ඊට මාස හතකට පස්සේ අපේ පව්ලට තවත් අලුත් සාමාජිකයෙක් එකතු වුනා. එයා පුංචි පුතෙක්.පුතා නිසා අපි හැමෝම හිටියේ ගොඩාක් සන්තෝශෙන්.අක්කා නම් මල්ලිට පණ ඇරලා ආදරෙයි.මගේ කුසේ ඉපදුනේ නැතත් මාත් සපුමලුත් පුතාට පණ වගේ ආදරේ කරා.පුතාගේ ශේන් අනුරාධ.
“අම්මී මල්ලියා ඇහැරිලා.අඩනවා මට වඩාගන්න බෑනෙ තාම…….”
දෝණිගේ කටහඬට මං කාමරේට ගියා. ගිහින් ඉක්මනට පුතාව අතට අරගෙන නළවගත්තා.
“මගේ පුතා ඇහැරුනාද රත්තරං.තාත්ති ආවම මං පුතාට උක්කුං හදලා දෙන්නම්කෝ…….”
පුතාව නළවමින් මං මිදුලට ආවා. එවලෙම වගේ කාර් එකක් ඇවිත් මිදුලේ නතර කරා.ඒකෙ ආවේ අයියයි දෙව්මිණී අක්කයි පුතායි දුවයි.පුතාට නම් දැන් අවුරුදු හතයි.දුවට නම් තාම මාස අටයි.
“ආනේ මං මේ බැලුවේ කව්ද කියලා. අයියලා එනවා කියලා කිව්වෙ වත් නෑනෙ…….”
“නොකියාම ආවම නංගි පුදුම වෙයි කියලා දෙව්මිණී තමයි කිව්වේ.ඒ හින්දයි අපි කියන්නෙ නැතුව ආවෙ…….”
“ඒකනෙ ඉතිං.පුතා නිදිද නංගී…….”
“නෑ අක්කෙ.නිදාගෙන ඉදලා දැනුයි ඇහැරුනේ.යමු ගේ ඇතුළට……..”
හැමෝම ඇවිත් ගේ ඇතුලෙන් වාඩි වුනා.
මං පුතාව ඇදෙන් තිබ්බා.
“කෝ නංගි සපුමල්?…….”
“ටව්න් එකට ගියා අයියෙ.දැන් එනවා ඇති…….”
“දැන් මොනවද නංගි කරන්න හිතාගෙන ඉන්නෙ?ලංකාවෙ ඩිරෙක්ටර්ලා කිහිප දෙනෙක්ම නංගිට ෆිල්ම්ස් වලට කතා කරා නේද?…….”
“ඔව් අයියෙ.ඒත් මං රගපාන අදහස අතෑරියා.දරුවො දෙන්නත් එක්ක කාලය ගත කරන්නයි මං කැමති.රගපාන්න පටන් අරගෙන ඒ දේවල් වලට කාලය වෙන් වුනාට පස්සෙ දරුවො දෙන්නා ගැන බලන්න කාලය නැති වෙයි.පව්ල තමයි අයියෙ හැම දේකටම වඩා වැදගත්…….”
“ඔයාගෙ කතාවෙ වැරැද්දක් නෑ නංගී. හැම දේකටම වඩා තමන්ගෙ පව්ලයි වටින්නෙ.කලා කටයුතු වලට සම්බන්ධ වුනාට පස්සෙ දරුවො දෙන්නත් එක්ක ගත කරන්න තියන කාලය අඩු වෙයි.ඒ හින්දා මේ දරුවො දෙන්නා ටිකක් ලොකු වුනාට පස්සෙ කලා කටයුතු වලට සම්බන්ද වෙන්න…….”
අපි කතා කර කර ඉන්න අතරෙ සපුමල් ගෙදර ආවා.
“ආ….අයියලා දැන්ද ආවෙ?…….”
“දැන් ටිකක් වෙලා මල්ලි…….”
පැය කිහිපයක් අපගේ නිවසේ ගත කරපු අයියයි දෙව්මිණී අක්කයි දුවයි පුතයි ආපහු ගියේ හවස් වෙලයි.
අද මගේ උපන් දිනේ.පාන්දරම නැගිටලා මං කිරිබත් හැදුවා.අද සපුමල්ට නිවාඩු හින්දා තව ටිකක් වෙලා නිදා ගනියි කියලා හිතපු මං ලුණු මිරිසකුත් හැදුවා.
“ආ අද මොකද මේ කිරිබත්?අද මොකක් හරි විශේෂත්වයක්ද?…….”
කුස්සියට ආපු සපුමල් මගෙන් එහෙම ඇහුවා.මට පුදුමත් හිතුණා අද මගෙ උපන් දිනේ කියලා සපුමල්ට අමතක වෙලාද කියලා.ඊයෙවත් සපුමල් ඒ ගැන මොකුත්ම මතක් කරේ නෑනෙ.
“අද දවස ඔයාට මතකම නැද්ද සපුමල්?……”
“අද පස් වෙනිදා.ඉරිදානෙ.මොකක්ද විශේෂත්වය?……”
මට දුකත් හිතුණා සපුමල් එහෙම කියද්දී.සපුමල්ට කොහොම මගේ උපන් දිනේ අමතක වුනාද මන්දා.මගෙ ඇස් වලට කදුලුත් ඉනුවා.ඒත් ඒ බවක් සපුමල්ට නොපෙන්වා මං වැඩ කරා.කෑම මේසෙදි වුනත් සපුමල් කිසිම වෙනසක් නැතුව කෑම කෑවා.
කාලා ඉවර වෙලා කෑම මේසෙ අස් කරලා මං පුතාට කිරි පොවලා එයාව නිදි කෙරෙව්වා.දුවට කිරි එකක් හදලා දුන්නා.
“අම්මි මට ඉස්කෝලේ වැඩක් තියනවා…….”
“මොකක්ද දෝණි?…….”
“චිත්‍රයක් ඇදලා පාට කරන්න ඕනි…….”
“එහෙනම් දෝණි සාලෙ වාඩි වෙලා චිත්‍රෙ ඇදලා පාට කරන්න.මට කාමරේ අස් කරන්න තියනවා…….”
මං කාමරේ අතු ගාලා ඉවර වෙලා පුතාගෙ ඇදුම් ටිකත් නවලා අල්මාරියට දැම්මා.සපුමල් පේන්න හිටියේ නෑ. කොහේට ගියාද දන්නෙ නැහැ.අල්මාරියට රෙදි දාද්දී එකපාරටම කාමරේ දොර ඇරෙන සද්දයක් ඇහුනා.අල්මාරියේ කණ්ණාඩියෙන් මං දැක්කා ඒ ආවෙ සපුමල් බව.ඒත් මං දැක්කෙ නෑ වගේ හිටියා.හොරා වගේ හිමිහිට මං ලගට කිට්ටු වුනු සපුමල් මාව වැලද ගත්තා.😘
ඊට පස්සේ මාව සපුමල් එයාගෙ පැත්තට හරවගෙන මගේ නළලත සිප ගත්තා.
“හැපි බර්ත්ඩේ මගෙ රත්තරං…….”🎂
අනේ ඒ කියන්නේ සපුමල්ට මගෙ බර්ත්ඩේ එක අමතක වෙලා නෑ.මං හිතුනෙවත් නෑ සපුමල් මාව මේ විදියට පුදුම කරවයි කියලා.මට දැනුනේ කියා ගන්න බැරි තරම් සතුටක්.😀😀
“අනේ සපුමල්….මං හිතුවෙ ඔයාට මගෙ බර්ත්ඩේ එක අමතක වෙලා කියලා…….”
“ආ….එහෙමද හිතන්නේ?මට එහෙම අමතක වෙනවද මගෙ මැණිකගෙ උපන් දිනේ.මෙන්න මගෙන් පුංචි තෑග්ගක්…….”
එහෙම කියලා සපුමල් පුංචි පාර්සලයක් මගේ අතට දුන්නා.මං ඒක දිගෑරලා බැලුවා.රත්තරං චේන් එකක්.📿
“අනේ හරිම ලස්සනයි සපුමල්.තැන්ක්‍යූ අනේ…….”
වසර දහයකට පසුව👇👇👇
“අම්මේ මල්ලි කෝ?…….”
ගේ ඇතුළට දුවගෙන එන ගමන් දෝණි මගෙන් එහෙම ඇහුවා.
“කාමරේ ඇති.ඇයි?…….”
“මගේ පෑන්සල් පෙට්ටිය විසික් කරලා දිව්වා.ඒක පැලිලා…….”
“අනේ ඉතිං ඕකට මල්ලිට ගහන්න එපා. තාත්තට කියන්නකෝ අලුතින් එකක් ගෙනත් දෙයි…….”
“ආ මොකද අදත් දෙන්නා රණ්ඩුද?…….”
එහෙම අහගෙනම සපුමල් කාමරේට ආවා.
“කියලා වැඩක් නෑ සපුමල්.පොඩි උන් වගේ හැමදාම රණ්ඩු අනේ…….”
“ඔන්න හැමෝටම සුභ ආරංචියක් තියනවා කියන්න.ලබන සතියෙ අපි හැමෝම ට්‍රිප් එකක් යනවා නුවරඑළියට…….”
“ආනේ……ශෝක්නෙ.මං දැන්මම ඇදුම් ලෑස්ති කරගන්නවා…….”
සතුට වැඩි කමට දුව කෑ ගහගෙන කාමරේට දිව්වා.සපුමල් ඇවිත් මං ගාවින් වාඩි වුනා.
“සුදර්ශි ඇයි සද්දෙ නැතුව ඉන්නේ.ඔයා කැමති නැද්ද නුවරඑළි යන්න…….”
“මං ගොඩාක් කැමතියි සපුමල්.මේ දවස් වල එහෙ මල් පිපෙන කාලෙනෙ.හරිම ශෝක්……..”
මං හිමිහිට සපුමල්ගෙ උරහිසට හේත්තු වුනා.සපුමල් මගේ කම්මුලක් සිප ගත්තා.
“ළමයි දකියි මෝඩයෝ…….”😂🤣
“නෑ මෝඩියෙ…….”😂🤣
“කව්ද මෝඩි…….”😂
“ඔයා තමයි මෝඩි…….”
මං තරහ මූණක් පෙන්නගෙන අහක බලා ගත්තා.ඒත් සපුමල් මාව එයාගෙ තුරුලට ගත්තා.ඒ දෙතොල් මගේ මුහුණ ගෙල පුරා ස්පර්ශ වෙද්දී මං තව තවත් ඒ උණුසුමට තුරුල් වුනා.එදා වගේම අදත් සපුමල්ගෙ ආදරයේ වෙනසක් වෙලා තිබ්බෙ නෑ.ඒ ආදරේට මං හැමදාම ගොඩාක් ආදරේ කරා.හැමදාම මං ආයාචනා කරපු ප්‍රාර්ථනා කරපු ජීවිතේ මට ලැබුනා.කෙතරම් දුකක් වින්දාද අවසානයේ සතුට අපිව හොයන් එනවාමයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අවසානයි💗
කියවලා කමෙන්ට් කරන්න යාලුවනේ😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍