“ප්‍රාර්ථනා අද මං එන්න ටිකක් පරක්කු වෙයි.අද ඔෆිස් එකේ ඉන්ටව් වගයක් තියනවා…….”
“ගොඩක් රෑ වෙනවද සුදේශ්?…….”
“නෑ හත හතාමාර විතර වෙයි…….”
“හා කමක් නෑ සුදේශ්.පරිස්සමින් එන්න…….”
සුදේශ් එන්න පරක්කු වෙනවා කියපු හින්දා මං සුදේශ්ට ටිකක් පරක්කු වෙලාම කෑම හැදුවා.අද සුදේශ්ගෙ අම්මයි තාත්තයි නංගියි නෑදෑ ගෙදරක ගිහින්.ඒ අය එන්නෙ හෙට හවස.සුදේශ් ගෙදර එනකල් මං බලාගෙන හිටියා.රෑ හතයි හතළිස් පහ විතර වෙනකොට කාර් එකේ සද්දෙ ඇහුනු නිසා මං ගිහින් ගේට් එක ඇරියා.
“මං හිතුවෙ ඔයා තව පරක්කු වෙයි කියලා.යමු කෑම කාලා ඉම්මු.මාත් තාම කෑවෙ නෑ.ඔයා එනකල් හිටියෙ…….”
“මං කාලා ආවෙ.ඔයා කන්න.අද හරිම මහන්සියි අප්පා…….”
එහෙම කියලා සුදේශ් කාමරේට ගියා. සුදේශ්ට කන්න බෑ කියපු හින්දා මාත් කෑවෙ නෑ.වතුර එකක් බීලා කාමරේට ගියා.මං කාමරේට යද්දී සුදේශ් බාතෲම් එකේ ඉදලා එළියට ආවා.වෙනදා වගේ නෙවෙයි අද සුදේශ්ගෙ හැසිරීම ටිකක් වෙනස් කියලා මට හිතුණා.
“ඇයි සුදේශ් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?……..”
“නෑ එහෙම මොකුත් නෑ…….”
ඒකටත් සුදේශ් උත්තර දුන්නේ ඕනවට එපාවට වගෙයි.අනේ මන්දා සුදේශ්ට මේ මොනවා වෙලාද?
“නෑ සුදේශ් ඔයා මොකක් හරි ලොකු ප්‍රශ්නෙකින් නේද ඉන්නෙ?ඔයා අද හරිම වෙනස්…….”
එහෙම පවසමින් මං සුදේශ් ගාවින් වාඩි වුනා.
“පින් සිද්ද වෙයි ප්‍රාර්ථනා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද?මැරිලා මැරිලා ගෙදර ආවා.මෙතන කියෝනවා ඉවරයක් නෑ…….”
සුදේශ් මට බැන්නෙ මං මහා ලොකු වැරැද්දක් කරපු ගානට.මොකද මේ සුදේශ්ට වෙලා තියෙන්නෙ?කවදාවත් මට සුදේශ් මේ විදියට කෑ ගහලා නැහැ. සමහර විට ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෑනෙ.උදේට අහනවා.
“ඔයා නිදා ගන්න සුදේශ්.අපි උදේට කතා කරමු……”
උදේම නැගිටපු මං සුදේශ්ට කිරි එක හදලා කාමරේට ගිහින් දුන්නා.
“මොන මගුලක්ද මේ හැදුවෙ?තමුසෙ මේ කිරි එකට සීනි දැම්මෙ සවලෙන්ද?…….”😠
කිරි එකට සීනි වැඩියි කියලා සුදේශ් මට හොදටම බැන්නා.
“සුදේශ්….ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ?වෙනදා හදන විදියට තමයි අදත් කිරි එක හැදුවෙ…….”
“බලපං මේක බීලා බොන්න පුලුවන්ද කියලා.කිරි එකක් හදා ගන්න බැරි ගෑනු…….”😡
ඒ කිරි වීදුරුවෙන් උගුරක් බීලා බැලුවා. සුදේශ් කියපු තරම් සීනි වැඩි නෑ.ඒත් මං කිරි එකට වහ දාපු ගානට සුදේශ් මට බැන්නෙ.කවදාවත් සුදේශ් මට මේ වගේ බැනලා නෑ.මට හිතා ගන්න බැරි වුනා මොකද සුදේශ්ට වෙලා තියෙන්නෙ කියලා.
“සොරි සුදේශ්.ටිකක් සීනි වැඩියි තමයි.මං වෙන එකක් හදාගෙන එන්නම්…….”
“අනේ මේ මට ඕන්නෑ තමුසෙම හදාගෙන බොනවා…….”
දෙයියනේ සුදේශ් මොකද මේ වෙලා තියෙන්නෙ?ඊයෙ උදේත් මේ මනුස්සයා හොදට හිටියනෙ.ඔෆිස් එකේ ප්‍රශ්නයක්වත්ද?ඒත් ඉතිං එහෙම ප්‍රශ්නයක් වුනා කියලා ඒකට මං පලි නෑනෙ.
“සුදේශ් ඔයාට මොකද වෙලා තියෙන්නෙ? ඇයි ඔයා මට මෙහෙම කෑ ගහන්නෙ? ඔෆිස් එකේවත් මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට?……..”
“ආයෙ පටන් ගත්තද උදේ පාන්දරම ඇඩියාව.යකෝ කට වහගෙන හිටපියකො.කනක් ඇහිලා ඉන්න නෑ මේ නිවාඩු දවසෙත් ගෙදර…….”😡😡
මට හොදටම බැනලා සුදේශ් කාමරෙන් ගියා.මගෙ ඇස් දෙකෙන් කදුලු වැටෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ.පුංචි දේටත් මගෙ ඇස් වලට කදුලු උනනවා.😥😥මං මොන වරදක් කරාටද සුදේශ් මට මෙහෙම සළකන්නේ.මං දැනුවත්ව සුදේශ්ට කිසිම වරදක් කරලා නැහැ.එදා අර ෆොටෝ කේස් එකේදි සුදේශ් මට බැනලා කම්මුලට ගැහුවා මිසක් ඊට පස්සෙ කවදාවත් කිසිම දේකින් මගෙ හිත රිද්දලා නෑ.සුදේශ්ගෙ මේ හදිසි වෙනස් වීම මට කොහෙත්ම හිතා ගන්න බැරි වුනා.
කුස්සියට ගිහින් උදේට කන්න කෑම හදලා මං සුදේශ්ට කෑම කන්න කතා කරා.සුදේශ් මේසෙට ඇවිත් කෑම කෑවා මිසක් මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.
“අම්මලා එනවා කිව්වේ කීයටද ප්‍රාර්ථනා…….”
“හවස් වෙනකොට එනවා කිව්වා සුදේශ්…….”
කාලය ගෙවිලා ගියේ සුදේශ්ගෙයි මගෙයි ප්‍රශ්න ගොඩක් ඇති වෙමින්.එන්න එන්නම සුදේශ් මට වෙනස් කම් කරන්න පටන් ගත්තා.ඉස්සරහ කිසිම දේකින් මගෙ හිත නොරිද්දපු සුදේශ් දැන් පොඩි දේටත් මට ගහනවා.සුදේශ්ගෙ මේ ගතිගුණ ගැන එයාගෙ අම්මයි,තාත්තයි, නංගියි වුනත් හිටියෙ පුදුමයෙන්.අඩලා අඩලාම මගෙ ඇස් සමහර දවස් වල ඉදිමිලා තිබ්බා.මාව අඩවන එක සුදේශ්ට පුරුද්දට ගිහිල්ලා.
“ඔයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක්වත් වුනාද දුවේ…….”
සුදේශ්ගෙ තාත්තා මගෙන් එහෙම ඇහුවා.
“නෑ තාත්තෙ එහෙම කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ.මට තේරෙන්නෙ නෑ සුදේශ් ඇයි මට මෙහෙම කරන්නෙ කියලා.මගෙ අතින් එයාට කිසිම වරදක් වෙල නෑ…….”
ඇස් දෙකෙන් වැටුනු කදුලු පිටි අත්ලෙන් පිස දමාගෙන මං සුදේශ්ගෙ අම්මයි තාත්තයි අහන දේවල් වලට උත්තර දුන්නා.
“අපි එක්ක උනත් එයා හරියට කතා කරන්නෙ නෑ.කොයි තරම් හොදට හිටපු කෙනෙක්ද?කොයි තරම් ලස්සනට ජීවිත් වුනු දෙන්නෙක්ද?කාගෙ ඇස් වහක් වැදුනද මන්දා…….”
එහෙම කිව්වේ සුදේශ්ගෙ අම්මා.කාගෙ ඇස් වහක් වැදුනද මන්දා කියනකොට මට එක්වරම මතක් වුනේ ලෝචනා නංගිව. සුදේශ්ගෙ මේ වෙනස් වීමට හේතුව ලෝචනාද?නෑ.වෙන්න බෑ.සුදේශ් මට ගොඩාක් ආදරෙයි.එයා දවසක් මට පොරොන්දු වුනා ලෝචනාට තියා කාටවත් අපි දෙන්නව වෙන් කරන්න බැහැ කියලා.
“දුව අඩන්න එපා.අපි දෙන්නා සුදේශ් එක්ක කතා කරන්නම්…….”
උපන් දා ඉදලා මං සතුටින් ජීවත් වුනේ මගෙ අම්මා ජීවතුන් අතර ඉන්නක්ල් විතරයි.තාත්තා කුඩම්මාව කැන්දන් ආවට පස්සෙ මගෙ මුලු ජීවිතේම අදුරෙන් අදුරටම ඇදගෙන ගියා.කුඩම්මා මට හැමදාම වෙනස්කම් කරා.මං සුදේශ්ව කසාද බැදලා ආවට පස්සේ තමයි සතුට කියන දේ මට ලැබුනෙ.ඒත් එකපාරටම ඒ සතුට හොරු අරගෙන ගියා වගේ වුනා.
අදත් සුදේශ් ගෙදර ආවෙ ගොඩාක් රෑ වෙලා.සුදේශ් ගාවින් මත් පැන් ගදකුත් ආවා.යාලුවෙකුගේ පාටියකදී ඇරෙන්න කවදාවත් මත්පැන් බීපු නැති සුදේශ් අද බීලා හිටපු එක ගැන පුදුම හිතුණා.දැන් සුදේශ්ගෙ ලෝකයේ මං පිටස්තරයෙක් වෙලා.ඒ ගැන මං අපමණ වාරයක් කදුලු හැලුවා.😭😭
සුදේශ්ට හොදටම නින්ද ගිහින් තිබුන. ඒත් මට නින්ද ගියෙ නෑ.මට නිකමට වගේ හිතුණා සුදේශ්ගෙ ෆෝන් එක බලන්න.මං හිමිහිට ඇදෙන් නැගිටලා සුදේශ්ගෙ ෆෝන් අතට අරන් ඔන් කරලා බැලුවා.ඒකෙ ෆොටෝ ගැලරිය බලද්දී එහෙම සැක හිතෙන ෆොටෝ තිබුනෙ නෑ.කෝල් තීරුව බලද්දී මට දෙයියනේ කියවුනා.අනේ දෙයියනේ….ඒකෙ තිබුනේ ලෝචනා නංගිගෙ ෆෝන් නම්බර එක.
සුදේශ් ලෝචනා නංගිට කෝල් තුනක් විතර අරන් තිබිලා හවස් වරුවෙ.මං ෆෝන් එකේ මැසේජ් තීරුව චෙක් කරලා බැලුවා.ඒක බලපු මට උන් හිටි තැන් අමතක වුනා.ඒ මැසේජ් ටික මං කියෙව්වෙ කදුලු පොකුරු පිටින් මගෙ නෙතින් වෑහෙද්දී.මට හිතා ගන්න අමාරු සුදේශ් ලෝචනා නංගි එක්ක සම්බන්දයක් පටන් අරගෙන.මං ඒ ගෙදරින් පිටත් වෙලා ඇවිල්ලත් ලෝචනා නංගි මට ඇයි මෙහෙම කරන්නෙ?😭😭
ෆෝන් එක අතේ තියද්දීම ඒකට ලෝචනා නංගිගෙන් කෝල් එකක් ආවා.දෙපාරක් නොහිතා මං ඒ කෝල් එක ආන්සර් කරා.
“හෙලෝ සුදේශ් ඔයා පරිස්සමින් ගෙදර ආවා නේද පැටියො?……..”📲
“මේ ලෝචනා නංගි මොකක්ද තමුන්ට මේ වෙල තියෙන්නෙ?මේ ලෝකෙ උඹට වෙන මිනිහෙක් හිටියෙම නැද්ද මගෙ මිනිහවම අල්ල ගත්තෙ?ලැජ්ජ නැද්ද කසාද බැදපු මිනිස්සුත් එක්ක යාලුවෙන්නෙ?……..”📲
හිතේ තිබුනු දුක තරහ සේරම මං පිට කරලා ඇරියා.මං හිතුවෙ කෝල් එක ආන්සර් කරේ මං කියලා දැන ගත්තට පස්සෙ ලෝචනා නංගි කෝල් එක කට් කරයි කියලා.ඒත් එයා එහෙම කරේ නෑ.
“ආ තමුසෙද ප්‍රාර්ථනා.මේක හොදට අහ ගන්නවා.තමුසෙගෙ සුදේශ්ව මං ලගදිම මං ගාවට යනවා.එයා ආදරේ කරන්නෙ දැන් මට.තමුසෙට බෑ මොකුත්ම කරන්න…….”📲
අඩලා අඩලාම මං කෝල් එක කට් කරා. මං අඩන සද්දෙට සුදේශ්ට ඇහැරුනා.මං දිහා සුදේශ් බලන් හිටියේ පිදුම වෙලා වගේ.මගෙ අතේ ෆෝන් එක තියනවා සුදේශ් දැක්කා.
“තමුසෙ මොකටද මගෙ ෆෝන් එක ගත්තෙ?මෙහාට දෙනවා ඕක…….”
“ඇයි සුදේශ් ඔයා මට මෙහෙම කරන්නෙ? ඔයාට මගෙන් මොකක්ද වෙච්චි වරද ලෝචනා ලගට යන්න තරම්?…….”
“ආ තමුසෙ ඒක දන්නවද?කියනවා තමුං ලෝචනාට මොකද කිව්වෙ?…….”😡😡
“ඔයාට කවදාවත් බැහැ සුදේශ් මට මෙහෙම කරන්න.ලෝචනා ඔයාට මොකද කරේ?අනේ මට මෙහෙම කරන්න එපා සුදේශ්.මාව අසරණ කරන්න එපා මහත්තයෝ……..”😭😭🙏
සුදේශ්ගෙ කකුල් දෙක අල්ලලා වැද වැටුනත් මාව එයා සත පහකටවත් ගනං ගත්තෙ නෑ.
නැවත හමුවෙමු