සුදේශුයි මායි ලෝචනා නංගිගෙ වෙඩින් එකට යන්න පිටත් වුනා.දැන් කුඩම්මා අපි දෙන්නව දැක්කට පස්සෙ මොනවා වෙයිද දන්නෑ.ඉරිසියාවෙ පැලෙයි.මට හිතුනේ ඒ ගැනමයි.හොටෙල් එකේ පාක් එකෙන් සුදේශ් කාර් එක පාක් කරලා මං ගාවට ආවා.


“මං ඇතුළට යන්නම් ප්‍රාර්ථනා.ඔයා මං ගිහින් විනාඩි පහක් විතර ගියාම එන්න…….”


“හරි සුදේශ්…….”


සුදේශ් හොටෙල් එක ඇතුළට ගිහිල්ලා විනාවි පහක් විතර ගියාට පස්සෙ මාත් හොටෙල් එකට ගියා.ගොඩාක් අමුත්තන්ට වෙඩින් එකට ඉන්වයිට් කරලා තිබ්බා.හොටෙල් එකත් ගොඩාක් ලස්සනට සරසලා තිබ්බා.දුර තියාම මං දැක්කා සුදේශ් මනමාල යුවලත් එක්ක කතා කර කර ඉන්නවා.ඒ ලගම කුඩම්මයි තාත්තයි දෙන්නම හිටියා.ඒ අය කවුරුවත් මාව දැක්කෙ නෑ.මං හිමිහිට එයාලා ගාවට ගියා.මුලින්ම මාව දැක්කෙ කුඩම්මා.මං දිහා කුඩම්මා බැලුවේ පුදුම වෙලා.


“ප්‍රාර්ථනා අපි ඔයාට වෙඩින් එකට ඉන්වයිට් කරේ නෑනෙ.අනික ඔයාලට එන්න විදියක් නෑ කිව්වනෙ…….”
කුඩම්මා මගෙන් එහෙම ඇහුවා.මං හිනා වුනා.


“නෑ කුඩම්මෙ ඔයාලා මටයි මගෙ මහත්තයටයි වෙඩින් එකට ඉන්වයිට් කරා.ඒකයි අපි දෙන්නම ආවෙ…….”


“කෝ දුවේ සුදේශ් පුතා?…….”


එහෙම ඇහුවෙ තාත්තා.ළග ඉදලත් තාත්තට සුදේශ්ව අදුර ගන්න බැරි වුනා. තාත්තා අහපු දේට උත්තරයක් දෙන්නත් කලින් ලෝචනා නංගි කතා කරන්න පටන් ගත්තා.


“ඔයාට පිස්සුද ප්‍රාර්ථනා.අපි කොයි වෙලාවෙද ඔයාටයි අර ගොවිරාලටයි වෙඩින් එකට ඉන්වයිට් කරේ?……”


“දුව ලෝචනා,කට පරිස්සම් කරගෙන කතා කරන්න…….”😡


තාත්තා ලෝචනා නංගිට සැර කරා.මං කට කොනකින් හිනා වෙලා සුදේශ් ගාවට කිට්ටු වුනා.


“තාත්තෙ මේ ඉන්නෙ සුදේශ්.මගෙ මහත්තයා.ඔයාලට අදුර ගන්න බැරි වුනානෙ.මං හැම දෙයක්ම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්…….”


සිද්ද වෙච්චි හැම දෙයක්ම මං මුල ඉදලම අකුරක් නෑරම කිව්වා.බලාපොරොත්තු වුනු විදියටම කුඩම්මගෙ මුහුණයි, ලෝචනා නංගිගෙ මුහුණයි ඉරිසියාවෙන් පිරිලා ගියා.


“අනේ දුවේ මට ඔයාලව අදුර ගන්න බැරි වුනා.අපෙන් වරදක් වුනා නම් අපිට සමාවෙන්න පුතේ…….”


“නෑ තාත්තෙ තාත්තගෙ අතින් කවදාවත් වරදක් සිද්ද වුනේ නෑ.ඔයාගෙ නෝනා මගෙ වයිෆ්ට කරපු හිරිහැර මං හොදට දන්නවා.සමහර විට නොදන්නවා වගේ හිටියට ඔයත් දන්නවා ඇති.අද මං මේ කසාදෙට ආවෙ තේනුකගෙ ඉල්ලීමට. තේනුක මගේ යටතෙ රස්සාව කරන නිසා……..”


සුදේශ් කියන දේවල් කුඩම්මයි ලෝචනා නංගියි සද්දෙ නැතුව අහගෙන හිටියා මිසක් මොකුත් කිව්වෙ නැහැ.එයාලට ලැජ්ජ හිතෙන්න ඇති.


“හා හා දැන් කතා කරා ඇති පෝරුවෙ චාරිත්‍ර ළගයි.ලෑස්ති වෙමු ඉක්මනට……..”
අහං ඉන්න බැරි කමටද මන්දා කුඩම්මා එහෙම කියලා පෝරුවේ චාරිත්‍ර වලට ලෑස්ති වුනා.මායි සුදේශුයි ගිහින් වාඩි වුනා.


“දැක්කද ඔයාගෙ කුඩම්මගෙයි ලෝචනා නංගිගෙයි මුහුණු.ඉරිසියාවෙ උතුරනවා…….”


“ඒක තමයි සුදේශ්.ඒත් එයාලා කවදාවත් කරපු වැරදි ගැන පසුතැවිලි වෙන එකක් නෑ…….”
“ඔයාට මං ඉන්නවනේ මැණික.කවදාවත් ඔයාට මං දුකක් දෙන්නෙ නෑ…….”
මගෙ අත් දෙක අල්ලගෙන සුදේශ් මට පොරොන්දු වුනා.


“ප්‍රාර්ථනා ඔයාට කෝල් එකක් දූ……”


සුදේශ්ගෙ අම්මගේ කටහඬට මං සාලෙට දිව්වා.


“හෙලෝ කව්ද කතා කරන්නේ?…….”📞

“දුවේ ඔයාලට කොහොමද?…….”📞


“අපි හොදින් ඉන්නවා තාත්තෙ.ඔයාලට කොහොමද?……..”📞


“අපිත් හොදින් ඉන්නවා දුවේ.මං නිකන් ගත්තෙ.කෝ සුදේශ් පුතා?……..”📞


“සුදේශ් ඉන්නවා තාත්තෙ.ලෝචනා නංගි එහෙම කතා කරාද?කුඩම්මා එහෙම ඉන්නවද?…….”📞


“කසාද බැදලා ගිහින් මාසයක් වෙන්න ආවා.ආසාවට එක පාරක් පොඩි දුව මට කතා කරේ නෑ.එයාගෙ අම්මත් එක්ක නම් ඔය කතා කරන්නේ…….”📞


මට තාත්තා ගැන දුක හිතුණා.තාත්තා මටත් වඩා ලෝචනා නංගිට හොදට බැලුවා.එයාගෙ කසාදෙට සල්ලි හොයන්න තාත්තා කොයි තරම් මහන්සි වුනාද.මට ලෝචනා නංගි ගැන තරහකුත් ඇති වුනා.


“තාත්තා දුක් වෙන්න එපා.තාත්තට මං ඉන්නවනේ.මං තාත්තව බලන්න ඉක්මනට එන්නම්……..”📞


“හා දුවේ.මං තියන්නම්.බුදු සරණයි……..”📞


“බුදු සරණයි තාත්තෙ……..”📞
කෝල් එක කට් කරලා මං කාමරේට යද්දී සුදේශ් බර කල්පනාවක හිටියෙ.


“මොකද සුදේශ්…….”


“න්…නෑ ප්‍රාර්ථනා.කව්ද කතා කරේ?…….”


“තාත්තා කතා කරේ සුදේශ්……”
“හ්ම්ම්…….”


නෑ කියලා කිව්වත් සුදේශ් හිටියේ බර කල්පනාවක.මොකක් හරි ලොකු දෙයක් හිතේ හංගගෙන.


“සුදේශ්…ඔයා ඉන්නෙ ලොකු ප්‍රශ්නෙකින් වගේ.මාත් එක්ක කියන්න බැරි දෙයක්ද?…….”


මං හිමිහිට සුදේශ්ගෙන් එහෙම ඇහුවා. සුදේශ් මං ලගටම ඇවිල්ලා වාඩි වුනා.


“අනේ මන්දා ප්‍රාර්ථනා මේ මිනිහා කවදාවත් හැදෙන මිනිහෙක් නෙවෙයි. කසාදයක් බැදලත් මූ හැදුනෙ නෑනෙ අප්පා…….”😠


“කව්ද සුදේශ්?කා ගැනද ඔයා ඔය කියන්නේ?…….”


“තේනුක ගැන…….”


දෙයියනේ තේනුක ඒ පාර මොනවද කරලා තියෙන්නෙ.


“ඇයි සුදේශ්,මොනවද තේනුක කරලා තියෙන්නෙ?……”


“අපේ ඩිසයින් සෙක්ෂන් එකට අලුතින් ගර්ල් කෙනෙක් ගත්තා.තේනුක ඒ ගර්ගෙ පස්සෙන් යනවා.මං අවවාද කරා. ඒත් වැඩක් නෑ.මට බය අන්තිමට අර කලින් වැඩ කරපු ගර්ල්ට වෙච්චි දේ මේ කෙල්ලටත් වෙයිද කියලා…….”
“ශික් මහ පුදුම ජරා මිනිහෙක්නෙ මේකා. ඔයා ඒ ගර්ල්ට අවවාද කරේ නැද්ද?තේනුක මැරි කරපු කෙනෙක් එයත් එක්ක තියන සම්බන්දෙ අතාරින්න කියලා…….”


“කීපාරක් නම් කිව්වද?ඒත් ඒ ගර්ල් කියන්නෙ තේනුකත් එක්ක එයාට කිසිම සම්බන්දයක් නැතිලු…….”
“කියලා තේරුමක් නැත්නම් නැත්නම් ඔයා ඒ දෙන්නගෙන් කාවහරි අස් කරලා දාන්න සුදේශ්.ආයතනයක විනයක් කියලා දෙයක් තියනවනෙ…….”


“ඒක තමා ප්‍රාර්ථනා තව ටිකක් බලලා ඒ වැඩේ තමයි කරන්න ඕනි…….”


“දූ මොනවද හදන්නෙ?……”


සුදේශ්ගෙ අම්මා කුස්සියට ඇවිත් ඇහුවා.


“අම්මෙ මං මේ හැලප වගයක් හැදුවා හවසට තේ බොන්න……”
“ශා මරුනෙ.කෝ බලන්න…….”


අම්මා හැලපයක් අරගෙන කාලා බැලුවා.
“ශා මරුනෙ.හරිම රසයි දූ.පැණි රස ගානට තියනවා…….”


හවස තේ මේසෙදි හැමෝම හැලප කාලා තේ බිව්වා.සුදේශ් නම් තුන හතරක්ම කෑවා.රෑට කෑම කෑවෙත් අඩුවෙන්.
❤️❤️
“අම්මෝ……”


සුදේශ් බඩත් අල්ලගෙන කෑ ගහපු විදියට මට බයත් හිතුණා.මං ටක්ගාලා නැගිට්ටා.


“ඇයි සුදේශ් මොකද උනේ?……”


“ඔයා හදපු හැලප කාලා බඩ රිදෙනවා ඉන්න බෑ අයියෝ…අම්මෝ……”😁🤣🤣
“මොකක්??…….”


මට තේරුණා සුදේශ් මේ බොරුවක් කරන්නෙ කියලා.කොට්ටෙ අරගෙන මං සුදේශ්ට ගහගෙන ගහගෙන ගියා.


“ඒයි ගහන්න එපා.මං බොරුවට කිව්වෙ. දෙනවා දෙකක්……”


“යන්න සුදේශ්.මං තරහම තරහයි.මං හොදටම බය වුනා ඔයා කෑ ගහපු විදියට. පපුවත් ගැහෙනවා……”
“කෝ බලන්න……”


සුදේශ් මගෙ පපුවට අත තියලා බැලුවා.


“අනේ සොරි මැණික මං විහිලුවක් කරේ……”


“හරි හරි දැන් නිදා ගන්න.මගෙ නින්දත් කැඩුවා……”


ඊලග කොටසින් නැවත හමුවෙමු

Advertisment