අයියා හින්දා ඔයා නොකා ඉන්න එපා අක්කෙ.ඔයා ඔයාගෙන්ම පලි ගන්න එපා. ඔයා ඔහොම නොකා නොබී ඉදලා ලෙඩ වුනත් එයා බලනෙකක් නෑ…….”
තාම අවුරුදු පහලොවක පුංචි කෙල්ලෙක් වුනත් ඒ කියපු කතාව ඇත්ත කියලා මට හිතුණා.
“අනේ නංගී…….”🤢🤢

“ඇ….ඇයි අක්කෙ මොකද වුනේ?…….”
බඩගින්නෙ ඉදලා ඉදලාම කාපු හින්දද මන්දා මට එකපාරටම බඩ කලතගෙන වමනෙ යන්න ආවා.බඩත් අල්ලගෙන මං එලියට දිව්වා.සුදේශ්ගෙ නංගිත් මගෙ පස්සෙන් දුවගෙන ආවා.

“අක්කෙ ඔයාට වමනෙ යනවා නේද?අනේ ගොඩක් අමාරුද?…….”
මට වමනෙ යනවා දැකලා සුදේශ්ගෙ නංගි බය වුනා.

“අනේ එපා නංගි.ගොඩාක් බඩගින්නෙ ඉදලනෙ කෑවෙ.ඒ හින්ද වෙන්න ඇති…….”
“යමු අක්කෙ ඔයා මගේ කාමරේට.ඔයා අසනීපෙන් කියලා බලනෙකක් නෑ අයියා ඔයාට ආපහු ගහන්න බනින්න පටන් ගනියි……..”
මං ගිහින් සුදේශ්ගෙ නංගිගෙ කාමරේ ඇදෙන් හාන්සි වුනා.ටිකක් වෙලා යද්දි මට නින්ද ගියා.ආපහු මට ඇහැරුනේ එකොළහට විතර.ඇගට දැනුනේ පුදුම අපහසුතාවයක්.මුලු ඇගම පණ නෑ වගේ වුනා.සමහර විට උදේ වමනෙ ගිය හින්දා වෙන්න ඇති.

“ආ අක්කෙ ඔයා නැගිට්ටද?දැන් කොහොමද සනීපද?…….”
“හරි අමාරුයි නංගි.ඇගට පණ නෑ වගේ…….”

“අම්මත් නෑ අක්කෙ ගෙදර.මං කියන්නද? අපි යමු බෙහෙත් ගේන්න.මං ටැක්සි එකකට කතා කරන්නම්…….”
මං එපා කියලා කිව්වත් සුදේශ්ගෙ නංගි මාව බලෙන්ම වගේ බෙහෙත් ගේන්න ඇදගෙන ගියා.

“අයියා කෝ නංගි?…….”
“ඔයා නිදාගෙන හිටපු වෙලාවෙ එයා කාර් එකේ කොහෙදෝ මන්දා ගියා.සමහර විට අර ගෑනි බලන්න වෙන්න ඇති…….”
කතාවෙන් කතාවෙන්ම අපි ඩොක්ටර් ගාවට ආවා.

“ඇයි මිසිස් ප්‍රාර්ථනා සුදේශ් ආවෙ නැද්ද?…….”
“නෑ ඩොක්ටර්.සුදේශ් හදිසි වැඩකට ගියා…….”

“මයි කන්ග්‍රැජුලේශන් මිසිස් ප්‍රාර්ථනා. ඔයා ප්‍රෙග්නන්ට්…….”
මට දැනුනේ ලොකු සතුටක්.සුදේශ්ගෙ නංගි හිටියෙත් හරිම සන්තෝශෙන්.අපි ආපහු ගෙදර එනකොට සුදේශ්ගෙ අම්මත් ගෙදර ඇවිත් හිටියා.මං කියන්න කලින් සුදේශ්ගෙ නංගි අම්මට කිව්වා.

“අම්මී ඔන්න ඔයා ආච්චියෙක් වෙන්න යන්නේ.මං ඉතිං නැන්දා…….”
“අනේ ඔය ඇත්තමද දූ…….”

සුදේශ්ගෙ අම්මා මගෙ නලල සිපගෙන මට ආශිර්වාද කරා.මට මගේ අම්මව මතක් වුනා.අනේ එයා අද ජීවතුන් අතර හිටියා නම් කියලා හිතුණා.


සුදේශ් ගෙදර ආවට පස්සේ ටිකක් වෙලා ගියාම මං හිමිහිට මේ ගැන සුදේශ්ට කියනවා කියලා හිතුවා.අනේ මේ ලැබෙන්න ඉන්න දරුවා ගැන හිතලාවත් සුදේශ් ලෝචනාගෙන් අයින් වුනොත් හොදයි.මං හිමිහිට කුස පිරිමැද්දා.මං ඔයාගෙ තාත්තිව කොහොම හරි වෙනස් කරනවා මගෙ පැටියො. තාත්ති ඔයාට ආදරේ කරයි.🤰🤰

“අද උදේ තමුං කොහෙද නංගිත් එක්ක?……”
කාමරේට ඇවිත් සුදේශ් මගෙන් ඇහුවා. සුදේශ් කොහොමද මාවයි නංගිවයි දැක්කෙ🤔🤔

“හොස්පිටල් එකට ගියේ…….”
“ඒ මොකටද?…….”

“හොස්පිටල් එකට බෙහෙත් ගන්න මිසක් ආසාවට නෙවෙයි සුදේශ්.අනික ඒක මොකටද ඔයා අහන්නෙ?…….”
“ඇයි තමුසෙ මගෙ කසාද ගෑනි කියලා එදා කිව්වෙ.මට අහන්න අයිතියක් තියනවා…….”

“ආ….ඔයාට මං කිව්වට පස්සෙද මතක් වුනේ සුදේශ් මං ඔයාගෙ කසාද ගෑනි කියලා.හොර ගෑනු පස්සෙ යන්නෙ කසාද ගෑනි ඉන්නැද්දී ඒවා මතක් වුනේ නැද්ද?…….”
“උඹේ කට වහගනිං ප්‍රාර්ථනා.උඹ මගේ වැඩ වලට හරස් කපන්න ඇවිත් මගෙන් කන්නයි හදන්නෙ ඔය…….”😡😡
දත් මිටි කාගෙන මට ඇගිල්ලකුත් දික් කරගෙන සුදේශ් කියපු විදියට මං හොදටම බය වුනා.

“මට මෙහෙම කරන්න එපා සුදේශ්.මං අම්මා කෙනෙක් වෙන්න ඉන්න ගෑනියෙක්……”
අත් දෙකෙන්ම මුහුණ වහගෙන මං ඇඩුවා.😭😭

“මොකක්??……”
සුදේශ් මං කියපු දේට පුදුම වුනා.මට බය හිතුණා දරුවට මොනව හරි කරයි කියලා.

“මං කිව්වෙ ඇත්ත සුදේශ්.ඔයා තාත්තා කෙනෙක් වෙන්න ඉන්නෙ.දැන් වත් ඔය වැරදි වැඩේ නවත්තන්න දෙයියනේ…….”
“මට දැන්ම දරුවො ඕන්නෑ…….”

දෙයියනේ මේ මනුස්සයා මොනවද මේ කියන්නෙ.කසාද බැන්දට පස්සෙ දරුවෙක් ගැන ආසාවෙන් හිටියේ මටත් වඩා සුදේශ්.දැන් මේ දරුවා එපා කියලා කියන්නෙ මොන හිතකින්ද?😢😢
“අනේ ඇයි සුදේශ් ඔයා ඔහොම කියන්නෙ.මේ දරුවා අපි දෙන්නගෙමනෙ.

ඔයත් මුල ඉදලම දරුවෙකුට ආසාවෙන්නෙ හිටියෙ.අනේ ඔහොම කියන්න එපා සුදේශ්…….”😭😭
“මං උඹට හොදින් කියන්නෙ ප්‍රාර්ථනා.උඹ මේ ළමයව හදා ගත්තෙ මාව නවත්තන්නද?එහෙනම් උඹට වැරදිලා. මට මේකව එපා…….”😡😡

“කමක් නෑ සුදේශ්.ඔයා ඔයාගෙ පාඩුවෙ ඕනම දෙයක් කරගන්න.මට පුලුවන් දරුවව හදාගන්න…….”😥
තමන්ගෙ ලෙයින් හැදෙන දරුවව ප්‍රතික්ෂේප කරන්න තරම් මේ මනුස්සයා කොහොමද මේ තරම් දරුණු වුනේ?


“ආ මේක බොනවා…….”

බෙහෙත් පෙති වගයක් මගෙ අතට දීලා සුදේශ් මට ඒක බොන්න කිව්වා.
“මේ මොනවද සුදේශ් මේ බෙහෙත් පෙති?…….”

“හොද හිතින් ඕක බීපන්.මට ඔය ළමයව එපා…….”
අනේ දෙවියනේ සුදේශ් හදන්නෙ මගෙ දරුවව නැති කරන්නද?අනේ මේ මොන අපරාධයක්ද?

“අනේ මට බෑ සුදේශ් දරුවව නැති කරන්න.අනේ එපා දෙයියනේ.මට බෑ.මාව අතාරින්න සුදේශ්.මං දරුවව තනියම හදා ගන්නම්…….”😥😥
මං කොච්චර උත්සහ කරත් මට බැරි වුනා සුදේශ්ගෙන් බේරෙන්න.ඒ බෙහෙත් ටික සුදේශ් මට බලෙන්ම පෙව්වා.

නැවත හමුවෙමු