වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ගැන්වීමට ආර්ථික සංවර්ධන අමාත්‍ය වරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් තීරණය කර තිබෙනවා. ඒ සදහා ආයෝජකයින්ට ආරාධනා කරන බව ඔහු පැවසුවා.
පසුගියදා වසා දමා ඇති කන්තලේ සීනි කම්හලේ ඊයේ (23) නිරීක්ෂණ චාරිකාවක යෙදුනු නැගෙනහිර නව ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ට, දැනට එහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන සේවක පිරිස් කියා සිටියේ මාස 15 කින් පමණ තමන්ට වැටුප් නොලැබුණු බවයි. ඊට ප්‍රතිචාර දක්වා ආණ්ඩුකාරවරිය කියා සිටියේ ඒ පිළිබඳව තමන් හැකි ඉක්මණන් සාධනීය පියවරක් ගන්නා බව ය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කර්මාන්ත ශාලාව හැකි ඉක්මණින් නැවත පණ ගැන්වීමට කටයුතු යොදන බව ප්‍රකාශ කරා.