බිත්තිය අයිනට වෙලා අම්මගෙයි අප්පච්චිගෙයි කතාවට සවන් දීගෙන හිටපු මගේ සිත අමුතු බියකින් පිරිලා ගියා.මං නොදන්නවා වුනාට මගේ ජීවිතේට කවුරු හරි ලොකු අනතුරක් කරන්න බලාගෙන ඉන්නවා.ඒත් මෙච්චර කාලෙකට මගෙන් කාටවත්ම අබ මල් රේණුවක තරම්වත් වරදක් සිද්ද වෙලා නැහැ.

අම්මයි අප්පච්චියි කොළඹ ඉදන් මාව මේ නුවරඑළියට එක්කන් ඇවිල්ලා මේ තරම් පරිස්සම් කරන්න හදන්නේ කාගෙන්ද?මං මොහොතක් කල්පනා කරා.ඒත් එක්කම අම්මයි අප්පච්චියි කාමරෙන් එලියට එන්න හදන සද්දෙ ඇහුනා.මං ආපහු ඉක්මනට එලියට ගිහිල්ලා ගේ ඇතුළට එන විදියට ආවා.
“දූ ඇවිදින්න ගියාද?…….”

“ඔව් අප්පච්චී.මේ පැත්ත සීතල වැඩි වුනාට හරිම ලස්සනයි.මේ පරිසරයට මං හුගාක් කැමතියි…….”

“එහෙනම් දූ හැමදාම මෙහාට වෙලා ඉන්න.නේද ධම්මිකා…….”

“ඔව් ඔව්.අපි දුවගෙ සතුටට කවදාවත් බාදා කරන්නෙ නෑනෙ…….”

මගේ සතුට ගැන හිතලා නෙවෙයි අම්මයි අප්පච්චියි මට දිගටම නුවරඑළියට වෙලා ඉන්න කිව්වේ කියලා මට හොදටම තේරුණා.ඒත් මං ඒ ගැන වැඩිය අහන්න ගියේ නැහැ.මංම මේ ගැන හොයා ගන්නවා කියලා හිතුවා.
“දුව අප්පච්චී හෙට ආපහු කොළඹ යනවා…….”

“එතකොට අප්පච්චී ආයෙ එන්නෙ කවද්ද?අපි තනියමනෙ මෙහෙ…….”

“මං සිකුරාදා හවස ආපහු එනවනේ දුව……..”
අප්පච්චී මගෙ හිස අතගාලා එහෙම කිව්වා.


පහුවදා උදේම අප්පච්චී කොළඹ යන්න පිටත් වුනා.අම්මයි මායි කම්මැලි හින්දා ටීවි එක දාගෙන බැලුවා.මට එකපාරටම මතක් වුනේ ඊයෙ සාත්තරේ කියපු ගෑනු කෙනාව.සමහර විට මගෙ ජීවිතේ ඉස්සරහට සිද්ද වෙන දේවල් ගැන මොනවා හරි හෝඩුවාවක් ඒ ගෑනු කෙනාගෙන් දැනගන්න පුලුවන් වෙයි.

මං කාමරේට ඇවිත් මගේ පර්ස් එකෙන් රුපියල් පන්දාහක් අරගෙන සාක්කුවට දාගෙන අම්මා ගාවට ආවා.
“අම්මා මං පොඩ්ඩක් ඇවිදින්න යනවා. ඉක්මනට එන්නම්කෝ……..”

“හා දූ.හැබැයි ඉක්මනට එන්න ඕනි හොදද?……..”

“හා අම්මී…….”

මං ඉක්මනට පාරට ආවා.ඊයෙ අර ගෑනු කෙනාව මුණ ගැහුනු පැත්තටම ආවා. ඒත් ඒ ගෑනු කෙනා පේන්න හිටියේ නැහැ.


කොහොම හරි මං ඒ සාත්තර කියන ගෑනු කෙනාව හොයා ගන්නම ඕනි. එහෙම හිත හිතා මං ඒ පාර දිගේම තව තවත් ඉස්සරහට ආවා.

කන්ද නැගලා උඩහටම යද්දී පාරෙන් උඩ පැත්තේ තියන ලැයිම් පේලියේ ඉන්න මිනිස්සුන්ගේ සද්දෙ ඇහුනා.මං ඒ එක මනුස්සයෙක් ගාවට ගිහින් ඒ ගෑනු කෙනා ගැන විස්තර ඇහුවා.
“ආ….නෝනා කියන්නේ අර ලෙච්චමී ගැන වෙන්නැති.එයා ඉන්නෙ අර හතර වෙනි ගෙදර…….”

ඒ මනුස්සයට ස්තූති කරලා මං ඒ හතර වෙනි ගෙයි දොරකඩට ගිහිල්ලා කතා කරා.

“නෝනා…….”
මාව දැක්ක ගමන්ම ඒ ගෑනු කෙනා අදුර ගත්තා.

“අනේ නෝනා ඇයි මෙහාට ආවෙ?මේ ලැයිම් කාමරනේ…….”

“මං ආවෙ ඔයාව හම්බෙන්නමයි…….”
“යෙන්නකො නෝනා ඇතුළට……..”

මං ගේ ඇතුලට ගියා.ඒ ගෑනු කෙනා දීපු පුටුවෙන් වාඩි වෙලා ආපු විස්තරේ කිව්වා.
“යේ කියාන්නෙ නෝනා මං කියපු දේවල් ඇත්ත වෙන්ට යනවා කියන යෙකද?…….”

“මට දැන ගන්න ඕනි කව්ද මගෙ ජීවිතේ නැති කරන්න බලාගෙන ඉන්න කෙනා දැනගන්නයි.කාටවත්ම වරදක් නොකරපු මාව අම්මයි අප්පච්චියි කාගෙන්ද මේ බේර ගන්න හදන්නේ?…….”
“යේක නෝනා කියන දේ මට තේරෙනවා.

මාත් මේ ශාත්තරේ තාම යිගනගෙන තියෙන්නේ පොඩ්ඩයි.එච්චර දුරට දෙයක් කීන්න මට බෑ.ඒත් නෝනා යෙක දෙයක් කීන්න මට පුලුවන්……..”
“ඒ මොකක්ද?……..”

“යිසරදේට කොට්ටෙ මාරු කරාට වැඩක් නෑ වගේ නෝනා කොයේ ගියත් වෙන්න තියන දේ වළක්කන්ට බෑ…….”
“බොහොම ස්තූතියි.මං ගිහින් එන්නම්. මේක තියාගන්න…….”

රුපියල් පන්දාහෙ කොලේ ඒ ගෑනු කෙනා අතට දීලා මං එන්න ආවා.
🌻🌻

“මොකද දූ කල්පනා කරන්නෙ?මොකක් හරි ප්‍රශ්නයක්ද?…….”
මගෙ ඇදේ පැත්තකින් වාඩි වෙන ගමන් අම්මා එහෙම ඇහුවා.

“ඔව් අම්මා.ලොකු ප්‍රශ්නයක්…….”
“ඒ මොකක්ද දූ?කියන්න මට……..”

“මං අම්මගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද?අම්මා ඇත්ත නොකිව්වොත් මං කොළඹ යනවා…….”

මං කොළඹ යනවා කිව්වම අම්මා බය වුනා.අම්මගෙන් කොහොම හරි මේ ගැන ඇත්ත දැනගන්න පුලුවන් වෙයි කියලා මට හිතුණා.
“ඉතිං ඕනම දෙයක් අහන්න දූ.මං කියන්නම්…….”

“ඇයි අපි මෙහෙ ආවෙ?කාගෙන් මාව පරිස්සම් කරන්නද ඔයාලා මාවත් අරගෙන මෙහාට ආවෙ?…….”
“ඔයා මොනවද දූ මේ කියන්නේ?…….”

අම්මට පුදුම හිතෙන්න ඇති මං ඒ ගැන දැන ගත්තා කිව්වම.අම්මා ටිකක් කලබල වුනා.ඒත් අම්මා මට ඇත්ත කියන පාටක් නම් නෑ.


“මං අහන දේට උත්තරයක් දෙන්න අම්මෙ.එදා ඔයයි අප්පච්චියි කතා කරපු දේවල් මං අහගෙනයි හිටියේ.කාටවත්ම වරදක් නොකරපු මාව ඔයාලා කාගෙන්ද මේ පරිස්සම් කරන්නෙ?ප්ලීස් අම්මෙ මට කියන්න…….”
“එහෙම දෙයක් නැහැ දූ.ඔයා…මේ බොරුවටනෙ කලබල වෙලා තියෙන්නෙ…….”

මට කේන්තිත් ආවා අම්මා මට ඇත්ත නොකියපු එක ගැන.මං කොයිතරම් ඇහුවත් අම්මා මට මොකවත්ම කිව්වේ නැහැ.මං නැගිටලා කාමරේට ආවා.ඇවිත් අම්මට පේන්නම ඇදුම් ලෑස්ති කරා කොළඹ යන්න.

මට හොදටම විශ්වාසයි මං කොළඹ යන්න හැදුවම අම්මා මට ඇත්ත කියයි.මං ඇදුම් ලෑස්ති කරනකොට අම්මා මාව වළක්වන හැදුවා.
“නෑ අම්මා මං ගෙදර යනවා.ඔයා මට ඇත්ත කියන්නෙ නෑනෙ…….”

“කියන දේ අහන්න දූ.ඔයා ඔය යන්න හදන්නේ ඔයාගෙ ජීවිතේ විනාශ වෙන තැනට.මං කියන දේ අහන්න…….”
“ඔයා මට ඇත්ත නොකිව්වොත් මං යන එක නවත්තන්න කාටවත්ම බැහැ…….”

“හරි මං හැම දෙයික්ම කියන්නම් දූ…….”

අවසානයේදී අම්මා මට ඇත්ත කියන්න පොරොන්දු වුනා.ඇදුම් බෑග් එක පැත්තකින් තියලා අම්මා කියන්න හදන දේ හොදට ඇහුම්කන් දුන්නා.
“මේ හැම දෙයක්ම සිද්ද වුනේ අප්පච්චී හින්දා කියලා කිව්වොත් හරි දුවේ.අවුරුදු ගානකට කලින් අප්පච්චිගේ අතින් සිද්ධ වෙච්චි වැරැද්දක් හින්දයි මේ දේවල් මෙහෙම සිද්ද වෙන්නෙ…….”
“අප්පච්චිගෙ අතින් සිද්ද වෙච්චි වැරැද්ද මොකක්ද අම්මෙ?ඇයි ඒකට මගෙන් පළි ගන්න හදන්නේ?…….”

“ඔයාගෙ අප්පච්චී ඉස්සර වැඩ කරේ පොලීසියේ දුව.එයා බොහොම නීතිගරුක ඒ වගේම විනයගරුක පොලිස් නිළදාරියෙක්.අප්පච්චිට දවසක් ඈත පළාතක අරක්කු ජාවාරමක් වටලන්න යන්න සිද්ද වෙලා තියනවා.

ඒ සිද්දියෙදී ඒ පලාතෙ හිටපු මිනිස්සු ඈත ඉදන් පොලු වලින් ගල් වලින් පොලීසියට ගහලා. කැලේ පීරගෙන අපරාධකාරයෝ හොයනකොට අප්පච්චිව කැලේ අතරමං වෙලා.කැලේ මැද්දෙං ආපු මනුස්සයෙකුට අප්පච්චී වෙඩි තියලා.අප්පච්චී හිතලා තියෙන්නේ ඒ අර අපරාධකාරයෙක් කියලා.අප්පච්චී තියපු වෙඩි පහරෙන් ඒ මනුස්සයයි ඒ මනුස්සයා අතේ හිටපු දරුවයි මැරිලා…….”
අනේ දෙවියනේ මගෙ අප්පච්චිගේ අතින් මෙච්චර ලොකු වරදක් සිද්ධ උනාද?

“ඊට පස්සේ මොකද වුනේ අම්මෙ?…….”
“ඒ සිද්ධියෙන් පස්සේ අප්පච්චී අවුරුදු පහක්ම හිරේ හිටියා.පුංචි කාලෙදි ඔයා අප්පච්චී කෝ කියලා අහද්දී මං කිව්වේ අප්පච්චී රට කියලා ඔයාට මතකද දූ……”
අම්මා ඇස් දෙකේ කදුලු පුරවාගෙන ඒ අතීතය සිහිපත් කරා.😢😢

“ඔව් අම්මෙ මට හොදට මතකයි.ඇයි අප්පච්චී පොලිස් රස්සාවෙන් අයින් වුනේ?අප්පච්චිව අයින් කරාද?…….”

“නැහැ දුවේ අප්පච්චී ඉල්ලා අස් වුනා. නීතිය අකුරටම ඉශ්ට කරපු පොලිස් නිළදාරියෙක් විදියට එයාගෙ අතින් සිද්ද වෙච්චි වැරැද්දට එයා සෑහෙන දුක් වුනා. හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙයි එයා ඔය අලුත් රස්සාව කරලා අපිව ජීවත් කරේ.තාමත් එයා ඒ වරද මතක් කර කර දුක් වෙනවා…….”
“මට අප්පච්චී ගැන දුකයි අම්මා.ඒත් මං හොයපු දේට උත්තරේ තාම ලැබුනෙ නෑනෙ…….”

“මං කියන්නම් දූ.එදා අප්පච්චිගෙ අතින් මැරුනේ අවුරුදු හතරක පුංචි දුවෙකුයි එයාගෙ තාත්තයි.ඒ මරණෙ දරා ගන්න බැරුව ඒ දරුවගෙ අම්මා බෙල්ලෙ වැල දාගෙන මැරුනා.එයාලට ඒ වෙද්දී අවුරුදු පහලවක විතර පුතෙක් ඉදලා තියනවා. ඒ පුතා තමයි තේජාන් ෂාමේන්ද්‍ර සේනානායක……..”


අපොයි දෙයියනේ තේජාන් ෂාමේන්ද්‍ර කියන්නේ අර කෝටිපති ව්‍යාපාරිකයා නේද?එයාට මිනිස්සු සෑහෙන බයයි.රටේ නම ගිය පාතාල සාමාජිකයොත් එක්ක එයාට සම්බන්දකම් තියනවා.දෙයියනේ ඒ මිනිහගේ තාත්තයි නංගිවයිද අපෙ අප්පච්චී අතින් මැරුනේ??😱😱
“ඒ කියන්නේ අම්මෙ….ඒ මිනිහා අප්පච්චී අතින් වෙච්චි වරදට මගෙන්ද පලිගන්න හදන්නෙ?අනේ අම්මෙ මට බයයි…….”

“අවුරුදු ගානකට පස්සෙ ඒ තේජාන් ගොඩාක් මහන්සි වෙලා සල්ලි හම්බකරලා දියුණු වෙලා තියෙන්නේ එයාගෙ තාත්තවයි නංගිවයි මරපු මිනීමරුවන්ගෙන් පලිගන්න.අප්පච්චිට කිහිප වතාවක්ම ෆෝන් කරලා ඒ මනුස්සයා තර්ජනේ කරා පලිගන්නවා ඔයාව පරිස්සම් කරගන්න කියලා.ඔයාව බේර ගන්න අපි මේ අවුරුදු දහනවයට කිහිප තැනකම පදිංචිය වෙනස් කරා.අපි කොළඹ ඉන්නවා කියලා ඒ මිනිහට ආරංචි වෙලා.ඒකයි අපි ඔයාව අරන් මෙහාට ආවෙ………”
මං නොදන්නවා වුනාට අවුරුදු ගානක් තිස්සේ මගෙ අම්මයි අප්පච්චියි මාව පරිස්සම් කරන්න ගොඩාක් මහන්සි වෙලා තියනවා.

“ඒලෙවල් පාස් වෙලත් ඔයා කැම්පස් යන්න බැහැ කියනකොට අපි විරුද්ධ නොවුනේ මේක හින්දයි මගෙ දුවේ.ඔයාට මොනවා හරි වුනොත් අපි ජීවතුන් අතර ඉන්න එකක් නැහැ……..”😭😭
මාව තුරුල් කරගෙන අම්මා කදුලු හැලුවා.සාත්තරේට කියපු දේවල් කිසිම දෙයක් මං අම්මට කිව්වෙ නෑ.තවත් එයාලට දුක් දෙන්න බැරි නිසා.
නැවත හමුවෙමු

Advertisment