නංගි ඔයා අම්මටයි තාත්තටයි මේ ගැන කියන්න.මං හිතන්නෑ කවදාවත් එයාලා මේ දේවල් වලට අකමැති වෙයි කියලා.ඔයා දුව බලන්න එනවට සපුමල් අකමැති වෙන්නෙ අම්මලා දැන ගත්තොත් ඔයාව නවත්තයි කියලනේ. එදාට වැඩිය අද තත්වෙ වෙනස් නංගි. ඔයා හෙටම මේ ගැන අම්මයි තාත්තයි එක්ක කතා කරන්න…….”

දෙව්මිණී අක්කා කියපු දේ හරියි කියලා මට හිතුණා.හෙටම මේ ගැන අම්මයි තාත්තයි එක්ක කතා කරන්න ඕනි.

“ඔව් අක්කෙ අම්මටයි තාත්තටය මං හෙටම මේ ගැන කියනවා.මට දෝණිව ඉක්මනටම මං ගාවට ගන්න ඕනි…….”

“එතකොට දෝණිගෙ තාත්තව එපාද?…….”😁

“එපා.මට ඕනි දුවව මං ගාවට ගන්න……”

“මෝඩියෙ සපුමල්ව මැරි කරන්නෙ නැතුව දුවව ගන්න හම්බෙන්නෙ නැහැ. කලින් දෙන්නා අදුරන්නෙවත් නෑ වගේනෙ කතාව…….”😁

“හරි හරි ඉතිං.මං සපුමල්ට ආදරේ කරාට එයාගෙ හිතේ තාම දිස්නා ඇති කියලා මට හිතෙනවා…….”

“හරි හරි බලමුකෝ.මං යනවා නිදා ගන්න. ගුඩ් නයිට්…….”

“ගුඩ් නයිට්…….”


“අම්මෙ තාත්තෙ මට ඔයාලත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා…….”

“ඒ මොකක්ද දූ?…….”

කොතනින් කොහොම පටන් ගන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.

“අම්මෙ….මං ආයෙමත් මැරි කරන්න හිතුවා…….”

මං එහෙම කිව්වම අම්මගෙයි තාත්තගෙයි මුහුණු වල තිබුනේ ලොකු සතුටක්.

“අනේ කොච්චර හොද්ද? කව්ද දූ ඒ?…….”

“අපේ ගෙදර හිටපු චූටි දෝණිගෙ තාත්තව……..”

මං හිමිහිට අම්මගෙයි තාත්තගෙයි මුහුණු දිහා බැලුවා.ඒ මුහුණු වල තිබුනේ ලොකු කුතුහලයක්.මට බයකුත් දැනුනා. එයාලා මේ දේවල් කොහොම තේරුම් ගනීද කියලා.

“ඒ දරුවගේ තාත්තා ඔයාගෙ යාලුවෙක් කිව්වා නේද?ඔයාලා මේ දේවල් ගැන කතා බහ කරාද?…….”

“තාම නෑ තාත්තෙ…….”

මං බිම බලාගෙනම උත්තර දුන්නා.

“එතකොට අපි කොහොමද දන්නෙ ඒ ළමයා කැමතිද නැද්ද කියලා…….”

“අනේ අම්මා….මං ඒ දූට ගොඩාක් ආදරෙයි.මට හැම වෙලේම ඒ දරුවව මතක් වෙනවා.මට ඒ දරුවා නැතුව ඉන්න බැහැ අම්මේ.ඒ දරුවාටත් එහෙම තමා.ඒ කෙල්ල මගෙන් හොයන්නේ එයාගෙ අම්මව…….”😭😭

“හරි දුවේ ඔයා දුක් වෙන්න එපා.අපි ඒ ළමයත් එක්ක මේ ගැන කතා කරන්නම්. දරුවෙක් වදන්න වාසනාවක් නැති වුනාට ඒ දරුවට තමුන්ගෙම දරුවෙකුට වගේ ආදරේ කරන්න පුලුවන් හදවතක් ඔයාට තියන එක ගැන මට සන්තෝශයි දුවේ…….”

“දුව…..අපිට ඒ ළමයා ගැන විස්තර කියන්නකෝ.අපි ඉක්මනටම ඒ ළමයව මුණ ගැහෙන්නම්…….”

“තාත්තෙ එයාව ඔයාලා දැකලා නැති වුනාට දන්නවා…….”

“අපි දන්නවා.🤔🤔ඒ කව්ද දුව?…….”

“සපුමල්……”

මං සපුමල් ගැන හැම දෙයක්ම තාත්තත් එක්ක කිව්වා.එයාව මට මුණ ගැහුනු හැටි,අපි ආදරේ කරපු හැටි,ලසන්තට අපිව අහු වුනු හැටි,සපුමල් කසාද බැන්ද බවයි එයාගෙ නෝනා මැරුණු හැටි, අවුරුදු ගානකට පස්සෙ මට සපුමල්ව මුණ ගැහුනු හැටි,සපුමල් මගෙන් දුවව ඈත් කරපු හැටි….ඒ හැම දෙයක්ම මං අම්මටයි තාත්තටයි කිව්වා.එයාලා ඒ දේවල් හොදට අහගෙන හිටියා.

“දුව ඔයා බය වෙලාද හිටියේ අපි මේකට අකමැති වෙයි කියලා…….”

මං ඔව් කියන්න ඔලුව වැනුවා.

“ඔයා කිසිම දේකට බය වෙන්න එපා.අපි කැමතියි ඔයයි සපුමල් එකතු වෙනවා දකින්න.සැබෑ ආදරේ කවදා හරි ජය ගන්නවාමයි.අපි අදම මේ ගැන සපුමල් පුතා එක්ක කතා කරන්නම්…….”

“අනේ අම්මා ඔය ඇත්තමද?මං ඉක්මනට දෝණිව බලන්න යනවා…….”😀😘

මට දැනුනේ ඉගිල්ලෙන්න තරම් ප්‍රීතියක් හා සතුටක්.මං එහෙම්මම කාමරේට දුවලා ගිහින් ලෑස්ති වෙලා කාර් එකේ සපුමල්ගේ ගෙදරට පිටත් වුනා.මිදුලේ අයිනට වෙන්න කාර් එක නවත්තලා මං ගෙදර බෙල් එක එබුවා.

“ආනේ මගෙ ආන්ති ඇවිල්ලා…….”

දෝණි මාව බදා ගත්තා.මං දෝණිගෙ කම්මුලක් සිම්බා.දවස් ගානකට පස්සෙ මං අදයි දෝණිව දැක්කෙ.

“මැණික මං ඔයාගෙ ආන්ටි නෙවෙයි රත්තරං.අද ඉදන් මං ඔයාගෙ අම්මි…….”

“ඔය ඇත්තමද?…….”

“ඔව් පැටියෝ…….”

“සුදර්ශි……..”🤬🤬

දෝණිගෙයි මගෙයි කටහඬට අමතරව සපුමල්ගෙ කටහඬ ඇහුනේ හරියට අකුණක් ගහනවා වගේ.

“තාත්ති මේ ආන්ටි අද ඉදන් මගෙ අම්මි වෙනවලු.යේ….මටත් දැන් අම්මියෙක් ඉන්නවා…….”😀😀😘

සතුට වැඩි කමට දෝණි උඩ පැන පැන අත්පුඩි ගැහුවා.මං කෙල්ල දිහා බලන් හිටියේ ගොඩාක් සතුටින්.

“දුව ගිහින් සෙල්ලම් කරන්නකෝ…….”

සපුමල් දුවව එළියට යැව්වා.

“සුදර්ශි තමුං හදන්නේ මගෙ දරුවගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නද?තමුංට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑනෙ.ඒ හින්දා දරුවෙකුගේ හිතේ තියන ආශාවල් ආදරය තේරුම් ගන්න තමුංට බැහැ.මගෙ අහිංසක කෙල්ලගෙ හිතට බොරු බලාපොරොත්තු දෙන්න එපා.ඔය හිතේ තියන දේවල් වලට කවදාවත් දෙමව්පියන්ගෙන් ඉඩක් ලැබෙන්නෙ නෑ කියලා හොදටම දැන දැන මගෙ දරුවගෙ හිත රිද්දන්න එපා……..”🤬🤬

සපුමල්ගෙ වචන මගෙ පපුවට වැදුනේ ඊතල පාරවල් වගේ.මගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියා.ඒත් තාම සපුමල් ඇත්ත දන්නෙ නෑනෙ.

“කිසිම දෙයක් ගැන නොදැන ඔහොම කතා කරන්න එපා සපුමල්.මේ හැම දෙයක්ම අම්මයි තාත්තයි දෙන්නම දන්නවා.එයාලගේ කැමැත්ත ආශිර්වාදය ඇතුවයි මං අද මෙහාට ආවෙ…….”

මං එහෙම කිව්වම සපුමල්ගෙ නිශ්ශබ්ද වුනා.පෙර වගේ කටහඬ වේගවත් වුනේ නැහැ.මේ වතාවෙ සපුමල් කතා කරේ හිමින්.

“එයාලගේ කැමැත්ත විතරක් ලැබුනම ඇත්ද?එතකොට මගෙ කැමැත්ත එපාද?…….”

“මං දන්නවා සපුමල් ඔයා අකමැති නෑ කියලා……”

“ඔයාට වැරදිලා සුදර්ශි.මගෙ හිතේ හැමදාම ඉන්නෙ දිස්නා විතරයි…….”

දෙයියනේ සපුමල් එතකොට මට ආදරේ කරලා තියෙන්නේ බොරුවටද?මොනවද මේ සපුමල් කියන්නේ?😢😢

“ඔයා මේ විහිලු කරනවද සපුමල්?…….”

“නෑ සුදර්ශි මට ඔයත් එක්ක විහිලු කරන්න උවමනාවක් නැහැ.ඔයා මොන තරම් දේවල් කරත් මගෙ හිතෙන් දිස්නා ව ඈත් කරන්න කොහෙත්ම බැහැ…….”

සපුමල් හිතාගෙන ඉන්නේ මං මේ දේවල් කරන්නේ එයාව ලබා ගන්න කියලා. එහෙනම් එයාට වැරදිලා.මං සපුමල්ට ආදරෙයි තමයි.ඒත් මං ඊට වඩා සිය දහස් ගුනේකින් දෝණිට ආදරෙයි.

“සපුමල් ඔයා දුවට ගොඩාක් ආදරෙයි නේද?……”

“ඔව්…….”

“එයාගෙ සතුට වෙනුවෙන් ඔයා ඕනම දෙයක් කරන්න ලෑස්තියි නේද?…….”

“ඔව්…….”

මං සපුමල්ගෙ ඉස්සරහටම ගිහින් මූණ කෙලින් හිට ගත්තා.සපුමල් මං දිහා බැලුවේ පුදුමයෙන් වගේ.

“එහෙනම් මාව කසාද බදිනවා.තමුං හැමදාම දිස්නාට ආදරේ කරනවා ඒකට මට කමක් නැහැ.මට දුවගෙ අම්මා වෙලා ඉන්න විතරක් ඉඩ දෙනවා.මට ඒ හොදටම ඇති.මං මේ දේවල් කරන්නෙ දෝණිට තියන ආදරේට මිසක් ආදරේට මිසක් වෙන මගුලකට නෙවෙයි……”😡😡

මගෙ ඒ හඩට සපුමල් ටිකක් පසු බැස්සා කියලා මට හිතුණා.ටික වෙලාවකින් අම්මලා එන සද්දෙ ඇහුනා.අම්මලා කාර් එකෙන් බැහැලා ගේ ඇතුළට එන්න කලින් මං සපුමල්ට ආයෙ පොඩි තර්ජනයක් කෙරුවා.

“අපේ අම්මලා ඉන්න තැන තමුං මට ආදරෙයි වගේ රගපානවා.මේ කසාදෙට තමුසෙ කැමතියි කියනවා…….”

අම්මයි තාත්තයි සපුමලුයි කතා කරන අතරේ මං දූත් එක්ක කුස්සියට ගියා බොන්න මොනවහරි හදන්න.පණ්ඩිත ආච්චි දන්නවා තේ හදන හැටි.

“අම්මී මං ආත්තිටයි සීයතයි තේ හදන්නම්.අම්මි බලන් ඉන්නකෝ……”

දුව මට අම්මා කියනකොට මට ඇති වුනේ දරා ගන්න බැරි තරම් සෙනෙහසක්. මං දූගෙ ඔලුව අතගෑවා.කෙල්ල පුංචි වුනාට තේ ටික ගානට හදලා තියනවා.

“ඔන්න දූ ලබන සතියෙ ඔය දෙන්නගෙ වෙඩින් එක ගන්නවා…….”

“ලොකුවට හොටෙල් එකක ගන්න ඕන්නෑ අම්මෙ.ගෙදර පුංචියට දාමු.ඒ ඇති…….”

“ඔව් දුව ඒ විදියට සපුමල් පුතාත් කැමතියි……”

මං හිමිහිට සපුමල්ගෙ මුහුණ දිහා බැලුවා.බස්සෙක්ගෙ වගේ මූණ😂😉. ආසාවට පොඩ්ඩක් හිනා වෙන්නෙ නැහැ.

“එහෙනම් අපි ගිහින් එන්නම් පුතා.තව දවස් පහයිනෙ තියෙන්නෙ…….”

“අම්මි යන්න එපා.දැන් අම්මි ඉන්න ඕනි අපේ ගෙදරනෙ…….”

බටු ඇටේ මගේ අතේ එල්ලිලා ඇහුවා.මං හිම්හිට කෙල්ලගෙ ඔලුව අත ගෑවා.

“මැණික,අම්මි තව දවස් පහකින් දූ ගාව හැමදාම ඉන්න එනවනේ.එතකන් දෝණි තාත්තිත් එක්ක ඉන්න.අම්මි ගිහින් ඇදුම් එහෙම ලෑස්ති කර ගන්න ඕනිනෙ.කමක් නෑ නේද රත්තරං…….”

“කමක් නෑ අම්මී.බබා අම්මි එනකල් බලන් ඉන්නවා…….”😘😘


පුංචියට වුනත් ලස්සනම ලස්සන උත්සවයක් අරගෙන මං සපුමල්ගෙ පතිනිය වුනා.අපි හැමෝටම වඩා සතුටින් හිටියේ බටු ඇටේ.ඒ මං හින්දා.කට පුරා මට අම්මා කියලා කතා කරනකොට මට දැනුනේ පුදුම සන්තෝශයක්.කසාදෙන් පස්සේ මං පදිංචි වුනේ සපුමල්ගෙ ගෙදරමයි.සපුමල් නම් මාත් එක්ක ආදරෙන් එක වචනයක්වත් කතා කරන්නෙ නැහැ.කමක් නැහැ මං එයාව කසාද බැන්දේ දුව හින්දනේ.මට මොකෝ එයා කොහොම හිටියත්.

“සුදර්ශි…..ඔයාට කෝල් එකක්…….”

සපුමල්ගෙ කටහඬට මං සාලෙට දිව්වේ කව්ද කෝල් කරන්නෙ කියලා බලන්න.

“හෙලෝ…….”📞

“අක්කි මං නේහා.ඔයා අපිටත් හොරෙන්ම කේක් කෑවා නේද?…….”📞

“අනේ නංගි හදිස්සියෙමනෙ වුනේ. කාටවත් පිට අයට කිව්වෙ නෑ…….”📞

“ඉතිං අපි පිට අයද?…….”📞

“අනේ නෑ මැණික.ඔයාලට ඉන්දියාවේ ඉදන් එන්න වෙලාවක් නෑනෙ ඉතිං. ලොකුවට උත්සවයක් ගත්තෙ නෑ.තරහ වෙන්න එපා ඉතිං……..”📞

“අනේ නෑ අක්කෙ.මං විහිලුවක් කරේ. කෝ දුවයි මස්සිනායි?…….”📞

“ඉන්නවා නංගී.දුව නිදි තාම.සපුමල් තේ බොනවා…….”📞

“හ්ම්ම්.මං ඔයාට කතා කරේ සතුටු හිතෙන ආරංචියක් කියන්න…….”📞

“ඒ මොකක්ද නංගි?…….”📞

“මේ සැරේ ෆිල්ම් ෆෙයාර් වල බෙස්ට් ඇක්ටර් එවෝඩ් එකේ ඔයාගෙ නමත් තියනවා.ලබන මාසෙ විසිඅට සම්මාන උලෙල තියෙන්නෙ.ඔයාලා එන්න ඕනි…….”📞

ඊලග කොටසින් නැවත හමුවෙමු