“ඔච්චර ලොකුවට ගන්න ඕනියැ ප්‍රාර්ථනාගෙ වෙඩින් එක.පොඩියට ගත්තම මදෑ.අනික සුදේශ්ලා පෝසත් මිනිස්සු නෙවේනෙ…….”
මගේ වෙඩින් එක ලොකුවට ගන්න ඕනි කියලා තාත්තා කියද්දී කුඩම්මා දැරුවේ ඒ වගේ මතයක්.කුඩම්මා කැමති නෑ මගෙ වෙඩින් එක ලොකුවට ගන්න.
“සුදේශ්ලාට සල්ලි නැති වුනාට අපිට තියනවනේ ටිකක් ලොකුවට වෙඩින් එක ගන්න පුලුවන් තරමට.ප්‍රාර්ථනාගෙත් ආසාවක් ඇති තමන්ගෙ කසාදෙ ලොකුවට ගන්න…….”
“එයාට ඕනි ඕනි දේවල් කරන්න ගිහිල්ලා ලෝචනාගෙ කසාදෙට එහෙම පාඩුවක් වෙන්න දෙන්න එපා.මං කැමති නැහැ ප්‍රාර්ථනා හින්දා ලෝචනාගෙ හීන නැති වෙලා යනවට…….”
කුඩම්මා තාත්තත් එක්ක වාද කරන්න පටන් ගත්තා.
“එතකොට ලෝචනා හින්දා ප්‍රාර්ථනාගෙ හීන නැති වෙලා යන්න දෙන්න හොදද? ප්‍රාර්ථනා කැමති විදියටයි එයාගෙ කසාදෙ සිද්ද වෙන්නෙ……..”
තාත්තා ස්ථීර හඩකින් එහෙම කිව්වා.
“තාත්තලා දූලා ඕනි දෙයක් කර ගන්න එකයි ඇත්තෙ.හැබැයි මගෙ කෙල්ලගෙ කසාදෙට කිසිම අඩුවක් වෙන්න බැහැ…….”
එහෙම කියලා කුඩම්මා කාමරේට ගියා. මං හිමිහිට තාත්තා ලගට ගියා.තාත්තා හිටියෙ ලොකු කල්පනාවක.
“තාත්තෙ…….”
“ඇයි දූ…….”
“මගෙ වෙඩින් එක ලොකුවට ගන්න ඕන්නෑ.සුදේශ් වුනත් කැමතියි වෙඩින් එක චාම්ව ගන්න.බොරුවට වියදම් කරන්න එපා තාත්තෙ.එක දවසකින් වෙඩින් එක අරගම්මු…….”
“ඔයාගෙ කැමැත්තක් දූ…….”
💐💐
“ආනේ මේ තේනුක පුතානෙ.එන්න පුතේ. පුතා එනවා කියලා අපි දන්නෙත් නෑනෙ…….”
ලෝචනා නංගි කසාද බදින්න ඉන්න තේනුක හවස අපේ ගෙදර ආවා.කුඩම්මා එයාගෙ බෑනව හොදට පිලි ගත්තා.
“අද නම් පුතා කෑම කාලම යන්න ඕනි. මායි ලෝචනා දූයි කෑම ලෑස්ති කරන්නම්
ප්‍රාර්ථනා දූ මේ තේනුක පුතාට කූල් ඩ්‍රින්ක් එකක් හදලා දෙන්න හොද ළමයා වගේ…….”
පිට කවුරුහරි ඉන්න වෙලාවට මං වෙනුවෙන් කුඩම්මාගෙ ආදරේ දෝරෙ ගලනවා.එයා රගපාන රගපෑමට ඔස්කාර් සම්මානෙ දෙන්න වටිනවා.එහෙම හිත හිතාම මං කුස්සියට ගිහින් කූල් ඩ්‍රින්ක් එකක් හදලා තේනුකට ගිහිල්ලා දුන්නා.
“හරිම රසයි ඔයාද හැදුවෙ?……..”
කෑදර දෙනෙතින් මං දිහා බලපු තේනුක එහෙම ඇහුවා.
“ඔව්……”
එහෙම කියලා ට්‍රේ එක පැත්තකින් තියලා මං කාමරේට යන්න හැදුවා.ඒත් තේනුක මගේ වැලමිටෙන් අල්ල ගත්තා. මට එකපාරටම බය හිතුණා.මං අත ගලව ගන්න හැදුවත් තේනුක තවත් තද කරා.
“මගෙ අත අතාරිනවා තේනුක.නැත්නම් මං කෑ ගහනවා…….”
“මේ කටින්ද කෑ ගහන්නෙ?…….”
එහෙම කියලා තේනුක මගෙ කට තද කරලා මිරිකුවා.මගෙ ඉවසීමෙ සීමාව පැන්නා.මං අත මිට මොලෝලා තේනුකගෙ කම්මුලට ගැහුවා.ඒ ඇසිල්ලේම මං කාමරේට දුවලා ගිහිල්ලා දොර වහලා ලොක් කරගත්තා.චික්……. ලෝචනා නංගි බදින්න ආපු තේනුක මේ වගේ වනචරයෙක්ද?ටික වෙලාවකට පස්සෙ මට ඇහුනා තේනුක ලෝචනා නංගිත් එක්ක කතා කරන සද්දෙ.
💐💐
“ලොකු දූ……”
“ඇයි තාත්තෙ?…….”
“පුතේ ඔයාලා තුන් දෙනා හෙට පාන්දර දෙක වෙද්දී සැලූන් එකට යන්න.උදේ දහයයි තුනට පෝරුවේ චාරිත්‍ර තියෙන්නේ…….”
“හා තාත්තෙ…….”
තාත්තා ගියාට පස්සේ කුඩම්මා මං ගාවට ආවා.
“ප්‍රාර්ථනා,ලෝචනාගෙ කසාදෙට තව සල්ලි වගයක් මදි.කෝ ඉතිං ඔයාගෙ කසාදෙටත් සෑහෙන්න වියදම් වුනානෙ…….”
“මං ගාව කොහෙන්ද කුඩම්මෙ සල්ලි. තාත්තට කියන්න…….”
“ඇයි අර ඔයාට අයිති ඉඩම තියෙන්නෙ. ඒක විකුණලා සල්ලි අරන් දෙන්න.පිට කෙනෙකුට නෙවෙයිනෙ.ඔයාගෙ නංගිටනෙ…….”
ඇගට පතට නොදැනී කුඩම්මා එහෙම කියද්දී මට කේන්ති ගියා.එයා හදන්නේ අම්මගෙන් මට හම්බෙච්ච දේවල් විකුණලා මගුල් කන්න.
“ආ….කුඩම්මට දැන්ද මතක් වුනේ මං ලෝචනාගෙ අක්කා කියලා.මෙච්චර කාලයක් තිස්සේ ඔයාලා මට පිට කෙනෙකුට වගේ සළකලා කොයි තරම් වෙනස්කම් කරාද?ඒ දේවල් මං ඉවසගෙන හිටියා කියලා ලෑස්ති එපා මගෙ අම්මා මට දුන්නු දේවල් විකුණලා මගුල් කන්න.අනික,ලෝචනා නංගිගෙ කසාදෙට වියදම් වෙන සල්ලි වලින් හතරෙන් පංගුවක්වත් මට වියදම් වුනේ නැහැ……..”
“මේකිගෙ තියන ඉරිසියාව අම්මෙ.මං ලොකුවට වෙඩින් ගන්නවට මේකිගෙ තියෙන්නෙ පුදුම ඉරිසියාවක්.ඇයි මෙයාගෙ අර ගොවිරාලට එච්චර දෙයක් බෑනෙ ඉතිං…….”
ලෝචනා නංගි මොන දේ කිව්වත් අන්තිමට නතර කරන්නෙ සුදේශ්ට මොනවහරි කියලා.
“අනේ මේ ලෝචනා නංගි මං ඔයාට ඉරිසියා කරන්නෙ නෑ.මං ඔයාට අනුකම්පා කරනවා.ඔය දෙන්නා ඔය කෙල හලන්නෙ තේනුකගෙ සල්ලි වලට කියලා මං හොදට දන්නවා…….”
සුදු පාට ඔසරිය ඇදලා උඩරට මනාලියක් විදියට මං හැඩ වෙද්දී සුදේශ් ඇන්දේ ජාතික ඇදුම.අපේ වෙඩින් එක ගත්තේ සුභා උත්සව ශාලාවෙ.මගෙයි සුදේශ්ගෙයි කැමැත්ත අනුව අපේ කසාදෙ එක දවසකට සීමා වුනා. ගොඩාක් චාම්ව,ඒ වගේම සරළව අපේ කසාදෙ සිද්ද වුනා.පිටත් වන මොහොතේදී මං මල් මාලයක් දාපු අම්මාගෙ චායාරූපයට වැන්දා.🙏🙏ඊට තාත්තාට දණ ගහලා වැන්දා.🙏🙏
“දෙයියන්ගෙ පිහිටයි මගේ දුවටයි පුතාටයි……..”🙏🙏
කදුලු සගවාගෙන තාත්තා අපි දෙන්නට ආශිර්වාද කරා.ඊට පස්සේ මං කුඩම්මාටත් දණ ගහලා වැන්දා.ගෙදරදී මට මොන තරම් වෙනස්කම් කරත් කුඩම්මා මට ආශිර්වාද කරා.🙏🙏
❤️❤️
“අපි දැන් කොහාටද යන්නෙ සුදේශ්…….”
හොටෙල් එකේ ඉදලා ආපහු ගෙදර යද්දී මං සුදේශ්ගෙන් එහෙම ඇහුවා.මං හිතුවේ අපි මේ යන්නෙ සුදේශ් කුලියට ගත්තා කියපු ගෙදරට කියලා.
“අපි මුලින්ම යමු අපේ ගෙදරට.ඊට පස්සෙ අපි අර බලපු ගෙදරට යමු.එහෙම හොදයි නේද ප්‍රාර්ථනා…….”
“එහෙම හොදයි සුදේශ්.අපි හිමිහිට අපේම කියලා ගෙයක් හදා ගම්මු…….”
පැයකට විතර පස්සේ සුදේශ් කාර් එක විශාල තාප්පයකින් වට වුනු දෙමහල් නිවසක් ඉදිරිපිට නතර කරා.කාර් එකෙන් බැහැපු සුදේශ් දොර ඇරියා මටත් බහින්න.මං බැහැලා වටපිට බැලුවා.සුදු පාට තීන්ත ගාපු ලස්සන තට්ටු දෙකක ගෙදරක්.සුදේශ් මොකටද මෙහාට ආවෙ?
“සුදේශ් අපි යනවා කිව්වේ ඔයාලගෙ ගෙදරටනෙ.ඇයි මෙහාට ආවෙ?මේ ගේ කාගෙද?…….”
මං එහෙම අහනකොට සුදේශ් හිනා වෙලා මගේ අතින් අල්ලගෙන ඒ ගේ ඇතුලට ගියා.මට මොකුත්ම හිතා ගන්න බැරි වුනා.ඒ ගෙදර සාලෙ සුදේශ්ගෙ අම්මයි තාත්තයි තව ගෑනු කෙනෙකුයි පොඩි ගෑනු ළමේකුයි හිටියා.මට එකපාරටම සුදේශ්ගෙ අම්මයි තාත්තවයි අදුර ගන්න බැරි වුනා.සුදේශ්ගෙ තාත්තා ඇදලා කලු කලිසමයි කෝට් එකයි. සුදේශ්ගෙ අම්මා ඇදලා හිටියේ නිල් පාට ඔසරිය.අපේ කසාදෙට ඒ දෙන්නා ආවේ ගොඩක් දුප්පත් විදියටනෙ.මං ඒ ගෙයි වටපිට බැලුවා.හරියට හෝටලයක් වගේ.
“ප්‍රාර්ථනා මේ ඉන්නෙ මගෙ අම්මයි තාත්තයි.ඔයා දන්නවනේ.මේ මගේ නංගි. මේ අපේ ගෙදර වැඩට ඉන්න තිලකා නැන්දා.මේ අපේ ගෙදර……”
මොනවා???මොනවද සුදේශ් මේ කියන්නෙ?මට කලින් කිව්වෙ සුදේශ්ලා ගොවිතැන් කරනවා කියලනේ.ගොවිතැන් කරන කෙනෙකුට මේ වගේ ගෙයක් හදන්න වත්කමක් තියේද?මට මේ මොකුත්ම තේරුම් ගන්න බෑ.
“දුව මෙතනින් වාඩි වෙන්නකෝ.මේ හැම දෙයක්ම පුතා ඔයාට පැහැදිලි කරයි……”
එහෙම කිව්වේ සුදේශ්ගෙ අම්මා.මං එතන සෙටියෙන් වාඩි වුනා.
ඊලග කොටසින් නැවත හමුවෙමු