ලැබුනු සම්මානයත් දෝත දරාගෙන මායි දුවයි සපුමලුයි ලංකාවට ආවා.තව දවස් තුනකින් සපුමල්ට ඔෆිස් යන්න තියන නිසා තමයි අපි ඉක්මනට ආවේ.
හැබැයි දෝණි නම් ඒ ගැන සැරින් සැරේ චුරු චුරු ගෑවා.

“අම්මී අපිත තව ගොඩාක් දවස් එහෙ ඉන්න තිබ්බෙ…….”

“දෝණි එහාට ගොඩාක් ආසද?…….”

“ඔව් අම්මි.එහෙ චෝයි අනේ.ලස්සන ලස්සන සෙල්ලම් බඩු ගොඩාරියක් තියනවා…….”

“අපි එහෙනම් තාත්තිට ඔෆිස් එකේ ලොකූ නිවාඩුවක් තිබ්බොත්,ඔයාට මොන්ටිසෝරියේ නිවාඩු හම්බුනාම අපි යමු…….”

“සුදර්ශී…..ඔයාට කෝල් එකක්…….”

සපුමල්ගෙ කටහඬට මං සාලෙට ගියා කව්ද කතා කරන්නෙ කියලා බලන්න.

“හෙලෝ කව්ද කතා කරන්නෙ…….”📞

“ඔය සුදර්ශි නේද?…….”📞

“ඔ….ඔව් ඔය කව්ද?…….”📞

“සුදර්ශි මං….මං ලසන්ත…….”📞

දෙයියනේ ලසන්ත මොකටද දැන් මට කතා කරන්නෙ.මං වටපිට බැලුවා සපුමල් පේන්න ඉන්නවද කියලා.සපුමල් හිටියේ කාමරේ.නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ලසන්ත කතා කරන එක.

“ඇයි මට කතා කරන්නේ?…….”📞

“මට ඔයාගෙන් උදව්වක් ඕනි සුදර්ශි.බය වෙන්න එපා.සපුමල්ටත් කියන්න…….”📞

“මොකක්ද උදව්ව?…….”📞

“මෙ…මේ මගෙ වයිෆ් ඔයාගෙ ෆිල්ම්ස් වලට ගොඩාක් ආසයි.එයාට ඔයාව බලන්න ඕනිලු.ඔයාට පුලුවන්ද අපේ ගෙදර එන්න…….”📞

මට ලසන්තගෙ ගෙදරට යන්න සපුමල් ඉඩ දෙන එකක් නෑ කියලා මට හිතුණා.

“අ…ලසන්ත ඔයා වයිෆ්ව එක්කන් මෙහාට එන්න.ප්‍රශ්නයක් වෙන්නෙ නෑ…….”📞

“ඒක කරන්න අමාරුයි සුදර්ශි.නර්මදාට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ.එයාට ඇවිදින්න අමාරුයි…….”📞

“ආ කමක් නෑ ලසන්ත මං හෙට සපුමල් එක්ක එන්නම්…….”📞

“අනේ ලොකු දෙයක් සුදර්ශි.මං එහෙනම් තියන්නම්.බායි.බුදු සරණයි…….”📞

“බුදු සරණයි…….”📞

“කව්ද සුදර්ශි කෝල් කරේ?…….”

සපුමල් මගෙන් එහෙම ඇහුවා.

“ල….ලසන්ත…….”

“ඒ මොකටද ලසන්ත කෝල් කරන්නෙ?……”

සපුමල්ගෙ කටහඩේ කෝපය තිබුනා. මට එකපාරටම හිනා යන්න ආවා.සපුමල් හිතනවද දන්නෑ ලසන්ත මට තර්ජනේ කරනවා කියලා.ලසන්ත කියපු දේ මං සපුමල්ට කිව්වා.ඒක අහලා සපුමල් කල්පනා කරා.

“කමක් නෑ අපි දෙන්නා ගිහින් එමුකො. දුවව ඔයාලගෙ අම්මලාගෙ ගෙදර දාලා යමු……”


පහුවදා උදේම මායි සපුමලුයි දෝණිව අම්මලාගෙ ගෙදර තියලා ලසන්තගේ ගෙදරට ගියා.අවුරුදු පහකට විතර පස්සෙයි මං ලසන්තගේ ගෙදරට ආවේ. අවුරුදු ගානකට පස්සෙ ඒ ගෙදරට පය ගහපු හින්දද මන්දා මට පරණ දේවල් මතක් වෙන්න ගත්තා.ලසන්තගෙන් මං විදපු හිරිහැර දුක් වේදනා,එදා අම්මලා මාව ආපහු ගෙදර එක්කන් ගිය හැටි මට මතක් වුනා.

“ආ එන්න සුදර්ශි.එන්න සපුමල්…….”

මාවයි සපුමල්වයි ලසන්ත එයාගෙ කාමරේට එක්කන් ගියා.කාමරේ ඇද උඩ එයාගෙ නෝනා හිටියා.දරුවා ලැබෙන්න ඉතාමත් ආසන්නයෙ වගෙයි පෙනුනේ.ඒ කාමරේ මගේ විශාල ප්‍රමාණයේ රාමු කරපු ෆොටෝ දෙකක් තිබුනා.

“නර්මදා මේ බලන්න කව්ද ඇවිත් ඉන්නෙ කියලා…….”

මාව දැක්කා විතරයි ලසන්තගේ වයිෆ් ගොඩාක් සන්තෝශ වුනා.ඒ සතුට එයාගෙ මුහුණින් හොදට පෙනුනා.මං එයා ලගින්ම වාඩි වුනා.එයා ගොඩක් අමාරුවෙන් වගෙයි හිටියේ.

“අනේ මිස් මාව බලන්න එයි කියලා මට හිතුණෙම නෑ.අනේ ගොඩාක් පිං ආවට. මං මිස්ගෙ චිත්‍රපටි වලට ගොඩාක් ආසයි…….”

මගෙ අත අල්ලගෙනම ලසන්තගේ නෝනා එහෙම කියන්න ගත්තා.

“අනේ මට මිස් කියන්න ඕන්නෑ නර්මදා. මං ඔයාට වඩා බාල ඇති.මට නම කියලා කතා කරන්න.කමක් නැහැ……..”

“දුව ආවෙ නැද්ද?…….”

“නැහැ නර්මදා.එයා අපෙ අම්මට දාලා ආවෙ.දැන් ඔයාට මාස කීයද?…….”

“දැන් මාස හයයි…….”

නර්මදා එහෙම කිව්වත් ඊට වඩා පෙනුනා. ඒත් මං ඇහුවෙ නෑ.

“දරුවො තුන් දෙනෙක් සුදර්ශි.මට ඇවිදින්න අමාරුයි…….”

“ඒකනෙ.මහන්සි වෙන්න එපා.මේ කාලෙ විවේකයෙන්ම ඉන්න උත්සහ කරන්න…….”

පැය දෙකක් විතර ලසන්තගේ ගෙදර හිටපු අපි දෙන්නා දුවත් එක්කරගෙනම අපේ ගෙදරට ආවා.


“දෝණි මෙහාට එන්න මැණික…….”

කාමරේ ඉදන්ම මං කෙල්ලට කතා කරා. කතා කරපු ගමන්ම කෙල්ල දුවගෙන ආවා.

“කොයි වෙලේ බැලුවත් සෙල්ලමමයි. මොන්ටිසෝරියේ ටීච ච්ත්‍රයක් ඇදගෙන එන්න කිව්වා නේද?කෝ ඇන්දද?…….”😡

මං කෙල්ලට ටිකක් විතර සැර කරා.මේකි මූණ ඇඹුල් කර ගත්තා බය වෙලා.

“නෑ.මං දැන් ඒක අදින්නම්.හොද අම්මියනේ.බබාට බනින්න එපා.බබා පව්නෙ ඉතිං…….”

එහෙම කියද්දී මට දුකත් හිතුණා.මං කෙල්ලගෙ ඔලුව අත ගෑවා.

“අම්මි බනින්නෙ නෑ හොද දූ වගේ ගිහින් චිත්‍රෙ අදින්න…….”

රෙදි ටික හෝදලා දාලා ගේ අස් කරලා ඉවර වෙලා නිකමට වගේ මං පත්තරේ ගත්තා බලන්න.ඒක සිනමා පුවත් පතක්. මගේ පින්තූරෙ මුල පිටුවෙ තිබ්බ නිසා සපුමල් ඒ පත්තරේ වැඩට ගිහින් එන ගමන් අරන් ඇවිල්ලා තිබ්බා.කලා ක්ෂේත්‍රයේ විවිධ තොරතුරු රැසක්ම ඒ පත්තරේ තිබුනා.මං හිමිහිට ඒවා කියෙව්වා.ඒ අතරතුර තිබුනු එක දැන්වීමක් මගේ නෙත ගැටුනා.ඒකෙ තිබ්බෙ මගේ පින්තූරයක්.දවස් තුනකට කලින් මං ෆෘට් සිටි එකට ගියා බඩු ගන්න.හැබැයි මං ගියේ තනියම.ඒ වෙලාවෙ ඒ ෆොටෝ එක අරන් තියෙන්නේ.ඒ ෆොටෝ එකට උඩින් තිබ්බ වාක්‍ය කියෙව්වම මට පුදුමයක් ඇති වුනා.ඒකෙ තිබ්බේ’දෙවන වරටත් මව් පදවියට සැරසෙන සුරූපී නිළි සුදර්ශි සංගීතා’ කියලයි.මං කල්පනා කරේ මේ මොකක්ද වුනේ කියලයි.පස්සෙයි මට වැඩේ තේරුනේ.එදා ෆෘට් සිටි එකට යද්දී මං ඇදන් ගියේ රෝස පාට සැහැල්ලු ගව්මක්.ඒක ඕනම කෙනෙක්ට අදින්න පුලුවන්.ප්‍රෙග්නන්ට් අයටත් අදින්න පුලුවන්.ඒක තමයි කවුරු හරි මේ වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ. අපොයි🤦🤦මේක සපුමල් දැක්කද දන්නෑ.මං ටක්ගාලා ඒ පිටුව අරන් හංගලා පත්තරේ නවලා පැත්තකින් තිබ්බා.

“කෝ සුදර්ශි මේ පත්තරේ මැද පිටුව?……”

අපොයි😱සපුමල් ඒක දැන ගත්තද?

“මං දන්නෑ සපුමල්.ඔය කොහේ හරි ඇති…….”

“මං ශේප් එකේ එහෙම කිව්වා.ඒ පාර සපුමල් ඒ පත්තරෙත් අරන් මං ලගට ආවා.

“මුලු ලංකාවටම අච්චු ගහන්නෙ මේ පත්තරේ විතරයි කියලද හිතුවේ?ඒකද පත්තර පිටුව හැංගුවේ?…….”

මං හංගපු පත්තර පිටුව සපුමල් හොයාගෙන.

“මං ඔය පත්තර පිටුව හැංගුවේ දෝණි දකියි කියලා සපුමල්.එහෙම වුනොත් කෙල්ල බොරු බලාපොරොත්තු තියා ගනියි.ඔයා දන්නවනෙ සපුමල් එහෙම දෙයක් කවදාවත් නොවන විත්තිය. මිනිස්සු ඇත්ත නැත්ත හොයලා බලන්නෙ නැතුව ඔහේ බොරු බේගල් පත්තරේට දානවා…….”😥😥

“ඔයා දුක් වෙන්න එපා සුදර්ශි.මං මේ ඔයත් එක්ක ටික දවසක ඉදන් මේ ගැන කතා කරන්නමයි හිටියෙ…….”

“ඒ මොකක්ද සපුමල්?…….”

“පව්ලකට දරුවො කීයක් හිටියත් වැඩි නෑ සුදර්ශි.ඒත් අපි නැති කාලෙක දුව තනි වෙයි.අපිට ගොඩාක් දරුවො ඕන්නෑ. දූගෙ තනියටත් එක්ක අපි තව උපන් හැටියෙ දරුවෙක්ව අරන් හදා ගම්මු.ඔයා කැමතිද?…….”

සපුමල්ගෙ කතාව ඇත්ත කියලා මට හිතුණා.කවදා හරි අපි දෙන්නා නැති කාලෙක දූට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්න ඕනි.නැත්නම් කෙල්ල තනි වෙයි.ඉතිං සපුමල්ගෙ තීරණේට මං එකග වුනා.

“ඔව් සපුමල් ඒ තීරණේට මං කැමතියි……”

“එහෙනම් ඔයා ටික කාලෙකට අම්මලාගෙ ගෙදර ගිහින් නවතින්න.ටික කාලයක් යනකල් ඔයා එලියට යන්න එපා.එතකොට ඔයාගෙ ප්‍රේක්ශකයො වුනත් හිතයි ඒ දරුවා ඇත්තටම අපි දෙන්නට ඉපදුනු දරුවෙක් කියලා……”

“අපි මේ හැම දෙයක්ම කරන්නෙ දුව ගැන හිතලනේ.දුවගෙ අනාගතය වෙනුවෙන්නේ.මගෙ ජීවිතේ ලස්සන වුනේ මගෙ ජීවිතේට සතුට ගෙනාවෙ දුව වෙනුවෙන් මං ඕනම කැපකිරීමක් කරන්න ලෑස්තියි සපුමල්.ඒ කෙල්ල දැන් මගෙ ජීවිතේ…….”

ඊලග කොටසින් නැවත හමුවෙමු

Advertisment