සුදර්ශි පොඩ්ඩක් මෙහාට එන්නෙකො……”
“ඇයි සපුමල්?…….”
“ඔෆිස් එකෙන් මට ප්‍රමෝෂන් එකක් හම්බෙලා තියනවා.ඒකෙ වැඩ භාර ගන්න තියෙන්නෙ ලබන මාසෙ විසි පහ. ඒ අතර සති දෙකහමාර නිවාඩු…….”
“ෂා මරුනෙ සපුමල්.මයි කන්ග්‍රැජුලේශන්…….”🤝🤝
“තැන්ක්‍යූ…….”
තැන්ක්‍යූ කිව්වෙ හරියට පොල්ලකින් ගහනවා වගේ.මොකට සපුමල් මාත් එක්ක තරහින් ඉන්නවද දන්නෑ.මට මොකෝ ඒවයින්.මං සපුමල්ව මැරි කරේ දුව හින්දනේ.සපුමල්ට සති දෙකහමාරක් නිවාඩු හින්දා ඒ අතර තුර කාලයේ අපි ඉන්දියාවෙ යන්න තීරණය කරා සම්මාන උලෙල වෙනුවෙන්.
“අම්මී අපි හෙට උදේද ඉන්දියාවේ යන්නෙ?……”
“ඔව් දූ……”
“ඇයි අපි එහෙ යන්නෙ?……”
“අම්මිට සම්මාන උලෙලකට ආරාධනා කරලා තියනවනේ.ඒකට යන්නේ අපි තුන් දෙනාම……..”
“ශා…..හලිම ශෝක්නෙ අම්මී…….”😀😀
දෝණි ගොඩාක් සන්තෝශෙන් හිටියේ ඉන්දියා යන ගමන ගැන.දෝණිගෙ සතුට දැකලා මාත් ගොඩාක් සතුටු වුනා.පහුවදා උදේ හතරට නැගිටින්න ඕනි නිසා මං දුවට කවලා ඉක්මනට නිදි කෙරෙව්වා.
උදේ පාන්දර නැගිටලා වතුර ලිපේ තියලා තේ හදලා මං සපුමල්ට කතා කරා. සපුමල් තාමත් හොදටම නිදි.😴😴
“සපුමල් නැගිටින්නකෝ අනේ.පරක්කු වෙයි අපට…….”
කෑ ගහලා කෑ ගහලා බොහොම අමාරුවෙන් සපුමල්ව නැගිට්ටව ගත්තා. දෝණිව බලා ගන්න මීට වඩා ලේසියි.
“දැන් වෙලාව කීයද?…….”
“හතරාමාරයි.ඉක්මනට මුහුණ කට හෝදගෙන තේ බීලා ලෑස්ති වෙන්න සපුමල්.මං දුවව ලෑස්ති කරන්නම්…….”
සපුමල් ලෑස්ති වෙන අතරේ මං දුවව ලෑස්ති කෙරෙව්වා.පහයි හතළිස් පහට අපි ගෙදරින් එයාර්පෝර්ට් එකට පිටත් වුනා.
✈️✈️✈️
එයාර්පෝර්ට් එකේ ඉදන් අපි කෙලින්ම ආවෙ ශානිකා නැන්දලාගෙ ගෙදරට. ශානිකා නැන්දයි මාමයි මල්ලියි නංගියි අපිව හොදට පිළි ගත්තා.
“සුදර්ශි අක්කී කොහොමද ඉතිං?…….”
“මං ගොඩාක් හොදින් නංගී.කොහොමද ඔයාලට?…….”
“අපිත් ගොඩාක් හොදින් අක්කෙ. මොකක්ද මේ බටු ඇටේගෙ නම?…….”
“එයාගෙ නමත් සුදර්ශි…….”
“ශා මරුනෙ.ඔයාලට මහන්සිත් ඇතිනෙ. මං කාමරේ ලෑස්ති කරා.ගිහින් රෙස්ට් කරන්න…….”
කලින් මං මෙහෙ ඉන්නැද්දී හිටපු කාමරේම අපිට සූදානම් කරලා තිබ්බා. ගමන් මහන්සියටම දුවට හොදටම නින්ද ගියා.මං දුවව ඇදෙන් තියලා බාතෲම් එකට ගිහින් හොදටම නා ගත්තා.
“සපුමල් ඔයා මොකක්ද සම්මාන උලෙලට අදින්නේ?…….”
“ගව්මක්…….”😁🤣
“මොකක් ඔයාට පිස්සුද?……”
“පිස්සු නෑ මං නිකමට කිව්වෙ.අපිට ඉතිං අදින්න පුලුවන් කලිසමයි කමිසෙයි කෝට් එකයි විතරයිනෙ.ඔයාලට සාරි, ඔසරි,ශල්වාර්,ගව්ම්,ඩෙනිම්…..ඔය හැම දෙයක්ම අදින්න පුලුවන්නෙ…….”😁😁
සපුමල් කියන දේවල් වලට මට හිනා යන්නත් ආවා.
“ඉතිං ඔයාට ජෙලස් වගේද?…….”
“අපෝ වැඩේමයි ජෙලස් වෙන්න…….”
“අක්කේ….මං ඇතුළට එන්නද?…….”
නේහා නංගී කාමරේ දොර ලග ඉදන් මට කතා කරා.
“එන්න නංගී……”
“අක්කෙ එන්න කෑම කන්න.දූ තාම නිදි නේද?…….”😴😴
“මං දුවව ඇහැරවගෙන එන්නං නංගි. දැන් ගොඩාක් වෙලානෙ නිදාගෙන. කෙල්ලට බඩගිනිත් ඇති…….”
“කෙල්ලට වයස කීයද අක්කෙ දැන්?…….”
“තව මාස දෙකකින් අවුරුදු පහ ලබනවා…….”
මායි දුවයි දෙන්නම රෝස පාටින් ලස්සනම ලස්සනම ඇදුම් දෙකක් තෝර ගත්තා සම්මාන උලෙලට අදින්න.රෝස පාටිනමයි සපුමලුත් ඇන්දේ.අපි තුන්දෙනා දිහා ගොඩාක් අය විශේෂයෙන් බලනවා කියලා සම්මාන උලෙලෙදීම මට තේරුණා.
“අම්මිට සම්මානයක් හම්බෙන්නෙ නැද්ද?…….”
“දන්නෑ දූ.අපි බලමුකෝ…….”
පුරා පැය තුනක් පමණ සම්මාන උලෙල පැවැත්වුනේ වසරේ හොදම නිළියට හිමි සම්මානය මට හිමි වෙමින්.සම්මානය මට ලැබුනු මොහොතේ සපුමල් මාව බදාගෙන සුභ පැතුවා.ඒ මොහොත මගේ ජීවිතේට ඉතාමත් සුවිශේෂී මොහොතක් වුනා.ඉන්දියාවේ ගොඩාක් සිනමා පුවත් පත් වල මුල් කවරය හැඩ වුනේ අපි තුන් දෙනාගෙ රුවින්.
සම්මානෙත් අරන් අපි තුන් දෙනා ගෙදර ආවා.
“සුදර්ශි දූ ඔයාලා කවද්ද ලංකාවට යන්නෙ?ටික දවසක් ඉදලනේ යන්නෙ…….”
“තව දවස් තුනකින් යනවා නැන්දෙ. සපුමල්ට ඔෆිස් පටන් ගන්නවනේ.දූට මොන්ටිසෝරියත් පටන් ගන්නවා…….”
“අක්කලා අපහු ගියාම අපිට තමයි පාලු. නේද අම්මී?……”
නේහා නංගී එහෙම අහමින් ශානිකා නැන්දා අසලින්ම වාඩි වුනා.
“එහෙනම් නංගිත් අපිත් එක්ක ලංකාවට යමු පදිංචියටම නේද සුදර්ශි?…….”
“ඔව් ඔව් සපුමල්.මෙයාගෙ කල වයසත් හරි එකේ කසාදයක් එහෙම බැන්ද නම් හරි.ලංකාවෙ හොද කොල්ලො ඉන්නවා…….”
“අපෝ අපෝ ඔය කතාව නවත්තමු අක්කි.මට දැන්ම මැරි කරන්න අදහසක් නෑ.මං යනවා නිදා ගන්න.ගුඩ් නයිට්…….”
“දැක්කද නැන්දේ ශේප් එකේ ලිස්සපු හැටි…….”🤣😁
දෝණිට මගේ ඔඩොක්කුවෙම නින්ද ගිය හින්දා මං එයාව ඇදෙන් තියලා සීට් එක පෙරෙව්වා.
“වහිනවා වගේ නේද සුදර්ශි…….”
“වගේ නෙවෙයි.වහිනවා තමයි.තව ටිකෙන් ලොකුවට වහියි…….”
මං අහක බලාගෙනම එහෙම කිව්වා.ඒ පාර සපුමල් ඇවිත් මං ගාවින් වාඩි වුනා. වෙනදා වගේ නෙවෙයි අද සපුමල්ගෙ හැසිරීම හරිම වෙනස්.මට අමුත්තක් දැනුනා.මං කිසිම වෙනසක් නොපෙන්වා හිටියා.
“සුදර්ශි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි…….”
“ඉතිං කියන්න සපුමල්…….”
“ඔයා නොදන්න ගොඩාක් දේවල් මෙතන තියනවා සුදර්ශි.මට තේරෙන්නෙ නැහැ ඒවා කොහොම කියන්නද කියලා…….”
“ඔයා මොනවද කියන්න හදන්නෙ සපුමල් මට තේරෙන්නෙ නැහැ……..”
“සුදර්ශී….ඔයා හිතනවා ඇති මං දිස්නා ව මැරි කරේ ඔයාව අමතක කරලා කියලා. මං ඔයාට ආදරේ කරේ බොරුවට කියලා ඔයා හිතනවා ඇති…….”
මොනවා වුනත් සපුමල් මේ කියන්න හදන්නේ මං නොදන්න මොකක් හරි ලොකු රහසක් කියලා මට හිතුණා.
“සපුමල්…..මට තේරෙන්නෙ නෑ ඔයා කියන්න හදන දේවල්.ඔයා….ඔයා ආදරේ දිස්නාට කියලා ඔයාමනෙ එදා මට කිව්වෙ…….”
“මං කවදාවත්ම දිස්නාට ආදරේ කරේ නෑ සුදර්ශි.මං ආදරේ කරේ ඔයාට විතරයි…….”
සපුමල් මට ආදරේ කරා නම් ඇයි එයා මට එදා කිව්වෙ එයා ආදරේ කරේ දිස්නාට විතරයි කියලා.මෙතන මං නොදන්න මොකක් හරි රහසක් තියනවා කියලා මට හිතුණා.ඒත්….සපුමල්ගෙ මුවින් මට ආදරෙයි කියලා කිව්වට පස්සේ මගේ හිතට අමුතුම මිහිරක් දැනෙන්නට වුනා.
“ඇයි ඔයා එහෙනම් මට එදා බොරු කිව්වෙ?…….”
“මං ඔයාට කියන්නම් සුදර්ශි.එදා ලසන්තයි එයාගෙ මැරයොයි ඇවිත් ඔයාව අරන් ගියාට පස්සෙ මං සෑහෙන්න දුක් වින්දා.අම්මයි අප්පච්චියි මගෙ හිත හදන්න මොන දේවල් කිව්වත් මට බැරි වුනා ඔයාව මගෙ හිතින් ඈත් කරන්න. ආයෙ කවදාවත් මං කසාද බදින්නෙ නෑ කියලා තීරණය කරා. මං දන්නවා මට වගේම ඔයාටත් මාව අමතක කරන්න බෑ කියලා.ඒත් එක දවසක් ලසන්තයි ඔයාගෙ අයියයි අපේ ගෙදර ඇවිත් මට තර්ජනේ කරා ඔයත් එක්ක තියන සම්බන්දෙ නැවැත්තුවේ නැත්නම් මාවයි ඔයාවයි මරණවා කියලා.ඔයාට තියන ආදරේ හින්දා මං ඔයාගෙ අයියට පොරොන්දු වුනා ඔයාව අමතක කරනවා කියලා…….”
එහෙම කියලා සපුමල් ජනේලෙ ගාවට ගිහින් දුර ඈත බලන් හිටියා.මං පිටි පස්සෙන් ගිහින් සපුමල්ගෙ උරහිසට හේත්තු වුනා.සපුමල් ආයෙත් කටහඬ අවදි කරා.
“අම්මයි තාත්තයි බල කරා කසාද බදින්න කියලා.කොච්චර බෑ කිව්වත් එයාලා ඇහුවෙ නෑ.අම්මා කිව්ව මං දිස්නාව මැරි කරේ නැත්නම් එයා ජීවතුන් අතර ඉන්නෙ නෑ කියලා.ඒ හින්දා අකමැත්තෙන් හරි මං දිස්නාව මැරි කරා.ඔයාව මතක් වෙන්නයි මං දුවට සුදර්ශි කියලා නම දැම්මෙ.එදා මොන්ටිසෝරියේදි තමයි මං ඔයාව මුලින්ම දැක්කෙ.ඔයාට මුහුණ දෙන්න බැරි කමටයි මං ඔයා ඉස්සරහට ආවෙ නැත්තෙ.මගෙ දුව ඔයාගෙන් හොයන්නෙ එයාගෙ අම්මව කියලා දැන ගත්තට පස්සෙ මං ඔය දෙන්නව ඈත් කරන්න හැදුවෙ ඔයාගෙ දෙමව්පියන්ගෙන් ප්‍රශ්නයක් වෙයි කියලා……..”
දෙයියනේ ඒ කියන්නේ සපුමල් මට ආදරෙයි.දුක් ගැහැට විදලා විදලා අපි කොහොම හරි අපේ ආදරේ ජය ගත්තා.
“අපි ඒ අතීතෙ අමතක කරමු සපුමල්……”
“ඔව් සුදර්ශි.කොහොම හරි අන්තිමට ඔයාව මට හම්බුනානෙ…….”
“ඔය ජනේලෙ වහන්න සපුමල්.කාමරේත් තෙමෙනවා.පුදුම වැස්සක්නෙ තියෙන්නේ.හරිම සීතලයි…….”
ජනේලය වසා දැමූ සපුමල් මාව ඔහු වෙතට ඇදගෙන සිප ගන්නට විය.
“නිකන් ඉන්නකො සපුමල්.දුව ඇහැරෙයි අනේ……”
“ඇයි දැන් සීතලයි කිව්වේ…….”😁🤣
“කව්ද මමද?…….”😁😁
“ඔව් ඔයා තමයි……”😁
“මෝඩයා…….”
“මේ මෝඩයගෙ හැටි දන්නෑ තාම…….”
“දැන් නිදා ගන්නකෝ හොද මහත්තයා වගේ.හෙට උදේම අපි ලංකාවට යන්න ඕනි…….”
සපුමල්ගෙ නලල මත හාදුවක් තැවරූ මං ඉන් පසු අපි දෙදෙනා දුවත් මැදි කරගෙන නිදා ගත්තෙමු.
ඊලග කොටසින් නැවත හමුවෙමු