සුදේශ් කියන්න හදන දේ ගැන මං අහගෙන හිටියේ ගොඩාක් නොඉවසිල්ලෙන්.
“ප්‍රාර්ථනා,ඔයාගෙ ලෝචනා නංගි මැරි කරන්න ඉන්න තේනුක වැඩ කරන්නෙ අපේ ඔෆිස් එකේ.හැබැයි තේනුක කියන්නෙ හොද චරිතයක් තියෙන මිනිහෙක් නම් නෙවෙයි……”
සුදේශ් එහෙම කියනකොට මට මතක් වුනේ එදා තේනුක මගේ අතින් අල්ලලා කට මිරිකපු හැටි.තේනුක හොද කෙනෙක් නෙවෙයි කියලා මට එදාම තේරුණා.
“තේනුකගෙ තාත්තා අපේ තාත්තගෙ යාලුවෙක්.එදා තේනුක ඔයාලගෙ ලෝචනා නංගි බලන්න එද්දී වාහනේ මගදී බ්රේක් ඩවුන් වෙලා.මං එදා අපේ වෑන් එකෙන් ගෙදර යද්දී මට එයාලව මගදී හම්බුනා. තේනුකගෙ තාත්තා හොද මනුස්සයා හින්දා මං එයාලව එදා මගේ වෑන් එකේ ඔයාලගෙ ගෙදර එක්කන් ආවා.එයාලා එනකල් මං වෑන් එක ඇතුළට වෙලාමයි හිටියෙ.වතුර තිබහක් ආපු හින්දා මං ඔයාලගෙ ගෙදර කිචන් එක පැත්තට ගියා.
එතකොට තමයි මට ඇහුනෙ ඔයාගෙ කුඩම්මා ඔයාට බැනපු හැටි.මං හොදටම දැක්කා කුඩම්මා ගියාට පස්සේ ඔයා අඩපු හැටි.ඔයාට තිරිසනෙකුට වගේ සලකලා ඔයාගෙ කුඩම්මා තේනුකගෙ ෆැමිලි එකේ අය ඉස්සරහා ලස්සනට රගපෑවා.
එදා ආපහු ගෙදර ආවත් මට මතක් වුනේ ඔයා ගැනමයි.මට හැම වෙලේම ඔයාව මතක් වෙන්න පටන් ගත්තා.පස්සෙ මං මේ ගැන තාත්තට කිව්වා.තාත්තා එයාගෙ යාලුවෙක්ගෙ මාර්ගෙන් තමයි ඔයාලගෙ ගෙදරට මේ ප්‍රපෝසල් එක ගෙනාවෙ…….”
“ඒත් ඇයි සුදේශ් ඔයා ඔයාලා ගොවිතැන් කරන මිනිස්සු කියලා බොරු කිව්වෙ?…….”
මං සුදේශ්ගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවා.
“ඔයාගෙ කුඩම්මයි ලෝචනා නංගියි සල්ලි වලට මොන තරම් කෑදරද කියලා මං හොදට දැන ගත්තා.ඔයාට හොදක් වෙනවට ඔයා සතුටින් ඉන්නවට එයාලා කැමති නෑ.මං සල්ලි කාරයෙක් කියලා එයාලා දැනගත්තොත් මේ කසාදෙ කරන්න කවදාවත් කුඩම්මා කැමති වෙන්නෙ නැහැ.ඒ හින්දයි මේ විදියට බොරුවක් කියලා මේ කසාදෙ කරේ…….”
මට සුදේශ් ගැන තවත් ආදරේ දැනුනා. එයා මේ හැම දෙයක්ම කරේ මට තියන ආදරේ හින්දනේ.
“දුවට කවදාවත් මෙහෙදි දුක් විදින්න ලැබෙන්නෙ නෑ.කුඩම්මා වගේ දුවට කරදර කරන්න මෙහෙ කවුරුවත් නැහැ. මේක දුවගෙම ගෙදර කියලා හිතා ගන්න…….”
එහෙම කිව්වේ සුදේශ්ගෙ අම්මා.මං සුදේශ්ගෙ අම්මටයි තාත්තටයි දණ ගහලා වැන්දා.
“දෙවියන්ගෙ පිහිටයි දරුවනේ.හැමදාම සන්තෝශෙන් ඉන්න ඕනි…….”🙏🙏
“යමු මං දුවව කාමරේට එක්කන් යන්නම්…….”
💐💐
“ප්‍රාර්ථනා මං වොශ් එකක් දාගෙන එන්නම්…….”
සුදේශ් ටවල් එකකුත් අරගෙන බාතෲම් එකට ගියා.මං ෆෝන් එක අරගෙන තාත්තට කෝල් එකක් ගත්තා.දැන්ම මේ ගැන ඇත්ත කියන්න හොද නෑ.පස්සෙ හිමිහිට කියනවා කියලා හිතුවා.
“හෙලෝ……”📲
“තාත්තෙ මං ප්‍රාර්ථනා…….”📲
“අනේ ලොකු දුවේ ඔයාලා හොදින් ඉන්නවා නේද?මං මේ කෝල් එකක් දෙනකල්මයි බලන් හිටියෙ…….”📲
“අපි හොදින් ඉන්නවා තාත්තෙ.ඔයාලට කොහොමද?……..”📲
“අපිත් හොදින් ඉන්නවා දුවේ.දූ නැතුව මුලු ගේම පාලුයි.වෙලාවක සුදේශ් පුතාත් එක්ක මෙහෙ ඇවිත් යන්න එන්න…….”📲
“හොදයි තාත්තෙ.කෝ කුඩම්මයි ලෝචනා නංගියි?…….”📲
“වෙඩින් එකේ වැඩ වගේකට කියලා ටව්න් එකට ගියා……..”📲
“මං එහෙනම් තියන්නම් තාත්තෙ.බුදු සරණයි…….”📲
“බුදු සරණයි දුවේ…….”📲
“ප්‍රාර්ථනා ඔයත් ගිහින් වොශ් එකක් දා ගන්න…….”
බාතෲම් එකේ ඉදන් කාමරේට ආපු සුදේශ්ගෙ කටහඬට මං පිටිපස්ස හැරිලා බැලුවා.මට මගේ ඇස් අදහගන්න බැරි වුනා.ඔව් මට වැරදුනේ නැහැ.මං මේ දකින්නෙ හීනයක්ද?මං ඇස් දෙක පිහදාලා ආයෙමත් බැලුවා.නෑ මේක හීනයක් නෙවෙයි ඇත්තක්.සුදේශ් හිනා වෙවී මං ලගට ඇවිත් වාඩි වුනා.
“මොකද මගේ මුහුණේ පෙරෙහැරක්වත් යනවද?…….”😁🤣
මට තාමත් හිතා ගන්න බැරි වුනා මේ කලින් හිටපු සුදේශ්මද කියලා.මදක් රැව්ල වවා ගත්තු ඔලුවෙ තැනින් තැන සුදු වෙච්චි ටිකක් වවපු කොන්ඩෙ තියන අවුරුදු තිස් අටේ සුදේශ් වෙනුවට මං ගාව හිටියෙ ලස්සනට රැව්ල කපපු කොන්ඩෙ කොටටම කපපු අවුරුදු විසි පහක විසි හයක තරුණ පෙනුම තියන සුදේශ්.
“සුදේශ්….මේ ඔයාමද?මට හිතා ගන්නවත් බෑ.මං හිතුවෙ ඔයාට ඇත්තටම වයස තිස් අටයි කියලා…….”
“මෝඩි.අවුරුදු තිස් අටක වයස කෙනෙක් කියලා කිව්වම ඔයාගෙ කුඩම්මා අනිවාර්යයෙන්ම ඔයාව මට ඔයාව බන්දලා දෙනවා.ඒ හින්දයි මං ඒ වගේ රගපෑමක් කරේ…….”
“එතකොට දැන් ඔයාගෙ වයස කීයද සුදේශ්?…….”
“විසි පහයි…….”
“ඒකනෙ.මට නිකමටවත් හිතුණෙ නෑ ඔයා විග් එකක් දාගෙන ඉන්නෙ කියලා. ඒත් මං ඔයාට ආදරෙයි සුදේශ්…….”
“මං ඒක දන්නවා ප්‍රාර්ථනා.ඔයා කුඩම්මගෙ බල කිරිල්ලටම මාව මැරි කරා නම් මං මගේ ඇත්ත තත්වෙ ඔයාට හෙලි කරන්න කාලයක් යයි.ඒත් මං ඒක අදම කිව්වෙ ඔයා අර අවුරුදු තිස් අටේ කොන්ඩෙ බාගෙට සුදු වෙච්චි ගොවිතැන් කරන මනුස්සයට අවංකවම ආදරේ කරානෙ…….”
“ආදරේ කරන්න ඕනි අවංකවමයි සුරේශ්. මේ ඒක නෙවෙයි…..තාත්තා කිව්වා අපිට එහෙ ඇවිත් යන්න එන්න කියලා.අපි ගිහින් එමුද?….ඒත් කොහොමද යන්නෙ?…….”
“ම්ම්ම්….යමු.අර කලින් විදියටම.දැන්ම මේ ගැන එයාලට කියන්න එපා…….”
කලින් කතා කර ගත්තු විදියටම මායි සුදේශුයි අපේ ගෙදරට යන්න ලෑස්ති වුනා.අපේ ගමනට සුදේශ්ගෙ නංගිත් එකති වෙන්න හැදුවා.
“අනේ අයියෙ මාවත් එහෙ එක්කන් යන්නකෝ.ඔයාලගෙ වෙඩින් එකට එන්න දුන්නෙත් නෑ මට…….”
“දූ සදීශා මෙන්න මෙහාට වෙලා ඉන්නවා. අය්යයි අක්කයි ගිහිල්ලා එයි. මෙයා දැන් ගොඩක් මුරණ්ඩු වෙලා…….”
සුදේශ්ගෙ අම්මා නංගිට සැර කරා.පව් කෙල්ල දුකින් පැත්තකට වුනා.
“කමක් නෑ අම්මෙ නංගිවත් අපි එක්කන් යන්නම්…….”
මං එහෙම කිව්වා.
“ඒත් ප්‍රාර්ථනා අපි මෙයාව කවුරු කියලද අදුන්වලා දෙන්නෙ?මට අවුරුදු තිස් අටක් කියලා මගේ නංගි කියලා මෙයාව අදුන්වලා දෙන්න බෑනෙ…….”
“ඔව් ඒකත් ඇත්ත තමයි.අපි කියමු මෙයා ඔයාගෙ නෑදෑ වෙන නංගි කෙනෙක්ගෙ දුවෙක් කියලා.එහෙම හොදයි නේද?…….”
“හ්ම්ම්….ඔව් එහෙම හොදයි…….”
💐💐
ත්‍රීවීලර් එකකින් ඇවිත් මායි සුදේශුයි නංගියි ගේ ගාවින් බැස්සා.අපි ඉස්සරහට ආවෙ තාත්තා.
“ආනේ එන්න දරුවනේ ගේ ඇතුළට.මේ දුව කව්ද?……..”
සුදේශ්ගෙ නංගිව පෙන්නලා තාත්තා එහෙම ඇහුවා.
“අ…මේ තාත්තෙ සුදේශ්ගෙ නෑදෑ වෙන නංගි කෙනෙක්ගෙ දුවෙක්.මෙයා පවනි. තාම ඉස්කෝලේ යනවා.නවයෙ පන්තියෙ ඉන්නෙ……..”
අපි තුන්දෙනා ගේ ඇතුලෙන් ඇවිත් වාඩි වුනා.කුඩම්මයි ලෝචනා නංගියි අපි ඉන්න දිහාට ආවා.අපි ආවා කියලා එයාලට විශේෂයක් නෑ.
“කොහොමද කුඩම්මෙ?කොහොමද නංගි?…….”
“අපි හොදින් ඉන්නවා නේද අම්මා…….”
“ඔව් ඔව්…….”
දෙන්නම ඒ විදියට පිළිතුරු දුන්නා.
“දුව….ලෝචනාගෙ වෙඩින් එක ලබන මාසෙ දොළහ.ඔයාලා එන්න ඕනි.අපි එන්නම්කෝ ආරාධනා කරන්න……..”
“මෙයාලා කොහොම එන්නද අනේ ඒ වගේ ලොකු හොටෙල් එකකට.ගෙදරට අදින පළදින විදියට එතනට ඇදගෙන ඇවිල්ලා බැහැ.ඔය දෙන්නා නාවට කමක් නෑ.වෙඩින් එකට යන්න බොරුවට සල්ලි නාස්ති කරන්න එපා……..”
තාත්තා ලෝචනා නංගිගෙ වෙඩින් එකට අපිට ආරාධ්‍යා කරාම කුඩම්මා එහෙම කිව්වා.ඇත්ත එයාලා දන්නවා නම් පැලෙයි ඉරිසියාවටම.
“ඔව් කුඩම්මෙ අපි දෙන්නට කොහොමත් එන්න වෙන්නෙ නෑ.එදාට එළවළු අරන් පොළට යන්න තියනවා……..”
“අම්මෙ තේනුකගෙ ඔෆිස් එකේ බොස්ටත් අපේ වෙඩින් එකට ඉන්වයිට් කරන්න.එයාත් ලගදිලු මැරි කරේ.ඒ ගර්ල් මාර ලස්සනයිලු……..”
දන්නෙ නැතුව හරි ලෝචනා නංගි මගේ ඉදිරිපිටම මගේ ලස්සන ගැන වර්නනා කරන්න පටන් ගත්තා.මට හිනා යන්නත් ආවා.සුදේශ් කාටවත් නොපෙනෙන්න මගේ අත කොනිත්තලා ඉගි කරා.
“ආ දුවේ තේ බොන්න…….”
තාත්තා අපිට තේ හදලා බිස්කට්,කේක් එහෙම ගෙනත් දුන්නා.
“මේ කේක් හරිම රසයි.ඔයා කන්න ආස මේ ජාතියෙ කේක් නේද මාමෙ?…….”
සුදේශ්ගෙ නංගි කේක් කෑල්ලක් අතට අරගෙන සුදේශ්ගෙන් එහෙම ඇහුවා. කෙල්ල සුදේශ්ට කට ඇද කර කර මාමෙ කියලා කතා කරා.සුදේශ්ට මල පනින්න ඇති.වෙන තැනකදි නම් මේකි ගුටිත් කාලා.
“තාත්තෙ අපි ගිහිල්ලා එන්නම්…….”
“ප්‍රාර්ථනා මෙන්න අපි දෙන්නටත් ඉන්වයිට් කරා වෙඩින් එකට.මධාරා එකේ වෙඩින් එක තියෙන්නෙ…….”
කාඩ් එක මගෙ අතට දීලා සුදේශ් කිව්වා.
“අපි යනවා නේද සුදේශ්?…….”
“ඔව් අනිවාර්යයෙන්ම යනවා.එදාට ඔයාග්‍ර් කුඩම්මයි ලෝචනා නංගියි පුදුම වෙයි මේ ගොවිරාල කව්ද කියලා දැන ගත්තම…….”
මටත් එහෙම හිතුණා.
“සුදේශ්,තේනුක මොන වගේ කෙනෙක්ද?……..”
මං එහෙම ඇහුවම සුදේශ් මං දිහා පුදුමයෙන් වගේ බැලුවා.මට හිතුණා මං වැරදි දෙයක්ද ඇහුවෙ කියලා.
“ඇයි ඔයා එහෙම අහන්නෙ ප්‍රාර්ථනා…….”
“න්…නෑ සුදේශ් එදා ඔයා කිව්වෙ තේනුක හොද මනුස්සයෙක් නෙවෙයි කියලා. ඒකයි මං එහෙම ඇහුවෙ……..”
“ඒක ඇත්ත ප්‍රාර්ථනා.තේනුක හොද මනුස්සයෙක් නෙවෙයි.ජරා මිනිහෙක්. අපේ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක් එක්ක තේනුකට එෆෙයා එකක් තිබ්බා.ඒ ගර්ල් තේනුකගෙ අතින් අමාරුවෙ වැටිලා.ඊට පස්සෙ තේනුක ඒ ගර්ල්ව මැරි කරන්න බෑ කියලා……..”
“අපොයි දෙයියනේ තෙනුක ඒ වගේ ජරා මිනිහෙක්ද?එතකොට ඒ ගර්ල්ට මොකද වුනේ?…….”
“ඒ ගර්ල්ට තේනුක හින්දා දරුවෙක් ලැබෙන්න හිටියා.තේනුකගෙ බලකිරිල්ලට ඒ ගර්ල් දරුවව ඇබෝශන් කරලා.ඒ සිද්දියෙන් පස්සෙ ඒ ගර්ල් අස්වීම දීලා අයින් වුනා.ටික කාලෙකට පස්සෙ තමයි අපිට ආරංචි වුනේ ඒ ගර්ල් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා කියලා.මේ සිද්දිය හින්දා මං තේනුකව ඔෆිස් එකෙන් අයින් කරන්න හැදුවා.ඒත් තාත්තගෙ කීමට මං තේනුකව ඔෆිස් එකේ තියාගත්තෙ…….”
ඊලග කොටසින් නැවත හමුවෙමු