සනුකි ඇවිත් ගියාට පස්සේ මගෙ හිතට ලොකූ බරකින් පිරුනා වගේ දැනුනා.මොනවා හරි දෙයක් කරලා ලෝචනා නංගි සුදේශ්ව මගෙන් ඈත් කරයි කියලා මට හිතුණා.මොකද ලෝචනා නංගි කියන්නේ සට කපටි කෙනෙක් හින්දා.මං ගොඩාක් වෙලා කල්පනා කරා සනුකි ලෝචනා නංගි ගැන කියපු දේවල්.


“මොනවද ප්‍රාර්ථනා දුවේ ඔය හැටි කල්පනා කරන්නේ?මං හොදට බලාගෙන අර යාලුවා ඇවිත් ගිය වෙලේ ඉදලා ඔයා කල්පනා කරනවා වැඩියි.මොකක් හරි ප්‍රශ්නයක්ද දුවේ?…….”


සුදේශ්ගෙ අම්මටත් මගේ වෙනස තේරිලා තිබ්බා.ඒත් මං ඇත්ත කිව්වෙ නෑ.


“න්…එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ අම්මෙ. සනුකි කිව්වෙ අපේ ගෙදර තත්වෙ ගැන. ලෝචනා නංගියි කුඩම්මයි හින්දා ඇති වෙලා තියන ප්‍රශ්න ගැන එයා කිව්වෙ.මං කිව්වෙ සනුකිට ගෙදර තත්වෙ ගැන හොයලා කියන්න කියලා…….”


“ආ ඒක මිසක්.ඒකද අහස පොළව ගැටලන්න කල්පනා කරන්නේ?…….”


තව එක එක දේවල් කියලා මගෙ හිත සනසලා සුදේශ්ගෙ අම්මා කාමරේට ගියා.
💐💐


“ප්‍රාර්ථනා ප්‍රාර්ථනා……..”


මං හිටියේ බාතෲම් එකේ.සුදේශ් මහ හයියෙන් බාතෲම් එකේ දොරට ගහලා මට කතා කරන්නෙ හරියට ලෝක විනාශෙ ළගයි වගේනෙ.මේ මනුස්සයට මොනවා වෙලාද මන්දා.


“ඔය දොර කඩන්න හදන්න එපා සුදේශ්. ඉන්න මං ටක්ගාලා නාගෙන එන්නම්…….”


ඒ පාර නම් සුදේශ් දොරට තට්ටු කරන එක නතර කරා.නාගෙන ඉවර වෙලා කොණ්ඩෙත් පිහදාගෙන ටවල් එකත් ඇදගෙන බාතෲම් එකෙන් එලියට ආවා. සුදේශ් තාම ඔෆිස් ඇදුම පිටින්ම ඇද උඩ වාඩි වෙලා හිටියා.මං ආපු සද්දෙට ඔලුව උස්සලා සුදේශ් මං දිහා බැලුවා.


“ඔයා තාම ඇදුම් මාරු කරේ නැද්ද සුරේශ්?…….”


මං අහපු දේට සුදේශ් උත්තරයක් දුන්නේ නැහැ.ඇදෙන් නැගිටලා අඩියට දෙකට මං ගාවට ආවා.ඇවිත් මගෙ මුහුණ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.චටාස්🤚


එක්වරම සුදේශ් මගෙ කම්මුලකට ගැහුවා.මට හිතා ගන්න බැරි වුනා මොකද මේ සුදේශ්ට වුනේ කියලා.වෙනදා අපමණ සෙනෙහසකින් පිරිලා තිබුනු ඒ මුහුණ අද කේන්තියක් තරහින් පිරිලා තිබ්බා.


“ඔ…ඔයාට මෙ මේ මොකද වෙලා තියෙන්නේ සුදේශ්?……..”


“මට මොකුත් වෙලා නෑ යකෝ.බලපිය මේ පින්තූර දිහා.මං හිතුවෙ නෑ යකෝ තෝ මේ වගේ වේ#### කියලා…….”


දත් මිටි කාගෙන එහෙම කියලා මට බැනපු සුදේශ් ෆොටෝ වගයක් මට දුන්නා.මං ඒ ටික අතට අරන් බැලුවා. අනේ දෙවියනේ😱😱ඒ ෆොටෝ වල තිබුනේ මගේ රුව.අඩ නිරුවතින් හෝටල් කාමරයක් තුළ ඉන්න පින්තූර. මට හොදටම මේ ඉන්නෙ මං නෙවෙයි කියලා.කවුරුහරි එඩිට් කරපු ෆොටෝස් මේ.


“අනේ සුදේශ් පින් සිද්ද වෙයි මාව විශ්වාස කරන්න.මේ ෆොටෝ වල ඉන්නෙ මං නෙවෙයි.මේවා එඩිට් කරපු ෆොටෝ. මං ඕන දෙයක් ගැන දිවුරන්නම් මේ මගේ ෆොටෝ නෙවෙයි සුදේශ්……..”😭😭


මං අඩ අඩාම සුදේශ් ලග වැද වැටුනා මේ ෆොටෝ වල ඉන්නෙ මං නෙවෙයි කියලා. ඒ පාර මගේ අතේ තිබුනු ෆෝටෝ ටික ඇදලා ගත්තු සුදේශ් කාමරෙන් ගියා.ටික වෙලාවකට පස්සෙ මට ඇහුනා කාර් එක ස්ටාට් වෙන සද්දෙ.ඒ ෆොටෝ ටිකත් අරගෙන කොහෙද සුදේශ් ගියේ?මං කෝල් අරන් බැලුවත් සුදේශ්ගෙ ෆෝන් එක ඕෆ්.
ඊට පැයකට විතර පස්සෙ සුදේශ් ආපහු ගෙදර ආවා.නොකාම අඩලා අඩලා මං ඇදට වැටුනත් මට නින්ද අහලකටවත් ආවෙ නැහැ.සුදේශ්ගෙ අම්මා මට කන්න කතා කරත් මං ගියෙ නෑ.


සුදේශ් මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නැහැ.දෙයියනේ කව්ද මගේ ෆොටෝ එඩිට් කරලා අර වගේ ජරා ෆොටෝ හැදුවේ?🤔🤔ටිකක් වෙලා කල්පනා කරලා බලද්දියි මට මතක් වුනේ ලෝචනා නංගිව.මේක අනිවාර්යයෙන්ම ලෝචනා නංගිගෙ වැඩක්.එයාට ඕනි මාවයි සුදේශ්වයි ඈත් කරන්න.

ඒත් මං ඒ ගැන සුදේශ්ට මොකුත් කිව්වෙ නෑ. බැල්කනියට වෙලා සුදේශ් ගොඩාක් වෙලා කල්පනා කර කර හිටියා.කාමරේට ඇවිත් සුදේශ් මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.මං ඇස් දෙක පියාගෙන නිදි වගේම හිටියා.ඇදට ඇවිත් මගේ ඔලුව අතගාපු සුදේශ් එයා ගහපු මගෙ කම්මුල අතගාලා සිප ගත්තා.අනේ…..ඒ කියන්නේ සුදේශ් මාව විශ්වාස කරලද?ඊට පස්සෙ මට සීට් එක පොරවලා සුදේශුත් නිදා ගත්තා.


වෙනදා වගේම මං කිරි එක හදලා සුදේශ්ට ගෙනත් දුන්නා.කිරි එක අතට ගත්තු සුදේශ් මොහොතක් මං දිහා බලන් හිටියා.මගේ දෑස් ඉබේටම බිමට බර වුනා.ඇස් කදුලකින් වැහීලා ගියා.


“ඔයා අඩනවා නේද ප්‍රාර්ථනා?…….”


මං නෑ කියලා කියන්න ඔලුව දෙපැත්තට වැනුවත් මගේ ඇස් වල තියන කදුලු සුදේශ් දැක්කා.


“මට සමාවෙන්න ප්‍රාර්ථනා.කිසිම දෙයක් හොයලා බලන්නෙ නැතුව මං ඊයෙ ඉක්මන් වුනා වැඩියි.ඒ පින්තූර වල ඉන්නෙ ඔයා නෙවෙයි…….”


“කව්ද ඔයාට ඒ ෆොටෝස් දුන්නෙ?…….”


“අද ඔෆිස් එකට ආවෙ තැපෑලෙන්.කවුරු එවලද දන්නෙ නෑ…….”


“මට ලෝචනා නංගි ගැන සැකයි සුදේශ්. මං ඔයත් එක්ක සතුටින් ජීවත් වෙනව එයාට පේන්න බෑ.එයා හරිම ඉරිසියයි…….”


මං සුදේශ්ට ඒ ගැන කිව්වා.


“ලෝචනාට නෙවෙයි කිසිම කෙනකුට බෑ ඔයාව මගෙන් වෙන් කරන්න…….”


“ඒ වුනාට ඔයා මාව සැක කරානෙ සුදේශ්. ඔයා බැනපු විදියට මට හොදටම බය හිතුණා…….”

සුදේශ්ගෙ පපුවට තුරුල් වෙලා මං එහෙම කිව්වා.සුදේශ් මගේ කර වටේ අත යවලා තවත් ලං කර ගත්තා.


“සොරි රත්තරං.එකපාරටම මට මොකුත් හිතා ගන්න බැරි වුනා ඒ ෆොටෝස් දකිද්දී…….”


“ඕනම ගොනෙකුට තේරෙනවා එක පාරක් බලද්දී ඒවා එඩිට් කරලා හදපු ෆොටෝස් කියලා…….”


සුදේශ්ව ටිකක් අවුස්සන්න මං එහෙම කිව්වා.


“ඈ යකෝ මමද ගොනා?…….”😁😂
“ඔව් ඔව්…….”😂😁
එහෙම කියලා මං සුදේශ් ගාවින් පැනලා දිව්වා.


“ඔහොම හිටපිය…….”😂😁😁
සුදේශුත් මගේ පස්සෙ පැන්නුවා.මං ටක්ගාලා බාතෲම් එකට පැනලා දොර වහ ගත්තා.


“ඒයි අරිනවා දොර.නැත්නම් මං දොර කඩනවා…….”😂🤣

“බෑ බෑ මං දොර අරින්නෙ නෑ…….”😁
බාතෲම් එකේ ඉදන්ම මං කෑ ගැහුවා.මං දන්නවා කොයි වෙලේ හරි මං දොර අරිනකල් සුදේශ් දොර ගාවින් යන්නෙ නම් නැහැ.


“පුතා……”
මට ඇහුණා සුදේශ්ගෙ අම්මා කාමරේට ආපු සද්දෙ.මං හිමිහිට දොර ඇරගෙන කාමරේට ආවා.අම්මා ළග හින්දා සුදේශ් මොකුත් කිව්වෙ නෑ.


“ඇයි අම්මෙ?…….”


“අද කවුරුවත් කෑම කන්නෙ නැද්ද?දවල් වෙනවා.ඉක්මනට පල්ලෙහාට ඇවිත් කෑම කන්න…….”
අපිට කෑම කන්න එන්න කියලා සුදේශ්ගෙ අම්මා පල්ලෙහාට ගියා.මං සුදේශ් දිහා බැලුවා.


“කව්ද ගොනා?ආ……”

සුදේශ් මගෙ කණ මිරිකලා ඇහුවා.මං හයියෙන් කෑ ගැහුවා.


“යකෝ ඔහොම හයියෙන් කෑ ගහන්න එපා.අම්මට ඇහුනොත් හිතයි මං තමුසෙව මරන්න හදනවා කියලා…….”


“යමුද කෑම කන්න.මට බඩගිනියි…….”
“යමු යමු.ඊයෙ රෑට කෑවෙත් නෑ.පුදුම බඩගින්නක් තියෙන්නෙ…….”


“ඇයි ඔයා ඊයෙ කෑවෙ නැද්ද සුදේශ්?…….”
“ගෑනි බඩගින්නෙ ඉද්දී මිනිහට පුලුවන්ද බඩ කට පිරෙන්න කන්න.මං ඉතිං කෑවෙ නැහැ…….”


පව්.මට සුදේශ් ගැන දුක හිතුණා.මං කෑවෙ නැති හින්දා එයා කාලත් නෑ.


“සුදේශ්……”
“ම්ම්……”
“බැරි වෙලාවත් ඒ ෆොටෝස් වල හිටියෙ මම නම් ඔයා මොකද කරන්නෙ?…….”


“අම්මපා මං උඹව එහෙනං මේ කාමරේ ඇතුලෙම මරලා දානවා.මගෙන් නම් කිසිම සමාවක් නෑ ඒ වගේ වැරදි වලට…….”


“ප්‍රාර්ථනා අද මට තේනුකව හම්බුනා……”


“ආ…මොකද කිව්වෙ?කතා කරාද?……”


“ඔව් ඔව්.තේනුකමයි මං ගාවට ඇවිත් කතා කරේ.එයාගෙ වයිෆ්ට බබා හම්බෙලාලු.කෙල්ලෙක්ලු ඉන්නෙ.දැන් නම් තේනුක හොදටම වෙනස් වෙලා. වෙච්චි දේවල් වලට තේනුක මගෙන් සමාව ඉල්ලුවා…….”


“එහෙම තමයි සුදේශ්.මොන තරම් සෙල්ලක්කාර පිරිමි වුනත් කසාද බැදලා දරුවො ලැබිලා තාත්තලා වුනාම හොද වෙනවා……”


“ආ ඇත්තද?මෙයා දන්න දේවල්…….”
“ඇයි මං කිව්වෙ ඇත්ත තමයි…….”


නැවත හමුවෙමු