“ආන්තී බබා චිත්තයක් ඇන්දා……”
දෝණි චිත්‍රයක් ඇදලා ඒක අරන් සාලෙ අම්මයි තාත්තයි ලග හිටපු මං ගාවට අරගෙන ආවා.
“කෝ බලන්න දෝණි ඇදපු චිත්‍රෙ……”


තාත්තා කෙල්ලගෙ අතේ තිබුනු චිත්‍ර කොලේ අතට ගත්තා.
“ශා….හරිම ලස්සනට ඇදලනෙ දූ.මේ කව්ද?…….”


“ඒ ඉන්නෙ මං.මෙතන ඉන්නෙ තාත්ති…….”
“එතකොට මේ කව්ද?……”


අනික් පින්තූරෙ පෙන්නලා අම්මා එහෙම ඇහුවා.
“ආන්ති තමයි ඒ…….”


අනේ මේ පුංචි කෙල්ල ගැන මට ඇති වුනේ දරාගන්න බැරි තරම් සෙනෙහසක්. මට හොදටම දැනෙනවා මේ අහිංසකී මගෙන් හොයන්නෙ එයාගෙ අම්මව.දැන් දෝණි අපේ ගෙදර ඇවිත් සතියක් විතර වෙනවා.ඒ කාලෙ ඇතුළත මං දෝණිව අරන් සපුමල්ගෙ ගෙදරට දෙපාරක් ගියා. සපුමල්ට බෑනෙ අපේ ගෙදර එන්න.
රෑ වෙලා මං දෝණිට බත් කවලා නිදි කෙරෙව්වා.ඒ වෙලාවෙම වගේ සපුමල්ගෙන් කෝල් එකක් ආවා.


“හෙලෝ සපුමල් දෝණි නම් නිදි…….”📲


“ආ ඇත්තද? මං මේ ගත්තෙ සුදර්ශි මේ……හෙට දෝණිව ගෙදර එවන්න කියන්න.දැන් සතියක් වුනානෙ.ලබන අවුරුද්දේ ඉදන් දූ ආපහු මොන්ටිසෝරි යන්න ඕනිනෙ……..”📲

“ඒත් සපුමල්….මොන්ටිසෝරිය පටන් ගන්න තව දවස් දහයක් විතර තියනවනේ.ඔයා දුවව එක්කන් ගියත් ඔයා වැඩ ඇරිලා එනකන් ඩේකෙයා එකේනෙ ඉන්න ඕනි.කෙල්ල මෙහෙ හිටපු දෙන් සපුමල්……..”📲


මට බය හිතුණා සපුමල් දුවව එක්කන්‍ යයි කියලා.මේ සතියට මං මේ කෙල්ලත් එක්ක හිටියේ ගොඩාක් සන්තෝශෙන්. ගිය ආත්මෙ මේ දරුවා මගේම දරුවා වෙලා ඉන්න ඇති කියලා මට හිතුණා.


“ඔයා කියන දේත් ඇත්ත සුදර්ශි.ඒත් දුව නැතුව මේ මුලු ගේම පාලුවට ගිහින්. පුදුම පාලුවක් දැනෙන්නේ දුව නැතුව.මං වැඩට ගියත් ඕෆ් වෙච්චි වෙලාවට හරි දුව ඉන්නවනේ මං ගාව.ඔයා හෙට හවසට දුවව එක්කන් එන්න සුදර්ශි…….”📲


මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි වුනා.දුවව සපුමල් ලගට යවන්න මට හිත හදා ගන්න අමාරු වුනා. ඒත් මට දුව ගැන අයිතියක් නෑනෙ. සපුමල් දුවගෙ තාත්තනේ.😥😥


“හා සපුමල්.මං….මං හෙට හවසට දුවව එක්කන් එන්නම්……”📲


එහෙම කියලා මං කෝල් එක කට් කරලා දැම්මා.හිතට දැනුනේ දරාගන්න බැරි තරම් ලොකූ පාලුවක්.මං කෙල්ලගෙ ඔලුව අතගෑවා.ඔයාව තාත්ති ගාවට යවන්න මට හිත හදා ගන්න බැහැ රත්තරං.මට ඔයාව නැතුව ඉන්න හිත හදා ගන්න බෑ මැණික.😭😭


පහුවදා හවස් වෙලා මං කෙල්ලව එක්කගෙන සපුමල්ගෙ ගෙදර ගියා. කෙල්ල මාව දාලා යන්න බෑ කියලා කෑ ගහලා ඇඩුවා.ඒත් සපුමල් කෙල්ලව බලෙන් නවත්ත ගත්තා.කෙල්ල මාව ඉල්ලලා අඩන හැටි දැකලා මගෙ පපුව හෝස් ගාලා පත්ති වුනා😭😭මං ආපහු කාර් එක ඩ්‍රයිව් කරන් ගෙදර ආවෙ අඩ අඩාමයි.😢😢


මං කිහිප වතාවක්ම ෆෝන් එකෙන් දුවත් එක්ක කතා කරත් පහුවෙන්න පහුවෙන්න සපුමල් මට දුවත් එක්ක කතා කරන එක ටික ටික නැවැත්තුවා. මගේ කෝල් ආනසර් කරේ නැහැ.මං කෝල් කරාම කට් කරනවා.

ඒකෙන් මගෙ හිත හොදටම රිදුනා😥😥.ඇයි දෙයියනේ සපුමල් මෙහෙම කරන්නෙ?මං මොකක්ද කරපු වැරැද්ද?එහෙම හිතලා හිතලාම මං තීරණය කරා සපුමල්ගෙ ගෙදර යන්න.ඒත් කලින් දවසක සපුමල් මට කිව්වා දුව බලන්න එන එක ටික ටික නතර කරන්න කියලා.

ඒ ඇයි කියලා ඇහුවත් ඒකට සපුමල් මට උත්තරයක් දුන්නෙ නැහැ.සපුමල්ගෙ මේ අමුතු හැසිරීම් ගැන මට හිතා ගන්න අපහසු වුනා.සපුමල්ගෙ ගෙදරට යන්න මං ගත්තු තීරණේ අමාරුවෙන් හරි වෙනස් කරා.ෆෝන් එක අරන් සපුමල්ට කෝල් කරා.එත් කෝල් ගන්න ගන්න හැම සැරේටම සපුමල් කෝල් එක කට් කරනවා.ඒත් මං දිගටම කෝල් ගත්තා. අන්තිමට සපුමල් කෝල් එක ආන්සර් කරා.


“අනේ සපුමල් කෝල් එක කට් කරන්න එපා.මට ඔයත් එක්කයි කතා කරන්න ඕනි……”📲


“මොනවද කියන්න තියෙන්නෙ සුදර්ශි.කියන්න තියන දෙයක් ඉක්මනට කියන්න.දුව නිදි හින්දයි මං කෝල් එක ආන්සර් කරේ…….”📲


“මට කියන්න සපුමල්😭😭ඇයි ඔයා දුවව මගෙන් ඈත් කරන්න හදන්නේ?මට ඒකට උත්තරයක් දෙන්න සපුමල්. මොකක්ද මගෙන් වෙච්චි වැරැද්ද?…….”📲


“ඔයා කිසිම වැරැද්දක් කරලා නෑ සුදර්ශි…….”📲


“එහෙනම් ඇයි ඔයා මට දුවත් එක්ක කතා කරන්න දෙන්නෙ නැත්තෙ?……”📲
“ඔයාට මේක තේරෙන්නෙ නෑ සුදර්ශි. ඔයා මේ කරන දේවල් වලින් වෙන්නෙ මේ අහිංසක දරුවගෙ හිතේ ඔයා ගැන බලාපොරොත්තු ඇති වෙන එකයි.එයා ඔයාගෙ සෙනෙහස හොයන්නෙ මුලු ජීවිත කාලෙටම.මගෙන් අහනවා ඒ ආන්ටි මගේ අම්මි වෙන්න බැරිද කියලා.

ඔයාව ඉල්ලලා හැම වෙලේම කෙල්ල අඩනවා.ඊයෙ උනත් හැදුනා.මං ඔයාට කියන්නෙ සුදර්ශි මගෙ දරුවගෙ ජීවිතෙන් ඈත් වෙන්න කියලයි.මේ දුවගෙ තාත්තා මමයි කියලා ඔයාගෙ අම්මයි තාත්තයි දැන ගත්තොත් ඔයාට දුවව බලන්න එන එක නවත්තයි.එදාට මොකද වෙන්නෙ කියලා හිතුවද?මගෙ දුව අඩලා අඩලා ලෙඩ වෙයි. කරුණාකරලා මගෙ දරුවගෙ ජීවිතෙන් ඈත් වෙන්න.මට කියන්න තියෙන්නේ එච්චරයි…….”📲


එහෙම කියලා සපුමල් කෝල් එක කට් කරා.මං ඇදට වැටිලා හොදටම ඇඩුවා. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.මට දෝණිව අමතක කරන්න බෑ. ඒ කෙල්ල මට මගේම දරුවෙක් වගේ දැනෙන්නේ.මං අඩ අඩා ඉන්නකොට දෙව්මිණී අක්කා කාමරේට ආවා.


“අනේ ඇයි නංගි මේ අඩන්නේ?…….”


“අනේ අක්කෙ සපුමල් කියනවා දුවව බලන්න එන්න එපාලු.මට දුවව නැතුව ඉන්න බෑ අක්කෙ…….”😭😭
මං දෙව්මිණී අක්කව බදාගෙන ඇඩුවා.😭


“ඒ මොකද ඒ එකපාරටම එපා කියලා කියන්නෙ?…….”


දෙව්මිණී අක්කත් ඇහුවේ පුදුම වෙලා වගේ.මං සේරම විස්තරේ අඩ අඩාම දෙව්මිණී අක්කට කිව්වා.
“මං දෙයක් කියන්නද නංගි…….”


“ඒ මොකක්ද අක්කෙ?…….”

Advertisment