සුදේශ් ඔෆිස් ගියාට පස්සෙ ගෙදර ඉන්නෙ මායි සුදේශ්ගෙ අම්මයි වැඩට ඉන්න ගෑනු කෙනයි විතරයි.සුදේශ්ගෙ නංගිත් ඉස්කෝලෙ යනවා.කම්මැලි වෙලාවට මං නවකතා පොත් කියවනවා නැත්නම් ටීවි බලනවා.ටීවි එක බල බල ඉන්නකොට ගෙදර ලෑන්ඩ් ෆෝන් එක රිං වෙන සද්දෙ ඇහුනා.මං ගිහින් බැලුවා කව්ද කෝල් කරන්නෙ කියලා.


“හෙලෝ කව්ද කතා කරන්නෙ?…….”📞


“ප්‍රාර්ථනා ඉන්නවද?…….”📞


“ඔව් ප්‍රාර්ථනා තමයි කතා කරන්නෙ…….”📞


“ආ…ප්‍රාර්ථනා මං ලෝචනා……”📞
“ආ ලෝචනා නංගි මට කටහඬ අදුරගන්නත් බැරි වුනා.ඇයි ගත්තෙ?හදිස්සියක්ද?…….”📞


වෙනසක් නොපෙන්වාම මං ලෝචනා නංගිත් එක්ක කතා කරා.


“මේ මං තමුසෙට කතා කරේ සැප දුක් අහන්න නෙවෙයි.අද තමුංගෙ මිනිහා මගේ මහත්තයව රස්සාවෙන් අස් කරා. හිතන්න එපා රස්සාවෙන් අයින් වෙලා අපි පාඩුවෙ පැත්තකට වෙලා ඉදියි කියලා.මේ කරපු දේට මං තමුංගෙන් පලි ගන්නවා ප්‍රාර්ථනා…….”📞😡😡


ඒ කියන්නෙ සිද්දිය ගොඩක් දුර දිග ගිහිල්ලා වගේ.සුදේශ් තේනුකව රස්සාවෙන් අයින් කරන තරමටම අර ගර්ල් එක්ක තියන සම්බන්දෙ දුර දිග ගිහිල්ලද?


“මගෙන් පලි ගන්න කලින් ලෝචනා තමුං හොයලා බලනවා තේනුකව රස්සාවෙන් අස් කරේ ඇයි කියලා.වැරැද්දක් නොකර මනුස්සයෙක්ව නිකන් රස්සාවෙන් අයින් කරන්නෑනෙ…….”📞😠😠


මං එහෙම කිව්වම ලෝචනා නංගිගෙ කට ඉබේටම වැහුනා.ඒ කියන්නෙ එයත් දන්නවා ඇති තේනුකගෙ ඇත්ත තත්වෙ.


“නිකන් බො….බොරු කියන්නෙ නැතුව ඉන්නවා ප්‍රාර්ථනා….මගේ මහත්තයා ඒ වගේ කෙනෙක් නෙවෙයි.එයා ගොඩක් හොද කෙනෙක්…….”📞


“අපොයි ඇත්තද?හොද හින්දා වෙන්න ඇති තමන්ගෙ ගෑනි පැත්තක ඉන්නැද්දි වෙන කෙල්ලො පස්සෙ යන්නෙ.මේ ලෝචනා,තමුංගෙ මිනිහව හදා ගන්නවා ඉස්සෙල්ලා…….”📞😠😠


එහෙම කියලා මං ෆෝන් එක තිබ්බා.තව දුරටත් ලෝචනා එක්ක කතා කරන එකේ තේරුමක් නෑ කියලා හිතුණා.
💐💐
“ලෝචනා මට බොන්න මොනවහරි හදාගෙන එන්නකෝ.හරිම තිබහයි අප්පා…….”


සුදේශ්ට බොන්න කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන මං ඒක කාමරේට ගිහින් දුන්නා.පස්සෙ හිමිහිට තේනුක ගැන අහනවා කියලා හිතුවත් සුදේශ් මට ඒ ගැන කියන්න ගත්තා.


“මං තේනුකවයි අර ගර්ල්වයි අස් කරා ප්‍රාර්ථනා……”
“ඇයි ආපහු මොකක් හරි වුනාද සුදේශ්?…….”


“අද තේනුක වැඩට ආවෙ වරුවෙන්.මට කෝල් කරලා කිව්වා ලෝචනාට සනීප නෑ ඒ හින්දා වරුවෙන් එනවා කියලා.මාත් ඉතිං හා කමක් නෑ කියලා කිව්වා. එකොලහට විතර මං ඔෆිස් එකේ වැඩකට එලියට යද්දී මං දැක්කා අර ගග අද්දර රෙස්ටුරන්ට් එකේ ඉදලා තේනුකයි අර ගර්ලුයි එලියට එනවා…….”


“චික්….මහා ජරා මිනිහෙක්නෙ මූ.ඉතිං ඔයා එවලෙම ගිහිම් මූට දෙකක් කිව්වෙ නැද්ද?……..”


“දෙන්නට යන්න ඇරලා මං ඒ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා තේනුක ගැන විස්තර ඇහුවා.ඒ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා මගෙ යාලුවෙක්.තේනුක මේ වෙනකොට ඒ ගර්ල් එක්ක එකොලොස් වතාවක් ඒ රෙස්ටුරන්ට් එකට ඇවිත් තියනවලු.අවශ්‍ය කරන තොරතුරු ටිකත් අරගෙන මං ඔෆිස් එකට ඇවිත් තේනුකටයි ඒ ගර්ල්ටයි මගෙ රූම් එකට කතා කරලා කියන්න ඕනි ටික කියලා අස්වීම දුන්නා…….”


“ඔයා කරපු දේ හරියටම හරි සුදේශ්.ඒ වගේ මිනිස්සුන්ට කවදාවත් සමාව දීලා වැඩක් නෑ…….”


“ඔයාට දවල් ලෝචනා කතා කරලා බැන්නෙ එහෙම නැද්ද?…….”


මට පුදුමයකුත් දැනුනා සුදේශ් එහෙම අහද්දී.බොරුවක් කියන්න තරම් උවමනාවක් නැති හින්දා මං සුදේශ්ට කිව්වා ලෝචනා නංගි කියපු දේවල්.


“ඔයා බය වෙන්න එපා ප්‍රාර්ථනා.එයාලට කරන්න පුලුවන් දෙයක් නැහැ…….”


“ප්‍රාර්ථනා ඔයාලගෙ තාත්තා ඇවිල්ලා……”


සුදේශ්ගෙ කටහඬට මං ඉක්මනට පල්ලෙහාට ගියා.මං ගිහින් තාත්තාට දණ ගහලා වැන්දා.🙏
“දෙවියන්ගෙ පිහිටයි දුවේ…….”🙏


“වාඩි වෙන්න තාත්තෙ.කොහොමද ඉතිං එහෙ තොරතුරු එහෙම?කුඩ්ඩම්මා එහෙම සනීපෙන්ද?ලෝචනා නංගි කතා කරේ නැද්ද?……..”


මං එහෙම අහනකොට තාත්තාගෙ මුහුණෙ ඇදුනෙ දුක්බර සේයාවක්. මොකක් හරි නරක දෙයක් සිද්ද වෙලා තියනවා කියලා මට දැනුනා.සුදේශුත් ඇවිත් මං ගාවින් වාඩි වුනා.


“ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ දුව. හැම දෙයක්ම විනාශ වුනා.තේනුක මහ ජරා මිනිහෙක්…….”
දෙයියනේ මොනවද මේ සිද්ද වෙලා තියෙන්නේ??


“ඇයි තාත්තෙ මොකද වෙලා තියෙන්නෙ?…….”
“තේනුකට යන යන හැම තැනකම ගෑනු. කසාදෙ කරන්න කලින් මේ දේවල් එහෙන් මෙහෙන් මාධවීලට ආරංචි වෙලා තියනවා.සල්ලි වලට තියන තණ්හාවට එයාලා මේ දේවල් හංගගෙන ඉදලා. සුදේශ් පුතා ඔයා තේනුකත් එක්ක ඔෆිස් එකෙන් අස් කරපු ගෑනු ළමයට තේනුක හින්දා දරුවෙක් ලැබෙන්න ඉන්නවලු.ඒ කෙල්ලගෙ තාත්තයි අම්මයි ඇවිල්ලා හොදටම දොස් කිව්වා……..”


“ඒ කියන්නෙ ප්‍රශ්නෙ ඒ තරම්ම දුර ගිහිල්ලද?දැන් තේනුකයි ලෝචනායි මොකද කියන්නෙ?……..”


“ඒ ගෑනු ළමයගේ පැත්තෙන් කියනවා තේනුකට ලෝචනාව දික්කසාද කරලා ඒ ගෑනු ළමයව බදින්න කියලා.පව් මොනවා වුනත් මගෙ පොඩි දුවගෙ ජීවිතේ විනාශ වුනා.විනාශ කර ගත්තා…….”


තාත්තා ලෝචනා නංගි ගැන ගොඩාක් දුක් වුනා.දැන්වත් කුඩම්මට තේරෙනවා ඇත්ද දන්නෑ සල්ලි වලට තියන තණ්හාව හින්දා වෙලා තියන විනාශෙ.


“ලෝචනා නංගි දික්කසාද වෙන්න කැමතියිලුද?…….”


“බොහොම අමාරුවෙන් ලෝචනා දුව කැමති වුනා.තේනුකත් එක්ක එකට ජීවත් වෙන්න බෑ කියලා දැන් එයාට තේරිලා ඉවරයි…….”


“මට ලෝචනා නංගි ගැන දුකයි තාත්තෙ. මේ දේවල් එයාලා විහින්ම කර ගත්තු දේවල්.තේනුක කියන්නෙ ජරා මනුස්සයෙක් කියලා මාත් හොදට දන්නවා……”


මං එහෙම කිව්වා නෙවෙයි කියවුනා. එකපාරටම සුදේශ් මං දිහා බැලුවා.මට බයත් හිතුණා.


“ඌ ඔයාටත් මොනව හරි කිව්වද ප්‍රාර්ථනා?…….”


“න්….නෑ සුදේශ්.ඔයාමනෙ මට කිව්වෙ තේනුකගෙ චරිතෙ ගැන…….”


ලෝචනා නංගි තේනුකගෙන් ඩිවෝස් වුනා.දන්න කියන කාලෙ ඉදන් මට වෙනස්කම් කරපු ලෝචනා නංගිගෙ පව්ල් ජීවිතේ දික්කසාදෙකින් අවසන් වුනු එක ගැන තිරිසන් සතුටක් මට ඇති වුනේ නැහැ.දුක සැප අහන්නවත් මං ගියෙ නැත්තෙ එයාලගෙ හිත් වල තාමත් මං තරහව වෛරය තියනවා කියලා තාත්තා කියපු හින්දා.


“දුව ඔයාගෙ යාලුවෙක් ඇවිල්ලා…….”


සුදේශ්ගෙ අම්මා මට කුස්සියට ඇවිත් එහෙම කිව්වා.අත් දෙක හෝදගෙන ඒප්‍රන් එක ගලවලා මං සාලෙට ගියා. ඇවිත් හිටියේ මගෙ හොදම යාලුවා සනුකි.


“හායි සනුකි.කාලෙකට පස්සෙ මාව මතක් වෙලා තියෙන්නෙ.කොහොමද සැප දුක් එහෙම?…….”


“මම නම් හොදින් ප්‍රාර්ථනා.ඔයාලට කොහොමද ඉතිං?…….”

“අපිත් හොදින් සනූ…….”


“මේ හදිස්සියෙ මං ආවෙ ඔයාට වැදගත් දෙයක් කියන්න ප්‍රාර්ථනා…….”
“ඒ මොකක්ද සනූ?…….”


“උඹ සුදේශ්ව පරිස්සම් කර ගනිං ප්‍රාර්ථනා.ලෝචනා නංගි හදන්නේ උඹලා දෙන්නව ඈත් කරන්න.උඹ මෙහෙ සුදේශ් එක්ක සන්තෝශෙන් ඉන්නවා ඒකිට පේන්න බෑ.මොනව හරි කරලා උඹලා දෙන්නව ඈත් කරනවා කිව්වලු…….”

ඊලග කොටසින් නැවත හමුවෙමු